කාරුවකී
| කාරුවකී | |
|---|---|
| මෞර්ය අධිරාජ්‍යයේ වල්ලභ රැජින | |
| උපත | ක්‍රි.පූ. 3වන සියවස කාලිංග, ඉන්දියාව |
| වල්ලභයා | අශෝක |
| දරුවන් | තිවාල (පුත්‍රයා) |
| වංශය | මෞර්ය |
| ආගම | බුද්ධාගම |
කෞර්‍යවකී (චාරුවකී, කාරුවකී) යනු මෞර්ය අධිරාජ්‍යයේ තෙවන අධිරජ අශෝකගේ දෙවන බිසවයි.[1] කාරුවකී හෙවත් කෞර්වකී (චාරුවකී) අශෝක රජුගේ දෙවන බිසව විය. අශෝක අධිරාජයාගේ ප්‍රථම බිසව වී ඇත්තේ දේවි නැමැති සාමාන්‍ය යුවතියකි. විවාහ වී ඇත්තේ අශෝක රජ වීමට ප්‍රථමව අශෝකයන් බාල වියේදීය.ඇයට තිවාල නමින් පුත්‍රයෙකු සිටි අතර අශෝකගේ ප්‍රියතම බිසවයි. කෞර්වකී අශෝක ආදර කතාන්දරය ඇරඹී ඇත්තේද ඔවුන්ගේ බාල වයසේ සිටමය. කෞර්වකී අශෝකගේ ප්‍රියතම බිසව ලෙස හැදින්වෙන්නේ අශෝක ඔහුගේ සෙල්ලිපිවල ඇය ගැන පමණක් සදහන් කර ඇති නිසාය. අශෝකව බෞද්ධයෙකු බවට පත් කළේ ද කෞර්වකී බිසව බව සදහන් වේ. ඇය ඉතාමත් යහපත් බිසවක් ලෙස ඉතිහාසයේ සදහන් ය. අශෝකගේ මරණයෙන් පසු ඇය ඉතාමත් ශෝකානුකූල හා අති සරල දිවියක් ගත කරන්නට ඇත යැයි සැලකේ.සමහර විට කෞර්වකී අශෝක අධිරජුගේ අහ මෙහෙසිය වන්නට ඇතැයි කියාද විශ්වාස තිබේ.
මෙම කෞර්‍යවකී යනු කාලිංග දේශයෙහි රාජකුමරිය වේ.
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ Shah, Kirit K. (2001). The problem of identity : women in early Indian inscriptions. New Delhi [u.a.]: Oxford University Press. pp. 33, 180. ISBN 9780195653229.