ක්‍ෂීරපථය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ක්‍ෂීරපථය යනු අප සූර්යග්‍රහ මණ්ඩලය අඩංගු මන්දාකිණිය හෙවත් චක්‍රාවාටයයි. මෙම නම සෑදී ඇත්තේ එය අඳුරු, අවිනිශ්චිත, කිරි වැනි දිලිසෙන පටියක් ආකාරයට රාත්‍රී අහසේ වක්‍රව දිස් වන නිසා ය. 'Milky Way' යන පදය ලතින් බසින් 'milky road' (ක්ෂීර මාවත) යන තේරුමැති Via Lactea යන වචනයෙන් සෑදී ඇති අතර එම වචනයට ග්‍රීක බසින් 'milky circle'(ක්ෂීර මණ්ඩලය) තේරුමැති "kyklos galaktikos " යන්න මුල් වී ඇත. 'Milk' (කිරි, ක්ෂීර) යන වචනය, ග්‍රීක බසෙහි 'galaxy' (චක්‍රාවාට), γαλαξίας ("galaxias") යන වචනය සෑදීමට මූලික වී ඇත.

මෙම චක්‍රාවාටය මෙයාකාරයෙන් දිස් වන්නේ, මන්දාකිණි තලය තුල, මන්දාකිණි කේන්ද්‍රයේ සිට 2/3 ක් ඈතින්, "Orion–Cygnus Arm" හි අභ්‍යන්තර මායිමෙහි, චක්‍රාවාටයෙන් වැඩි ප්‍රමාණයක් කෙලවරින් පෙනෙන පරිදි, පෘථිවියෙහි ස්ථාන ගත වීම නිසා යි. මෙම දුර්වල අලෝක පටිය තරු වලින් නිමැ වී ඇති ය, යන සංකල්පය, 1610 දී ගැලීලියෝ ගැලිලි (Galileo Galilei) ඔහුගේ දුරේක්ෂය භාවිතා කරමින් වෙන වෙන ම තාරුකා වෙන් කර ගැනීමේ දී තහවුරු වුණි. 1920 දශකයේ සිදුකළ නිරීක්ෂණයන්හි දී තාරකා විද්‍යාඥ එඩ්වින් හබ්ල් (Edwin Hubble) පෙන්වා දුන්නේ, ක්ශීරපථය, නිරීක්ෂණය කළ හැකි විශ්වයේ ඇති බිලියන 200ක් පමණ වූ මන්දාකිණි වලින් තවත් එක මන්දාකිණියක් පමනක් බව ය.

ක්ශීරපථය, විශ්කම්භය ආලෝක වර්ෂ 100,000 - 200,000 ක් වූ, තරු බිලියන 200 - 600 ක් අඩංගු තීරු ආකාර සර්පිලාකාර චක්‍රාවාටයකි. නිමානයන්ට අනුව ක්ෂීරපථය ග්‍රහලෝක බිලියන 50 කින් පමණ සමන්විත අතර ඉන් මිලියන 500ක් පමණ පවතින්නේ එහි සූර්යයාගේ සිට වාසයට සුදුසු කලාපයකයි. ක්ෂීරපථයෙහි ව්‍යූහයට අනුව සමස්ත චක්‍රාවාටයට එක් භ්‍රමණයක් (එක් වටයක් කැරකවීම) සඳහා අලෝක වර්ෂ මිලියන 15 - 50 ක පමණ කාලයක් ගත වේ. මන්දාකිණිය තත්පරයට කිලෝමීටර 552 - 630 ක වේගයකින් ගමන් චලනය වන මුත් එය සබැඳි රාමුව මත රඳා පවතී. ක්ෂීරපථය අවුරුදු බිලියන 13.2ක් පමණ වයස බව, එනම් ආසන්න වශයෙන් විශ්වය තරම් ම පරණ බව නිමානය කර ඇත.


දර්ශනය වන අයුරු[සංස්කරණය කරන්න]

රාත්‍රී අහසේ දැකිය හැකි සියළු ම තාරකා ක්ෂීරපථය චක්‍රාවාටයේ කොටසක් වුව ද, තාරකා විද්‍යාත්මක ක්‍රියාකාරකමක් වන අභ්‍යවකාශ ගෝලය නිරීක්ෂණයේ දී ක්ෂීරපථය, රාත්‍රී අහස පුරා දිස්වන දුන්නක ආකාරයෙන් යුතු, සියුම් මීදුමැති, කිරි පැහැ ආලෝක පටියට පමණක් සීමා වේ. මෙම ආලෝකය හට ගන්නේ, තාරකා මණ්ඩල තලයෙහි පිහිටි අනිශ්චිත තාරකා හා අනෙකුත් ද්‍රව්‍යන්ගෙනි. Great Rift සහ Coalsack වැනි අඳුරු කලාප සම වන්නේ, ඈත තාරකා වලින් එන ආලෝකය අඳුරු/ කළු නිහාරිකා වලින් අවහිර කිරීමෙන් ඇතිවන අවකාශයන්ට ය. ක්ෂීරපථයේ මතුපිට දීප්තිය +4.5 සිට +5 ක පමණ පැහැදිලිව පෙනෙන විශාලත්වයක තිබෙන අතර, සාපේක්ෂව එම දීප්තිය අඩු ලෙස සැලකේ. ක්ෂීරපථයේ දර්ශනය වීමට, ආලෝක අපවිත්‍රකරණය, සඳෙන් පැමිනෙන ආලෝකය ආදිය නිසා ඇතිවන රාත්‍රී අහසේ දීප්තිමත් බව අතිශයින් බලපායි. +5.1 හෝ ඊට වැඩි සීමාකාරී විශාලත්වයන්හි දී ක්ෂිරපථය දෘෂ්‍යමාන වන අතර +6.1 ට වැඩි විට බොහෝ විස්තරාත්මකව දිස් වේ. නාගරික හා නගරාසන්න ප්‍රදේශයන් හි ආලෝක දූෂණය හේතුවෙන් ක්ෂීරපථය දර්ශනය අපහසු වන අතර, ඉතා විශිෂ්ඨ දර්ශනයක් ග්‍රාමීය ප්‍රදේශ වල දී ලැබේ.

විශාලත්වය[සංස්කරණය කරන්න]

ක්ෂීරපථ මන්දාකිණියෙහි තාරකාමය තැටිය දළ වශයෙන් ආලෝක වර්ෂ 100,000 (30 කිලෝපාර්සෙක්, 9×1017 කිමී) විෂ්කම්භයෙන් යුතු අතර, සාමාන්‍ය වශයෙන් 1 000 ආව[convert: unknown unit] ඝනකමකින් යුතු යැයි සැලකේ.

ආයු කාලය[සංස්කරණය කරන්න]

ක්‍ෂීරපථයේ අායු කාලය දීර්ග ජීව කාලයක් අැති විකිරණශීල මූලද්‍රව්‍ය වන යුරේනියම් 238 හා තෝරියම් 232 හරහා නිර්ණය කොට අැත. මෙම ක්‍රමවේදය න්‍යශ්ටික කොස්මොලොජි ලෙස හැදින්වේ.මෙයට අනුව ක්‍ෂීරපථයේ වයස අව්රුදු බිලියන 12.5 ± 3 පමණ වේ.

නිර්මාණය හා ව්‍යූහය[සංස්කරණය කරන්න]

වායු, දූවිලි සහ තරු මණ්ඩලයකින් වටවී ඇති දණ්ඩක හැඩයකින් යුත් මධ්‍ය ප්‍රදේශයකින් ක්ෂීරපථය සමන්විත වේ.

චක්‍රාවාට කේන්ද්‍රය[සංස්කරණය කරන්න]

සර්පිලාකාර බාහු[සංස්කරණය කරන්න]

ප්‍රභා මණ්ඩලය[සංස්කරණය කරන්න]

ගැමා-කිරණ බුබුළු[සංස්කරණය කරන්න]

සූර්යයාගේ පිහිටීම සහ අවට[සංස්කරණය කරන්න]

වටපිටාව[සංස්කරණය කරන්න]

ප්‍රවේගය[සංස්කරණය කරන්න]

විශේෂ සාපේක්ෂතා වාදයට අනුව සාපේක්ෂව බැලිය හැකි රාමුවක් නොමැති නිසා ප්‍රවේගයක් නොපවති.

ඉතිහාසය[සංස්කරණය කරන්න]

අමතරව[සංස්කරණය කරන්න]

යොමුව[සංස්කරණය කරන්න]

http://spaceplace.nasa.gov/solar-system-explorer/en/

"https://si.wikipedia.org/w/index.php?title=ක්‍ෂීරපථය&oldid=323702" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි