ඔස්ටේ‍්‍රලියානු නර්තනය

විකිපීඩියා වෙතින්

ඔස්ටේ‍්‍රලියාවේ නර්තන ප‍්‍රභව රාශියක් පවතී. සම්භාව්‍ය බැලේ නර්තනයේ, ඔස්ටේ‍්‍රලියානු බැලේ ශෛල්‍යයක් ඇත. වෙනත් ඔස්ටේ‍්‍රලියානු බැලේ හා නූතන නර්තන ප‍්‍රභව අතර ඔස්ටේ‍්‍රලියානු නර්තන වේදිකාව, බන්ග්රා නර්තන වේදිකාව, ලේ ඇන්ඞ් වොරන් ඩාන්සර්ස්, චන්කි මූව්, මිරාමු ඩාන්ස් කොම්පැනි සහ සිඞ්නි ඩාන්ස් කොම්පැනි වේ. ඔස්ටේ‍්‍රලියානු නර්තනයේ හිනිපෙත්ත වන්නේ ඔස්ටේ‍්‍රලියානු නර්තන කවුන්සිලය හෙවත් ඔස්ඩාන්ස් ය.

1992 දී තිරගත කරන ලද ස්ටි‍්‍රක්ට්ලි බෝල්රූම් චිත‍්‍රපටය ඔස්ටේ‍්‍රලියාවේ නිව් සවුත්වේල්ස් ප‍්‍රාන්තයේ සිඞ්නි පසුබිම් කරගත් අතර එය තරගකාරී නර්තනය පිළිබඳ ඔස්ටේ‍්‍රලියානු අවබෝධය වර්ධනය කරලීමට සමත් විය. ‘ඩාන්සින් විත් ද ස්ටාර්ස්’ හි ඔස්ටේ‍්‍රලියානු ප‍්‍රභේදය මෙම අවබෝධය තව දුරටත් පුළුල් කිරීමටත් නර්තනය තරගයක් ලෙස විකාශයටත් අවස්ථාව ලබා දුනි.

බුෂ් ඩාන්ස් (පඳුරු නර්තනය) සාම්ප‍්‍රදායික ප‍්‍රබේදයන් තුලින් වර්ධනය වු ඔස්ටේ‍්‍රලියානු නර්තනයක් වන අතර එංගලන්ත, අයර්ලන්ත, ස්කොට්ලන්ත හා අනෙකුත් යුරෝපීය නර්තනයන් ගෙන් ආභාෂය ලබා ඇත . යුරෝපියානු ජන්මය ලත් අයර්ලන්ත ‘ප‍්‍රයිඞ් ඔෆ් ඊඞ්න්’ හා ‘ලාන්සර්ස්’ වැනි ජනප‍්‍රිය කණ්ඩායම් මෙන්ම ඔස්ටේ‍්‍රලියානු ජාතිකයන් වන ‘වේව්ස් ඔෆ් බොන්ඩි’, ‘මෙල්බෝර්න් ශෆල්’ හා ‘නිව් වෝග්’ වැනි කණ්ඩායම් ද ජනප‍්‍රිය නර්තන කණ්ඩායම් අතර සිටිති.

බොහෝ සංක‍්‍රමණික ජනවර්ගයෝ ද තම තමන්ගේ නර්තන සම්ප‍්‍රදායන් වෘත්තීය හා ආධුනික මට්ටමෙන් පවත්වා ගෙන යති. එමනිසා ඔස්ටේ‍්‍රලියාව තුල බොහෝ සම්ප‍්‍රදායනට අයත් නර්තන රටා පවතී. බෝල්ටික් ප‍්‍රදේශයේ නර්තන එහි ඉතාමත් සුළභ අතර ඉන්දියානු, ඉන්දුනීසියානු සහ අප‍්‍රිකානු නර්තන ද ඔස්ටේ‍්‍රලියානු සමාජ ආයතන මගින් උගන්වනු ලැබේ.

බොහෝ ඔස්ටේ‍්‍රලියානු නර්තන කණ්ඩායම් තවමත් විවිධ පසුබිම් හරහා නර්තනයේ යෙදෙති. ඒවා අතර කෝට් ඩාන්ස් හා මධ්‍යතන නර්තන මෙන්ම සාම්ප‍්‍රදායික පා තැබුම් සමග නූතන සංගීතය මිශ‍්‍ර කළ නර්තනයෝ ද වෙති.


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Dance_in_Australia