ක්‍රීඩාවේ මනෝවිද්‍යාව

විකිපීඩියා වෙතින්

ක්‍රීඩා මනෝවිද්‍යාව යනු ක්‍රීඩාවේදී පුද්ගල හැසිරීම පිළිබඳ අධ්‍යයනයයි. එය ක්‍රීඩා දක්ෂතාවයන්, කායික ක්‍රියාකාරකම් සඳහා මානසික සාධකයන් බලපාන ආකාරය අවබෝධ කරගැනීමට අවශ්‍ය මොළයේ මනෝවිද්‍යාව ද ගතිවිද්‍යාව පිළිබඳව ද ඒවා පුද්ගලයෙකුගේ හෝ කණ්ඩායමක දක්ෂතා වැඩි කිරීමට යොදා ගන්නා ආකාරයද පිළිබඳ කරන හැදෑරීමකි. තවද එය චිත්ත වේග පාලනය කරමින් ක්‍රියාකාරිත්වය වැඩිකිරීම සහ දුර්වල ක්‍රියාකාරිත්වයේ ආබාධවලදී මානසික අවපීඩන අවම කිරීම සඳහා ද උපකාරී වේ. මෙහි එන වැදගත් කුසලතාවයන් ලෙස අරමුණු පිහිටුවීම, සැහැල්ලුවීම, දර්ශනය, ස්වයං කථනය, පරීක්ෂාකාරී බව, පාලනය, ඒකාග්‍රතාවය, ක්‍රමානුකූල බව, සහ ගුණාත්මක පුහුණුව හැඳින්විය.

ක්‍රීඩා මනෝවිද්‍යාවේ ඉතිහාසය

ක්‍රීඩා මනෝවිද්‍යාව යනු ක්‍රීඩාවේදී පුද්ගල හැසිරීම පිළිබඳ අධ්‍යයනයයි. එය ක්‍රීඩා දක්ෂතාවයන්, කායික ක්‍රියාකාරකම් සඳහා මානසික සාධකයන් බලපාන ආකාරය අවබෝධ කරගැනීමට අවශ්‍ය මොළයේ මනෝවිද්‍යාව ද ගති විද්‍යාව පිළිබඳව ද ඒවා පුද්ගලයෙකුගේ හෝ කණ්ඩායමක දක්ෂතා වැඩි කිරීමට යොදා ගන්නා ආකාරය පිළිබඳවද කරන හැදෑරීමකි. තවද එය චිත්තවේග පාලනය කරමින් ක්‍රියාකාරිත්වය වැඩිකිරීම සහ දුර්වල ක්‍රියාකාරිත්වයේ ආබාධවලදී මානසික අවපීඩන අවම කිරීම සඳහා ද උපකාරී වේ. මෙහි එන වැදගත් කුසලතාවයන් ලෙස අරමුණු පිහිටුවීම, සැහැල්ලුවීම, දර්ශනය, ස්වයං කථනය, පරීක්ෂාකාරී බව, පාලනය, ඒකාග්‍රතාවය, ක්‍රමානුකූල බව, සහ ගුණාත්මක පුහුණුව ආදිය දැක්විය හැකිය.


ක්‍රීඩා මනෝවිද්‍යාවේ ඉතිහාසය[සංස්කරණය]

ක්‍රීඩා මනෝවිද්‍යාව යනු ක්‍රීඩාවලදී පුද්ගල හැසිරීම් පිළිබඳ කරනු ලබන විද්‍යාත්මක අධ්‍යයනයකි. මෙහි මූලික අභිමථාර්තය වනුයේ ක්‍රීඩාවේ සහභාගීත්වය සහ කායික ක්‍රියාකාරකම් පුද්ගල වර්ධනය සඳහා බලපාන ආකාරය හඳුනා ගැනීමයි.

ලොව පළමු ක්‍රීඩා මනෝවිද්‍යාඥයා වන්නේ උතුරු ඇමරිකානු ජාතික නෝර්මාන් ට්‍රිප්ලට් මහතාය. (උපත - 1861 ආසියාවේ දී) පාපැදිකරුවන් කණ්ඩායම් වශයෙන් යන විට තනි පාපැදිකරුවෙකුට වඩා වේගයෙන් ගමන් කරන බව ඔහු විසින් නිරීක්ෂණය කරන ලදී.

වර්ෂ 1920 දී ඇන්ටාටිකානු ජාතික Carl diem විසින් ලොව ප්‍රථම ක්‍රීඩා මනෝවිද්‍යා පර්යේෂණාගාරය ආරම්භකරන ලදී. එයට වසර පහකට පසු A – Z Puni ලෙනින්ග්‍රාඩ් හි කායික සංස්කෘතික ආයතනයෙහි විද්‍යාගාරයක් ආරම්භ කළේය. එසේම 1925 වර්ෂයේදී උතුරු ඇමරිකාවේ ඉලිනෝසිස් විශ්ව විද්‍යාලයේ Coleman Griffith විසින් ක්‍රීඩා මනෝවිද්‍යා පර්යේෂණාගාරයක් ආරම්භ කරන ලදී.වර්ෂ 1918 දී ක්‍රීඩා ක්‍රියාකාරකම් සඳහා බලපාන සාධක පිළිබඳව පර්යේෂණ ආරම්භ කළ හෙතෙම 1923 දී ප්‍රථම ක්‍රීඩා මනෝවිද්‍යා පාඨමාලාව ද ඇරඹීය.

ක්‍රීඩා මනෝවිද්‍යාව සඳහා වූ අන්තර්ජාතික සංගමය, යුරෝපීය ජාතික ක්‍රීඩා මනෝවිද්‍යාඥයින්ගෙන් සැදුම් ලද්දකි. 1966 වර්ෂයේදී චිකාගෝ හි දී තවත් ක්‍රීඩා මනෝවිද්‍යාඥයින් කණ්ඩායමක් විසින් ක්‍රීඩා මනෝවිද්‍යාව සහ ක්‍රියාකාරකම් සඳහා ඇමරිකානු සංගමය පිහිටුවන ලදී.


වර්ෂ 1970 මුල භාගයේදී ක්‍රීඩා මනෝවිද්‍යාව විශ්වවිද්‍යාල විෂය නිර්දේශයන් තුළද අන්තර්ගත විය‍. සාමාන්‍යයෙන් ගතිවිද්‍යා වැඩසටහන් තුළ අන්තර්ගත වූ මෙමගින් මළල ක්‍රීඩකයින් තුළ ධනාත්මක ආකල්ප ඇතිකිරීම වර්ධනය කෙරිණි. 1980 දශකයේදී ක්‍රීඩා මනෝවිද්‍යාව වඩාත් පර්යේෂණයන් මත පදනම් වීම ඇරඹිණි. ක්‍රීඩා මනෝවිද්‍යාඥයෝ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීමට ව්‍යායාම්වල සහ පමණට වඩා පුහුණුවේ මානසික බලපෑම සහ මානසික පීඩනය පාලනය කිරීම ආදිය ගැන උනන්දු වූහ.

වර්තමානයේ ක්‍රීඩා මනෝ විද්‍යාඥයෝ ප්‍රබල කායික ක්‍රියාකාරකම් සහ මානසික යහ පැවැත්ම අතර සම්බන්ධතාවය සඳහා තොරතුරු ලබා ගැනීම පිළිබඳව පර්යේෂණ සිදු කරති. මානසික කායික විද්‍යා අදහස් සහ ව්‍යායාම් අතරතුරදී මොළයේ ක්‍රියාකාරිත්වය අධ්‍යයනය මේ සඳහා උපකාරී වී ඇත. තවද, ක්‍රීඩා මනෝවිද්‍යාඥයෝ යහපත් නිරෝගී මානසික තත්වයකට ආධාරකයක් ලෙස ව්‍යායාම හඳුන්වති.

වර්තමානයේදී ක්‍රීඩා මනෝවිද්‍යාඥයින් තරඟකාරී ක්‍රීඩාවලදී ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන්ගේ දක්ෂතා වර්ධනය සඳහා තමන්ගේ දායකත්වයේ වටිනාකම ද, මළල ක්‍රීඩකයින් නොවන පුද්ගලයින්ගේ යහපත් මානසික තත්ත්වයන් රඳවා ගැනිම සඳහාද කායික ව්‍යායාම්හි පවතින වැදගත්කම ද හඳුනාගෙන ඇත. තමාගේ දක්ෂතා වැඩි දියුණු කිරීමට අවශ්‍යය ක්‍රීඩකයින්, අභිප්‍රේරණයක් අවශ්‍ය ආබාධිත ක්‍රීඩකයින්, තරඟකාරී ක්‍රීඩාවල පීඩනය මැඩපවත්වා ගත නොහැකි ක්‍රීඩකයන්, තරුණ ක්‍රීඩාවල නිරත තරුණ ක්‍රීඩකයින් සහ ඔවුනගේ දෙමාපියන් වැනි බොහෝ කොට්ඨාස ක්‍රීඩා මනෝවිද්‍යාඥයින්ගෙන් උපකාර ලබති.


සටහන්[සංස්කරණය]

Sport_psychology