කම්කරු ආර්ථිකය

විකිපීඩියා වෙතින්

සාර්ව ආර්ථික ක්‍රමයක කම්කරු වෙළඳපොළ

ශ්‍රම බලකාය ලෙස හඳුන්වන්නේ සේවය කරන මෙන්ම රැකියා විරහිත නමුත් රැකියා අපේක්ෂා කරන පිරිසේ එකතුයි. මෙහිදි වැඩිහිටි ජනගහනයෙන් අධ්‍යාපනයේ නිරත නොවන පිරිස සලකයි. ශ්‍රම බලකාවට අයත් නොවන පිරිස ලෙස උසස් අධ්‍යාපනයේ නිරත වන්නෙන්, රැකියා කිරීමට උවමනාවක් නැති පිරිස, සිරගෙදර පිරිස, මානසික අබාධිත පිරිස්, හමුදා සේවකයන්, ළමයින්, හා විවාහයට ගෙදර සිටින පිරිස් අයත් නොවේ. විරැකියාව ප්‍රමාණය යනු ශ්‍රම බලකායෙන් රැකියා ඇති පිරිස ඉවත් කල විට ඇති ඉතුරැ පිරිසයි. විරැකිය යනු විරැකියා පිරිස ශ්‍රම බලාකයෙන් බෙදු විට ලැබෙන අගයයි. රැකියා නියුක්තිකයන් අනුපාතය රැකියා ඇති පිරිස වැඩකරන වයසේ වැඩිහිටි ජනගහනයෙන් බෙදු විට ‍ලැබේ. ස්වයං රැකියා කරන පිරිස් රැකියා නියුක්ති ලෙස සලකයි.


ශ්‍රම බලකාය, රැකියා නියුක්තිය, විරැකියා මට්ටම, රැකියා අවස්ථා ආදි විචල්‍යයක් "Stock Vorcbles" ලෙස හඳුන්වයි. එයට ‍හේතුව මේවා එක් නිශ්චිත මොහොත ගණනය කර එම දත්ත කලක් යාදාගන්නා බැවිනි. මේවා නිශ්චිත කාලයකට වරක් යාවත්කාල (Update) කරන "Flow Voreble" වලින් වෙනස් වේ. මෙම "Flow Voreble" නිසා ශ්‍රම බලකයේ නෙස්විම් ලෙස ජනගහනය වර්ධනය, අමනයන්, ශ්‍රම බලකායට අළුතෙන් එකතුවන්නන් හා එම වයස පසුකරන්නන් අයත් වේ. අකහරින්නන්, රැකියා උමනා නොවුවන් රැකියා සෙවීමට, රැකියා කරමින් සිටි පිරිස් අස්විම,රැකියා පිරිස්වලට රැකියා ලැබීමට ආදි බොහොමයක් කරණු මත වෙනස් වේ. මෙහිදි අපි විවිධ වර්ගයේ විරැකියා වර්ග හඳුනගෙන ඇත.

ගැටුම් සේවා වියුක්තිය (Frictional Unemployment) නම් නව රැකියා සොයා එම රැකියාවට ස්ථාවර වන්නට පුද්ගලයන්ට කල්ගත වන බවයි. පුද්ගලයින් 12 ක් ගෙන සෑම එක් අයෙකුටම සේවය ආරම්භය එක් මසකින් කල්දමන්න කිවහොත් විරැකියාව මට්ටම 1 කින් ඉහල යයි. නව තාක්ෂණය (අන්තර් ජාලය වැනි) සමඟ රැකියා සොයන කාලය අඩුවීම නිසා මෙම අගය අඩුව ඇත.
ව්‍යුහාත්මක විරැකියාව (Structural Unemployment) මහිදි සේවකයගේ දක්ෂතා හා සේව්‍යායට අවශ්‍ය දක්ෂතාව අතර වෙනස නිසා විරැකියා මට්ටමේ වෙනස්විම් ඇතිවීමයි. උහාහරණයක් ලෙස සේවයක් 4 ක් මාස 6 බැගින් පුහුණු විම් වල නිරත වුවහොත් පුද්ගලයින් 2 කින් විරැකියා මට්ටම ඉහල යයි. නව තාක්ෂණයට පුහුණු විමට සිදුවීම ඉතා සුලභය
ස්වභාවික විරැකියා අනුපාතය ව්‍යුහාත්මක විරැකියාව හා ගැටුම් සේවා වියුක්ති මට්ටමේ එකතුවයි රටක ලබගත හැකි අවම විරැකියා මට්ටම මෙය වේ. ආර්ථික විශේෂයින් ස්වභාවි විරැකියාව මට්ම හා එකඟ නොවේ. මෙය 1%-5% අතර වන අතර සමහරැ එය සිග්‍ර නොවු උද්දමනය සමග සම්බන්ධ කිරිමට තනයි. මෙම මට්ටම රටින් රටට කාලයෙන් කාලයට වෙනස් වේ.
අඩු ඉල්ලුම නිසා ඇතිවන විරැකියාව (Demand Deficient Unemployment) කේන්ස් වාදයට අනුව කේන්ස් ආර්ථික පද්ධතියක ස්වභාවික විරැකියාව මට්ටම වැඩි වු විරැකියා මට්ටම රැකියාවලට ඉල්ලුම් මට්ටමේ අඩුවක් නිසා සිදුවේ. මන්දාධමනය කාලයක සමුහ වියදම් නියා අයතනයේ සම්පත් වල ඌනතාවයක් ඇති කරයි. සමුහ වියදම්, භාණ්ඩ වල මිලට ගැනිම් (C) ආයෝජන වැඩිකිරිම් (I) රාජ්‍ය වියදම් වැඩිවීම (G) ආනයන අපනයන වෙනස (X-M) වැඩිවිම ආදි කරනු නිසා වැඩිවේ

සමුහ වියදම = C+I+G+(X-M)


සටහන්[සංස්කරණය]

Labor economics - The macroeconomics of labour markets
"https://si.wikipedia.org/w/index.php?title=කම්කරු_ආර්ථිකය&oldid=470788" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි