එක-තන්ත්‍රී වීණාව
පෙනුම
එක-තන්ත්‍රී වීණාව
භුබනේස්වර් හී මුක්තේශ්වර දේවාලයෙහි ඇති එක-තන්ත්‍රී වීණාව, ක්‍රි.ව. 10වන සියවස පමණ
දකුණේ රූපය මඟින් දැක්වෙන එක-තන්ත්‍රී වීණාවේ ඇතැම් අංග අඩු ය: භාණ්ඩයේ දිග වැඩි ය.
එක-තන්ත්‍රී වීණාව යනුවෙන් හැඳින්වෙන්නේ මධ්‍යකාලීන ඉන්දියාවේ භාවිතා වූ තනි තන්ත්‍රයකින් සමන්විත වූ වීණා ප්‍රභේදයකි. මෙම සංගීත භාණ්ඩය ක්‍රි.ව. 10වන සියවස පමණ වන විට රාජමාලිගවල ජනප්‍රිය සංගීත භාණ්ඩයක් බවට පත්විය. ප්‍රතිමා කලාව තුළ එය, ආලාපිණී වීණාව සහ කින්නරී වීණාව සමඟින් හාර්ප්-ශෛලියේ වීණා ප්‍රතිස්ථාපනය කිරීමට සමත් විය. මෙය රුද්‍ර වීණාවට පෙර නිර්මාණය වූවක් විය හැක.