කාබනික සංයෝගවල සමාවයවිකතාව

විකිපීඩියා වෙතින්

එකම අණුක සූත‍්‍රය ඇති නමුත් පරමාණුවල සැකැස්ම එකිනෙකට වෙනස් සංයෝග පැවැතීමේ සංසිද්ධිය සමාවයවිකතාව ලෙස හැඳින්වේ. සංයෝගයක සමාවයවික එකිනෙකට වෙනස් භෞතික හා රසායනික ගුණ පෙන්විය හැකි ය.

කාබනික සංයෝගවල සමාවයවිකතාව පහත ආකාරයට වර්ග කළ හැකි යි.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
ව්‍යුහ සමාවයවිකතාව
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
සමාවයවිකතාව
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
ත‍්‍රිමාන සමාවයවිකතාව
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

ව්‍යුහ සමාවයවිකතාව[සංස්කරණය]

එක ම අණුක සූත‍්‍රය ඇති එහෙත් එකිනෙකට වෙනස් ව්‍යුහ සූත‍්‍ර (බන්ධනවල අවකාශයේ දිශානත වීම නො සලකා හැර) ඇති සංයෝග පැවතීමේ සංසිද්ධිය යි.
ව්‍යුහ සමාවයවිකතාව තවදුරටත්,

  1. දාම සමාවයවිකතාව
  2. ස්ථාන (පිහිටුම්) සමාවයවිකතාව
  3. ක‍්‍රියාකාරී කාණ්ඩ සමාවයවිකතාව ලෙස වර්ග කෙරේ.

දාම සමාවයවිකතාව[සංස්කරණය]

එක ම සදෘශ ශ්‍රේණියට අයත්, එක ම අණුක සූත‍්‍රය සඳහා කාබන් දාමයේ ස්වරූපය වෙනස් වීමෙන් දාම සමාවයවික ලැබේ.

උදා:

Butane
(බියුටේන්)
සහ
2-methylpropane
(2-මෙතිල්ප්‍රොපේන්)

ස්ථාන සමාවයවිකතාව[සංස්කරණය]

එක ම අණුක සූත‍්‍රය, එක ම ක‍්‍රියාකාරී කාණ්ඩය/ආදේශිත කාණ්ඩය සහ එක ම කාබන් සැකිල්ල පැවතිය ද ක‍්‍රියාකාරී කාණ්ඩය/ආදේශිත කාණ්ඩය සම්බන්ධ ව ඇති කාබන් පරමාණුව හෝ ක‍්‍රියාකාරී ස්ථානයේ පිහිටීම හෝ වෙනස් වීමෙන් ස්ථාන සමාවයවික ලැබේ.

ක‍්‍රියාකාරී කාණ්ඩ සමාවයවිකතාව[සංස්කරණය]

එක ම අණුක සූත‍්‍රය සඳහා වෙනස් ක‍්‍රියාකාරී කාණ්ඩ ඇති ව්‍යුහ පැවතීම ක‍්‍රියාකාරී කාණ්ඩ සමාවයවිකතාව ලෙස හඳුන්වයි.

ත‍්‍රිමාන සමාවයවිකතාව[සංස්කරණය]

ත‍්‍රිමාන අවකාශයේ බන්ධනවල දිශානත වීම මත පමණක් එකිනෙකින් වෙනස් ව්‍යුහ සහිත සංයෝග පැවතීම (එනම් ඒවාට එක ම අණුක සූත‍්‍ර හා ව්‍යුහ සූත‍්‍ර ඇත.) ති‍්‍රමාන සමාවයවිකතාව නම් වේ. ති‍්‍රමාන ව්‍යුහය එකිනෙකහි දර්පණ ප‍්‍රතිබිම්බ වන ති‍්‍රමාන සමාවයවික යුගලක් එකිනෙකෙහි ප‍්‍රතිරූප අවයව සමාවයවික නම් වේ. ති‍්‍රමාන ව්‍යුහ එකිනෙකෙහි දර්පණ ප‍්‍රතිබිම්බ නො වන ති‍්‍රමාන සමාවයවික යුගල් එකිනෙකෙහි පාරත්‍රිරමාන සමාවයවික වේ. එලෙස ත‍්‍රිමාන සමාවයවිකතාව ප්‍රධාන කොටස් දෙකකි.

  1. ප‍්‍රතිරූප අවයව සමාවයවික
  2. පාරත්‍රිරමාන සමාවයවික

පාරත්‍රිරමාන සමාවයවිකතාව[සංස්කරණය]

ජ්‍යාමිතික සමාවයවිකතාව පාරත්‍රිරමාන සමාවයවිකතාව පෙන්නුම් කරන එක් අවස්ථාවකි. C=C ද්විත්ව බන්ධනයක දී σ බන්ධනයට අමතර ව π පවතින බන්ධනය නිසා එම කාබන් පරමාණුවලට σ බන්ධනය වටා නිදහසේ භ‍්‍රමණ වීමට නො හැකි ය. මේ හේතුව නිසා අඩංගු පරමාණු එක ම ආකාරයට බන්ධනය වී ඇති නමුත් ඒවායේ ත‍්‍රිමානයේ පිහිටීම හේතු කොට ගෙන වෙනස් වින්‍යාස පැවැතිය හැකි ය. කාබන් - කාබන් බන්ධන අක්‍ෂය වටා භ‍්‍රමණය කිරීමෙන් එකක් අනෙක බවට පත් නො වන ව්‍යුහ ජ්‍යාමිතික සමාවයවික ලෙස හඳුන්වනු ලැබේ. ජ්‍යාමිතික සමාවයවික පැවැතීම සඳහා ද්විත්ව බන්ධනය දෙපස එක් එක් කාබන් පරමාණු මතට සම්බන්ධිත කාණ්ඩ යුගල සමාන නො විය යුතු ය.

ද්විත්ව බන්ධනයක දෙපස පිහිටි කාබන් පරමාණු මතට බැඳුණු කාණ්ඩ දෙකක් ජ්‍යාමිතික සම්බන්ධතාව දැක්වීමට cis හා trans යන වචන භාවිත වේ. අණුවෙහි තලයට අභිලම්බ ව ද්විත්ව බන්ධනයේ කාබන් - කාබන් අක්ෂය ඔස්සේ පවතින තලයට සාපේක්ෂ ව කාණ්ඩ දෙක එක ම පසින් පිහිටයි නම්, එ කී සම්බන්ධතාව cis වශයෙන් හැඳින්වේ. කාණ්ඩ දෙක තලයේ දෙ පසින් පිහිටයි නම් සම්බන්ධතාව trans වේ.

බාහිර සබැඳි[සංස්කරණය]

විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත: