ක්ලෝඩ් ජොසෙෆ්

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
ක්ලෝඩ් ජොසෙෆ්
Claude Joseph (cropped).jpg
හෙයිටි රාජ්‍යයෙහි වැඩබලන ජනාධිපතිවරයා
නිලයට පත්වූයේ
7 ජූලි 2021
Prime Ministerතමාම (වැඩ බලන)
පූර්වප්‍රාප්තිකයාජොවනෙල් මොයිස්
හෙයිටි රාජ්‍යයෙහි අග්‍රාමාත්‍යවරයා
නිලයට පත්වූයේ
14 අප්‍රේල් 2021
Presidentජොවනෙල් මොයිස්
තමාම(වැඩබලන)
පූර්වප්‍රාප්තිකයාජොසෙෆ් ජවුත්
අනුප්‍රාප්තිකයාඒරියල් හෙන්රි (නම් කරනු ලැබ)
විදේශ කටයුතු සහ ආගම ඇදහීම පිළිබඳ අමාත්‍යවරයා
නිලයට පත්වූයේ
4 මාර්තු 2020
Prime Ministerජොසෙෆ් ජවුත්
තමාම (වැඩ බලන)
පූර්වප්‍රාප්තිකයාබොෂිට් එඩ්මොන්
පුද්ගලික තොරතුරු
දේශපාලන පක්ෂයස්වාධීන
අධ්‍යාපනය

ක්ලෝඩ් ජොසෙෆ් යනු හෙයිෂියානු දේශපාලනඥයෙක් වන අතර, 2021 අප්‍රේල් 14 වන දින සිට හෙයිටි රාජ්‍යයෙහි අන්තරවාර අග්‍රාමාත්‍යවරයා විය. 2021 ජූලි 7 දින සිදුවූ ජනාධිපති ජොවනෙල් මොයිස්ගේ ඝාතනයෙන් පසුව ,[1] අන්තරවාර අගමැතිවරයා ලෙසින් ඔහු රටෙහි නිල බලයෙන් දේශපාලන නායකයා වුවද ඔහුගේ නිල තත්ත්වය නෛතික වශයෙන් පැහැදිලි නොවෙයි.[2]

ජනාධිපති ධූරය සඳහා ඔහුගේ හිමිකම් පෑම, ජොවනෙල් මොයිස් වෙනුවට හෙයිෂියානු සෙනෙට් මන්ත්‍රීවරු අට දෙනෙකු විසින් පත් කෙරෙුණු ජොසෙෆ් ලැම්බර්ට් විසින්ද විතර්කයකට ලක් කර ඇත.[3] 2021 හෙයිෂියානු මහා මැතිවරණය පවත්වා කෙළවර වන තුරු හෙයිටි රාජ්‍යයට නායකත්වය සැපයීමට ජොසෙෆ් දැනට ස්ථාපිත වී ඇත.[4] විදේශ කටයුතු සහ ආගමික ඇදහිලි පිළිබඳ අමාත්‍යවරයා ලෙසින්ද 2020 මාර්තු 4 දින සිට ජොසෙෆ් සේවය කරයි.

මුල් දිවිය සහ අධ්‍යාපනය[සංස්කරණය]

නිව්යෝර්ක් නගරයෙහි ද නිව් ස්කූල් වෙතින් පිරිනැමුණු ජන ප්‍රතිපත්තිය පිළිබඳ ආචාර්ය උපාධියකට ජොසෙෆ් හිමිකම් කියන අතර, එක්සත් ජනපදයෙහි විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් වශයෙන් ඔහු සේවය කර ඇත. කනටිකට් විශ්වවිද්‍යාලයෙහි සහ ලෝං අයිලන්ඩ් විශ්වවිද්‍යාලයෙහි ඔහු උගන්වා ඇත.[5]

2020 මාර්තු 4 දිනදී, අග්‍රාමාත්‍ය ජොසෙෆ් ජවුත්ගේ රජයෙහි විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙසින් ඔහු පත්විය.[6]

හෙයිටි රාජ්‍යයෙහි වැඩබලන අග්‍රාමාත්‍යවරයා[සංස්කරණය]

ජවුත්ගේ ඉල්ලා අස්වීමෙන් පසුව, ජනාධිපති ජොවනෙල් මොයිස් විසින් 2021 අප්‍රේල් 14 දිනදී ඔහු අන්තරවාර අගමැති ලෙසින් පත් කෙරිණි.[7] ජොසෙෆ්ගේ තනතුරෙහි අනුප්‍රාප්තිකයා ලෙසින් ඒරියල් හෙන්රි පත්වීමට නියමිතව තිබුණි.[8]

හෙයිටි රාජ්‍යයෙහි වැඩබලන ජනාධිපතිවරයා[සංස්කරණය]

2021 ජූලි 7 දිනදී, පෙටියොන්-විල්ලාහී ඔවුන්ගේ නිවහනට එල්ලවූ ප්‍රහාරයකින් ජනාධිපති මොයිස් ඝාතනය කෙරුණු අතර පළමු ආර්යාව මැස්ටින් මොයිස් ප්‍රහාරයෙහිදී තුවාල ලද්දීය. රජයෙහි දේශපාලන පාලනය ජොසෙෆ් විසින් නතු කර ගත් අතර,[2] ප්‍රහාරය පිළිබඳ වගකීම "සමහරුන් ස්පාඤ්ඤ සහ ඉංග්‍රීසි බස කථා කල නොහඳුනාගත් පුද්ගලයින් කණ්ඩායමක් වෙත" පැවරීය.[9] වර්තමානයෙහි, ජොසෙෆ් පවසන්නේ රට තමාගේ පාලනය යටතේ පවතින බවයි.[10][11] ජනාධිපතිධූරය සඳහා නෛතික අනුප්‍රාප්තිය පැහැදිලි ලෙසින් සිදුවී නැත.[12]

හෙයිටි රාජ්‍යය සඳහා එක්සත් ජාතීන්ගේ විශේෂ තානාපති, හෙලන් ලා ලිමේ, 2021 ජූලි 8 දිනදී පැවසුවේ, මෙම වසරෙහි අග මැතිවරණයක් පැවැත්වෙන තුරු ජොසෙෆ් විසින් හෙයිටි රාජ්‍යය සඳහා නායකත්වය සපයනු ලබන අතර, මොයිස්ගේ ඝාතනයට පසු මෙම කාලසීමාවෙහිදී සියළු පාර්ශවයන් තම මතභේදයන් පසෙක ලිය යුතු බවයි.[2][13]

ආශ්‍රිත[සංස්කරණය]

  1. මෙරන්කෝට්, විඩ්ලෝර්; ෆයියෝලා, ඇන්තනී; බර්ජර්, මීරියම් (7 ජූලි 2021). "හෙයිෂියන් ප්‍රසිඩන්ට් ඇසැසිනේටඩ් ඇට් හිස් හෝම් බයි අන්අයිඩෙන්ටිෆයිඩ් ගන්මෙන්". ද වොෂිංටන් පෝස්ට්. https://www.washingtonpost.com/world/2021/07/07/haiti-president-assassinated/. 
  2. 2.0 2.1 2.2 "දි ඇසෑසිනේෂන් ඔෆ් හෙයිටිස් ප්‍රසිඩන්ට්: වට් හැපන්ඩ්, ඇන්ඩ් වට් කුඩ් බී නෙක්ස්ට්" (en-US බසින්). ග්ලෝබල් නිවුස්. https://globalnews.ca/news/8012305/haiti-president-assassinated-what-happened/. 
  3. "හෙයිටීස් සෙනෙට් සේස් ඉට්ම් හෙඩ් ෂුඩ් රිප්ලේස් ඇසැසිනේටඩ් ප්‍රසිඩන්ට්". රොයිටර්ස්. 2021-07-10. Retrieved 2021-07-10.
  4. "හෙයිටීස් ප්‍රයිම් මිනිස්ටර් ටු ලීඩ් කන්ට්‍රි අන්ටිල් ඉලෙක්ෂන් ෆොලෝවිං ප්‍රසිඩන්ට්ස් ඇසැසිනේෂන්: යූ එන්| වොච් නිවුස් ඔන්ලයින්". ග්ලෝබල් නිවුස්ews (in ඉංග්‍රීසි). Retrieved 2021-07-08.
  5. "ලෙ මිනිස්ට්‍ර ඩිසෆෙයා එටොන්ජෙයා එට් ඩේ කුල්ටෙස්" (in ප්‍රංශ). Archived from the original on 17 අප්‍රේල් 2021. Retrieved 15 May 2021.
  6. "නුව ප්‍රමියෙ මිනිස්ට්‍ර ඔං හයිටි නොමේ අප්‍රෙ ල ඩිමියුසං ඩූ ගුවයනොමොං". www.20minutes.fr (in ප්‍රංශ). Archived from the original on 16 අප්‍රේල් 2021. Retrieved 15 මැයි 2021.
  7. "හෙයිටි ප්‍රසිඩන්ට් අපොයින්ට්ස් ක්ලෝඩ් ජොසෙෆ් ඈස් නිව් ප්‍රිමියර්". www.aa.com.tr. Archived from the original on 17 අප්‍රේල් 2021. Retrieved 15 මැයි 2021.
  8. චාල්ස්, ජැකලින් (ජූලි 5, 2021). "අ නියුරොසර්ජන් විත් අ පබ්ලික් හෙල්ත් පෝට්ෆෝලියෝ ඊස් හෙයීටීස් නිවස්ට් ප්‍රයිම් මිනිස්ටර්".
  9. "ප්‍රසිඩන්ට් ජොවනෙල් මෙයිස් ඇසැසිනේටඩ් බයි මර්සනරීස්". හෙයිටි ලිබ්රෙ. 7 ජූලි 2021. Archived from the original on 7 ජූලි 2021. Retrieved 7 ජූලි 2021.
  10. ඩුපේන්, ඉටන්ට්; මැක්ලක්ස්කි, මිචෙල්; පැජට්, ෂරිෆ්; පිචෙටා, රොබ් (8 පෙබරවාරි 2021). "හෙයිෂියන් ඔපසිෂන් පික්ස් ඉන්ටරිම් ලීඩර් ඈස් රෝ ඕවර් ප්‍රසිඩන්ට්ස් ටර්ම් ලිමිට් ඉන්ටෙන්සිෆයිස්". සීඑන්එන්. http://edition.cnn.com/2021/02/08/americas/haiti-opposition-president-term-protests-intl/index.html. 
  11. පෝටර්, කැත්රීන්; සැන්ටෝරා, මාක් (7 ජූලි 2021). "ආෆ්ට ද කිලිං ඔෆ් හෙයිටීස් ප්‍රසිඩන්ට්, ද ත්‍රෙට් ඔෆ් ෆර්දර් පොලිටිකල් වයලන්ස් එස්කලේට්ස්.". ද නිව්යෝර්ක් ටයිම්ස්. ISSN 0362-4331. https://www.nytimes.com/2021/07/07/world/americas/haiti-president-killed.html. 
  12. සීඑන්එන්, එටන්ට් ඩුපේන්, ජෙරාර්ඩෝ ලෙමෝස්, ඉවානා කොටසෝවා සහ කෙයිට්ලින් හූ. "හෙයිට් ප්‍රසිඩන්ට් ජොවනෙල් මොයිස් ඇසෑසිනේටඩ් ඉන් ඇටෑක් ඔන් හිස් රෙසිඩන්ස්". සීඑන්එන්. Retrieved 2021-07-09.
  13. "හෙයිටීස් ප්‍රයිම් මිනිස්ටර් ටු ලීඩ් කන්ට්‍රි අන්ටිල් ඉලෙක්ෂන් ෆොලොවිං ප්‍රසිඩන්ට්ස් ඇසෑසිනේෂන්: යූඑන්| වොච් නිව්ස් වීඩියෝස් ඔන්ලයින්". Global News (in ඉංග්‍රීසි). Retrieved 2021-07-08.
දේශපාලනික ධුර
පූර්වප්‍රාප්තිකයා
ජොසෙෆ් ජවුත්
හෙයිටි රාජ්‍යයෙහි අග්‍රාමාත්‍යවරයා
වැඩබලන

2021–වර්තමානය
අනුප්‍රාප්තිකයා 
එරියල් හෙන්රි
නාමෝස්දේශිත
පූර්වප්‍රාප්තිකයා
ජොවනෙල් මොයිස්
හෙයිටි රාජ්‍යයෙහි ජනාධිපතිවරයා
වැඩබලන

2021–වර්තමානය
පදවිය හොබවයි
"https://si.wikipedia.org/w/index.php?title=ක්ලෝඩ්_ජොසෙෆ්&oldid=485912" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි