කලාවැව - තිසාවැව යෝධ ඇළ

විකිපීඩියා වෙතින්

කලාවැව සිට තිසාවැවට ජලය ගෙනයාම සඳහා ක්‍රි.ව. 457 දී ධාතුසේන රජතුමා විසින් කරවූ යෝධ ඇළකි. ධාතුසේන රජ දවස ඉදිකළ කලාවැව ලොව පුරා ඉංජිනේරුවන් මවිතයට පත්කළ නිර්මාණයක් විය.දැවැන්ත වාරි තාක්ෂණය විදහා දක්වන මෙම ඓතිහාසික කලාවැව වර්තමානයේ ප්‍රතිසංස්කරණය කළ ඇති අතර මෙම ප්‍රතිසංස්කරන අතරතුර නව ජය ගග හෙවත් පැරණී යෝද ඇල පිහිටි ස්ථානයේ නව සොරොව්වක් ඉදිකිරීමට කඅණිම් කළ අතර නූතන වාරි ඉංජිනේරුවන් කල්යල් බලා සියළු භෞතික සාධක පිළිබද සැලකිලිමත් වෙමින් කැණිම්කළ අතර සියළු වාරිමාර්ග ඉංජිනේරුවන් මවිතයට පත්කරමින් පැරණි සොරොව්වක් හමුවිය.මෙම පැරණි සොරොව්ව හමුවීම තුළින් පැරණි වාරි තාක්ෂණයේ දියුණුව මොනවාට විදහා දක්වන මෙම පැරණි ගල් සොරොව්ව අදටත් කලාවැව් ඉස්මත්තේ ප්‍රදර්ශනයට තබා ඇති අතර එහි ඡායාරූප මෙහි දක්නට ලැබේ.


තරුකි රුසන්තා පිරිස්

බාහිර යොමු[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=කලාවැව_-_තිසාවැව_යෝධ_ඇළ&oldid=591661" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි