කන්දේවෙල අම්බලම

විකිපීඩියා වෙතින්

කන්දේවෙල අම්බලම ශ්‍රී ලංකාවේ හේවා හැට ප්‍රදේශයේ ඉදිකොට ඇති ඉපැරණි අම්බලම් කිහිපය අතුරින් එකකි. එය හඟුරන්කෙත - මහනුවර මාර්ගයේ කන්දේවෙල ග‍්‍රාමය තුල පිහිටා ඇත.

අතීතය[සංස්කරණය]

ඉදිකිරීම් ආකෘතිය[සංස්කරණය]

ටැම්පිට ආකෘතියේ ඉදිකිරීම් අනූව යමින්, පො‍ලවේ සෘඡුකෝණාශ්‍රාකාර කොටසක විශාල ගල් හතරක් තබා ඒ මත විශාල දැව කඳන් සමබර කොට අම්බලම ඉදිකොට තිබෙයි. වහලය කොත් ස්වරූපයකින් යුක්ත වන අතර, එය කැණිමඬල ආධාරයෙන් මතුකොට තිබෙයි.[1]

ප්‍රතිසංස්කරණය[සංස්කරණය]

2005 වර්ෂයේදී පමණ මෙම අම්බලම පුරාවිද්‍යා ස්ථානයක් වශයෙන් තහවුරු කොට තිබෙයි. මීට අමතරව අම්බලමෙහි වූ පැරණි පෙති උළු ඉවත්කොට ඒ වෙනුවට නව උළු සහ දිරා ගිය පැරණි දැව වෙනුවට නව දැව යොදා ප්‍රතිසංස්කරණය කොට ඇත.[2]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "කන්දේවෙල අම්බලම". පලංචිය. 2011 ඔක්තෝම්බර් 17. සම්ප්‍රවේශය 2014 ජුනි 4. {{cite web}}: Check date values in: |accessdate= and |date= (help)
  2. "කන්දේවෙල අම්බලම". වටපිට වගතුග. 2010 සැප්තැම්බර් 2. සම්ප්‍රවේශය 2014 ජුනි 4. {{cite web}}: Check date values in: |accessdate= and |date= (help)
"https://si.wikipedia.org/w/index.php?title=කන්දේවෙල_අම්බලම&oldid=399965" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි