කඳු වැටිය

විකිපීඩියා වෙතින්
පෘථිවිය මත උසම කඳු වැටිය වන හිමාලය, අභ්‍යාවකාශයෙහි සිට දර්ශනය වන හැටි

කඳු වැටියක් හෝ හෙල් වැටියක් යනු පේළියට පිහිටා ඇති සහ උස් බිමකින් එකිනෙකට යා වී ඇති කඳු හෝ හෙල් මාලාවකි. කඳු පද්ධතියක් හෝ කඳු වලල්ලක් යනු සැදිල්ල, ව්‍යුහය, සහ සාමාන්‍යයෙන් පර්වතකාරක චලනයක් වන නිමැවුම් හේතුවෙන් වන දිශානතිය ඒකාකාර වන කඳුවැටි කාණ්ඩයකි.[1] කඳු වැටි සැදෙන්නේ විවිධාකාර භූවිද්‍යාත්මක ක්‍රියාවලියන් නිසා වන අතර, ඒ අතුරින් පෘථිවිය මත වඩාත් සුවිශේෂ වන්නේ භූස්තර චලනයෙහි ප්‍රතිඵලයක් වීමයි. සෞරග්‍රහ මණ්ඩලයෙහි බොහෝ ග්‍රහ වස්තූන් තුලච කඳු වැටි තිබෙන අතර බොහෝ භෞමික ග්‍රහයන්ගේ ලක්ෂණයක් බවට සිතනු ලැබේ.

  1. "ඩෙෆිනිෂන් ඔෆ් මවුන්ටන් සිස්ටම්". Mindat.org. හඩ්සන් ඉන්ස්ටිටයුට් ඔෆ් මිනරලජි. සම්ප්‍රවේශය 26 අගෝස්තු 2017.
"https://si.wikipedia.org/w/index.php?title=කඳු_වැටිය&oldid=510423" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි