ක්‍රිස්තියානි සභාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
Part of a series of articles on
ක්‍රිස්තියානි ආගම

කිතු දහමේ ඉතිහාසය
Timeline of Christianity
අපෝස්තුළුවරුන්
Ecumenical councils
Great Schism
කුරුස යුද්ධ
Reformation

ශුද්ධවූ ත්‍රීත්වය
පියාණන් වහන්සේ
පුත්‍රයාණන් වහන්සේ (ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ)
ශුද්ධාත්මයානන් වහන්සේ

බයිබලය
පැරණි ගිවිසුම
නව ගිවිසුම
Apocrypha
සුවිශේෂ ප්‍රකාශන
දස පණත්
කන්ද උඩ දේශනාව
නයිසියානු ඇදහිල්ල

දේව ධර්ම ශාස්ත්‍රය
මිනිසාගේ වැටීම · Grace
විමුක්තිය · Justification
කිතු වන්දනාව Antichrist

ක්‍රිස්තියානි සභාව
කතෝලික ධර්මය
සාධාර්මික කිතු දහම
ප්‍රොතෙස්තන්ත වාදය Christian denominations
ක්‍රිස්තියානි ව්‍යාපාර
ක්‍රිස්තියානි ධර්ම ප්‍රචාරය
Christian ecumenism

ක්‍රිස්තියානු සභාව යනු නාසරෙත්හි ජේසුස් දෙවියන්ගේ පුත්‍රයා පදනම් කරගෙන වන්දනා කරන ආගම් හි ආගමික පරමාර්ථ සහ සංස්කෘතික සමාජ විද්‍යාත්මක භාෂිතයකි. එය තනි ආගමික ආයතන හෝ තනි විශ්වාසයන් මත පදනම් වූවක් නොවේ. අද වනවිට අද්විතීය ක්‍රිස්තියානු සභාව තරම් ලෞකික ලෝකය මගින් හඳුනාගත් දේශපාලනික පැවැත්මක් නොමැත.

රෝමානු කතෝලික සභාව සහ ඕතෝ ඩොක්ස් සභා උතුම් වූ ජේසුස් වහන්සේ විසින් ස්ථාපනය කරනු ලැබූ එකම සභාව යැයි පැවසේ. අනෙක් අතට ප්‍රොතෙස්තියානු ආගම අදහන්නන්ගේ සංකල්පය වන්නේ ජේසුස් වහන්සේ සැමට එකමුතු වන්නට ඔහු අනුගමනය කරන්න යැයි පවසා සිටිමින් ඔහු විසින් අරමුණු කරගත් මූලික මතය පිලි ගනී. ඇන්ග්ලිකන්ස් (Anglicans) සිතනුයේ ඔවුන් ක්‍රිස්තියානු සභාවේ ශාඛා වන බවයි. නමුත් මෙම භාෂිතය මගින් අදහස් කරනුයේ තම ආයතන ක්‍රිස්තියානු සම්ප්‍රධායට අයත් වන බවයි. මෙය සියළු ආගමික ආයතනයන්ට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් දෙයකි.

මෙම වැකිය “ ක්‍රිස්තියානු සභාව” එහි පුළුල් අර්ථයෙහි ජේසුස් වහන්සේගේ ශරීරය මෙන්ම සමාන පුළුල් බවක් ඇත.

ඉතිහාසය[සංස්කරණය]

කාල් හෙන්රිච් බ්ලෝච් විසින් නිර්මිත, කන්ද උඩ දේශනාව. නව ගිවිසුම විස්තර කරනුයේ ජේසුන් වහන්සේ තම ශ්‍රාවකයන් සහ විශාල සෙනගට නිරන්තරයෙන් දේශනා කරමින් සිටි බවය.

කිතුනු පල්ලිය රෝම යුදෙව් ප‍්‍රදේශයේ පළමු සියවසේ දී බිහිවූ අතර ඒ සඳහා සියලූ කිතුනුවන් තම ගැලවුම් කරුවායැයි විශ්වාස කරන නාසරෙත් හි යේසුස් ගේ ඉගැන්වීම් පාදක විය. පල්ලියේ ආරම්භය නිසැක ලෙසම සිදුවූයේ පෙන්තකොස්තයේ දී යැයි සැළකේ. නමුත් සාමාන්‍යයෙන් එය යේසුස් වහන්සේ අනුගාමිකයන් සමග පැන නැගීයැයි විශ්වාස කෙරේ. යේසුස් වහන්සේ තම අනුගාමිකයනට සිය ඉගැන්වීම් ලොව පුරා ප‍්‍රචාරණය කරන්නැයි කියා සිටීමෙන් මේ බව තහවුරු වේ.

ක‍්‍රමයෙන් පල්ලිය රෝම අධිරාජ්‍ය තුල පැතිරුණු අතර සුවිශේෂී සන්ධිස්ථානයන් යෙරුසලම ඇන්ටියොක් හා එඩිසා හි අත් කර ගත්තේය. කිතුනු දහම බොහෝ ප‍්‍රතික්ෂේපිත ආගමක් විය යුදෙව්වෝ මෙය මිත්‍යාදෘෂ්ටියක් යැයි ද්වේෂ කළ අතර ඒක දේව වාදය පැරණි ලෝකයට පිටස්තර බැවින් ද, අධිරාජ්‍ය සංස්කෘතියට තර්ජනයක් බැවින් ද රෝම බලධාරීන් එය ප‍්‍රතික්ෂේප කළෝය. මේ සියල්ල මධ්‍යයේ පල්ලිය සීඝ‍්‍ර වර්ධනයක් ලබා ගත් අතර අවසානයේ හතරවන සියවසේ දී ගැලේරියස් සහ කොන්ස්ටන්ටින් අධිරාජ්‍ය සමයේදී නීතිගත වී ප‍්‍රචාරණය විය. හතර වන සියවස මුළුල්ලේ පල්ලිය මුහුණ දුන් ප‍්‍රධාන විවාදයක් වන්නේ ආර්යානුවාදය (ක‍්‍රිස්තුස්වහන්සේගේ දිව්‍යමය භාවය ප‍්‍රතික්ෂේප කිරීම) හා ත‍්‍රිත්ව වාදය අතර වූ ඝට්ඨනයයි.

කවුන්සිල ගනණාවකට පසු මෙය සහමුලින්ම පාහේ නිරාකරණය කරනු ලැබුයේ ත‍්‍රිත්ව වාදී අධිරාජ්‍යයෙකු වූ පළමුවන තියොඩෝසියස් විසිනි. ඔහු කි‍්‍රස්තියානිය රාජ්‍ය ආගම බවට පත්කළේය. කෙසේ වුවද ඇතැම් ජර්මානු ගෝත‍්‍ර ආර්යානුවාදය මධ්‍යතන යුගය දක්වා ඇදහූවෝය.


කොන්ස්තන්තිනෝපලයේ හාජියා සොෆියා දේවස්ථානය මෙය කලකදී සමස්ත කිතුනු ලෝකයේම විශිෂ්ටතම දේවස්ථානය විය. රෝමානු අධිරාජ්‍යයේ පල්ලිය ප‍්‍රධාන පරිපාලන ඒකක පහකට වෙන්වූ අතර ඉන් එකක් (රෝමය) බටහිර ද අනෙක් හතර (කොන්ස්තන්තිනෝපලය, යෙරුසලම, ඇන්ටියොක්, ඇලෙක්සැන්ඩි‍්‍රයා) නැගෙනහිර ද පැවතුණි. මෙම ප‍්‍රදේශ පහේ බිෂොප්වරු පල්ලියේ පියදෙටුවෝ බවට පත්වුණි. රෝමානු අධිරාජ්‍යය බෙදුනු පසුත් පල්ලිය සාපේක්ෂව එක්සත් සංවිධානයක් වශයෙන් පැවතුණි (ඔරියන්ටල් ඕතඩොක්ස් හා වෙනත් කණ්ඩායම් කිහිපයක් මෙයට ව්‍යතිරේඛී ලෙස පැරණි පල්ලිය හැර ගියෝය) . පල්ලිය යනු අධිරාජ්‍යයේ කේන්ද්‍රගත හා එය අරුත්දක්වන මධ්‍යස්ථානය විය. කිතුනු ලෝකයේ වැඩිම ආර්ථික හා දේශපාලනික බලය හිමිවූ කොන්ස්තන්තිනෝපලය එහි කේන්ද්‍රය ලෙස සැලකුණි.

5 වන සියවසේ ජර්මානු ආක‍්‍රමණ හේතුවෙන් බටහිර අධිරාජ්‍ය බිඳවැටීමත් සමග රෝමානු පල්ලිය මධ්‍යතන බටහිර යුරෝපය රෝමානු සංස්කෘතිය හා යා කළ ප‍්‍රධාන සම්බන්ධකය වූ අතර පෙරදිග රෝමය හෙවත් බයිසැන්තින් අධිරාජ්‍යයන්ට වැදගත් ආභාෂයක් විය. කෙසේ වුවද බටහිර කිතුනු දහමට ජර්මානු පාලකයන්ගේ ආර්යානු විශ්වාස සහ ඉපැරණි ආගමික විශ්වාස සමග අරගල කිරීමට සිදුවිය. පෙරදිග රෝමානුවෝ ස්ලොවික් ජාතිකයනට කිතුනු දහම පතුල අතර එමගින් රුසියාවට, මධ්‍ය යුරෝපයට හා පෙරදිග යුරෝපයට කි‍්‍රස්තියානිය ව්‍යාප්ත විය. චාලිමේන් ගේ කාලය අවසාන බටහිර ගෝත‍්‍ර රෝමය සමග සම්බන්ධ කිරීමට ප‍්‍රසිද්ධ අතර මෙය යටත් කර ගැනීමෙන් ද බලහත්කාරයෙන් ගිවිසුම්ගත කිරීමෙන් ද සිදුවිය.

හත් වන සියවසෙන් ආරම්භ ව ඉස්ලාමීය කාලිප් වරු ක‍්‍රම ක‍්‍රමයෙන් කිතුනු ලොව ආක‍්‍රමණය කරන්නට විය. දකුනු ස්පාඥ්ඥයේ ප‍්‍රදේශ කිහිපයක් හැරුණු විට උතුරු සහ බටහිර යුරෝපය සියවස් ගණනාවක් ඉස්ලාමීය ව්‍යාප්ත වීමට හසුනොවී පැවතුනේ, කොන්ස්තන්තිනෝපලය සහ එම අධිරාජ්‍යය, ගැටුම් සඳහා කාන්දමක් මෙන් ක‍්‍රියා කළ හෙයිනි. මුස්ලිම් වරුන්ගෙන් පැමිණි අභියෝගය පෙරදිග කිතුනු අධිරාජ්‍යය ක‍්‍රමයෙන් දුර්වල කළද එය පෙරදිග කිතුනුවන්ගේ ආගමික අනන්‍යතාවය වඩාත් ස්ථාවර කිරීමට සමත් විය. මුස්ලිම් ලොව තුල වුවද කෙතරම් බාධක මධ්‍යයේ පවා පල්ලිය විනාශ නොවී පැවතුණි.

රෝමයේ බිෂොප්වරයා අනෙකුත් ප‍්‍රදේශ පහේ පූජක පීතෲන් අතර ෙපරසිට මතගැටුම් පැවතියද රෝමය කොන්ස්තන්තිනෝපලයේ සිට චාලිමේන් රජතුමා වෙත තම පක්ෂපාතීත්වය වෙනස් කිරීම විභේදනයක් දක්වා ගමන් කිරීමට මග පෑදීය. සෙද්ධාන්තික හා දේශපාලනික විෂමතා 11 වන සියවසේ දී රෝමය විසින් පෙරදිග නෙරපා හැරීම දක්වා දුරදිග ගිය අතර අවසාන වශයෙන් බටහිර රෝමානු කතෝලික පල්ලිය සහ පෙරදිග ඕතඩොක්ස් පල්ලිය ලෙස නිකාය වෙන්විය. බටහිර යුරෝපයේ ප‍්‍රතිසංවර්ධනය ත් (බටහිර කිතුනුවන්ගේ ද සහාය ලැබූ) අරාබි හා තුර්කි ආක‍්‍රමණ ත් හේතුවෙන් පෙරදිග රෝම අධිරාජ්‍යය ක‍්‍රමයෙන් බිඳ වැටුනි. 1453 දී කොන්ස්තන්තිනෝපලය අවසාන වශයෙන් බිඳ වැටුනු පසු මුස්ලිම් භට කණ්ඩායම් වලට හසු නොවී පැන යන විද්‍යාර්ථීන් රැගෙන ආ පෞරානික ලියකියවිලි මතින් බටහිර පුනරුදය ආරම්භ විය. බටහිර කිතුනු දහම කි‍්‍රස්තියානියේ හදවත ලෙස රෝමය සැළකීය. ඇතැම් පෙරදිග පල්ලි පවා පෙරදිග ඕතඩොක්ස් නිකායෙන් මිදී රෝමය හා එක්විය. පුනරුද සමයේ වෙනස්කම් ප්‍රොතෙස්තන්ත ප‍්‍රතිසංවිධාන වලට මග පෑ අතර ඉන්පසු වෙනත් ප‍්‍රතිසංවිධාන රැසක් ඇතිවිය. පසු කලක සෙද්ධාන්තික නොවන ගැටුම් හේතුකොට ගෙන එංගලන්ත ප‍්‍රතිසංවිධානත්, එමගින් ඇංග්ලිකන් දේවස්ථානයත් බිහිවිය. ඉන්පසු දේශ ගවේෂණයේ යුගයේදී ත්, අධිරාජ්‍ය යුගයේදී ත් බටහිර යුරෝපය, රෝමානු කතෝලික හා ප්‍රොතෙස්තන්ත ආගම් ලොව පුරා ප‍්‍රචාරය කළෝ ය. මෙහිලා අමෙරිකාවේ ප‍්‍රචාරණයෝ සුවිශේෂී වේ. මෙම සංවර්ධන කටයුතු හරහා අද වන විට කිතුනු දහම ලොව විශාලතම ආගම බවට පත් වී ඇත.

"http://si.wikipedia.org/w/index.php?title=ක්‍රිස්තියානි_සභාව&oldid=250430" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි