කක්කල් කැස්ස
කක්කල් කැස්ස
[සංස්කරණය]විෂබීජයක් හේතු කොට ගෙන ශ්වසන පද්ධතියේ හට ගන්නා ආසාදනයකි කක්කල් කැස්ස. මෙය සාමාන්‍යයෙන් ළමයින් අතර දක්නට ලැබෙන රෝගයකි. වරින් වර නොකඩවා කැස්ස ඇති වීම ද, එම කැස්ස අවසානයේදී ළමයා හුස්ම ඉහළට ඇදීමේ දී සිහින් (හුරුවන් බෑම) වැනි ශබ්දයක් පිට කිරීම ද, මේ රෝගයේ විශේෂ ලක්ෂණයකි.
කක්කල් කැස්ස වැඩි වශයෙන් ස්පර්ශයෙන් බෝවන රෝගයකි. හුස්ම ගැනීමේ දී, ආසාදක විෂ බීජ ශ්වසන පද්ධතිය තුළට ඇතුළු වීමෙන් ආසාදනය හට ගනියි. දින 7 – 14 කට පසු ශ්වසන පද්ධතියේ රෝග ලක්ෂණ මතු වෙයි.
මෙම රෝගය තුන් අවදියකට බෙදිය හැකිය. පළමු අවදියේ දී සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග සලකුණු ඇති වෙයි. දෙවෙනි අවදියේහි දී යන්තම් කැස්ස ඇති වී, කල් යත්ම, එය තදබල කැස්සක් බවට පත් වී වරින් වර නොකඩවා කැස්ස හට ගැනීමෙන් රෝගී ළමයා තදබල ලෙස රෝගාතුර වී, ඇස් රතු වී, මුහුණ පිපුණු බවක් සහ රතු පැහැයක් දරයි. තව ද පිට පිට කැස්ස වරින් වර ඇති වන අතර, එවැනි කැස්ස අගදී ළමයා හුස්ම ඉහළට අදින විට හුරුවන් බෑමක මෙන් හුස්ම අදින ශබ්දයක් ඇසීම ද, මේ රෝගයට විශේෂ ලක්ෂණයකි. තුන්වන අවදියෙහි, කැස්ස සහ වමනය ක්‍රම ක්‍රමයෙන් අඩුවන අතර දෙවනි අවදියෙහි දක්නට ලැබුණු රෝග ලක්ෂණ අඩු වීමට ද පටන් ගනියි. එහෙත් මෙම කැස්ස සති ගණනාවක් තිස්සේ පැවතීමට හැකි ය. මේ රෝගය වැළඳුණු විට ක්ලෝමයක් දුර්වල වීමෙන් ද්විතීයික ආසාදනය හෝ දීර්ඝ කාලයක් පකිවත්නා කාලික පෙනහැල්ලේ රෝග හට ගැනීමට පුළුවන. බිළිඳුන් අතර මේ රෝගය පවත්නා විට, නිතර වලිප්පුව ඇති වීමට ඉඩ තිබේ.
රෝගය ආරම්භයේ දී ම නියමිත ප්‍රතිජීවකය දීමෙන් රෝගය වැඩි කල් ගත වීමට පෙර මැඩලීමට සහ ද්විතීයික ආසාදනයන් හට ගැනීම වැළැක්විය හැක.
විශේෂ වැක්සීනයකින් ප්‍රතිශක්තිකරණය වීෙමන් මේ රෝගයෙන් බොහෝ දුරට ආරක්ෂාව ලබා ගත හැකි ප්‍රධාන මාර්ගය යි. මේ වැක්සීනය සාමාන්‍යයෙන් ජීවිතයේ පළමු අවුරුද්ද තුළදී වෙන වෙන මාත්‍රා තුනක් ලෙසින් දෙනු ලැබේ. තවද එය සාමාන්‍යයෙන් ඩිප්තීරියාව නොහොත් ගල පටල රෝගය සහ ටෙටනස නොහොත් පිටගැස්ම සඳහා ආරක්ෂාව ලබා දෙන වැක්සීනයක් සමඟ සම්බන්ධ කරන ලද එක වැක්සීනයක් ලෙසින් දෙනු ලැබේ. කක්කල් කැස්ස බෝවුණු විට, ගෙදර හෝ රෝහලේ එවැනි රෝගී ළමයින් වෙන් කොට තැබිය යුතුයි. තවද වැඩි වියට පත් ළමුන්ට වුව ද එය බෝවුණු විට, පාසැල වෙත නොයැවිය යුතුයි.