කර්මාන්ත ගොවිපළ වචනමාලාව

විකිපීඩියා වෙතින්

කර්මාන්ත ගොවිපළ[සංස්කරණය]

කුකුල් ගොවිපළක්

ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂයේ "කර්මාන්ත ගොවිපළේ " පළමු වාර්තාගත භාවිතය 1890 පළමු ආර්ථික විද්‍යාව පිළිබඳ ඇමරිකානු සඟරාවක් බව සඳහන් කරයි. දැන් එය විශාල ලෙස ප්‍රධාන ‍පෙලේ ප්‍රවෘත්ති සංවිධානය කරන BBC, වොෂින්ටන් තැපෑල, CNN හි භාවිත වේ. 1988 තැනු වාර්තාමය වැඩසටහන් වන "අ කව් ඇට් මයි ටේබල්" (A cow at my table) පෙන්වා දෙන්නේ එය කෘෂිකාර්මික කර්මාන්තයේ භාවිතා වන බවයි. බ්‍රිටනිකා විශ්ව කෝෂයේ (Encyclopaedia Britannica) සඳහන් කරන්නේ මෙම වචනය "ඇමරිකාවේ සවිස්තර ගොවිපළ භාවිතයේ සම්මතයක් " මෙන්ම හා සත්ත්ව අයිතීන් පිළිබඳව ක්‍රියාකාරීන් විසින් බහුලව භාවිතා කරන ලද්දක්ද බවයි. "වෙබ්ස්ටර් නිව් මිලෙනියම්" (Webster New Millennium) මෙය අර්ථ දක්වන්නේ "ගෙවල් තුළ තබා ඇති හෝ ජංගමතාවයෙන් සීමාවුණු සත්ත්වයන්ගේ ලාභ මත පදනම්වූ මහා පරිමාණ කාර්මික හා බලවත් කෘෂිකාර්මික පද්ධතිය" ලෙසය.


සත්වයන් පෝෂණය කිරීමේ ක්‍රියාදාමය[සංස්කරණය]

මෙම ක්‍රියාදාමය අර්ථ දක්වන්නේ ඇමරිකා එක්සත් ජනපද පාරිසරික ආරක්ෂක ව්‍යුහයක් ලෙස හෝ සත්ව ගමනාගමන වළකන වගා වැඩීමක් ලෙසිනි. මෙය EPA අර්ථ දැක්වීම වන, නියමිත ප්‍රමාණය ඉක්මවූ සීමිත සත්ත්ව පෝෂණ ක්‍රියාදාමයක් යන අර්ථ දැක්වීමට වඩා වෙනස් වේ.


සීමිත සත්ව පෝෂණ ක්‍රියාදාමයන්[සංස්කරණය]

ඇමරිකාව තුළ පවතින සමහර කර්මාන්ත ගොවිපළ සීමිත සත්ත්ව පෝෂණ ක්‍රියාදාමයන් ලෙස හැඳින්වේ.

මෙහිදී පහත අවශ්‍යතා දෙකම තෘප්ත කළ යුතු වේ. පළමුවැන්න නම් සත්වයන් ඕනෑම මාස 12 ක් ඇතුලත දින 45 ක් හෝ ඊට වැඩි දින ගණනක් ස්ථාවරව හෝ සීමා කර හෝ පෝෂණය කිරීම හෝ පවත්වාගෙන යාම කළ යුතුය. දෙවැන්න නම් භෝග, වැවිලි, සත්වාහාර වැඩිම් හෝ අස්වැන්නෙන් පසු අවශේෂ ක්‍රියාදාමය තුළ හෝ පහසුකම (facility) තුළ කුමන කාලයකදී හෝ පවත්වා නොගනී. මෙම අර්ථ දැක්වීම සත්තුන්ගේ විශාල ප්‍රමාණවල අපද්‍රව්‍යය මඟින් සිදුවන දුෂණය සම්බන්ධ අපද්‍රව්‍යය කළමනාකරණය හා පාරිසරික ආරක්ෂාවේ කොටසක් ලෙස භාවිත වේ.


රඳවා තැබීම[සංස්කරණය]

සත්ත්වයන් පෝෂණය කිරීමේ ක්‍රියාදාමය හා කර්මාන්ත ගොවිපළ ගෙතුළ (indoors) හෝ බොහෝ විට ගෙයින් පිට හෝ ක්‍රියාත්මක විය හැකිය. "ඉහළ ඇසුරුම් ඝනත්වයක්" යනු සත්වයන්ට ආහාරයට ගත හැකි හා ප්‍රමාණවත් පරිදි සත්ව අපද්‍රව්‍යය යොදා ගනිමින් ස්වභාවික පිළියෙල කළ හැකි ස්වභාවික වගාවකි." ඉහළ ඇසුරුම් ඝනත්වය" වගා විනාශ කරන අතර, එමඟින් සත්ව අපද්‍රව්‍යය මතුපිටින් ගලායන හා භූමි රැදී ඇති ජලය දුෂණය කරයි . මෙය පාලනය කිරීමට නීතිමය පියවර ගනු ලැබේ. ජීවිත කාලය පුරාම රඳවා තැබීම මානුෂිකත්වයට උචිත නොවන අතර මෙහිදී "රඳවා තැබීම" යන වචනය "කර්මාන්ත ගොවිපළ" හෝ "සීමිත සත්ව පෝෂණ ක්‍රියාදාමයන්" හෝ යන කාරණා නිවැරදිව විස්තර කළ යුතුය.


සටහන්[සංස්කරණය]

Factory farming Terminology