ඔටෝඩෙස්ක් සොෆ්ට්ඉමේජ්
සංවර්ධක(යෝ) | Autodesk, Inc. |
---|---|
ස්ථායි නිකුතුව | 2012 (10.0)
/ 2011-03-16 |
මෙහෙයුම් පද්ධතිය | Microsoft Windows, Linux |
වර්ගය | 3D computer graphics |
බලපත්‍රය | Proprietary |
වෙබ් අඩවිය | www.softimage.com |
ඔටෝඩෙස්ක් සොෆ්ට්ඉමේජ්, හෝ පහසුවෙන් සොෆ්ට්ඉමේජ් (උසුරුවනුයේ /sɒftɨˈmɑːʒ/), යනු ඇවිඩ් ටෙක්නොලොජි ආයතනයේ උප ආයතනයක් වන සොෆ්ට්ඉමේජ් ආයතනය මගින් නිර්මාණය කරන ලද ඉහළ ගණයේ 3D ග්‍රැෆික් යෙදුමකි. මෙය චිත්‍රපටි, පරිගණක ක්‍රීඩා හා ප්‍රචාරක කර්මාන්තවලදී 3D වටපිටා හා දර්ශන නිෂ්පාදනය සඳහා බහුලව භාවිතා කෙරේ.
පරිශීලකයන්ගේ විවිධ වූ අවශ්‍යතා හා මූල්‍යමය තත්වයන්ට ගැලපෙන පරිදි සොෆ්ට් ඉමේජ් ආයතනය විසින් මෙම මෘදුකාංගයේ විවිධ සංස්කරණ 4ක් නිර්මාණය කර ඇත. ඒවා නම් අධ්‍යාපනය, පදනම,අත්‍යවශ්‍ය හා උසස් (education, foundation, essentials and advanced) යන ඒවාය.
තවත් සංස්කරණ 2ක් ක්‍රීඩා නවීකරණය කිරීමේ සමාජ සඳහා නිපදවා ඇත. ඒවා නම් සොෆ්ට්ඉමේජ් XSI මොඩ් ටූල් හා හාෆ් ලයිෆ් - 2 සඳහා වූ සොෆ්ට්ඉමේජ් mXSI EXP යන ඒවාය. පසුව සඳහන්කළ සංස්කරණය වෑල්ව් මෘදුකාංග හා සමීප සබඳතාවයකින් යුතුව නිර්මාණය කර ඇති අතර එසේ කර ඇත්තේ ක්‍රීඩා නවීකරණ කිරීමේ සමාජයට විශේෂයෙන් හාෆ් ලයිෆ් - 2 සඳහා වූ අන්තර්ගත නිර්මාණය කිරීමටය.