කලම්පය

විකිපීඩියා වෙතින්

කලම්පය යනු යම් කිසි උපකරණයක් චලනය වීම වැලැක්වීම සඳහා පීඩනයක් යෙදීමට භාවිතා කරන උපකරණයකි. ඔස්ට්‍රේලියාව වැනි රටවලදී නම් කලම්පය විවිධ ක්ෂේත‍්‍රවලදී ඒ ක්ෂේත‍්‍රයට ගැලපෙන ලෙස නිපදවා ඇත.

ඒ අනුව විවිධ කාර්යයන් සඳහා භාවිතාවන විවිධ වර්ගයේ කලම්ප ඇත. මෙහිදී සමහර කලම්පයන් කෙටිකාලීනව භාවිතා කරන ඒවා වන අතර තවත් සමහර ඒවා දිගු කාලිනව භාවිත වේ. සත්ව පාලනයේදී විවිධ කලම්පයන් භාවිතා කරන අවස්ථා ඇත. සත්වයන්ගේ චලනය සීමා කිරීම සඳහා ද, ශල්‍යකර්ම ආදී කටයුතු වලදී විවිධ අවයව වල චලනය සීමා කිරිම සඳහා ද, කලම්පයන් භාවිතා වේ.

විවිධ අවස්ථා වලදී භාවිතා වන විවිධ කලම්පයන් මෙසේ දැක්විය හැකිය. බැන්ඞ් කලම්ප, බාර් කලම්ප, බෙන්ච් කලම්ප, කාඩෙලිනි කලම්ප, සී කලම්ප, ෆ්ලෝරින්ග් කලම්ප, ග‍්‍රයිප් , හැන්ඞ්ස්කෘ, චුම්භකමය කලම්ප, මීටර් කලම්ප, පයිප් කලම්ප, සෑෂ් කලම්ප, සෙට් ස්කෘ, ස්පීඞ් කලම්ප, ටොග්ල් කලම්ප, සහ ටුල්මේකර්ස් කලම්ප වේ.ඒවායින් සමහරක් තාවකාලිව විවිධ උපාංග ස්ථානගත කර එකට සවිකර තබා ගැනීමට භාවිතා කරන අතර අනෙක්වා ස්ථිරව සවිකර තැබේ.

සත්ත්වයින් යොදාගෙන කරන කෘෂිකාර්මික කටයුතු වල දී ද සත්ත්වයෙකු නිශ්චල වස්තුවකට ගැටගසා තැබීමට ද කලම්ප භාවිතා කෙරේ. කලම්පයක කාර්යය ඉටුකරන සෑම වස්තුවක් ම පාහේ කලම්පයක් ලෙස හැඳින්වෙන අතර මේ නිසා විවිධ කේෂ්ත්‍රයන්හි භාවිතා වෙනු කලම්ප වර්ග විශාල ප්‍රමාණයක් ඇත. පහත එවැනි බහුලව භාවිතා වන කලම්ප දැක්වේ.

ඉහළ - පයිප්ප කලම්පය ඉහළ සිට දෙවන පේළිය - ෆ කලම්පය/ දඩු කලම්පය, තනි අත් දඩු කලම්පය, තුන්වන පේළිය - දුනු කලම්පය, G කලම්පය (C - කලම්පය), දැවමය භුමි කලම්පය

පහත දැක්වෙන කලම්ප තාවකාලිකව උපකරණ ස්ථානගත කිරිමට යොදා ගනී. • පටි කලම්පය (Band clamp) • F - කලම්පය (පින්තූරයේ වම්පස ඉහළ කෙළවරේ) • බංකු කලම්පය (‍Bench clamp) බංකුවක් මත උපකරණ සවිකිරිමට භාවිතා වේ. බංකුව මෙහි දී එක් බාහුවක් ලෙස ක්‍රියා කරයි. • කාඩ්ලිනි කලම්පය (cardellini clamp) මෙය රවුම්, සමචතුරස්‍රාකාර, සෘජුකෝණාස්‍රාකාර බට වලට හෝ පැතලි වස්ත+න් මතට සවිකෙරේ. (උදා( ලී දඩු, ප්ලයිවුඩ් ෂීට්)

• C - කලම්පය (Gකලම්පය& පින්තූරයේ පහළ මැද දැක්වේ • ෆ්ලෝරින් ක්රෑම්ප් (Flooring cramp) වඩුවන් විසින් බිම ලෑලි සවිකිරීමේ දී තද කොට තැබීමට භාවිතා කරයි. • ග්‍රයිප් (Gripe) ක්ලින්කර් (clinker) බෝට්ටු නිර්මාණයේ දී දෙණ නියමාකාරයෙන් තබා ගැනීමට කුඤ්ඤයකින් සවිකොට භාවිතා කරන විශේෂිකලම්පයකි. • අත් දඩු කඳ (පින්තූරයේ ඉහළ දකුණු කෙළවරේ) • චුම්බක කලම්පය (magnetic clamp)

"https://si.wikipedia.org/w/index.php?title=කලම්පය&oldid=463606" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි