පිළිකා රෝග අධ්‍යයන විද්‍යාව
පිළිකාමය මීසොතීලියෝමාවක් පෙන්වන සීටී පරිලෝකනයක කිරීටක කඩක්, මෙහි එය ඊතල සහ තරුව මඟින් දැක්වේ | |
| Focus | පිළිකාමය ගෙඩි |
|---|---|
| Subdivisions | වෛද්‍ය පිළිකාවේදය, විකිරණ පිළිකාවේදය, ශල්‍ය පිළිකාවේදය |
| Significant tests | Tumor markers, TNM staging, සීටී පරිලෝකන, MRI, PET-CT |
| Occupation | |
|---|---|
| Type | විශේෂඥතාව |
| Activity sectors | වෛද්‍ය විද්‍යාව |
| Description | |
| Fields of employment | රෝහල්, සායන, සායනික පර්යේෂණ මධ්‍යස්ථාන |
පිළිකා රෝග අධ්‍යයන විද්‍යාව (ඉංග්‍රීසි: Oncology) හෙවත් පිළිකාවේදය යනු පිළිකා වල වර්ධනය, රෝග නිර්ණය, ප්‍රතිකාර ක්‍රම සහ වළක්වා ගැනීම පිළිබදව අධ්‍යයනය කරනු ලබන වෛද්‍ය විද්‍යාවෙහි එක් ශාඛාවකි. පිළිකා රෝග පිළිබදව විශේෂඥ දැනුමක් ඇති වෛද්‍ය වරයෙකු පිළිකා රෝග විශේෂඥවරයෙක් නම් වේ. Oncology යන වදන ග්‍රීක භාෂාවෙන් ගෙඩියක් යන තේරුම ඇති onkos සහ අධ්‍යයනය යන තේරුම ඇති - ology යන වචන වලින් බිදි ආවකි.
පිළිකා රෝග විශේෂඥයකු විසින් පිළිකා රෝගියෙකුට ප්‍රතිකාර කිරීමේදී භෞත චිකිත්සකයින්, උපදේශකයින් සහ සායනික ජාන විද්‍යාව යන අංග වල උපකාර ලබාගනී. වෙනත් ආකාරයකින් පැවසුව හොත් පිළිකාරෝග පිළිබද විශේෂඥවරයෙකුට රෝගියෙකුට ප්‍රතිකාර ලබාදීමේදි ව්‍යාදි වේදියෙකුගේ උපදෙස් ලබාගනිමින් අදාල පිළිකාවෙහි නියම ජීව විද්‍යාත්මක තත්වය පිළිබද අවබෝධයක් ලබාගත යුතුය.
පිළිකා රෝග අධ්‍යයන විද්‍යාවේදි;
- පිළිකා රෝග හදුනා ගැනීම
- ප්‍රතිකාර කිරීම (උදා - ශල්‍යකර්ම, රසායනික චිකිත්සාව, විකිරණ චිකිත්සා සහ අනෙකුත් ක්‍රම)
- සාර්ථක ප්‍රතිකාර ක්‍රම වලින් පසු පිළිකා රෝගීන් පිළිබද සොයා බැලීම.
- පිළිකා රෝග මගින් අසාධ්‍යයට පත් වු රෝගින් හට සහනයක් ලබාදෙන ප්‍රතිකාර ක්‍රම ලබාදීම.
- පිළිකා රෝග සදහා ප්‍රතිකාර කිරීමේ දී ආචාර ධර්ම පිළිබද සැලකීමට ගැනීම.
- රෝග විමර්ශනය කිරීම. පිළිබද අවධානය යොමු කෙරේ.
- ජනගහනයක් තුළ හෝ;
- ප්‍රවේනි ගත උරුමයක් ඇති (පියයුරු පිළිකා) පිළිකාවන් සහිත රෝගීන්ගේ ඥාතීන්.