කරිශ්මා කපූර්

විකිපීඩියා වෙතින්
උපත 1974 ජූනි 25
මුම්බායි, මහරාෂ්ට්‍ර,ඉන්දියාව
රැකියාව නිළි වෘත්තිය
ක්‍රියාකාරි වර්ෂයන් 1991-2003
සැමියා සන්ජය කපූර් (2003- )

බොලිවුඩ් නිළි කරිශ්මා කපූර් 1974 ජූනි මස 25 වැනි දින ඉන්දියාවේ මහාරාෂ්ට්‍රහිදී උපත ලැබූ අතර "ලොලෝ" යන සුරතල් නාමයෙන් ඇයව කුඩාකල හැඳින්විණි. 1991 වර්ෂයේදී සිනමාවට පා තැබූ කරිශ්මා, ඇගේ කාලයේ තරු අතර ඉහළම ජනප්‍රියත්වයක් දිනා ගත්තාය. ඇය, ඇගේ සිනමා දිවිය තුළ වාණිජ වශයෙන් සාර්ථක වූ නිර්මාණ රැසකට දායක විය. මේ අතරින් "රාජා හින්දුස්තානි" (Raja Hindusthani) වැදගත් ස්ථානයක් ගත් අතර එය වාණිජමය අතින් අතිශය සාර්ථක වූ නිර්මාණයකි. මේ වෙනුවෙන් ඇය "හොඳම නිළිය" වෙනුවෙන් පිරිනමන ෆිල්ම්ෆෙයාර් සම්මානයද දිනා ගත්තාය. ඇය 1997 වර්ෂයේදී "දිල් තෝ පාගල් හේ" (Dil Tho Paagal Hei) චිත්‍රපටය වෙනුවෙන් "හොඳම සහාය නිළිය" ලෙස ෆිල්ම්ෆෙයාර් සම්මානයද, "හොඳම සහාය නිළිය" ලෙස "ජාතික සිනමා සම්මානය" ද දිනා ගත්තාය. ඇය "ෆීසා" (Fiza) සහ "සුබීඩා" (Zubeidaa) යන කලාත්මක සිනමාපට වලට රංගනයෙන් දායක වී ප්‍රේක්ෂකයන් හා විචාරකයින් පුදුමයට පත් කළාය. මේ වෙනුවෙන් ඇය "හොඳම නිළිය" සහ "හොඳම නිළිය සඳහා විචාරක" යන ෆිල්ම්ෆෙයාර් සම්මාන දිනා ගත්තාය. ඇය 2003 වර්ෂයේදී සිනමාවෙන් තාවකාලිකව සමුගත්තාය.

මූලික අවධිය

70 දශකයේ ජනප්‍රිය නළුවෙකු වූ "රන්දීර් කපූර්" ට හා නිළි "බබිතා" ට දාව 1974 ජුනි 25 දින කරිශ්මා උපත ලැබීය. ඇය සිනමානළු "රාජ් කපූර්" ගේ මිණිබිරිය වන අතර "ප්‍රිතිවිරාජ් කපූර්" ගේ මීමිණිබිරිය වේ. ඇය ජනප්‍රිය නිළි "කරීනා කපූර්" ගේ වැඩිමහල් සොහොයුරිය වන අතර "රිශි කපූර්" ගේ ඥාති දියණිය වෙයි. කරිශ්මා 6 වැනි ශ්‍රේණිය දක්වා "කැතඩ්‍රල් සහ ජෝන් කොනන්" පාසලින් මූලික අධ්‍යාපනය ලැබුවාය.

"https://si.wikipedia.org/w/index.php?title=කරිශ්මා_කපූර්&oldid=470112" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි