ක්‍රීඩාවේ ප්‍රචණ්ඩත්වය

විකිපීඩියා වෙතින්

ක්‍රීඩාවේ ප්‍රචණ්ඩත්වය ක්‍රීඩකයින් හා නරඹන්නන් යන දෙපාර්ශවයටම කලහකාරී තත්වයක් ඇති කරන අවස්ථාවකි. මෙම පහර දීම්වල දී ඔවුන්ගේ අතට හසුවන ඕනෑම දෙයක් ආයුධයක් ලෙස භාවිතා කිරීමට පුරුදුවී ඇත. උදා - ක්‍රීඩාගාරයේ ඇති ආසන, උල් ආයුධමය උපකරණ හෝ බියර් බෝතල් වැනි දෑ. ක්‍රීඩාවේ නීතිරීති උල්ලංඝනය කරමින් ඉන් ඔබ්බට යමින් මෙම ප්‍රචණ්ඩත්වය දිවේ. පාපන්දු, පැසිපන්දු හා “බේස් බෝල්” වැනි තරඟකාරී ක්‍රීඩාවලදී ප්‍රචණ්ඩත්වය ඉතා කලහකාරීවන අතර එය ක්‍රීඩා ස්වරූපයේ සීමාව ඉක්මවා යෑමකි. ප්‍රතිවාදීන් එකිනෙකා මුණ ගැසෙන ක්‍රීඩාවලදී උදා - ඇමරිකන් පාපන්දු, අයිස් හොකී, රග්බි පාපන්දු, බොක්සින්, මල්ලව පොර වැනි ක්‍රීඩාවලදී ශාරීරික හිංසනය විවිධ මට්ටමෙන් පවතින අතර, එවැනි අවස්ථාවන්හි දී තරග තහනමක් හෝ දඬුවම් පහරක් දක්වා හෝ භයානක ලෙස බලය පාවිච්චි කිරීමක් දක්වා දුරදිග යනු ඇත. ශාරීරික වධ හිංසනය සේම, තර්ජන ද මෙම ප්‍රචණ්ඩත්වයට ඇතුළත් වන අතර බොහෝ විට ක්‍රීඩකයින්, ක්‍රීඩා පුහුණුකරුවන්, ක්‍රීඩා ලෝලීන් , නරඹන්නන් සේම බාල ක්‍රීඩකයින්ගේ‍ දෙමාපියන් මෙම ප්‍රචණ්ඩකාරී තත්වයන් උදා කරයි. ජෝර්ජ් ඕවෙල් කළ නිරීක්ෂණයේ දී ඔහු පවසන්නේ දැඩි තරගකාරීව කරන ක්‍රීඩාවක දී සාධාරණය අපේක්ෂා කළ නොහැකි බවත් ඒ වෙනුවට, පළි ගැනීම , ඊර්ෂ්‍යාව , නීති උල්ලංඝනය කිරීම, අති‍ශයෝක්තිය හා ප්‍රචණ්ඩත්වය දැකීමේ පහත් මානසික මට්ටම ආදිය දැකිය හැකි බවයි. කෙටියෙන් එය වෙඩි තැබීමකට නොඅඩු පුංචි යුද්ධයකි.