කාබන් මොනොක්සයිඩ් විෂ වීම

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
කාබන් මොනොක්සිඩ් විශවීම
වර්ගීකරණය සහ බාහිර සම්පත්
Spacefilling model of a carbon monoxide molecule
ICD-10T58.
ICD-9986
DiseasesDB2020
MedlinePlus002804
eMedicineemerg/817
MeSHC21.613.455.245

කාබන් මොනොක්සිඩ් විශවීම සිදුවන්නේ නිසි පමණට වඩා කාබන් මොනොක්සිඩ් ආශ්වාසය කිරීම නිසාවෙනි .කාබන් මොනොක්සිඩ් යනු විෂ සහිත වායුවකි, නමුත් වර්ණයක් නොමැති බව , නහයට දැනෙන්න ගන්දයක් නොමැති බව ,රසක් නොමැති බව සහ ආරම්බයේදී අපහසුතාවයක් නොමැති බව යන කරුණු හේතුවෙන් එය හදුනා ගැනීම මිනිසුන්ට අපහසු වී තිබේ .කාබන් මොනොක්සිඩ් යනු අසම්පුර්ණ දහනයක ප්‍රතිපලයකි .සම්පූර්ණ දහනය සිදු වී කාබන් දයෝක්සිඩ් සෑදීමට අවශ්‍ය ඔක්සිජන් නිසි ලෙස නොලැබීම හේතුවෙන් කාබන් මොනොක්සිඩ් නිපදවේ . මෙම වායුව බහුලව නිපවදවනු ලබන්නේ ගෘහාශිතව හා කාර්මික මද්‍යස්ථාන ආශ්‍රිතව වේ .පරණ මෝටර් රථ ,ගැසොලින් බලයෙන් ක්‍රියාත්මක වන යන්ත්‍ර සුත්‍ර ,උනුසුම්කාරක සහ උයන උපකරණ කාබන් මොනොක්සිඩ් පිට කරන උපකරණ සදහා උදාහරණ වේ.100 ppm හෝ එපමණට වඩා ආශ්වාස කිරීම මිනිසුන්ට අහිතකර වේ.

කාබන් මොනොක්සිඩ් සුළු ලෙස ශරීර ගත වූ විට සිහින් හිසේ වේදනාව ,සංකූලතාව,හිසේ කරකැවිල්ල සහ සිහින් උන ගතිය වැනි ලක්ෂණ පෙන්නුම් කෙරේ .නමුත් විශාල ලෙස ශරීර ගත වුව හොත් ස්නායු පද්ධතියට හා හදවතට හානි පැමිණේ.මරණය පවා සිදු විය හැක .ඉහත තද බල ලෙස කාබන් මොනොක්සිඩ් ශරීර ගත වීම විෂම ප්‍රතිපල ඇති කෙරේ .ගර්බනි මවකට ආග්‍රනය වීමෙන් ගර්භය හෙවත් ගැබෙහි වූ දරුවාටද හානි පමුනුවාලියහැක .බොහෝ කල් සුළු ලෙස කාබන් මොනොක්සිඩ් ශරීර ගත වීම ආතතිය ,සංකූලතාව සහ අමතකවීම බව වැනි රෝග ඇති කල හැක . කාබන් මොනොක්සිඩ් මගින් මිනිස් සිරුර තුල ඇති කරන නරක ප්‍රතිපලය වනුයේ හිමොග්ලොබින් හා බැදී කබෝසිහිමොග්ලොබින් (HbCO) මිනිස් රුධිරය තුල නිපදවීමි.මේ හේතුවෙන් මාංශ පේශි තුල හිමොග්ලොබින් මගින් ඔක්සිජන් (O2) මුදා හැරීම නතර කෙරේ .එම නිසා රුධිරය තුල ඔක්සිජන් ප්‍රතිශතය අඩු වේ .මෙය හිපොක්සියා නමැති රෝගී තත්වයට හේතු වේ.මීට අමතරව මයෝග්ලොබින් හා ම්ය්ටකොන්ද්ර්යුම් වල පවතින cytochrome oxidase සමග ප්‍රති විරුද්ද ලෙස ක්‍රියා කෙරේ .කබෝසිහිමොග්ලොබින් වලට නැවත හිමොග්ලොබින් බවට පත් විය හැක .නමුත් මේ සදහා බොහෝ කාලය ගත වේ.කබෝසිහිමොග්ලොබින් ස්ථාවර හා සංකීර්න වීම මේ සදහා හේතු වේ .

කාබන් මොනොක්සිඩ් විෂ වීම සදහා බහුලව සිදුකරන සත්කාරය නම 100% ඔක්සිජන් ලබා දීම හෝ hyperbaric ඔක්සිජන් සත්කාරය ලබා දීමය්. හිමොග්ලොබින් තුලින් කාබන් මොනොක්සිඩ් ගලවා ගැනීම සදහා ඔක්සිජන් මෙහිදී ප්‍රතිවිෂ කාරකයක් සේ ක්‍රියා කරනු ලැබේ.මෙහි අරමුණ වනුයේ රුධිරය තුල නිසි මට්ටමෙන් ඔක්සිජන් පවත්වා ගැනීමයි .මෙසේ විෂ ශරීර ගත වීම නතර කිරීම අවදානය යොමු කල යුතු ගැටළුවක් බවට පත් වී ඇත.ගෘහාශිතව නිපවදවන කාබන් මොනොක්සිඩ් වායුව කාබන් මොනොක්සිඩ් හදුනාගැනීමේ උපකරණයක් බාවිතයෙන් අවම කර ගත හැක .කාබන් මොනොක්සිඩ් විෂ වීම ලොව බොහෝ රටවල් මුහුණ දෙන සුලබම විෂ වීම වේ. ඉතිහාසය තුල සමුහ ඝාතනයන් සදහා බහුලව බාවිතා කල වායුවක් වේ,මේ සදහා බාවිතා කලේ මෝටර් රථයක් තුලින් නිකුත් වන දුම් වේ.වර්තමානය තුල පවතින රථ වාහන පවා ඉතා ඉහල ඉලෙක්ට්‍රොනික් දැනුම හා උත්ප්‍රේරක බාවිතා කර නිපදුවත් සැලකිය යුතු මට්ටමක කාබන් මොනොක්සිඩ් නිපවදනු ලැබේ .එමනිසා වැසුණු ගරාජයක හෝ මෝටර්රථයේ පිටුපස දුම්බටය අවහිර වී තිබුණහොත් එයින් පිට කරන දුම් මිනිසෙකුට මිය යාමට තරම් ප්‍රමාණවත් වේ .කාබන් මොනොක්සිඩ් විෂ වීම සමහර හොල්මන් සහිතයි අතහැර දැමු ගෙවල් සදහාද හේතු කාරක වේ .මීට හේතුව වන්නේ සිහිමුළාව, ව්‍යාජ දර්ශනය වැනි හේතු නිසා අමනුෂයන් සිටිනවා යන බිය නිවැසියන් තුල ඇති වීම වේ .

පටුන

සංඥාවන් සහ ලක්ෂණ[සංස්කරණය]

කාබන් මොනොක්සිඩ් යනු සියලු සවායු ක්‍රියාවන් සදහා විෂ සහිත වායුවක් වේ .පෙනහළු මගින් එය පහසුවෙන් උරා ගනු ලැබේ .එම නිසා සුළු ප්‍රමාණයක් ආශාවාසය කිරීම වුවද ස්නායු පද්ධතියට හානි පමුණුවා මරණය පවා සිදු කල හැක .නොයකුත් පුද්ගලයනට හා නොයකුත් මට්ටම් වලට කාබන් මොනොක්සිඩ් දරා ගැනීමේ හැකියාවක් ඇත .දළ වශයෙන් 100 ppm හෝ එපමණට වඩා ආශ්වාස කිරීම මිනිසුන්ට අහිතකර වේ.ඇමරිකානු එක්සත් ජනපදය තුල OSHA යන තත්ව සහතිකය මගින් පවසනු ලබන්නේ පැය 8ක් තුල දල වශයෙන් 50ppm හෝ එයට වඩා අඩුවෙන් කාබන් මොනොක්සිඩ් වලට නිරාවරණය වීම සිදු වේය යුතු බවයි .මීට අමතරව උපරිම අගය වන 100ppm වලට නිරාවරණය වන ඕනම පුද්ගලයෙක් වහා එම ස්ථානයෙන් ඒවත් කල යුතුව ඇත .කාබන් මොනොක්සිඩ් ආශාවාසය තුලින් හදවතට හානි පැමිණෙන නිසා ආයු කාලය අඩු වීමට හේතු කාරක වී තිබේ .කාබන් මොනොක්සිඩ් ආග්‍රන මට්ටම වෙනස් වීම නොයෙකුත් හේතු කාරක මත රදා පවතී .ඒවා නම් ;යෙදී සිටින ක්‍රියා කාරකම් ස්වබාවය ,ලැබෙන වාතාශ්‍රය ප්‍රමාණය ,ස්නායු පද්ධතියටආශ්‍රිත රෝග ,හදවත් ආශ්‍රිත රෝග ,සෛල ආශ්‍රිත රෝග (දැකැති රක්ත හීන තාවය ),අධි රුධිර පීඩනය සහ පරිවෘත්තීය වේගය යන කරුණු වේ.

කාබන් මොනොක්සිඩ් විවිද මට්ටමින් ආශ්වාසය වූ විට පෙන්නුම් කරන රෝග ලක්ෂණ පහත වගුවේ දැක්වේ .:[1][2]

Concentration Symptoms
35 ppm (0.0035%) පැය 5ක් 6ක් පමණ නොකඩවා ආශ්වාස කිරීම හේතුවෙන් හිසරදය හා ඉස කරකැවිල්ල
100 ppm (0.01%) පැය 2කත් 3ත් අතර සියුම් හිසරදය
200 ppm (0.02%) පැය 2කත් 3ත් අතර සියුම් හිසරදය ; තීන්දුව ලබා අපහසු වේ.
400 ppm (0.04%) නලළට අයිති ප්‍රදේශය පැය 1කත් 3ත් අතර හිසරදය
800 ppm (0.08%) මිනිත්තු 45ක් ඇතුළත ඉස කරකැවිල්ල, ඔක්කාරය, සහ කම්පනය; පැය 2ක් ඇතුලත සිහිසන් නැති බව
1,600 ppm (0.16%) මිනිත්තු 20ක් ඇතුළත හිසරදය,ඉස කරකැවිල්ල, ඔක්කාරය ; පැය 2කට අඩු කාලයක් ඇතුලත මරණය
3,200 ppm (0.32%) මිනිත්තු 5ක්-10ක් ඇතුළත හිසරදය,ඉස කරකැවිල්ල, ඔක්කාරය.මිනිත්තු 30කට අඩු කාලයක් ඇතුලත මරණය
6,400 ppm (0.64%) මිනිත්තු 1ක්-2ක් ඇතුළත හිසරදය,ඉස කරකැවිල්ල. මිනිත්තු 20කට අඩු කාලයක් ඇතුලත මරණය.
12,800 ppm (1.28%) හුස්ම 2ක් 3ක් ඇතුලත විසංඥතාව.මිනිත්තු 3කට අඩු කාලයක් තුල ක්ෂණිකව මිය යයි

උග්‍ර ලෙස විෂ ශරීර ගත වීම[සංස්කරණය]

ඉන්ද්‍රියන් තුල කාබන් මොනොක්සිඩ් විෂ විද්‍යමානවීම හදවත හා ස්නායු පද්ධතිය ප්‍රයෝජනයට ගන්නා ඔක්සිජන් මට්ටම අනුව රදා පවතී .කාබන් මොනොක්සිඩ් විෂ ශරීර ගත වූ විට පෙන්වන පළමු රෝග ලක්ෂණ ලෙස හිසරදය ,මහන්සිය , සනීප නැති බව, ඔක්කාරය පැවසිය හැක .මෙවැනි රෝග ලක්ෂණ සෙම්ප්‍රතිශ්‍යාව හෝ වෙනත් රෝග කාරකයන් වන ආහාර විෂ වීම හා ගස්ට්‍රය්ටිස් ලෙස වරදවා හදුනා ගත හැක .බහුලව දැකිය හැකි කාබන් මොනොක්සිඩ් විෂ ශරීර ගත වීම රෝග ලක්ෂණය වනුවේ හිසරදයි .නමුත් නොකඩවා ආඝ‍්‍රාණය වීම හේතුවෙන් හදවත් රෝග ඇති වේ .හෘද ස්පන්දනය වැඩි වීම ,අඩු රුධිර පීඩනය ඒ සදහා උදාහරණ වේ .එමෙන්ම මෙය ස්නායු පද්ධතිය ආශ්‍රිතව රෝග ලක්ෂණ ලෙස කම්මැලිබව අපැහැදිලි බව ,අක්‍රමවත් ඇවිදන විලාසය මෙන්ම මරණය වුවද සිදු විය හැක .මීට අමතරව වකුගඩු අබාද ,සම ආශ්‍රිත රෝග මෙන්ම ශ්‍රව්‍ය හා දුශ්‍රය අබාදද ඇති විය හැක .

කාබන් මොනොක්සිඩ් දරුණු ලෙස ශරීර ගත වීම ස්නායු පද්ධතිය තුල ස්නායු ක්‍රියාත්මක වීමපමාකිරීමට හේතු වේ.මේ හේතුවෙන් චින්තන හැකියාවන් සදහා බදා පැමිණවීම, කෙටි කාලින අමතකවීම, චිත්ත වික්ෂේපය/පිස්සුව,අවසිහිය, මනෝවිකාරය, උද්දීප්‍යතාව,අමුතු ඇවිදින විලාසය, කථන අපහසුතා, පාකින්සන් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම, වල්කීය අන්ධතාව, ආතති ස්වරුපය වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. විෂාදය වැනි පෙර නොතිබූ රෝග පවා ඇති විය හැක. මෙම 50%ක් පමණ ස්නායු පද්ධතියට හානි පැමිණ වීම දින 2ක්_40 ත්ඇතුලත විෂම එල රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. කව්රුන් විසින් මෙම විෂම එල රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම පමා කරයිද යන වග නිවැරදිව පැවසීම අපහසු වේ.නමුත් වයස් ගත වීමත් සමග මෙම රෝගලක්ෂණ පෙන්වීම පමා වීම බොහෝ විට සිදුවේ.

අතීතය තුල කාබන් මොනොක්සිඩ් විෂ වූ ජීවත් වන උදාහරණ දකිනු වෙනුවට බොහෝ විට දකින්නට හැකි වුයේ මෘත දේහයන්ය. මෙවිට බොහෝවිට ඔවුන් හොද සෞක්‍ය තත්වයෙන් හා රතු වූ කම්බුල් සහිතව දක්නට ලැබිණි. නමුත් “චෙරි රතු” පැහැති වීම සාමාන්‍ය මිනිසුන්ගේද දැකිය හැකි ලක්ෂණයක් වූ නිසාවෙන් වෛද්‍ය විද්‍යා රෝග ලක්ෂණයක් ලෙස සලකනු ලැබුවේ නැත.නමුත් රෝග විනිශ්චය පිළිබඳ වූ පරීක්ෂණය හා විමර්ශනයන් වලින් පසුව රතු පැහැති පෙනුම කාබන් මොනොක්සිඩ් විෂ වූ බවට සැලකිය යුතු සාදකයක් බවට පත් විය.මක් නිසාද යත් එම්බාම් නොකළ මෘත දේහයන් මලානික හා නිලට හුරු පැහැයෙන් යුතු නිසාය. නමුත් කාබන් මොනොක්සිඩ් විෂ වී මිය යන පුද්ගලයන් වරණයෙන් ජීවත්ව සිටින පුද්ගලයන් සේ පෙන්නුම් කරයි. මෙම වරණ විපර්යාසය හේතුවෙන් මත්ස්‍ය නිෂ්පාදන වලටද කාබන් මොනොක්සිඩ් පාවිච්චි කර අලුත් ස්වරුපයක් ලබා දීමට උත්සහ කෙරයි.

දිගු කාලින ලෙස විෂ ශරීර ගත වීම[සංස්කරණය]

දිගු කාලීනව සුළු ප්‍රමාණයන්ගෙන් කාබන් මොනොක්සිඩ් ආශ්වාස කිරීම දිගු කාලින හිසරදය , හිස බරගතිය ,ආතතිය , පටලැවිලි ස්වබාවය , අමතක වීම ,ඔක්කාරය,වමනය වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. සමහරවිට මෙසේ සුළු ප්‍රමාණයන්ගෙන් දිගු කාලිනව ආශ්වාස කිරීම ස්නායු පද්ධතියට චිරස්ථායී හානි පවා සිදු කල හැක. සාමාන්‍ය වශයෙන් කාබන් මොනොක්සිඩ් ආශ්වාස කිරීම නිසා ඇතිවෙන රෝග ලක්ෂණ කාලයත් සමග ඉබේම සුව වේ. නමුත් වාර්තා වූ එක් උදාහරණයක සුළු ප්‍රමාණයන්ගෙන් කාබන් මොනොක්සිඩ් අවස්ථා 3කදි ආශ්වාස කිරීම හේතුවෙන් ඉගෙන ගැනීමේ අපහසු තා හා දිගු කාලින අමතක වීම සිදු වීම සිදු වී තිබේ. සමහර පුදගලයන්ගේ හෘද්වාහිනි ආශ්‍රිත රෝග ඇති කිරීමටද මෙම විෂ ශරීර ගත වීම හේතු වේ.මෙය සමහර විට රුධිර නාලිකා සිහින් වීමේ රෝගය සදහාද හේතු කාරක වේ. කෙසේ නමුත් දෙගු කාලිනව කාබන් මොනොක්සිඩ් ශරීර ගත වීම හදවත් රෝගීනට හා ගර්බනි මවුන්ට ඉතාමත් අහිතකර වන අතර බොහෝ විට පසු කාලීනව දරුණු ප්‍රතිපල විදීමට හේතු කාරක වේ.

හේතු කාරක[සංස්කරණය]

Concentration Source
0.1 ppm ස්වබාවික පරිසර මට්ටම [3]
0.5 to 5 ppm නිවාස තුල පවතින දළ මට්ටම [4]
5 to 15 ppm නිසි ලෙස සදනු ලබන නිවස් තුල පවතින ගෑස් උදුන් අසල[4]
5,000 ppm අධික ලෙස ලී දුම් වලින් දුෂිත නිවසක් තුල[5]
7,000 ppm උත්ප්‍රේරක නොමැති මෝටර් රථයකින් නිකුත් වන දුම් />

කාබන් මොනොක්සිඩ් යනු අසම්පුර්ණ දහනයක ප්‍රතිපලයකි .සම්පූර්ණ දහනය සිදු වී කාබන් දයෝක්සිඩ් සෑදීමට අවශ්‍ය ඔක්සිජන් නිසි ලෙස නොලැබීම හේතුවෙන් කාබන් මොනොක්සිඩ් නිපදවේ. සිගරට් දුම් වල ,නිවස් වල බාවිතා කරන දුම් වල , උනුසුම්කරකවල , උදුන් වල ලී දහනයේදී පිටවන දුම් වල ,වාහන දුම් වල ,එලෙක්ට්‍රොනික උත්පාදක යන්ත්‍ර/ ජෙනරේටරයන් ,ප්‍රෝපෙන් බාවිතා කරන අතේ ගෙන යාහැකි උදුන්, ගැසොලින් බාවිතා කරන උදුන් වන කොළ කපන යන්ත්‍ර, තණකොළ කපන යන්ත්‍රය, ඉහළ පීඩන සහිත පිරිසිදු කාරක, කොන්ක්‍රීට් කපන කියත් දත් අඬුවන් සදහා, ජව පරිණාමකයන් , වෙල්ඩිම් කරුවන්ගේ උපකරණයන් වලින් කාබන් මොනොක්සිඩ් දුම පිටවේ. මෙසේ වලින් කාබන් මොනොක්සිඩ් දුම ආශාවාසය බොහෝ විට සිදු වනුයේ ඉහත උපකරණයන් වසාඇති ස්ථාන වල පාවිචියට ගැනීමේදී වේ.

මෙසේ කාබන් මොනොක්සිඩ් විෂ විමන් සදහා උදාහරණ ලෙස වතුර යට බාවිතා කරන ශ්වසන උදව් කාරකය තුල නිසි ලෙස වාත සම්පීඩකයන් බාවිතා නොකිරීම හැදින්විය හැක. එමෙන්ම අදික ලෙස කුඩා ළමුන් පටවාගෙන යන රථ වාහන, දුම් බටය අවහිර වී ඇති මෝටර් රථ, උත්පාදක යන්ත්‍ර, බෝට්ටු එන්ජිම් තුලින් කාබන් මොනොක්සිඩ් බහුලව පිටවන බවසොයාගෙන තිබේ.එමෙන්ම දෙවෙනි ලෝක යුද්ද සමයේදී 700,000 පමණ සිරකරුවන් සමුල ගාතනයන් සදහා ජර්මානු නාසීන් විසින් බාවිතා කලේද කාබන් මොනොක්සිඩ් විෂ පිරවූ දුම් ටැංකිය අනික් බහුලව සිදු වූ විෂ වීම නම් dichloromethane ඓන්ද්‍රීයන් තුල දිය වීමයි. පරිවෘත්තිය ක්‍රියා වලිය ඇතුලතිදී dichloromethane මගින් කාබන් මොනොක්සිඩ් නිපදවනු ලබයි

ව්‍යාධි කායික විද්‍යාව[සංස්කරණය]

කාබන් මොනොක්සිඩ් ශරීරය තුල කෙසේ ක්‍රියාත්මක වනවාද යන්න තවම සම්පුර්නයෙනම හදුනාගෙන කෙලවර කර නොමැත. නමුත් දන්නා ලෙස කාබන් මොනොක්සිඩ් ශරීරය තුල හිමොග්ලොබින් , මයෝග්ලොබින්, ම්ය්ටකොන්ඩ්ද්‍රයම් cytochrome oxidase සහ මොළයේ ලිපිඩ පෙරොක්සිඩේස් කිරීම සිදු කෙරේ.

හිමොග්ලොබින්[සංස්කරණය]

කාබන් මොනොක්සිඩ් වල විසරණ/ ව්‍යාප්ති හැකියාව ඔක්සිජන් වලට සාපේක්ෂව ඉතා ඉහලය.මිනිස් සිරුර තුල පවතින කාබන් මොනොක්සිඩ් නිපදවන එකම එන්සිමය වනුයේ හීම් ඔක්සිජනයස් (heme oxygenase) වේ. මෙය සෛලය තුල ඇති අතර හීම් සංයෝගය කොටස් වලට කඩා දැමීම සිදු කරේ. සාමාන්‍ය තත්වයන් තුලදී ප්ලාස්මාව තුල කාබන් මොනොක්සිඩ් දළ වශයෙන් 0 mmHg වේ. මන්ද යත් කාබන් මොනොක්සිඩ් වලට පවතින ඉහළ විසරණ/ ව්‍යාප්ති හැකියාව නිසා නිපදවන කාබන් මොනොක්සිඩ් ඉක්මනින්ම ශරීරය තුලින් පිට වීම සිදු වේ. කාබන් මොනොක්සිඩ් නිසි ලෙස සංවාතන කිරිම සිදු නොවුන විට එය හිමොග්ලොබින් හා බැදේ. හිමොග්ලොබින් යනු රුධිරය තුල පවතින ඔක්සිජන් පරිවහනය කරන ප්‍රදාන සංයෝගය වේ.මෙසේ හිමොග්ලොබින් , කාබන් මොනොක්සිඩ් හා බැදී කබෝක්සි හිමොග්ලොබින් නමැති සංයෝගය සාදයි. මේ නිසා රුධිරය තුල පවත්නා ඔක්සිජන් ප්‍රමාණය අඩු වීම සිදු වේ. දැනට සොයාගෙන ඇති පරිදි කාබන් මොනොක්සිඩ් , හිමොග්ලොබින් සමග බැදීමේ හැකියාව ඔක්සිජන් සමග බැදීමේ හැකියාවට වඩා 230 ගුණයක් වැඩිය

ඔක්සිජන් සමග බැදීමට හිමොග්ලොබින් සතුව ස්ථාන 4ක් පවතී. මින් එක පෙදෙසක කාබන් මොනොක්සිඩ් බැදුණු විට හිමොග්ලොබින් මගින් ඔක්සිජන් අත් නෑර තබාගැනීම හෝ මාංශ පේශි සදහා මුදා හැරීම සිදු කෙරේ .මෙම අවස්ථාව මගින් ඔක්සිජන් විඝටන ක්‍රියා වලිය දක්වන වක්‍රය වම් පෙදෙසට බර කිරීම සිදු කරනු ලැබේ. කාබන් මොනොක්සිඩ් විශවීම යන ක්‍රියා වලිය ඇතුලත දී ඔක්සිජන් හා හිමොග්ලොබින් සතුව තියෙන සමීප බන්දුතාවය හේතුවෙන් මාංශ පේශි වලට ඔක්සිජන් මුදා හැරීම අපහසු වේ.මේ හේතුවෙන් පේශි පීඩාව/ තුවාලයන් සිදු වීම වේ. හිමොග්ලොබින් , කබෝක්සි හිමොග්ලොබින් බවට පත් වූ විට බබලන/ පැහැපත් රතු පැහැය ගනී. මෙය කබෝක්සි හිමොග්ලොබින් ප්‍රතිවර්තන වේගය වැඩි කරයි.මෙය මයෝග්ලොබින් වලින් කාබන් මොනොක්සිඩ් පමා වී නිදහස් කිරීම නිසා සිදු වේ.මෙය පසුව හිමොග්ලොබින් සමග බැදේ.

මයෝග්ලොබින්[සංස්කරණය]

කාබන් මොනොක්සිඩ් හිමෝ ප්‍රෝටීන් මයෝග්ලොබින් හා බැදේ.එහි මයෝග්ලොබින් සමග ඉතා සමීප බන්දුතාවයක් පවතී. මෙහි සමබන්ධ හැකියාව ඔක්සිජන් මෙන් 60 ගුණයක් වේ. කාබන් මොනොක්සිඩ් , මයෝග්ලොබින් හා බැදීම එහි ඔක්සිජන් පරිබෝජන හැකියාව අඩු කරයි. මේ හේතුවෙන් හදවත් රෝගී තත්වයන්, අඩු රුධිර පීඩනය වැනි තත්ව ඇතිවී ස්නායු රෝගී තත්වයන් ඇතිවිය හැක. නමුත් රෝග ලක්ෂණ මතු වීම පමා වීම සිදු විය හැක.මේ හේතුවෙන් රුධිරය තුල කබෝක්සි හිමොග්ලොබින් ප්‍රතිශතය වැඩි වීම සිදු වේ.මෙය මෙසේ සිදු වීමට හේතු වෙනුයේ මයෝග්ලොබින් තුලින් කාබන් මොනොක්සිඩ් අඩු වේගයකින් මුදා හැර ,පසුව හිමොග්ලොබින් සමග බැදීම හේතු වෙනුයි.

සයිටෝක්‍රෝම් ඔක්සිඩේස්[සංස්කරණය]

මයිටොකොන්ඩි‍්‍රයම ශ්වසන එන්සීම ක්‍රියාවලිය තුලින්ද මාංශ පේශි තුල ඔක්සිජන් පරිබෝජන ක්‍රියා වලිය සිදු වන ආකාරය පිලි බදව විස්තර කෙරේ. කාබන් මොනොක්සිඩ් සයිටෝක්‍රෝම් ඔක්සිඩේස් සමග බැදීමේ වේගය ඔක්සිජන් තරම් විශාල නොවේ.එම නිසා තරමක් ශක්තිමත් අන්තස්ශෛලීය බැදීමක් අවශ්‍ය වේ .මෙය සවායු පරිවෘත්තිය සදහා බාදාවක් වේ. මේ හේතුවෙන් සෛලය විසින් ලැක්ටික් අම්ලය සැදීම, ඇනොක්සියාව වැනි තත්වයන් සැදීම සිදු කරන අතර මේ හේතුවෙන් සෛල මිය යාම පවා සිදු විය හැක. සයිටෝක්‍රෝම් ඔක්සිඩේස් හා කාබන් මොනොක්සිඩ් අතර විඝටන වේගය අඩුය.මේ හේතුවෙන් oxidative metabolism ක්‍ෂය වීමේ ක්‍රියා වලිය දිගු වේ.

ස්නායු පද්තියට සිදු වෙන බල පැම[සංස්කරණය]

මොළයේ ලිපිඩ පෙරෝක්සි කරණය හේතුවෙන් සැලකිය යුතු ලෙස ස්නායු පද්තියට හානි පැමිණ වීම කාබන් මොනොක්සිඩ් මගින් සිදු වේ. මේ හේතුවෙන් චින්තන හැකියාවනට බදා පැමිණවීම බොහෝ විට සිදු වේ. විශේෂයෙන්ම මතකය හා ඉගෙනීමේ හැකියාවන්ට මෙය බලපෑ හැක.

ගර්බනිතාවය[සංස්කරණය]

කාබන් මොනොක්සිඩ් විෂවීම ගර්බනි මව් වරුන්ට බොහෝ දරුණු ප්‍රති පල අත් වීමට හේතු කාරක විය හැක. මේ හේතුවෙන් භ්‍රෑණය වෙත ඔක්සිජන් ලැබීම අඩු වීම බොහෝ විට සිදු වේ.එමෙන්ම කාබන් මොනොක්සිඩ් වැදැමහ/ කලබන්ධය හරහා හිමොග්ලොබින් සමග බැදීම හේතුවෙන් කළල පේශි සම්බන්දව නොයෙකුත් අපහසු තා ඇති විය හැක. මීට අමතරව කාබන් මොනොක්සිඩ් වලට වැඩිහිටි හිමොග්ලොබින් සමග බැදීමේ හැකියාවට වඩා 10-15% අතර වැඩි ප්‍රමානයකින් කළල හිමොග්ලොබින් සමග බැදීමේ ඇති හැකියාවද හේතුවෙන් කලලයට හානි පැනවීම වඩා පහසු වී තිබේ. එමෙන්ම කළල හිමොග්ලොබින් තුලින් කාබන් මොනොක්සිඩ් ඉවත් කිරීමද වැඩිහිටි යන්ගෙන් ඉවත් කිරීම තරම් වේගවත් නැත.එම නිසා සුළු ලෙස පවා කාබන් මොනොක්සිඩ් විෂවීම කළලයට නොයකුත් හානි සිදු කරන අතර අදික ලෙස විෂ වුවහොත් මිය යාම පවා සිදු විය හැක. අ හේතුවෙන් කළලය හැකි තරම් කාබන් මොනොක්සිඩ් වලින් ආරක්ෂා කිරීම වඩා සුදුසු වේ

රෝග විනිශ්චය[සංස්කරණය]

කාබන් මොනොක්සිඩ් විෂ ශරීර ගත වූ විට පෙනුම් කරන රෝග ලක්ෂණ බොහෝ විට අනෙකුත් විෂ වායුන් හා නොයෙකුත් උණ වර්ග බෝ වීම නිසා පෙන්වන රෝග ලක්ෂණ වලට සමාන වීම නිසා රෝග විනිශ්ය ඉතා අපහසු වේ. ඉතිහාසය තුල සමහර කාබන් මොනොක්සිඩ් වලට නිරාවරණය වීම විෂ ශරීර ගත වීමක් ලෙස හදුන්වනු ලැබේ.නමුත් රුඩිරය තුල පවතින කාබන් මොනොක්සිඩ් ප්‍රමාණය මැන බැලීමෙන් පසුව මෙය කුමන විස වීමක්ද යන්න තහවරු කර ගත හැක. මේ සදහා බොහෝ විට සිදු කරනු ලබන්නේ රුධිරය තුල ඇති හිමොග්ලොබින් ප්‍රමාණය කබෝක්සි හිමොග්ලොබින් ප්‍රමානය සමග සංසන්දනය කිරීමයි. ප්‍රොටෝප්‍රෝපින් ,බිලුරුබින් බවට පත් කිරීමේ ක්‍රියා වලියේදී ස්වාබවිකවම අතුරු ප්‍රති පලයක් ලෙස කාබන් මොනොක්සිඩ් නිපද වේ. මෙහෙදී න් නිපදවන කාබන් මොනොක්සිඩ් ද හිමොග්ලොබින් හා බැදී කොබෝක්සි හිමොග්ලොබින් සදයි. නමුත් එම සාදන ප්‍රමාණය විෂ සහිත ප්‍රමාණයක් නොවේ. සාමාන්‍ය නිරෝගී පුද්ගලයකුගේ කබෝක්සි හිමොග්ලොබින් ප්‍රමාණය හිමොග්ලොබින් ප්‍රමාණයට දක්වන අනුපාතය 5%ක් පමණ වේ. නමුත් දවසකට සිගරට් පෙට්ටි 2ක් පමණ බාවිතා කරන පුද්ගලයෙකුගේ මෙම අනුපාතය 9%ක් පමණ වේ.

මෙහි විශේෂත්වය වන්නේ බොහෝ පුද්ගලයන් කාබන් මොනොක්සිඩ් විෂ ශරීර ගත වීමේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ රුඩිරය තුල හිමොග්ලොබින් හා ඔක්සිහිමොග්ලොබින් අනුපාතය සාමාන්‍ය තත්වයට පම්නියට පසු වීමයි. මේ හේතුව නිසාද කාබන් මොනොක්සිඩ් විෂ වීම සොයා ගැනීම අපහසු වී තිබේ. (CO-oximeter) කාබන් මොනොක්සිඩ් ඔක්සි මීටරය නමැති උපකරණය මගින් රුධිරය තුල පවතින කබෝක්සි හිමොග්ලොබින් මට්ටම සොයා ගත හැක.මෙය pulse oximeterට සමාන ලෙස ක්‍රියා කෙරේ. pulse oximeter ය කාබන් මොනොක්සිඩ් ප්‍රමාණය බැලීම සදහා සුදුසු නොවේ.මන්ද යත් සමහර විට කාබන් මොනොක්සිඩ් විෂ ගත වී ඇති පුද්ගලයෙකුගේ ඔක්සිජන් සන්තෘප්ති ප්‍රමාණය සාමාන්‍ය තත්වයම ලෙස පෙන්වීමියි. මෙසේ වීමට හේතුව වන්නේ කබෝක්සි හිමොග්ලොබින් ,ඔක්සි හිමොග්ලොබින් ලෙස වැරදියට හදුනා ගැනීම නිසා වෙනී. කෙසේ නමුත් මේ උපකරණ සියල්ලේම පාහේ බවිත කරන පුද්ගලයන් විසින් ගැබුරු හුස්මක් ගෙන එය අල්ලාගෙන සිට කාබන් මොනොක්සිඩ් රුධිරයර තුලින් පෙනහළු දක්වා යන තෙක් සිටිය යුතු වේ. අත්‍යවශ්‍ය අවතාවකදී රෝගියාට මෙවැනි දේ කල නොහකි නිසා හදිසි අවස්තාවන් වලදි මෙම උපකරණ වල බාවිතය ප්‍රති පල රහිත වේ.

වෙනත් නොයෙකුත් රෝග විනිශ්‍යය ක්‍රම[සංස්කරණය]

මෙහිදී නොයෙකුත් කාබන් මොනොක්සිඩ් විෂ වීමේ අවස්ථා ගැන රෝග විනිශ්ය කිරීම සිදු කල යුතුව ඇත. මුලින්ම දක්වෙන රෝග ලක්ෂණ හෙවත් කාබන් මොනොක්සිඩ් අඩු ලෙස ශරීර ගත වීම නිසා පෙන්වන රෝග ලක්ෂණ වෙනත් නොයකුත් රෝග ලක්ෂණ සමග පැටලිය හැක. බොහෝ විට වයිරස් උණ විට පෙන්වන රෝග ලක්ෂණ ,ආතතිය , පපු පෙදෙසේ වේදනාව , මිග්ග්‍රන් හෝ හිසේ වේදනාව වැනි රෝග ලෂණ පෙන්නුම් කල හැකි වේ.

ජීව විද්‍යාත්මක ආදර්ශ පරීක්ෂණ මගින් ගදුනාගැනීම[සංස්කරණය]

කාබන් මොනොක්සිඩ් විෂ වීම spectrophotometric ක්‍රමය හෝ chromatographic ක්‍රමය මගින් ද හදුනා ගත හැක. අදික දුම් පානය කරන්නෙකුගේ හෝ සාමාන්යෙන් අදික ලෙස දුම් වලට නිරාවරණය වන පුද්ගලයෙකුගේ කබෝක්සි හිමොග්ලොබින් ප්‍රතිශතය 8-10% අතර ප්‍රමාණය වේ. රෝග ලක්ෂණ පෙන්නුම් කෙරුණු පුදගලයන්ගේ මෙම මට්ටම 10-30%ත් අතර පවතින අතර මේ හේතුවෙන් මිය යන පුද්ගලයන්ගේ රුඩිරය තුල 30-90% අතර කබෝක්සි හිමොග්ලොබින් පවතී.

නිවාරණය/වැළැක්වීම[සංස්කරණය]

ගොඩනැගිලි සදහා නිර්දේශිත කාබන් මොනොක්සිඩ් හදුනා ගැනීමේ උපකරණය[සංස්කරණය]

මෙසේ රෝග නිවාරණය බොහෝ සේ කතා කරන සෞක්‍ය ගැටළුවක් වේ.මේ හේතුවෙන් නොයකුත් උණුසුම් කාරක, උදුන් සහ නොයකුත් කාබන් මොනොක්සිඩ් හදුනා ගැනීමේ උපකරණ සවි කිරීමේදී සැල කියා යුතු වේ. කාබන් මොනොක්සිඩ් සදහා රසයක් නොමැති බව ,පැහැයක් නොමැති බව සහ වර්ණයක් නොමැති බව හේතුවෙන් පහසුවෙන් හදුනා ගත නොහැක.

ඇමරිකානු එක්සත් ජනපදයේ පාරිබෝගික බාන්ඩ අද්‍යක්ෂක විසින් පවසනු ලැබුවේ කාබන් මොනොක්සිඩ් හදුනා ගැනීමේ උපකරණය නිවෙස් තුලට දුම් හදුනා ගැනීමේ උපකරණය මෙන්ම වටිනා උපකරණයක් බවයි. ඔහු පවසන ආකාරයට නිවසක් තුල එක කාබන් මොනොක්සිඩ් හදුනා ගැනීමේ උපකරණයක් පැවතීම අත්‍යවශ්‍ය වන අතර ගොඩනැගිල්ලේ එක් මහලකට එකක් බැගින්වත් මෙවැනි උපකරණයක් තිබීම වඩා යෝග්‍ය වේ. මෙම උපකරණයන් මිළ අදික නොවීමත් ,පහසුවෙන් ලබාගත හැකි වීමත්,බැටරි හෝ AC මගින් බලය ලබාගත හැකි වීමත් මෙය බහුලව බාවිතා කිරීමට යොමු කිරීමට හේතු කාරකයක් වේ.ගොඩ නැගිල්ලක් තුල මෙවැනි උපකරණ බොහෝ විට සවි කරනු ලබන්නේ උනුසුම්කාරක හෝ වෙනත් උපකරණ ආශ්‍රිතව වේ. සැලකිය යුතු මට්ටමේ කාබන් මොනොක්සිඩ් මුදා හැරිය හොත් මෙම උපකරණය මගින් ශබ්දයක් නිකුත් කරනු ලැබේ.එම නිසා නිවැසියනට හෝ එහි සිටින පුද්ගලයන්ට එම ගොඩනැගිල්ල වත්ශ්‍රය කිරීම හෝ එතනින් පිට වීම සිදු කල හැක.දුම් හන ගැනීමේ යන්ත්‍ර මෙන් මෙමෙ උපකරණය සිලීම් මට්ටටමේ හෙවත් ඉතා ඉහලින් තැබීම අවශ්‍ය නොවේ.

කාබන් මොනොක්සිඩ් හදුනා ගැනීමේ උපකරණයන් බොහෝ ප්‍රදේශ තුල ස්ථාපිත වී තිබේ. USA තුල ජාතික ගිනි නිවීමේ මද්‍යස්ථානය මගින් NFPA 720-2009 නැමති කාබන් මොනොක්සිඩ් හදුනා ගැනීමේ උපකරණයන් බාවිතා කිරීමට අවශ්‍ය උපදෙස් පත්‍රිකාවක් මුද්‍රණය කර බෙදා හැර තිබේ.එමෙන්ම සැම ගොඩනැගිල්ලකම සැම මටමකම මෙම උපකරණයන් සවි කිරීම අත්‍යවශ්‍ය වන අතර අලුත් නිවාස වල පවතින ශිතකාරක යන්ත්‍ර මගින් එහත් සදහන් කරන ලද ප්‍රදාන උපකරණයනට සම්බන්ද වීම අනිවාර්ය වේ. NFPA 720-2009 යනු මෙසේ නිකුත් කරන ලද පළමු මාර්ගසූචකය වේ.මෙම මාර්ගසූචකය සියලුම පාසැල්, සෞක්‍යය මදයස්ථානය, හෙද විදුහල් හා නේවාසික නොවන ගොඩනැගිලි සදහාද අදාල වේ. මෙහි ප්‍රදාන වශයෙන් කරුණු 3ක් අඩංගු වේ. 1. දෙවනි බල සැපයුම අවම වශයෙන් පැය 12ක කාලයක් පමණක්වත් සියලුම කාබන් මොනොක්සිඩ් හදුනා ගැනීමේ නිවේදනයන් සිදු කල යුතව ඇත. 2. මෙම උපකරණය ස්ථිර ලෙස සිවිලිම මත අනෙකුත් දුම් හදුනා ගැනීමේ උපකරනයන්ට සමීපයේ සවි කර යුතය. 3. උපකරණය සියලුම මිනිසුන් වාසය කරන මට්‌ටමේ ස්ථාන වල සවි කල යුතය.

නීත්‍යනුකූල අවශ්‍යතා[සංස්කරණය]

NFPA ප්‍රමිති සහතිකයන් නිතිය මගින් අනිවාර්ය කර නොමැත. 2006 අප්‍රීල් මස ඇමරිකානු ජනපදයේ මන්චේස්ටේර් ප්‍රාන්තය සැම නිවසකම මෙම කාබන් මොනොක්සිඩ් හදුනාගැනීමේ උපකරණය තිබීම අනිවාර්ය කල අතර මේ සදහා ඔවුන් ගොඩනැගිල්ලේ වයස හෝ ගොඩනැගිල්ලේ දැනට පදිංචිව සිටින්නේ සැබෑ අය්තිකරුද නැතහොත් නේවාසික පදිංචි කරුවන්ද යන වග සැලකුවේ නැත. මෙය බලාත්මක කිරීම නාගරික පරීක්ෂකන් විසින් සිදු කරනු ලැබූ අතර මීට ප්‍රදාන හෙත්ව වුයේ 2005 තුලදී 7 අවරුදු Nicole Garofalo නමැති දරුවා මෙසේ නිවසේ උණුසුම් කාරකය හිම මගින් හිර වීම නිසා ඇති වූ හදිසි තත්වය හේතුවෙන් මිය යාමයි.

උපකරණ නඩත්තු කිරීම[සංස්කරණය]

දුම් ආයතන හා මේ සදහා වගකීමක් ඇති සැම ආයතනයක්ම පවසන්නේ අවම වශයෙන් වසරකට වරක්වත් මෙම උපකරණ නඩත්තු කිරීම අත්‍යවශ්‍ය වන බවයි.

ලෝක සෞක්‍ය මද්‍යස්ථානය (WHO) විසින් යුරෝපය සදහා නිර්දේශිත වායු තත්ත්වය සහතිකයේ මාර්ගසූචකය 2000[සංස්කරණය]

පහත මාර්ගසූචක අගයන් (ppm වටිනාකම් සදහා වටයා ඇත.) සහ කාබන් මොනොක්සිඩ් සදහා නිරාවරණය වූ කාලය තුල කබෝක්සි හිමොග්ලොබින් මට්ටම 2.5% ඉක්මවා නොමැති අවස්ථා සහාය.

  • 100 mg/m3 (87 ppm) මිනිත්තු 15 ක් සදහා
  • 60 mg/m3 (52 ppm) මිනිත්තු ක් සදහා
  • 30 mg/m3 (26 ppm) පැය 1ක් සදහා
  • 10 mg/m3 (9 ppm)පැය 8ක් සදහා

ලෝක සෞක්‍ය මද්‍යස්ථානය (WHO) විසින් යුරෝපය සදහා නිර්දේශිත ගෘහාශ්‍රිත වායු තත්ත්වය සහතිකයේ මාර්ගසූචකය 2010[සංස්කරණය]

  • 7 mg/m3 (6 ppm) පැය 24 ක් සදහා (COHb ප්‍රමාණය 2% මටම්ට වඩා ඉක්මවා නොමැත)

ප්‍රතිකාරක[සංස්කරණය]

කාබන් මොනොක්සිඩ් විෂ වූ විට පළමුව කල යුත්තේ එම පුද්ගලයාව එම ස්ථානයන් වහා ඉවත් කිරීමයි. එසේම අනෙකුත් පුද්ගලයන්ද එම ස්ථානයන් වලින් වහා ඉවත් විය යුතය. තත්වය දරුණු නම් එම අවස්ථාවේම CPR ලබා දෙය යුතය..[6] ඔක්සිජන් ආවරණය කරන ලද මුහුණු අදරකය මගින් ලබාදීමෙන් සාමාන්‍ය වාතය තුල පවතින කාබන් මොනොක්සිඩ් ප්‍රමාණය අඩු කල හැක. මෙම ක්‍රියා වලිය හේතුවෙන් කබෝක්සි හිමොග්ලොබින් වලින් කාබන් මොනොක්සිඩ් ගලවා ඔක්සිජන් ලබා දීම වේගවත් වේ. කළලයට හානි සිදු වේය හැකි බැවින් සාමාන්‍ය පුද්ගලයෙක්ට වඩා වැඩි කාලයක් ගර්බනි මාතාවන්ට මෙසේ ඔක්සිජන් ලබා දීම සිදු කරනු ලැබේ.

හිපබරික් ඔක්සිජන් ප්‍රතිකාරය(HBOT)[සංස්කරණය]

හෛපබරික් ඔක්සිජන් ප්‍රතිකාරය කාබන් මොනොක්සිඩ් විෂ වූ විට බහුලව බාවිතා වන ප්‍රති කරමයකි. මේ මගින් කබෝක්සි හිමොග්ලොබින් හා සයටක්‍රොම් ඔක්සිඩිසේ සමග බැදී ඇති කාබන් මොනොක්සිඩ් ඉතා වේගයෙන් ඒවත් කටනු ලැබේ. එම නිසා සාමාන්‍ය වාතයෙන් ලැබෙන ඔක්සිජන් ප්‍රමාණයට වඩා 80/3 ගුණයක වේගෙන් ක්‍රියා කරනු ලැබේ.එමෙන්ම මෙහිදී ප්ලාස්මාව මගින් පේශි වලට සපයනු ලබන ඔක්සිජන් ප්‍රමාණයද වැඩි කිරීම සිදු කරනු ලබයි. නමුත් මෙම ක්‍රමය තුලින් අදික වේගයෙන් ඔක්සිජන් ලබාදීම දිගු කලින් වාසි ලබා දේද යන්න සැක සහිතය. එම නිසා අහබු ලෙස තොර ගන්න ලද ප්‍රතිකාර දැක්වීමේ අවස්ථා දෙකක් තෝරා ගන්නා ලදී. මෙහෙදී අවස්ථා 4 කදී මෙම ක්‍රමය බාවිතා කිරීමෙන් වාසි ලැබුන අතර ඉන් අවස්ථා 2ක දී කිසුදු වාසියක් අත් නොවුනි.කෙසේ නමුත් ඉතිහාසයේ පටන් සිදු වූ නොයෙකුත් පරීක්ෂණ වල ප්‍රතිපලයක් ලෙස කියා හැක්කේ මෙම ක්‍රමයේ වාසි පිළිබද තක්සේරු හෝ අවතක්සේරු කල නොහැකි බවයි. බොහෝ විට ලැබෙන බොහෝ සාක්ෂි තුලින් නිගමන වලට එලබීම අපහසු හා නොපැහැදිලි වී තිබේ. බොහෝ කතුවරුන් මේහෙදි පවසන්නේ විශාල පරිසරය තුල සාමාන්‍ය ඔක්සිජන් හා හෛපබරික් ඔක්සිජන් ප්‍රතිකාරය සාමන්‍ය තත්ව යටතේ ලබා දීම තුලින් මේ ගැටලුවට විසදුම් සෙවීමට උත්සහ කල හැකි බවයි.

අනෙකුත්[සංස්කරණය]

තව දුරටත් මෙසේ ඇති වන සංකුලතාවයන් හදිසි ආබාධයන්, නොයෙකුත් ආතති තත්වයන් ,හදවත් රෝගී තත්වයන් පෙනහැල්ල පිළිබඳ වූ රෝගී තත්වයන් සදහා ප්‍රතිකාර ගැනීම අවශ්‍ය වේ.විවිද රෝගී තත්වයන් තහවරු කර ගැනීම සදහා නොයෙකුත් ක්‍රම බාවිතා කිරීමට සිදු වේ. සෝඩියම් බ්ය්කබනට් බාවිතා කර පේශි වල පවතින ඔක්සිජන් ප්‍රතිශතය වැඩි කල හැක.මොළයට සිදු වන හානි හදුනා ගැනීම සදහා MRI හෝ CAT යන්ත්‍ර බාවිතා කර ස්කෑන් පරීක්ෂණ කිරීම වඩා සුදුසු වේ.රෝග ලක්ෂණ ලෙස හදවත් වේදනාව ,කොමා තත්වය වැනි අවස්ථාවන් පෙන්නුම් කරන විට ප්‍රථිපල හදුනා ගැනීම ඉතා අපහසු වේ.නමුත් බොහෝ වාර්තා සදහන් කරන පරිදි දරුණු ලෙස කාබන් මොනොක්සිඩ්වලට නිරාවරණය වූ 30%කම වාගේ පුද්ගලයන්ට මින් දරුණු ප්‍රති පල අත් විදීමට සිදුව ඇත.

වසංගත අධ්‍යයනය[සංස්කරණය]

ලොව පුරා කෙතරම් කාබන් මොනොක්සිඩ් විෂ වීම වලට මිනිසුන් මුහුණ දී තිබේද යනු නොදන්නා කරුණකි.නොයෙකුත් අනෛතික ක්‍රියා කාරකම් හේතුවෙන් ලොවපුරා දහස් ගණනක් මිය යනවද විය හැක.නමුත් දැනට පවතින දත්ත මගින් පවසන්නේ ලොව පුර සිදු වෙන නොයෙකුත් මියයාම් හා අනතුරු බොහොමයකටම කාබන් මොනොක්සිඩ් විෂ වීම හේතු කාරක වී ඇති බව වේ. මෙසේ විෂ වීම බහුලව සීත මස වල සිදු වන බව පැවසේ. ඊට හේතු වන්නේ නිවස් තුල බහුලව දුම් ඌෂ්මක , ගෑස් හෝ කෙරෝසෝන් උණුසුම් කාරක හා නොයෙකුත් උදුන් නිසි ලෙස වාතය නොලැබෙන වටපිටාවක් තුල වැරැදී ක්‍රමයන් උපයෝගයෙන් බාවිතා කිරීම වේ.අවශ්‍ය බලය නිසි ලෙස නොලැබෙන අවස්ථා වලදීද කාබන් මොනොක්සිඩ් පිටවීම හා වැඩි වේ.

දැනට පවතින වාර්තා වලට අනුව ඇමරිකානු එක්සත් ජන පදය තුල වසරකට 40,000 කට වැඩි පුද්ගලයන් සංක්‍යාවක් කාබන් මොනොක්සිඩ් විෂ වීම හේතුවෙන් ප්‍රති කාර ලබා ගනී.බොහෝ කාර්මික රට වල 50% කටත් වඩා විෂ වීම් වලට හේතු වනුයේ කාබන් මොනොක්සිඩ් වේ. ඇමරිකානු එක්සත් ජන පදය තුල වසරකට 200 ක් පමණ මිනිසුන් ගෘහශ්‍රිතව කාබන් මොනොක්සිඩ් විෂ වීම හේතුවෙන් මිය යන බව පැවසේ. කාබන් මොනොක්සිඩ් විෂ දුම් ආශ්වාසය කිරීම හේතුවෙන් ඇමරිකානු එක්සත් ජන පදය තුල වසරකට 5613ක පමණ පිරිසක් මිය යන බව පැවසේ. CDC වාර්තා පවසන ආකාරයට නම් “ඇමරිකානු එක්සත් ජන පදය තුල වසරකට 500ක් පමණ නොදැනුවත්ව කාබන් මොනොක්සිඩ් විෂ වීම හේතුවෙන් මිය යන අතර 2000ක් පමණ සියදිවි හානි කර ගැනීමේ ක්‍රමයක් ලෙස කාබන් මොනොක්සිඩ් බාවිතා කර මිය යයි. ”1979 සිට 1988 දක්වා වසර 10ක කාලයක් තුල ඇමරිකානු එක්සත් ජන පදයේ සිදු වූ 56,133 ක් තරම් වූ මිය යාම් වලට හේතු වුයේ කාබන් මොනොක්සිඩ් විෂ වීම වේ. ඒවා අතුරින් 25,889 සියදිවි හානි කරගැනීම නිසා සිදු වූ අතර ඉතිරි වූ 30,244 නොදැනුවත්ව කාබන් මොනොක්සිඩ් විෂ වීම හේතුවෙන් සිදු වූ ඒවා විය.නව සීලන්තයෙන් නිකුත් කරන ලද වාර්තාවකට අනුව 2001ථ් 2002ථ් අතර කාලය තුල 206ක ප්‍රමාණයක් මිනිසුන් මිය ගොස් ඇත්තේ කාබන් මොනොක්සිඩ් විෂ වීම හේතවෙනි.නව සීලන්තය තුල වායු විෂ වීම නිසා මිය ගිය ප්‍රමාණයෙන් 43.9% කටම හේතු වී ඇත්තේ කාබන් මොනොක්සිඩ් විෂ වීම වේ.දකුණු කොරියාව තුල 2001 හා 2003 කල සීමාව තුල කාබන් මොනොක්සිඩ් විෂ වීම 1,950ක ට පමණ සිදු වී ඇති අතර ඉන් 254ක් ඒ හේතුවෙන් මිය ගොස් ඇත. ජෙරුසිලම් නගරයෙන් ලැබෙන වාර්තා වලට අනුව 2001 සිට 2006 දක්වා කාලය අතර තුර වසරකට පුද්ගලයන් 100,000කට 3.53ක් මෙසේ විෂ වීම් වලට බාජනය වේ. චීනයේ හුබෛ ප්‍රදේශය තුල අවරුදු 10ක කල සීමාව ඇතුලත 218ක් මරණ ප්‍රමාණයක් මෙසේ දුම් විෂ වීම් හේතුවෙන් සිදු වී ඇති අතර ඉන් 16.5%ක් කාබන් මොනොක්සිඩ් විෂ වීම හේතුවෙන් සිදු වී ඇත.

සියදිවි නසාගැනීම/ආත්මඝාතය[සංස්කරණය]

1960ට පෙර එක්සත් ජනපදය තුල බොහෝ විට බාවිතයට ගත්තේ ගල් අගුරු වේ.මෙය අසම්පුර්ණ දහනය වීම හේතුවෙන් පරිසරයට බොහෝ කාබන් මොනොක්සිඩ් ප්‍රමාණයක් මුදා හැරිණි .කාබන් මොනොක්සිඩ් වැඩි ප්‍රමාණයක් උවමනාවෙන් ආඝ‍්‍රාණය කිරීම සුලබ සියදිවි හානි කර ගැනීමේ ක්‍රමය 1950 අග බාගය තුල එක්සත් ජනපදය තුල වාර්තා වූ සියදිවි හානි වලින් 50% කටම හේතු වන බව සදහන් වේ . 1960 දී බ්‍රිතාන්‍ය රජය විසින් ගල් අගුරු වල සිට ස්වබාවික ශක්ති ප්‍රබවයන් සදහා මාරු වූ කල එක්සත් ජනපදය තුල සියදිවි හානි කරගැනීමේ ප්‍රතිශතය තුන් ගුණයකින් පහත වැටුන අතර මේ වෙන තෙක් එය ඉහල ගොස් නැත .ගල් අගුරු දුම් සියදිවි හානි කර ගැනීමේ ක්‍රමය දැන් බොහෝ දුරට නැති වී යනුයේ ලොව පුරාම කාබන් මොනොක්සිඩ් අඩු ස්වබාවික ශක්ති ප්‍රබවයන් බවෙතයට යොමු වී ඇති නිසාවෙනි . උත්ප්‍රේරක හදුන්වා දීමට පෙර වැසුනු කාමරයක හෝ ගරාජයක අදික මෝටර් රථ දුම් ආඝ‍්‍රාණය සියදිවි හානි කර ගැනීමේ ක්‍රමයක් ලෙස බාවිතයට ගැනිණි . 1975ට පෙර මෝටර් රථ දුම් වලින් 4-10% අතර කාබන් මොනොක්සිඩ් පිට වුනි .නමුත් වර්තමානයේ බාවිතා වන උත්ප්‍රේරක පරිවර්තකය මගින් 99%ක්ම කාබන් මොනොක්සිඩ් නිපදවීම වලක්වා තිබේ .නමුත් උත්ප්‍රේරක පරිවර්තකය බාවිතා කරන මෝටර් රථ වුවද අකර්මණ්‍යව වසා ඇති ගරාජයකට දැමුවහොත් සැලකිය යුතු ප්‍රමාණයක් කාබන් මොනොක්සිඩ් නිපවදනු හැක . කෙසේ නමුත් මෝටර් රථ දුම් මගින් සියදිවි හානි කරගැනීම දැන් බොහෝවිට බාවිතා කල නොහැකි උපක්‍රමයකි .එම නිසා නොයකුත් නව උපක්‍රම බවෙතයට පැමිණ තිබේ .පිළිස්සෙන ගල් අගුරු බාවිතය ,පොසිල ඉන්දන බාවිතය හෝ ෆොමික් අම්ල හා සල්ෆුරික් අම්ල සමග මිශ්‍ර කර සිමා සහිත ප්‍රදේශයක බාවිතා කිරීම සිදුවේ.එවැනි අවස්ථා බොහෝ විට ජපානය , හොංග් කොංග් ,තාඉවානය වැනි රටවල් වල සමුහ සියදිවි හානි කරගැනීමේ උත්සාහයන් වේ .නමුත් මෙවැනි උපක්‍රම දැන් බටහිර රටවලද ප්‍රචලිතය .නිදසුනක් වන්නේ 2007දී බූස්ටන් ගායක බ්‍රැඩ් ඩෙල්ප් (Brad Delp)ගේ සියදිවි හානි කර ගැනීම වේ .

මේවාත් බලන්න[සංස්කරණය]

විමර්ශන සේවය[සංස්කරණය]

  1. Goldstein M (December 2008). "Carbon monoxide poisoning". Journal of Emergency Nursing: JEN: Official Publication of the Emergency Department Nurses Association. 34 (6): 538–542. PMID 19022078. doi:10.1016/j.jen.2007.11.014. 
  2. Lua දෝෂය in Module:Citation/CS1 at line 3565: bad argument #1 to 'pairs' (table expected, got nil).
  3. Carbon Monoxide. Washington, D.C.: National Academy of Sciences. 1977. පිටු 29. ISBN 0-309-02631-8. 
  4. 4.0 4.1 Green W. "An Introduction to Indoor Air Quality: Carbon Monoxide (CO)". United States Environmental Protection Agency. සම්ප්‍රවේශය 2008-12-16. 
  5. Gosink T (1983-01-28). "What Do Carbon Monoxide Levels Mean?". Alaska Science Forum. Geophysical Institute, University of Alaska Fairbanks. සම්ප්‍රවේශය 2008-12-16. 
  6. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Bateman නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි

බාහිර උපකාරකයන්[සංස්කරණය]