කර්තෘ හිමිකම

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

කර්තෘ හිමිකම, බොහොමයක් රජයන් මඟින් ඉදිරිපත් කරන ප්‍රඥප්ති වලට අදාල නීතිමය සංකල්පයකි. මෙමඟින් මුලික කෘතියේ නිර්මාතෘ හට ඔහු ගේ නිර්මාණයට අනන්‍ය අයිතියක් ලබා දෙයි. මෙය අනුරූපන පිටපත් කිරීමේ අයිතිය ලෙස පෙන්වා දිය හැකිය. මෙමඟින් හිමිකරුවාට, කවුරුන් හෝ මෙම පිටපත් උපයොගී කරගන්නේද, කවුරුන් මෙමඟින් ආර්ථික වාසි ලබන්නේද යන්න තීරණය කළ හැකි වෙයි. පේටන්ට් බලපත්‍ර, වෙළෙඳ ලකුණු, වෙළෙඳ රහස් මෙන්ම ප්‍රතිරූපන අයිතියද, බුද්ධිමය දේපල ගණයට අයත් වේ. මුද්‍රණ කටයුතු සීමා කිරීමට රජයක් විසින් යොදා ගන්නා මූලික සංසිද්ධියක් ලෙස ප්‍රතිරූපන අයිතිය හැඳින්විය හැකිය. එමෙන්ම කර්තෘ හට නව නිර්මාණ හැසිරවීමට බලයද, එමඟින් ලාබ ලැබීමටද අවස්ථාවද සලසා දෙන අතර නිර්මාණ ප්‍රවර්ධනය කිරීමක්ද සිදුවේ. ප්‍රතිරූපන අයිතිය ජාත්‍යන්තර වශයෙන් මිණුම් කර ඇත. එය නිර්මාණකරුවාගේ මරණයෙන් පසු වසර පනහේ සිට සියය දක්වා එහි අයිතිය දිව යයි. නමුත් නිර්ණාමික සහ සංස්ථාපිත නිර්මාණවල කාලය සීමිත කාලයක් වෙයි. සමහරක් ප්‍රතිරූපන අයිතීන් සඳහා නීතිමය පියවර සහ උපදෙස් ලබා ගත යුතු වේ. සාමාන්‍යයෙන් කර්තෘ හිමිකම සිවිල් විෂයක් වන අතර ඇතැම් නිර්මාණ මංකොල්ලයට එරෙහිව අපරාධ දණ්ඩනයද යොදා ගෙන ඇත. අධිකරණ මඟින් නිර්මාණ අයිතියෙහි සීමාවන් හඳුනාගෙන නිර්මාණකරුවාගේ අයිතිය මදකට බැහැර කොට, නිර්මාණ කරන්නන් හට යම් සහනයක් ලබා දෙයි. මෙම සහන ඩිජිටල් මාධ්‍යයේ සහ පරිගනක ජාලා තාක්ෂණයට නව අරුතක් ලබා දී ඇත. මේ හේතුවෙන් නිර්මාණ අයිතිය බලාත්මක කිරීමට නව බාධා රැසක්ද පැන නැගිණි. එම නිසා නිර්මාණාත්මක අයිතිය මත යැපෙන සමාගම් රැසක් මේ කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති අතර නීතිමය හා තාක්ෂණික බලපෑම් කෙරෙහිද අවධානය යොමු වී ඇත.

ඉතිහාසය[සංස්කරණය කරන්න]

උපුටා ගැනීමේ අයිතිය මුද්‍රණාල බිහි වීමෙන් පසු පුළුල්ව පැතිරුණු සාක්ෂරතාවයත් සමග ආරම්භ විය. නීතිමය සන්කල්පයක් ලෙස මූලිකව මෙය දහ අටවන සියවසේ ආරම්භයේද බ්‍රිතාන්‍යයේදි මුද්‍රණකරුවන්ගේ ඒකාධිකාරයට ප්‍රතික්‍රියවක් ලෙස ප්‍රතිස්තාපනය විය. 2වන චාල්ස් රජු විසින් නිත්‍යනුකූල නොවන් කෘතීන් පිළින්බඳ සලකා බලා බලපත්‍ර පනත 1662 පාර්ලිමේන්තුට පනතක් මගින් ඉදිරිපත් කරන ලදී. මෙමගින් බලපත්‍රලත් කෘතීන්ගේ ලේඛණයක් ආරම්භ වූ අතර මුද්‍රණකරුවන් හට එම පොත් ලියාපදිංචිය සඳහා තැන්පතුවක් තැබීමට නියම කරන ලදී.

ඈන් පනත යනු ප්රථම නියමාකාර උපුටා ගැනීමේ එඓතිය පිළිබඳ පනටඉ. එමගින් ප්රකාශකයන් හට එම උපුටා ගැනීමේ එඓතියට අදාල කාලය නිමා කිරීමට ස්ථාපිත කාලයක් නියම කරන ලදී. මෙය නීතිමය සන්කල්පයක් ලෙස පොත් සහ සිතියම් සෑම නව්ය කර්මාන්තයකට අනුකූලවම ප්රකාශ කිරීමට වර්ධනය විය. වත්මනෙහි මෙය ශ්රව්ය පටිගත කිරීම්, සිනමා පට, ඡායරූප, මෘදුකාංග සහ ගෘහනිර්මාඅණ කාර්යයන් යනාදී පුලුල් පරාසයක් ආවරණය කරයි.

1886 දී බර්න් කන්වෙන්ශන් මගින් ප්‍රථමවරට ද්විපාර්ශවික වෙනුවට පරම ජාතිකයන් අතර අයිතිය ස්ථාපිත කරන ලදී. මේ යටතේ නිර්මාණශීලී කාර්යයන් සඳහා උපුටා ගැනීමේ අයිතිය නැවත දැක්විය යුතු නොවේ. මක්නිසාද යත් එය ස්වකීයවම නිර්මාණයේදී දායාද වන බැවිනි. ලේඛකයෙකු විසින් බර්න් කන්වෙන්ශන් වෙත සාමාජික ඌ රටවල් වලදී උපුටා ගැනීමේ අයිතියට ලියාපදිංචි වීමට හෝ ඉල්ලුම් කිරීමට අවශ්‍යය නොවේ. යම් නිර්මාණශීලී කාර්යයක් ස්ථාපිත ඌ වහාම එම නිර්මාණකරුවා එම නිර්මාණයට හෝ එහි වියුත්පන්නයන්ට ස්වයංක්රීයවම සියලුම උපුටා ගැනීමේ අයිතින් පිළිබඳ කාර්යයන් සඳහාම සුදුසුකම් ලබයි. මෙමගින් විදේශීය නිර්මාපකයන්ද දේශීය නිර්මාපකයන් හා සමානවම එයට අත්සන් තැබූ සෑම රටකදීම අනුමත වේ. එක්සත් රාජධානිය විසින් මේ සඳහා 1887 දී අත්සන් තැබූ නමුත් එහි බොහෝඑ කොටස් වසර 100යක් අට පසුව 1988දී උපුටා ගැනීම් නිර්මාණ සහ පේටන්ට් පනත සම්මත වන තුරුම භාවිත්යට නොගැනුනි. එක්සත් ජනපද්ය මෙයට 1989 වනතුරුම අත්සන් නොතබන ලදී

එක්සත් ජනපදය සහ බොහෝ ලතින් ඇමරිකානු රටවල් මේ වෙනුවට 1919දී බුවනෝස් අයර්ස් ක්න්වෙන්ශන් වෙත අත්සන් තබන ලදී. මෙමගින් උපුටා ගැනීම තහනම් යනුවෙන් සඳහන් කිරීම අවශ්‍යය විය. එසේම අත්සන් තැබූ රාජ්‍යයයන් හට කාල සීමා පැනවීමටද අවකාශ සකසන ලදී. විශ්වීය උපුටාගැනීම් පිලිබඳ පනත 1952දී එලි දකන ලද අතර සෝවියට් දේශය වැනි ජාතීන් මගින්ද අනුමත කරන ලදී.

බර්න් ක්න්වෙන්ශන්හි ඇතුලත් රෙගුලසි ලෝක වෙලඳ සංවථනයේ ටී ආර් අයි පී එස් ගිවිසුම මගින් එලි දකවන ලදී. 2002දී ඩබ්ලිව් අයි පී ඕ උපුටා ගැනීමේ පනත මගින් තාක්ෂණය උපුටා ලබාගැනීම භාවිත්ය සඳහා ඉතා ඉහල නීති පනවන ලදී.

උපුටා ගැනීමේ අයිතිය පිළිබඳ නීතියට අදාළ සීමා සහ උපුටා ගැනීමේ ව්‍යාතිරේඛය[සංස්කරණය කරන්න]

අදහස් විවිධාකරණය සහ වාද සංයුක්ත කිරීම[සංස්කරණය කරන්න]

1785 දී එම්මානුවෙල් කාන්ට් විසින් ඔහුගේ වොන් ඩර් අන්රෙච්ට්මා ඉග්කේට් ඩෙස් බූචෙර්නච්ඩෘක්ස් නම් නිබන්ධනයෙන් භෞතිකය අනන්‍යයතාවයෙන් විඛණ්ඩනය කොට දක්වන ලදී. මෙය ප්‍රකාශකයන්ට, අතරමැදියන්ට සහ මුල් කතුවරුනට ඉතා වැදගත් එකක් විය.


ප්‍රථම වාද මිළකිරීම සහ එහි භාහ්‍ය සාධක[සංස්කරණය කරන්න]

උපුටා ගැනීමේ නීතිය මගින් පිටපත් හිමිකරුවකු විසින් නීත්‍යානුකූලව හා නිසි අවසරයක් සහිතව හිමිකරුගෙන් ලබා ගත් පිටපත් නැවත විකිණීම තහනම් නොකරයි. මෙනිසා එය නීත්‍යානුකූල වේ. උදාහරණයක් ලෙස උපුටාගත් පොතක් හෝ සංයුක්ත තැටියක් නැවත විකිණීය හැකිය. මෙය එක්සත් ජනපද ආදි රටවල ප්‍රථම වාද මිල කිරීම ලෙස හඳුන්වයි. අධිකරණය මගින් අනුමත කලින් පරිහරණය කරන ලද පොත් විකිණිය හැකි පොත් සාප්පු අරඹා ඇත. සමහර රටවල් මුල් හිමිකරුහට එම ප්‍රකාශණ ද්විතීක වෙළඳාම සීම කිරීම සඳහා සමාන්තර සම්බාධක පනවා ඇත. වාදයක ප්‍රථම මිළ කිරීම පිටස්තරකිරීමේ අයිතිවාසිකම ලෙස හඳුන්වයි. අනෙක් සමහර රටවල මෙය වෙනස් ආකාර වලින් පේටන්ට්, වෙළෙඳ ලකුණු ලබාදීම සඳහාද අදාළ වේ. මෙහිදී මතක තබාගතයුතු කරුණ නම් ප්‍රථම වාද මිළ කිරීම අදාළ නීත්‍යානුකූල පිටපත් බලතල මාරු කිරීම සඳහාද අදාළ බවයි. නමුත් මෙය නීත්‍යානුකූල නොවන පිටපත් සඳහා අදාළ නොවේ.

බොහෝ සිද්ධිවලදී අනෙක් අයෙකු විසින් තමාට අයත් උපුටාගත් කාර්යය නවීකරණය, බැහැර කිරීම හෝ විනාශ කිරීම දුර්විපාකයක් නොවන තාක් තහනම් නොකරනු ලබයි. නමුත් සදාචාරාත්මක අයිතිවාසිකම් බලපැවැත්වෙන රටවල බුද්ධිමය දේපල හිමිකරුවෙකුට සමහර සංසිද්ධීන්වලදී කුමන ආකාරයේ හෝ වෙනසක් එයට සිදුකිරීම වළකාලිය හැකිය.


සාධාරණ භාවිතය සහ සාධාරණ ගණුදෙනුව[සංස්කරණය කරන්න]

බුද්ධිමය දේපල හිමිකම් මගින් ඊට අදාළ සියලු උපුටා ගැනීම් සහ විවිධත්වකරණය තහනම් නොකරයි. එක්සත් ජනපදයේ සාධාරණ භාවිත ප්‍රතිපත්ති යටතේ 1976 17 යූ.එස්.සී 102 දරණ බුද්ධිමය දේපල පනතට අදාළ ඡේදය යටතේ ඛේතිත නීති සංග්‍රහයෙන් අවසර නොමැතිව වුවද සමහර උපුටා ගැනීම් බෙදා හැරීමට අවසර ලබා දී ඇත. නමුත් ව්‍යවස්ථාව මගින් සාධාරණ භාවිතය හඳුන්වාදී නැත.ඒ වෙනුවට ආන්තික නොවන සාධක මෙය විශ්ලේෂණය සඳහා දක්වා ඇත. ඒවා නම්

  1. ඔබගේ භාවිතය සඳහා හේතුව සහ ලකුණ
  2. උපුටා ගැනීමේ ස්වභාවය
  3. ප්‍රමාණය සහ සම්පූර්ණ කාර්යයෙන් උපුටා ගත් කොටස, (සාමාන්‍යයෙන් වචන 400ට අඩු විය යුතුය
  4. එම උපුටා ගැනීම මගින් සාමාන්‍ය වෙළෙඳපොළ අගයට එල්ලවන බලපෑම හෝ උපුටා ගැනීමේ වටිනාකම.


එක්සත් රාජධානියේ සහ බොහෝ පොදු රාජ්‍යමණ්ඩලීය රටවල මීට සමාන වූ සාධාරණ භාවිත ප්‍රතිපත්තියක් අධිකරණය මගින් හෝ ව්‍යවස්ථාපිතව හඳුන්වාදී ඇත. මෙම සංකල්පය සමහර අවස්ථාවලදී නියමාකාරයෙන් හඳුන්වාදී නැත. කෙසේ නමුත් වර්ෂ 1999 සිට කැනඩාවේදී පුද්ගලික භාවිතය සඳහා උපුටා ගැනීම අනුමත කර ඇත. ඕස්ට්‍රේලියාවේ සාධාරණ භාවිතය 1968 බුද්ධිමය දේපල පනත යටතේ සීමිත කාර්යයන් 2 සඳහා අනුමැතියකින් තොරව උපුටා ගැනීමට අවකාශ සපයා ඇත. සාධාරණ ගණුදෙනු භාවිතාවන් යනු සමීක්ෂණ සහ අධ්‍යයනයන්, යලි කියවීම්, ප්‍රවෘත්ති වාර්තාකරණයන් හා වෘත්තීයමය උපදෙස් ලබාදීම් ආදිය වේ.

එක්සත් ජනපදයේ (ගෘහස්ථ ශ්‍රව්‍ය පටිගත කිරීම් පනත ඡේද අංක 10 1992) මගින් පාරිභෝගිකයන්ගේ වාණිජ නොවන පරමාර්ථයන් සඳහාද කරන ශ්‍රව්‍ය පටිගත කිරීම්ද තහනම් කර ඇත.

ඡේදය 1008. අයිතිවාසිකම් කඩකිරීමේ කාර්යයන් තහනම් කිරීම

මෙම නීතිය යටතේ උපුටා ගැනීමේ අයිතිය කඩකරන කිසිදු නිෂ්පාදන, ආනයනික, බෙදාහැරීමකට ලක් කළ පටිගත කිරීමේ කිසිදු උපක්‍රමයක් පිළිබඳව වූ චෝදනා සඳහා කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගනී.

පසුකාලීන පනත් මගින් එක්සත් ජනපද බුද්ධිමය දේපල පනත සංශෝධනය කරන ලදී. ඒ අනුව පිටපත් 10කට වඩා උපුටා ගැනීම වාණිජ අරමුණක් උදෙසා සිදු කරන්නකි. නමුත් එවනි උපුටා ගැනීම් අනුමත කිරීම සඳහා පොදු නියමයක් නැත. කාර්යයක සම්පූර්ණ පිටපතක් ලබා ගැනීම හෝ බොගෝ අවස්ථාවලදී එහි කොටසක් උපුටා ගැනීම වරදකි. ද්විමය සහශ්‍ර බුද්ධිමය දේපල පනත මගින් බුද්ධිමය දේපල හිමිකරුවකුට අයත් කාර්යයක් නැවත උපුටා ගැනීම සඳහා යොදා ගන්නා උපකරණ නිපදවීම, ආනයනය, බෙදා හැරීම තහනම් වේ.


පැවරීම සහ ලියාපදිංචිය[සංස්කරණය කරන්න]

බුද්ධිමය දේපල හිමිකමක් හුවමාරු කිරීමට හෝ තවත් පාර්ශවයකට පැවරීමට හැකියාව ඇත. උදාහරණයක් ලෙස ගීත සමුච්ඡයක් පටිගත කරන සංගීතඥයකු තම බුද්ධිමය දේපල සඳහා ගෙවීමකට යටත්ව ඒවා පටිගත කිරීමේ සමාගම සමග ගිවිසුමකට එළඹිය හැක. මූලික බුද්ධිමය දේපල හිමිකරුවා මේව නිෂ්පාදනය හා අලෙවිය මගින් නිර්මාණකරුවාට වඩා ලාභ ඉපයීමේ පරමාර්ථය අතින් ඉතා ඉහළින් සිටිනු ඇත. සංගීතයේ ඩිජිටල් යුගය වන මෙකල ගීත උපුටා ගැනීම හෝ බෙදා හැරීම අඩුම වියදමකින් අන්තර්ජාලය හරහා සිදු කළ හැක. නමුත් පටිගත කිරීමේ ක්ෂේත්‍රය නිර්මාණකරුවාව සහ ඔහුගේ නිර්මාණ වැඩිදුර අලෙවිකරණයකට භාජනය කිරීම මගින් ඉහළ ප්‍රරේක්ෂක ප්‍රතිචාරයක් ලබා ගනී. බොහෝ ප්‍රකාශකයන් විසින් උනන්දු කරවු නමුත් බුද්ධිමය දේපල හිමිකරුවකු තමා සතු සියලුම එවන් හිමිකම් හුවමාරු කරනට කටයුතු කළ යුතු නොවේ. ඇතැම් හිමිකරු හට බුද්ධිමය දේපල හුවමාරු කළ හැකි වන්නේ වෙනත් පාර්ශවයකට විධායක නොවන බලපත්‍රයකින් සීමිත කාලයකට පැවරීම හෝ සීමිත ප්‍රදේශයක උපුටා දැක්වීමට හෝ බෙදා හැරීමට පැවරීමෙන් පමණි. මේ සඳහා යම් යම් නීතිමය අවශ්‍යතාද සපුරාලිය යුතු වේ. ඕස්ට්‍රේලියානු නීතියට අනුව; 1968 ඕස්ට්‍රේලියා බුද්ධිමය දේපල පනත සී 239 ඡේදය බලන්න. එයට අනුව යම් කාර්යයකට මුදල් ගෙවීමෙන් පමණක් එය හිමි නොවේ. ඒ සඳහා එය ලිඛිතව පැවරිය යුතු වේ.

එක්සත් රාජධානියේ නීතියට අනුව බුද්ධිමය දේපලක හිමිකමක් පැවරීම පවරන්න විසින් පිටසන් කරන ලද ලියවිල්ලක් මගින් සිදු කිරීම අනිවාර්ය වේ. ඒ සඳහා බුද්ධිමය දේපල හිමිකමට ප්‍රථම බලපත්‍ර අයිතිය අයත් වේ. මෙම බලපත්‍ර ඵලදායී වීමට පවරන්න විසින් පිටසන් කළ ලිඛිත ලියවිල්ලකින් ප්‍රදානය කළ යුතු වේ. ඒ හැර විශේෂ පැවරීමක් හෝ ප්‍රදානයක් අවශ්‍ය නොවේ. බුද්ධිමය දේපල කාර්යයන් දක්වන ලද සරල ලියවිල්ලක් මේ සඳහා ප්‍රමාණවත් වේ. විධායක නොවන ප්‍රදානයක් එක්සත් ජනපද නීතියට අනුව ලිඛිතව ප්‍රදානය කළ යුතු නොවේ. මේවා වාචිකව හෝ පාර්ශවයන්ගේ ස්වභාවයට අනුවද දැක්විය හැක. මෙම පැවරීම් සියල්ල එක්සත් ජනපද බුද්ධිමය දේපළ හිමිකම් කාර්යාලයේ වාර්තා විය යුතු වේ. එම වාර්තා වීම අවශ්‍ය නොවන ප්‍රදානයන් නිශ්චල දේපල පැවරීමකදී වැනි අති විශේෂ වරප්‍රසාද සඳහා හිමිකම් කියයි.

බුද්ධිමය දේපල හිමිකම් බලපත්‍රගතකිරීමද සිදු කළ හැකිය. සමහරක් නීති පද්ධතීන්ට අනුව බුද්ධිමය දේපල හිමිකම් නියමිත ව්‍යවස්ථාපිත බලපත්‍ර යටතට අයත් වේ. මෙවා අනිවාර්ය බලපත් ලෙසද හැඳින්වේ. මක්නිසාද යත් මෙවැනි කාර්යයන් උපුටා ගැනීමට බලාපොරොත්තු වන්නෙකු හට එහි හිමිකරුගේ අනුමැතිය අවශ්‍ය නොවන අතර ඒ සඳහා රජයට නියමිත ගාස්තුවක් ගෙවිය යුතු වේ. මෙම අවශ්‍යතා සපුරාලීමට අපොහොසත් වීම නිසා එම පුද්ගලයා නීති උල්ලංඝනයකට ලක්කළ පුද්ගලයෙකු බවට පත් වේ. සියලුම කාර්යයන් එකින් එක සෙවීමේ ප්‍රායෝගික අපහසුතාව නිසා එඈස්කේඒපී, බීඑමයි, එසේඑසේසී වැනි බුද්ධිමය දේපල හිමිකම් එකතු කිරීමේ ආයතන/ සමාජ හිමිකම් ගාස්තු එකතු කිරීම සඳහා පිහිටුවා ඇත. මෙම වෙළෙඳ ක්‍රමය ව්‍යවස්ථාපිත බලපව්‍ය විපථ කරන නමුත් එම ගාස්තුව සාමූහික අයිතීන් පිළිබඳ මිල නියම කිරීමට උපකාරී වේ.


සමාන නීතිමය අයිතිවාසිකම්[සංස්කරණය කරන්න]

බුද්ධිමය දේපල හිමිකම් මගින් අදහසක නිර්මාණශීලී හෝ කලාත්මක භාවප්‍රකාශනයක් ආවරණය කරයි. පේටන්ට් නීතිය මගින් නව්‍ය උත්පාදන ආවරණය කරයි. වෙළෙඳ සලකුණු නීතිය භාණ්ඩ හා සේවා සඳහා යොදා ගන්නා විශද වූ සලකුණු ආවරණය කරයි. ලියාපදිංචි සැලසුම් නිර්මාණ නීතිය මගින් නිෂ්පාදිතයක හෝ කෘත්‍යානුගත් ලිපියක පෙනුම සහ ස්වභාවය ආවරණය කරයි. වෙළඳ රහස් නීතිය මගින් රහස්‍ය හා සංවේදී වූ දැනුම හා තොරතුරු ආවරණය කරයි.


බුද්ධිමය දේපල හිමිකම් සහ වෙළඳ නාම නීතින් සිද්ධාන්තමය වශයෙන් වෙනස් වුවද ඒවා එකකට වඩා වැඩි සංඛ්‍යාවක් එකම අයිතමය හෝ විෂයපථය ආවරණය කරයි. උදාහරණ ලෙස මිකී මවුස් කාර්ටූනයේ පිංතූරය සහ නම වෙළෙඳ නාම ගනයට අයත් වන අතරම, සම්පූර්ණ කාටූනය බුද්ධිමය දේපල හිමිකම් යටතට අයත් වේ.

අනෙක් කරුණක් නම් බුද්ධිමය දේපල හිමිකම් සහ පේටන්ට් නීතිය ව්‍යවස්ථාපිතව හඳුනාගත් අයිතමයන්ය, නමුත් වෙළෙඳ නාම ලියාපදිංචිය කාලානුරූපීව නිසි ගෙවීම් මගින් යාවත්කාලීන වන දෙයකි. නමුත් වරක් බුද්ධිමය දේපල හිමිකම් ලෙස දැක්වූ විට එය පොදු විෂය පථයක් වන අතර කවරෙකුහට වුවද භාවිතයට හැකියාව ඇත. එක්සත් ජනපද සහ එක්සත් රාජධානි අධිකරණයන් මගින් පොදු නීති බුද්ධිමය දේපල හිමිකම් වදය ඉවත් කරණ ලදී. පොදු විෂය පථයක ඇති කාර්යයන් පොදුවේ ඇති කාර්යයන් සමග පටලව නොගත යුතුය. අන්තර්ජාලයේ උත්පතනය කර ඇති ඇති කාර්යයන් පොදුවේ දක්නට ඇති කාර්යයන්වලට උදාහරණ වේ. නමුත් සාමාන්‍යයෙන් එවැනි කාර්යයන් උපුටා ගැනීම නිසාවෙන් හිමිකරුගේ අයිතිවාසිකම් උල්ලංඝනය නොකරයි.

ප්‍රකාශන හිමිකම් උපුටා දැක්වීමේ නීතියට අදාළ විෂය පථය[සංස්කරණය කරන්න]

ප්‍රකාශන හිමිකම් උපුටා ගැනීම නිර්මාණාත්මක, බුද්ධිමය දේපළ,කලා කෘතීන් යනාදී වශයෙන් වූ පුළුල් පරාසයකට අනුගත වේ. මේවායේ අන්තර්ගතය අධිකරණ බලය අනුව වෙනස් වේ, නමුත් කාව්‍යය කෘතීන්, සාහිත්‍ය කෘතීන්, චිත්‍රපට, නර්තනාංගයන්,ගීත රචනාවන්, ශ්‍රව්‍ය පටිගතකිරීම්, සිතුවම්, පින්තාරු සිත්තම්, මූර්ති කලාවන්, ඡායාරූප, මෘදුකාංග, රූපවාහිනී හෝ ගුවන්විදුලි වැඩසටහන්, චිත්‍රක නිර්මාණ, සහ කර්මාන්තමය නිර්මාණ සඳහා යෙදවෙන සමහරක් අධිකරණ බලතල සන්තුලනය හෝ අතිච්ඡාදනය විය හැකිය.

උපුටා ගැනීමේ අයිතිය ඒවා ප්‍රකාශ කර අති අකාරය මිස එම අදහස් හෝ තොරතුරු සෘජුව ආවරණය නොකරයි. උදාහරණයක් වශයෙන් මිකී මවුස් කාටූනය එය උපුටා දැක්වීම හෝ එහි මනුෂ්‍යත්වාරෝපිත ව්‍යුත්පන්නයන් නිර්මාණය කිරීම සීමා කරයි, නමුත් එය පොදුවේ මිකීමවුස් චරිතය උපුටා නොගත්තේ යයි සාමාන්‍යයෙන් හැඟී යන බව විනිශ්චය කළ හැකිනම් මනුෂ්‍යත්වාරෝපිත වෙනත් මූසිකයන් නිර්මාණය කිරීම තහනම් නොකරයි.බොහෝ අධිකරණවලදී උපුටාගැනීමේ අයිතිය පිළිබඳව වන නීතිය, කාර්යය පරිකතාවක් ලෙස හෝ ව්‍යාතිරේඛයක් ලෙස හෝ සකසනු ලබයි. ඇතැම් අවස්ථාවලදී (උදාහරණ ලෙස වෙළඳ නාම, සධාරණ ගනුදෙනු ) උපුටා ගැනීමේ නීතිය මගින් නොපනවන අමතර සීමාවන් අනෙකුත් නීතින් මගින් පනවනු ලබයි.

උපුටා ගැනීමේ අයිතිවාසිකම් නීතිය බර්න් සම්මුතිය, සාර්වත්‍ර උපුටාගැනීමේ අයිතිවාසිකම් සම්මුතිය වැනි අන්තර්ජාතික සම්මුතීන් මගින් සම්මතකරණය කර ඇත. සියලුම රටවල් මගින් මෙම බහුපාර්ශ්වික ගිවිසුම් බලාත්මක කර ඇති අතර යුරෝපා කොමිසම, ලෝක වෙළෙඳ සංවිධානය වැනි අන්තර්ජාතික සංවිධාන මගින් එය තම සාමාජික රටවල්වල අනුගත කිරීමට දක්වා ඇත.

කර්තෘ භාග එක්රැස් කිරිමේ ආයතන[සංස්කරණය කරන්න]

කෘත භාග එක්රැස් කිරිමේ ආයතනයක් යනු පෞද්ගලික ගොඩනාගත් එකගතාවයක් මත හෝ රටක නවිතිමය පදනම යටතේ හෝ නිර්මාණරැකවෙකු වෙනුවෙන් කෘතභාග එකතු කිරිම සදහා ගොඩනගා ඇති ආයතනයන්ය. නිර්මාණකරැවෙකුට තම නිර්මාණයේඅයිතිය මෙවැනි ආයතන හෝ පුද්ගලයෙකුට පැවරිය හැකි අතර එහ නිර්මාණ අනෙකුත් පුද්ගපයන් විසින් භාවිතයට ගැනීම පිලිබද සම්මත ඉදිරිපත් කිරිම පසුව මෙම ආයතනය මගින් සිදුවේ. ඒ අනුව එය අදාල පුද්ගපයාට භාවිතා කිරිම සදහා අවසර දෙන්නේද නැද්ද යන්න තිරණළුයවේ. නමුත් නෛතික, ආර්ථික සස්කෘතික කාරණා මත එක් එක් රටවල මෙවැනි ආයතන ක්‍රියාත්මක වන නීති රෙගුලාසි එකිනෙකට වෙනස් වේ.

"https://si.wikipedia.org/w/index.php?title=කර්තෘ_හිමිකම&oldid=194557" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි