කදුළු ගෑස්

විකිපීඩියා වෙතින්

කදුළු ගෑස් යනු ඇස්වලට හෝ ස්වශන පද්ධතියට තාවකාලික බලපෑමක් සිදු කරන ඕනෑම ආකාරයක විශේෂිත නොවු රසායනික ද්‍රව්‍යයකි. මේවා අතේ ගෙන යන ˝ස්ප්‍රේ˝ හෙවත් විදිනයක් ලෙස භාවිතා කළ හැකි අතර උණුසුම් වීමෙන් පසු කුඩා කොපුවකින් ˝ගෑස්˝ වළාවක් බැහැර කිරිමට හැකි අයුරින් සකස් කර ඇත. කාර්මිකව මෙම වළාවන් එරෝසෝල් වන අතර සත්‍ය වශයෙන්ම ගැස් නොවේ.

ප්‍රසිද්ධ කදුළු ගෑස් අතරට ඇසට පීඩාවක් ගෙන දෙන ˝Orthe – Chlorobenzylidene – malanonitrille (CS ගෑස් ) Chloroacetophenone (CN ගෑස්), dibenz (b,f) – 1,4 – 0xazepine (CR ගෑස්) ඇතුලත් වේ. වෙනත් ඒවාට වඩා ඉහත කී කදුළු ගෑස් වර්ග වෙනත් ඒවාට වඩා වැඩි වැදගත්කමක් දරන්නේ ඒවායේ පවතින ක්‍රියාකාරිත්වය සහ අඩු අවදානම නිසාය. වර්තමානයේ දී CN ගෑස් වෙනුවට CS ගෑස් යොදා ගනු ලබන අතර ජ්‍යාතන්තරව වැඩියෙන් භාවිතා වන්නේ මෙම කදුළු ගෑස්ය.

"https://si.wikipedia.org/w/index.php?title=කදුළු_ගෑස්&oldid=471856" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි