ක්‍රිකට් 20 – 20

විකිපීඩියා වෙතින්

20 – 20 ක්‍රිකට් තරඟ ක්‍රිකට්වල එක් කාණ්ඩයකි. මුලින්ම මෙය හඳුන්වා දුන්නේ එංගලන්තයේ දී වෘත්තීය ක්‍රිකට් ක්‍රිඩකයන් අතර රට තුළ දීම පවත්වන , ක්‍රිකට් තරඟයක් වශයෙනි. ප්‍රථම වතාවට , 2003 වර්ෂයේ දී එංගලන්තය සහ වෙල්ස් ක්‍රිකට් මණ්ඩලය අතර පළමු තරඟය පවත්වන ලදී. කණ්ඩායම් 2ටම එක තරඟ වාරයක් ලෙස උපරිම වශයෙන් ඕවර 20 ක් පන්දුවට පහර දීමට මෙහි දී අවස්ථාව ලබා දුණි. 20 – 20 තරඟ වාරයක් සම්පූර්ණ කිරීම සඳහා පැය තුනක පමණ කාලයක් ගත විය. එක් ඉනිමක ක්‍රියා කිරීමට මිනිත්තු 75 ක් පමණ කාලයක් ගත කරනුයේ එය අනෙකුත් ප්‍රසිද්ධ කණ්ඩායම් ක්‍රීඩා, එනම් පාපන්දු වැනි ක්‍රීඩාවකට ගතවන කාලයට කිට්ටු කාලයක් ලබා දීම සඳහාය. මෙය හඳුන්වාදීම මඟින් ක්‍රීඩාවේ ජවය ඇති කර පිටියේ සහ රූපවාහිනියේ මෙය නරඹන්නන්ගේ සිත් ඇද තබා ගැනීමට සමත් වීම මඟින් මෙය ජයග්‍රාහීභාවයට පත්ව ඇත. එංගලන්ත මණ්ඩලය අදහස් කරන ආකාරයට වෙනත් කිසිම ක්‍රීඩාවක් 20 – 20. ක්‍රිකට් තරඟ සඳහා ස්ථානගත කළ හැකි නොවන බවයි. එම නිසා මෙම ක්‍රීඩාව දිගටම පවතිනු ඇති බව සිතිය හැක. මෙම ක්‍රීඩාව ක්‍රිකට් ලෝකය පුරා පැතිරී පවතී. බොහෝ අන්තර්ජාතික ක්‍රිකට් චාරිකාවල 20 -2 20 ක්‍රිකට් තරඟ පැවැත්වේ. එලෙසම බොහෝ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන ජාතීන් ගෘහස්ත ක්‍රීඩා තරඟ ලෙස මෙය පවත්වයි. පළමු අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මඟින් පවත්වන ලද 20 – 20 තරඟයක් 2007 වර්ෂයේ දී පැවැත්වූයේ දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව සමඟයි. එම තරඟයේ අවසන් තරඟයේ දී පකිස්ථානය පරාජයට පත් කරන ලදී.




References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Twenty20

"https://si.wikipedia.org/w/index.php?title=ක්‍රිකට්_20_–_20&oldid=472453" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි