කම්කරු දිනය

විකිපීඩියා වෙතින්

කම්කරු දිනය යනු කම්කරුවන්ගේ මස්තකප්‍රාප්තීන් සැමරීම සඳහා වන වාර්ෂික නිවාඩු දිනයකි. කම්කරු දිනයෙහි සම්භවය පවතින්නේ වෘත්තිය සංගම් ව්‍යාපාරය වෙත වන අතර, විශේෂිත වශයෙන්, පැය අටක වැඩ කිරීමද, පැය අටක විශ්‍රාන්තියද සහ, පැය අටක විවේකයද අධිවාචනය කළ, පැය-අටක දිනය ව්‍යාපාරය වෙත පවතියි. බොහෝ රටවල, කම්කරු දිනය, මැයි 1 දිනදී සැමරෙන, ජාත්‍යන්තර කම්කරු දිනය හා සමගින්, තුල්‍යාර්ථ හෝ බැඳී හෝ පවතියි. අනෙකුත් රටවලදී, කම්කරු දිනය සැමරෙන්නේ වෙනස් දිනයන්හිදී වන අතර, බොහෝ විට එය සිදුවන්නේ එම රටෙහි කම්කරු ව්‍යාපාරයට වැදගත් වන දිනයකදීය. කැනඩාවේ සහ එක්සත් ජනපදයෙහි, කම්කරු දිනය පැවැත්වෙන්නේ සැප්තැම්බර මස පළමුවන සඳුදා දිනයෙහිදී වන අතර, රටෙහි බොහෝ පෙදෙස් වල ගිම්හාන නිවාඩු කාලයේ නිල අවසන ලෙසින් සැලකෙන්නේ, රජයේ පාසැල් වල සහ විශ්වවිද්‍යාල වල සිසුන් එම සතියේ හෝ ඊට පසු සතියේ හෝ පාසැල් වල අධ්‍යයනය සඳහා පැමිණෙන බැවිනි. (පාර්ලිමේන්තුව වුවද සාමාන්‍යයෙන් නව සැසියක් අරඹන්නේ, නිවාඩුව කෙළවර වූ විගස වන අතර, සභා වාරය අවසන්ව තිබූ අවස්ථාව පමණක් එසේ නොවේ.)

ජාත්‍යන්තර කම්කරු දිනය[සංස්කරණය]

වෙනත් දිනයන්[සංස්කරණය]

කැනඩාව[සංස්කරණය]

1900දී කැනඩාවේ, ටොරොන්ටෝහී පැවැති කම්කරු දින පෙළලාළියක්

1880 ගණන් වල සිට, කැනඩාවේ කම්කරු දිනය සමරා ඇත්තේ, සැප්තැම්බර් මස පළමුවන සඳුදා දිනයෙහිදීය.

නවසීලන්තය[සංස්කරණය]

නවසීලන්තයේ, කම්කරු දිනය රජයේ නිවාඩු දිනයක් වන අතර එය පැවැත්වෙන්නේ ඔක්තොම්බර් මස සතරවන සඳුදා දිනයේදීය.

"https://si.wikipedia.org/w/index.php?title=කම්කරු_දිනය&oldid=421891" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි