එක්සත් ජනපදයේ ආර්ථික ඉතිහාසය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

එක්සත් ජනපදයේ ආර්ථික ඉතිහාසයේ ආරම්භය 16, 17 සහ 18 වෙනි සියවස් වල යුරෝපීය ජනාවාස පිහිටුවීම තෙක් විහිදෙයි. ඇමෙරිකානු ජනපද තරමක් හොඳින් පැවතුණ කොළණි ආර්ථික ක්‍රමයක සිට කුඩා ස්වාධීන ගොවිපල ආර්ථිකයක් දක්වා දියුණුවට පත් වී පසුව 1776 දී අමෙරිකා එක්සත් ජනපදය බවට පත් විය. අවුරුදු 230 ක් තුල එක්සත් ජනපදය අති විශාල ඒකාබද්ධ කාර්මික ආර්ථිකයක් දක්වා වර්ධනය වූ අතර එය ලෝක ආර්ථිකයෙන් හතරෙන් එකකට වඩා වැඩි අගයක් ගත්තේය. විශාල ඒකාබද්ධ වෙළඳපොළ, දේශපාලනික මෙන්ම නීති ක්‍රමයන්ගෙන් ලැබුණු සහයෝගය, විශාල ප්‍රදේශයක පැතිරුණු සාරවත් ගොවිබිම්, අති පුළුල් ප්‍රදේශයක ව්‍යාප්තව තිබුණු ස්වභාවික සම්පත් (උදා දැව, ගල් අඟුරු සහ තෙල්), ව්‍යවසායකයින්ගේ උද්‍යෝගය, මානව සහ ද්‍රව්‍ය මූල ධනය, ආයෝජනය කිරීමට දැක්වූ කැපවීම යනාදී කාරණා එම දියුණුවට ප්‍රධාන හේතු වශයෙන් දැක්විය හැකිය. ආර්ථිකය තුල උසස් තත්වයේ වැටුප් ගෙවීම් ක්‍රමයක් පවත්වා ගෙන ගිය අතර එයට අමතරව ලෝකය පුරා සෑම දෙසකින්ම සංක්‍රමණිකයන් අද්දවා ගැනීම ද සිදු කෙරුණි.

පූර්ව යටත් විජිත[සංස්කරණය]

1970 ගණන්වල නැව් මධ්‍යස්ථානය

යුරෝපීය පදිංචිකරුවන් ඇමෙරිකාවට පැමිණීම ආරම්භ කරන විට ස්වදේශික ඉන්දියානු ජනයා ඔවුනොවුන් අතර පමණක් වෙළඳාම් ගණුදෙනු කරමින් සිටි අතර එකල ඇමෙරිකාව පිටස්තර ලෝකය හා තිබුණේ සුලු බැඳීමකි. ඔවුන්ගේ ආර්ථික ක්‍රමය(උදාහරණයක් ලෙස ඉරොක්වාවරුන්ගේ ආර්ථිකය ) දඩයම් කිරීම ආහාර වර්ග රැස් කිරීම සහ කෘෂි කර්මය වැනි විවිධ කටයුතුවල සංකලණයක් විය. යුරෝපීයන්ගේ පැමිණිමත් සමඟ ඔවුන්ගේ ආර්ථිකය ගැඹුරු වෙනසකට භාජනය විය. මෙම වෙනසත් සමඟ ලෙඩ රෝග පැතිරීම සිදුවිය. ඒ සමග යුරෝපීය ද්‍රව්‍ය රට තුලට ගලා ඒම, යුරෝපියන් සමග ලොම් වෙළඳාම වැනි වෙළඳ සබඳතා ඇති වීම මෙන්ම ගිණි අවි අයිති කර ගැනීම, යුද්ධ වලට පැටලීම, ඉඩම් අහිමි වීම, සහ වෙන් කළ බිම්වලට කොටු වීමට වැනි විවිධ වූ ප්‍රථිපලයන්ට මුහුණ දීමට එම ස්වදේශික ඉන්දියානුවන්ට සිදු විය.

1492 දී ක්‍රිස්ටෝපර් කොළම්බස් ස්පාඤ්ඤ ධජය යටතේ යාත්‍රා කරමින් ආසියාව සොයා පැමිණි ගමනේදී අහම්බෙන් නව ලෝකයට (New World) ගොඩ බැස්සේය. ඉන් පසු ගත වූ අවුරුදු 100 තුල ඉංග්‍රිසීන්, ස්පාඤ්ඤවරු, පෘතුගිසින්, ලන්දේසීන් සහ ප්‍රංශ ගවේෂකයෝ යුරෝපයේ සිට නැව් නැගි නව ලෝකය බලා යාත්‍රා කළේ රත්‍රන් හා වෙනත් සම්පත්, ආගමික නිදහස, ගෞරවය මෙන්ම කීර්තියද බලාපොරොත්තුවෙනි. එහෙත් ඒ විශාල ඇමෙරිකාව තුලින් ඔවුනට ලබා ගත හැකි වූයේ සුලු කීර්තියක් සහ අඩු රත්‍රන් ප්‍රමාණයක් පමණි. එම නිසා ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු එහි නතර නොවූහ. එහි පදිංචි වීම සඳහා පිරිස් පැමිණියේ ඉන් පසුවයි. 1607 දී සුලු කණ්ඩායමක් පැමිණ පදිංචිකරුවන් ලෙස තමන්ගේ පළමු ස්ථිර ජනාවාසය වර්ජිනියාවේ ජේම්ස්ටවුන්හි තැනවූහ. පසුව ඒ සුලු ආරම්භය එක්සත් ජනපදය ලෙස ගොඩනැගුණි.

කොළණි යුගය[සංස්කරණය]

tiny globe‎
සලෙම්හි නැව් ගත කිරීමේ දර්ශණයක් - මැසචුසෙට් 1770 දි නාවික මධ්‍යස්ථානය

විප්ලවීය යුගයේ කාටුන් ප්‍රදර්ශණය - එක්සත් ජනපදය එළදෙනකගේ අඟකින් කිරි දෙවීම - දුකට පත් ඉංග්‍රිසි ජාතිකයෙකු බලා සිටින අතර අනෙකුත් යුරෝපීය බලවතුන් කිරි ගෙන යාමට පොරොත්තුව සිටිති. (කාටූනයෙන් විදහා දැක්වෙන්නේ බ්‍රිතාන්‍ය වෙළඳාමෙන් වෙන් වීමකි) විප්ලවය පැවති යුගයේ එක්සත් ජනපදයේ වාණිජ තත්වය කාටුනයෙන් නියෝජනය වේ.

මුල්ම පදිංචිකරුවන්ට ඇමෙරිකාවට පැමිණීමට විවිධාකාර හේතු මුල් විය. මැසචුසෙට්හි ප්‍යුරිටන්වරුන්ට නව එංගලන්තයේ නිර්මල ආගමක් නිර්මාණය කිරීමට අවශ්‍ය විය. ප්‍රධාන වශයෙන් ව්‍යාපාර කටයුතු මුල් කර ගෙන වර්ජිනියා වැනි අනෙකුත් ජනපද බිහි විය. අනාගත එක්සත් ජනපදය බිහි කිරිමේදී එංගලන්තයේ ජනපද පිහිටුවීමේ සාර්ථකත්වයට බොහෝ සෙයින් හේතු වූයේ ඔවුන් බලය ලත් ව්‍යපාරික සමාගම් වල ප්‍රයෝජනය ලබා ගැනීමයි. බලය ලත් සමාගම් යනු සාමාන්‍යයෙන් වෙළඳුන් සහ ධනවත් ඉඩම් හිමියන්ය. සමහර විට එංගලන්තයේ ජාතික අභිමතාර්ථ සපුරා ගැනීම සඳහා ඉදිරි පියවරක් තැබීම ද ඔවුන්ගේ අපේක්ෂාව වන්නට ඇත. පෞද්ගලික අංශය සමාගම් වලට මුදල් යෙදවූ අතර රජු සෑම ව්‍යාපෘතියකටම දේශපාලන හා නීතිමය ආරක්ෂාව මෙන්ම ආර්ථික අයිතින්ද (Charted or grant conferring economic rights) සැලසුවේය. සාමාන්‍යයෙන් ජනපද ඉක්මන් ලාභ නොපෙන්වීය. එම අවස්ථාව වන විට පැහැදිලි ලෙස නොපෙනුනත් දේශපාලන පටලැවිලි බොහෝ විය. ඔවුන්ගේ ජීවිත ඔවුන්ගේම ප්‍රජාවක් සහ ඔවුන්ගේම ආර්ථික ගොඩනගා ගැනීමට මුල් පදිංචිකරුවන්ට ඉඩ හරින ලදී.

ජනපද වලට සමෘද්ධියක් මුල් කාලයේදී ලැබුනේ නම් ඒ ලොම් වෙළඳාමෙන් සහ උගුල් ඇට වීමෙනි (Trapping) එහෙත් කොළණි සෑම එකකම ප්‍රධාන වශයෙන් ජනතාව කුඩා ගොවිපලවල්වල ජීවත් වූ අතර ස්වයංපෝෂිත වූහ. කුඩා නගර කීපයක සහ දකුණු කැරොලිනා සහ වර්ජිනියා වෙහි විශාල වතුවලට අවශ්‍ය ද්‍රව්‍ය සමහරක් සහ සුඛෝපභෝගී ද්‍රව්‍ය ආනයනය කරන ලද්දේ දුම් කොළ, සහල් සහ ඉන්ඩිගෝ නිෂ්පාදන අපනයනය කිරීමෙනි.

ජනපද ක්‍රමයෙන් වැඩෙන අතරේ උපකාරී කර්මාන්ත ද වර්ධනය විය. විවිධ විශේෂතාවලින් යුක්ත ලී දැව කර්මාන්ත ශාලා සහ ධාන්‍ය ඇඹරුම්හල් පැන නැංගේය. ධීවර යාත්‍රා තැනීම සඳහා ද අවශ්‍ය වේලාවට වෙළඳ නැව් තැනීම සඳහා ද ජනපදිකයෝ නැව් යාත්‍රාංගන පිහිටවූහ. ඔවුහු කුඩා කම්හල්ද තැනූහ. 18 වෙනි ශත වර්ෂය වන විට සංවර්ධනයේ කලාපීය ස්වභාවයන් පැහැදිලි විය. නව එංගලන්ත ජනපද ධනය ඉපයීම සඳහා නැව් තැනීම සහ මුහුදු යාත්‍රා කෙරෙහි ද, මේරිලන්ඩ් ජනපදය වහල් ශ්‍රමය උපයෝගි කර ගත් වැවිලි කෙරෙහි ද විශ්වාසය තැබූහ. එමෙන්ම වර්ජිනියාව සහ කැරොලිනා ජනපද දුම් කොළ සහල් ඉන්ඩිගෝ (නිල් අවරිය) වගා කළ අතර, නිව් යෝර්ක් හි මධ්‍ය ජනපද, පෙන්සෙල්වේනියා, නිව්ජර්සි සහ ඩෙලවෙයාර් ජනපද ධාන්‍ය වර්ග, වැවිලි නිෂ්පාදන සහ ලොම් යනාදිය නැව් ගත කළේය. වහලුන් හැරුනු විට අනිකුත් ජනතාවගේ ජීවන තත්වය උසස් විය. ඇත්තෙන්ම එය එංගලන්තයේ තත්වයට වඩා උසස් විය. ඉංග්‍රිසි අයෝජකයින් ඉවත් වීම නිසා ජනපදවල සිටි ව්‍යවසායකයින්ට ක්ෂේත්‍රයේ දොර විවර විය.

1770 වන විට උතුරු ඇමෙරිකානු ජනපද ස්වයං පාලන රජයක් වීමට දේශපාලන හා ආර්ථික වශයෙන් සූදානම් වී තිබුනි. බදු සහ වෙනත් කාරණා සම්බන්ධයෙන් එංගලන්තය සමග අර්බුද වර්ධනය විය. ඇමෙරිකානුවෝ ඉංග්‍රිසි බදු සහ රෙගුලාසි වෙනසක් අපේක්ෂා කළහ. වඩාත් ස්වයං පාලනයක් සඳහා ඔවුන්ගේ ඉල්ලීම් එයින් සපිරෙතැයි බලාපොරොත්තු වූහ. ඉංග්‍රීසි රජය සමග ආරවුල් ඇති කර ගැනීමෙන් බ්‍රිතාන්‍ය සමග යුද්ධයකට පැටලීමක් සහ ජනපදවල ස්වාධීනත්වයටද හේතුවක් වේ යයි ස්වල්ප දෙනෙක් කල්පනා කළහ.

17 වෙනි සහ 18 වෙනි සියවස් වල පැවති ඉංග්‍රිසි දේශපාලන ආරාවුල් මෙන් ඇමෙරිකානු විප්ලවයටද දේශපාලන හා ආර්ථිකය මුල් විය. එයට රුකුල් දෙන ලද්දේ නැගී ගෙන ආ මැද පන්තිය විසිනි. ඔවුන් මහජන රැළි වල හඬ නැගුවේ "ජීවිතයට පාවාදිය නොහැකි අයිතින් - නිදහස සහ දේපළ " යනුවෙනි. එම පාඨය ඉංග්‍රිසි දාර්ශනිකයෙකු වූ ජෝන් ලොක් (John lock) ගේ " සිවිල් ගවර්මන්ට් (Civil Govenment) 1960 ගැන ලියු දෙවැනි ග්‍රන්ථයේ උපුටා ගැනුනකි. එංගලන්තයෙන් දේශපාලන වශයෙන් වෙන්වීම පමණක් ජනපද වාසීන් බොහොමයකගේ මූලික ඉලක්කය නොවීය. ඔවුන්ගේ ඉලක්කය වූයේ ස්වාධීනත්වය, නව ජාතියක් බිහි කිරීම සහ අවසාන ප්‍රථිපලය එක්සත් ජනපදය විය යුතුය යන්නයි. එය සමෘද්ධිමත් කාලයක් විය.

නව ජාතිය[සංස්කරණය]

1789 දී හඳුන්වා දුන් එක්සත් ජනපද ව්‍යවස්ථාවෙන් මේන් (Maine) සිට ජෝර්ජියා දක්වාත් අත්ලාන්තික් සාගරයේ සිට මිසිසිපි නිම්නය දක්වාත් ප්‍රදේශය ඒකාබද්ද නොහොත් පොදු වෙළඳ පලක් හැටියට තහවුරු කළේය. ජනපද අතර කෙරෙන වෙළඳ ගණුදෙනු වල අභ්‍යන්තර තීරු බදු හෝ බදු නොමැති විය යුතුය. භාණ්ඩාගාරයේ ප්‍රධාන ලේකම් ලෙස ඇලෙක්සැන්ඩර් හැමිල්ටන් පුලුල් ලෙස ඉදිරිපත් කළ ඔහුගේ දැක්ම සමග ෆෙඩරල් බලයේ ව්‍යාප්තිය හා සීමාවන් බොහෝ සෙයින් වාද විවාද වලට පාත්‍ර විය. ශක්තිමත් ජාතික තැන්පතුවක් ගොඩනැංවීමේදි ඔහු සාර්ථක විය. ධනවතුන් විසින් පවත්වාගෙන යන ලද "ජාතික ණය" මෙයට පාදක වූ අතර ආනයනික භාණ්ඩ වලට පැනවූ තීරු බදු වලින් මුදල් ලැබුනි. (මෙම ධනවතුන් රජයේ යහ පැවැත්ම සම්බන්ධව උනන්දුවක් දැක්වූ පිරිසක් වූහ) විවිධාංගිකරණය කරන ලද නැව් බඩු ප්‍රවාහනය බැංකු ක්‍රම සහ නිෂ්පාදනයන් තුලින් වේගවත් ආර්ථික වර්ධනයක් කරා යා යුතුය යන්න හැමිල්ටන් ගේ විශ්වාසය විය. ඔහු රජයේ ගාස්තු ගෙවිම පිණිස ආරක්ෂණ බද්දක් වැනි දෙයක් පැනවීම ගැන යෝජනා කළේය. ඒ සමගම විෂ්කි බද්දක්ද යෝජනා කළ අතර බටහිර ගොවීහු ඒ සම්බන්ධයෙන් බලවත් අකමැත්තක් දැක්වූහ. එක්සත් ජනපද ප්‍රථම බැංකුව පිහිටුවීම ඔහුගේ අපේක්ෂාව විය. එය 1791 දී සාර්ථක වූ අතර 1811 දක්වා එය පැවතුනේය.

බලවත් මධ්‍ය ආණ්ඩුවක් සම්බන්ධයෙන් තෝමස් පෙෆර්සන් සහ ජේම්ස් මැඩිසන් විරුද්ධ වූ නමුත් ඔවුනට හැමිල්ටන් නැවැත්විය නොහැකි විය. ජෙෆර්සන් 1811 දී ජාතික බැංකුව වසා දැමුවේය. එහෙත් ඒ ගැන අවධානය යොමු කරමින් දෙවැනි එක්සත් ජනපද බැංකුව නිර්මාණය කළේය. තෝමස් ජෙෆර්සන් ගේ දර්ශනයට පදනම වූයේ සාමාන්‍ය ජනතාව දේශපාලනික හා ආර්ථික කෲරත්වයෙන් මුදවා ගැනීමයි. ඔහු සුලු ගොවීන් ගැන ප්‍රසංශා මුඛයෙන් කථා කළේ "ඉතා වටිනා පුර වැසියන්" යනුවෙන් සඳහන් කරමිනි. 1801 දී ජෙෆර්සන් ජනාධිපති පදවියට පත් වූ අතර "ජෙෆර්සන් ක්‍රමයේ ප්‍රජාතන්ත්‍රවාදය" නම් වඩා විමධ්‍යගත කෘෂිකාර්මික ප්‍රජාතන්ත්‍රවාදයක් හඳුන්වා දීම කෙරෙහි යොමු විය.

ව්‍යාප්තිය සහ වර්ධනය[සංස්කරණය]

tiny globe
"පළමු කපු කටින යන්ත්‍රය " අනුමාන නිර්මාණය 1869 (Cotton Gin)‎

කපු - මුලින් දකුණු ප්‍රදේශ වල කුඩා පරිමාණ වගාවක් විය. එල්විට්නි (Eli Whitney) විසින් 1793 දී නව කපු කටින යන්ත්‍රයක් නිර්මාණය කිරීමෙන් පසු කපු වගාවේ විශාල දියුණුවක් ඇති විය. මෙම කපු කටින යන්ත්‍රය (Eli Whitney) ‍උපයෝගී කර ගෙන කපුවල ඇට සහ වෙනත් දෑ වෙන් කිරීම කළ හැකි විය. වහල් ශ්‍රමය ද උපයෝගි කර ගෙන විශාල කපු වගාවන් බිහිවූයේ සමහර පවුල් ‍බොහෝ ධනවත් කරමිනි.

මිඩිවෙස්ට්හි සරුසාර ගොවි බිම් සොයා ලක්ෂ ගණනක් ඒ දෙසට ඇදී ගියහ. රජය කම්බර්ලෑන්ඩ් පයික් (1818) සහ ඊරි ඇල වැනි ජාතික මහා මාර්ග සහ ඇල මාර්ග නිර්මාණය කරමින් නව පදිංචිකරුවන් බටහිර පෙදෙසට යොමු කිරීමත් එහි ගොවිපලවල්වල නිෂ්පාදිත ද්‍රව්‍ය වෙළඳ පොළට ගෙන ඒමටත් සහයෝගය දැක්වීය. පාරවල්, ඇල මාර්ග, සහ වරායන් වැනි අභ්‍යන්තර වැඩි දියුණු කිරීමේ කර්මාන්ත ගොඩනැංවීමට යෝජනා කළ ක්ලේ ගේ ඇමෙරිකන් ක්‍රමය නම් වැඩ පිළිවෙලට විග් (Whig) පක්ෂය සහයෝගය දැක්වූ අතර ශක්තිමත් ජාතික බැංකුවක්ද ඇති කළේය. කෙසේ වුවද විග් නීති පැනවීමේ වැඩ පිළිවෙලට ඩිමො‍ක්ක්‍රටික් පාක්ෂකයින්ගෙන් බාධා එල්ල විය.

tiny globe
ඊරි ඇලේ ලොක්පොර්ට් හි දර්ශණයක් (ඩබ්.එච්.බාට්ලීට් 1839)‎


ජනාධිපති ඇන්ඩ්‍රෑ ජැක්සන් (1825-1837) දෙවැනි ජාතික බැංකුවක් පිහිටුවීමට විරුද්ධත්වය දැක්වීය එය ඔහුගේ සතුරන්ගේ අවශ්‍යතාවයන් ආරක්ෂා කිරීමට වැඩි සැළකිල්ලක් යොදන්නේ යැයි ඔහු විශ්වාස කළේය. දෙවැනි වතාවට ඔහු ජනාධිපති පදවියට තේරී පත් වූ විට බැංකුවේ අවසර පත්‍රය අලුත් කිරීම සම්බන්ධයෙන් විරුද්ධ විය. කොංග්‍රසයද ඔහුට පක්ෂපාතී විය. ජැක්සන් මුදල් නෝට්ටු ප්‍රතික්ෂේප කළ අතර රජයට ගෙවිය යුත්තේ රත්‍රන් හෝ රිදි කාසිවලින් යැයි කියා සිටියේය. 1837 දී ඇති වූ කලබල තත්වයෙන් පසු ව්‍යාපාර වැඩි දියුණූ වීම් වසර තුනකට නැවතුනේය.

රේල් පාරවල් ආර්ථික දියුණුවට බෙ‍ාහෝ සෙයින් වැදගත් වූ කාරණාවලින් එකක් විය. රේල් පාරවල් අවශ්‍යද නැද්ද යන කරුණු සම්බන්ධයෙන් බොහෝ ප්‍රතිවිරෝධි අදහස් පැවති නමුත් නිසැකවම ඒවා අත්‍යවශ්‍ය විය. නොකඩවා කෙරෙන මහා පරිමාණ ව්‍යාපාර කටයුතුවල සංවර්ධනය සඳහා දුම්රිය මාර්ග විසින් මාවත හෙලි පෙහෙලි කරන ලදි. මේ සඳහා අනාගත ව්‍යපාරවලට පාවිච්චි කිරීමට සැළසුම් නිර්මාණය කරන ලදී. පාලනය පිළිබඳ ගැටලු, කම්කරු සංගම්වල ගැටලු සහ ඉල්ලීම් ආදියට මුහුණ දීමට සිදු වූ පළමුවැන්නෝ ඔවුහු වූහ. මෙම රැඩිකල්වාදී නව සිරිත් විරිත් හේතු කොට ගෙන දුම්රිය මාර්ග මහා පරිමාණ ස්වභාවයේ පළමුවැනි ව්‍යාපාරයක් විය.

19 වෙනි ශත වර්ෂයේදී හදිසි බිය එක්සත් ජනපද ආර්ථිකය අඩු වීමට හේතුවක් නොවීය. දිගු කාලීන ජනගහණ වර්ධනය අලුත් ගොවි බිම් සොයා යාම, නව කර්මාන්ත ශාලා ගොඩනැගීම, නොකඩවා කෙරුනේය. නව සොයාගැනීම් සහ ප්‍රාග්ධන ආයෝජනයන් හේතුවෙන් අලුත් කර්මාන්ත සහ ආර්ථික වර්ධනයක් ඇති විය. ප්‍රවාහන ක්‍රම දියුණු වීමත් සමග අලුත් වෙළඳ පොළවල් විවෘත වීමද නොකඩවා සිදු විය. වාෂ්ප බෝට්ටු නිසා ගංගාවලින් කරන ප්‍රවාහන කටයුතු ඉක්මන් මෙන්ම ලාභ දායී විය. දුම්රිය මාර්ග ව්‍යාප්තිය වඩා ප්‍රථිපලදායි වූයේ සංවර්ධන කටයුතු සඳහා අලුත් බිම් පෙදෙස් වලට මාර්ග විවෘත වූ හෙයිනි. ඇල මාර්ග මහා මාර්ග මෙන්ම දුම්රිය මාර්ග වලටද රජයේ අනුග්‍රහය විශාල වශයෙන් ලැබුනේ ඒවා ගොඩ නැගු මුල් කාලයේදි ඉඩම් ප්‍රදානය කිරීමෙනි. වෙනත් ප්‍රවාහන සේවාවන්ට මෙන් නොව දුම්රිය ගමනාගමනය කෙරෙහි විදේශික හා දේශීය පෞද්ගලික ආයෝජනයන් ඇදි ආවේය.

සමහරක් මිනිසුන් එක රැයෙන් ධනවත් වූ අතර බොහෝ දෙනෙකුට ඔවුන්ගේ ඉතිරි කිරීම් අහිමි විය. එසේ වුවත් විදේශීය ආයෝජන හා මග පෙන්වීම් වල සංකලනයන් ඒ සමගම රත්‍රන් සොයා ගැනීම ඇමෙරිකානු රජයේ සහ පෞද්ගලික අංශයේ ධනය යෙදවීම යනාදි කරුණු මහා පරිමාණ දුම්රිය මාර්ග පද්ධතියක් සංවර්ධනය කිරීමට පාදක වුනි.මෙම දුම්රිය මාර්ග රටේ කාර්මිකරණය සඳහා මූලික පදනමක් විය.

දර්ශකය ජනපද කණ්ඩායම් වශයෙන් දුම්රිය මාර්ග සැතපුම් ප්‍රමාණය වැඩිවීම[සංස්කරණය]

____________________ ____1850____ ____1860____ ____1870____ ____1880____ ____1890____
නව එංගලන්තය 2507 3660 4494 5982 6831
මධ්‍ය ජනපද 3202 6705 10964 15872 21536
දකුණු ජනපද 2036 8838 11192 14778 29209
බටහිර ජනපද සහ පළාත් 1276 11400 24587 52589 62394
පැසිපික් ජනපද හා පළාත් 23 1677 4080 9804
එකතුව 9021 30626 52914 93301 129774

මූලාශ්‍රය Change m.deper (ed) අවුරුදු සියයක ඇමෙරිකානු වාණිජ කටයුතු 1795 - 1895

18 වනශත වර්ෂය අග හා 19 ශත වර්ශය මුල[සංස්කරණය]

යුරෝපයේදී ආරම්භ වූ කාර්මික විප්ලවය ඉතා ඉක්මණින් එක්සත් ජනපදය කරා ද පැතිරු‍ෙන්ය. 1860 වර්ෂය වන විට ඒබ්‍රහම් ලින්කන් ජනාධිපති ලෙස පත් වූ අවස්ථාව වන විට ජනගහනයෙන් සියයට 16 ක් නාගරික පෙදෙස් වල ජීවත් වූහ. රජයේ ආදායමෙන් තුනෙන් එකක් ලැබුනේ භාණ්ඩ නිෂ්පාදනයෙනි. නාගරික කර්මාන්ත ප්‍රධාන වශයෙන් වයඹ පෙදෙසට සීමා විය. කපු රෙදි නිෂ්පාදනය ප්‍රධාන කර්මාන්තයක් විය. ඒ සමග සපත්තු, ලොම් රෙදි සහ යන්ත්‍රෝපකරණ නිෂ්පාදනයන් ද ව්‍යාප්ත විය. බොහෝ සේවකයින් සංක්‍රමනය වූවන්ය. 1845 සහ 1855 අතර 300,000 ක් පමණ යුරෝපීය සංක්‍රමණිකයින් වාර්ෂිකව පැමිණියාහ. බොහෝ දෙනෙකු දිළින්දන් වූ අතර නැගෙනහිර නගර වල බොහෝ විට ගොඩ බැස්සේ නගරයේම නතර වූහ.

රන් ආලේපිත යුගය[සංස්කරණය]

1905 වානේ වැඩ කරන කම්කරුවන්. මිඩ්විල්.

සිවිල් යුද්ධයෙන් පසු ආරම්භ වුණු සීඝ්‍ර ආර්ථික වර්ධනය වර්තමාන එක්සත් ජනපද ආර්ථිකයේ පදනම විය. 1890 දශකය අවසානයේදී පමණ ලෝකයේ විශාලතම ආර්ථිකයේ හිමිකරුවා ලෙස බ්‍රිතාන්‍යය අභිබවා යාමට අමෙරිකා එක්සත් ජනපදයට හැකි විය.

නව ගවේශණ සහ නව සොයාගැනීම් රාශියක් එකවරම පැන නැගීමෙන් විශාල කැපී පෙනෙන වෙනසක් සිදු විය. සමහරු එය හැඳින්වූයේ දෙවැනි කාර්මික විප්ලවය ලෙසිනි. බටහිර පෙන්සිල්වේනියාවේ තෙල් සොයා ගන්නා ලදි. ශීතකරණ පහසුකම් සහිත රේල් කාර් භාවිතය ආරම්භ විය. ටෙලිෆෝනය, ග්‍රෑමපෝනය, යතුරු ලියනය සහ විදුලි ආලෝකය යනාදිය සොයා ගැනුනි. 20 වෙනි සියවස ආරම්භ වන විට බඩු ගෙන යන කරත්ත වෙනුවට මෝටර් රථ පාවිච්චි යට ගැනුනි.

මෙම ජයග්‍රහණවලට අමතරව ජාතියේ කාර්මික යටිතල පහසුකම් වර්ධනය විය. ඇපලේෂියන් කඳුකරයේ පෙන්සිල්වේනියාවේ සිට දකුණට කෙන්ටකී දක්වා ගල් අඟුරු සුලබව සොයා ගැනුනි. ඉහළ මධ්‍යම බටහිර සුපීරියර් විල ආශ්‍රිත ප්‍රදේශයේ විශාල යපස් නිධි විවෘත විය. යකඩ සහ වානේ මිශ්‍ර කර වානේ කර්මාන්තය ඇතිවීමට මෙකී වැදගත් ලෝහ හමු වූ පෙදෙස් වල වානේ කර්මාන්ත ශාලා බිහි විය. විශාල තඹ සහ රිදී පතල් විවෘත විය. අනතුරුව මිනිරන් පතල්ද සොයා ගැනුනු අතර සිමෙන්ති කර්මාන්ත ශාලාද ඉදි විය.

කර්මාන්ත වැඩෙනවාත් සමගම විශාල නිෂ්පාදන ක්‍රමද සංවර්ධනය විය. විවිධ වූ කම්කරුවන්ගේ ක්‍රියා පිළිවෙල පරෙස්සමින් සැළසුම් කරමින් ඔවුන්ගේ රැකියාවන් කිරීම සඳහා වඩා කාර්යක්ෂම මාර්ග පෙන්වා දීම සඳහා 19 ශත වර්ෂයේ අග භාගයේදී පමණ ෆෙඩෙරික් ඩබ්. ටේලර් විසින් විද්‍යාත්මක වූ කළමණාකරණ ක්ෂේත්‍රයක් ආරම්භ කරන ලදි. වාෂ්ප බලය වෙනුවට විදුලි බලය යොදා ගැනීම නිසා මහා නිෂ්පාදන ක්‍රියාවලියක් ඵලදායිත්වය අතිශයින් අධික විය. බල ශක්තිය අපතේ යාම අවම නිසා ඵලදායිත්වය ඉහළ යාම, වැඩ පොළවල් වල වාතාවරණය ඉහළ යාම, ගිණි අනතුරු අඩු වීම, එක් එක් කොටසට වෙන් වූ විශේෂ කාර්යයන් කිරීමට හැකි වනසේ කර්මාන්ත ශාලා කොටස් කිරීම ආදි බොහෝ දේ විදුලි බලය ලැබීම නිසා සිදු විය. (හෙන්රි ෆොර්ඩ්ගේ සංකල්පය වූයේ ඇත්තෙන්ම මහා පරිමාණ නිෂ්පාදනයන්ය. ඔහු 1913 දී ඇදි යන එකලස් කිරීමේ ක්‍රමයක් (Moving Assembly‍ line) හඳුන්වා දුන්නේය. එහිදි එක් එක් කාර්මිකයාට සිදු වූයේ විශේෂ වූ කාර්යන් කිරීම පමණි. එය මෝටර් රථ කර්මාන්තයේ දූර දර්ශි ක්‍රියාවක් විය. ඔහු ඉතා සාධාරණ වැටුපක් කාර්මිකයෙකුට ගෙව්වේය. එය දිනකට ඩොලර් 05 කි. ඔහුගේ සේවකයින් බොහෝ දෙනෙක් මේ නිසා ඔවුන්ම නිෂ්පාදනය කළ මෝටර් රථයක් මිළට ගැනීමට හැකි විය. එය කර්මාන්තය වැඩි දියුණු කිරීමේද මාර්ගයක් විය.

Next නම් මාතෘකාවෙන් යුත් කාටූනය - ස්ටැන්ඩර්ඩ් ඔයිල් (කොම්පැනිය) අනුකම්පා විරහිතව බූවල්ලෙකු ලෙස පෙන්වයි.

19 වෙනි සියවසේ දෙවැනි භාගයේ වූ "රන් අලේපිත යුගය" ධනපතියන්ගේ යුගයක් විය. මූල්‍යමය අධිරාජ්‍යයක් පවත්වාගෙන යමින් අධික ලෙස ධනය රැස් කළ මෙම ධනවතුන් පිරිස බොහෝ අමෙරිකානුවන් විසින් උසස් ලෙස සළකනු ලැබූහ. බොහෝ විට ඔවුන්ගේ සාර්ථකත්වය රැඳි තිබුනේ (ජෝන්.ඩි.රොකෆෙලර් තෙල් සම්බන්ධයෙන් කළාක් මෙන් ) අනාගතය ගැන සිතා දියුණු කළ හැකි නව සේවාවක් හෝ නිෂ්පාදනයක් කෙරේ කල්පනාව යොමු කළ හෙයිනි. ඔවුහු භයානක තරඟ කරුවෝ වූහ. මුල්‍ය සාර්ථකත්වය සහ බලය කරා යන ගමනේදි එක සිතින් වැඩ කළහ. රොකෆෙලර් හා ෆොර්ඩ් හැරුණු විට අනිකුත් ආර්ථික යෝධයන් වූයේ දුම්රිය මාර්ග වලින් මුදල් සෙවු ජෙගුල්ඩ් (Jay Gould) බැංකු ක්‍රමයෙන් ජේ.පියර්පොන්ට් මෝර්ගන් සහ වානේ කර්මාන්තයෙන් ධනවත් වූ ඇන්ඩ්‍රෑ කානගි වැන්නෝය. සමහර ධනවතුන් ඔවුන්ගේ කාලයේ ව්‍යාපාර වල තරාතිරම අනුව සත්‍යවාදි හා අවංක වූ අතර ඇතැම්හු බලයද අල්ලස්ද යොදවමින් මුදල් හා බලය ලඟා කර ගැනීමේදි වංචාකාරින්ද වූහ. හොඳට හෝ නරකට ව්‍යාපාර සම්බන්ධයෙන් පැවති උනන්දුව රජය වෙත සැළකිය යුතු බලපෑමක් එල්ල කළේය.

සමහර විට ව්‍යාපාරකයින් අතර අති ශූරයෙකු වශයෙන් සැළකෙන මෝර්ගන් ඔහුගේ පෞද්ගලික මෙන්ම ව්‍යාපාරික ජීවිතයද දැවැන්ත ලෙස ගෙන ගිය පුද්ගලයෙක් විය. ඔහු සහ ඔහුගේ සහචරයින් සූදු ක්‍රිඩාවේ යෙදුනාහ. සුඛෝපභෝගි මුහුදු යාත්‍රා අලෙවි කළහ. විශාල ධනයක් වැය කරමින් ප්‍රීති සාද පැවැත් වූහ. මාළිගා වැනි මන්දිර ඉදි කළහ. එමෙන්ම යුරෝපයේ වටිනා කලා කෘති මිළදි ගත්හ. මෙයට වෙනස්ව යමින් රොකෆෙලර් සහ ෆෝර්ඩ් වැනි අය ඉතා චාම් දැහැමි ගති පැවතුම් ඇත්තෝ වූහ. ඔවුහු කුඩා නාගරික ජීවන ක්‍රමයක් පවත්වා ගෙන ගියහ. දේවස්ථානවලට යන්නන් ලෙස ඔවුහු අනුන් සම්බන්ධයෙන් වගකීමක් තමන් තුල ඇති බව ප්‍රදර්ශනය කළහ. පෞද්ගලික යහපත්කම් තමනට සාර්ථකත්වය ගෙන දෙන්නේ යයි ඔවුහු විශ්වාස කළහ. ඔවුන්ගේ පසු පරපුර අමෙරිකාවේ විශාලතම පරාර්ථකාමි පදනම ස්ථාපිත කළහ.

යුරෝපීය ඉහළ පැලැන්තියේ බුද්ධිමතුන් වාණිජ්‍ය ලෙස සාමාන්‍යයෙන් අවඥාවෙන් බැලූ නමුත් වඩා සැහැල්ලු සමාජ ස්ථරයක් සමග ජීවත් වුනු බොහෝ අමෙරිකානුවෝ ඉතා උද්‍යෝගිමත් ලෙස මුදල් ඉපයීම පිළිබඳ අදහස් වැළඳ ගත්හ. ඔවුහු ව්‍යාපාරවල වගකීම, අවදානම මෙන්ම උසස් ජීවන තත්වය සහ ව්‍යාපාර සාර්ථකත්වය විසින් ගෙන ආ හැකි ත්‍යාගයක් වූ බලය සහ පිළිගැනීමද භුක්ති වින්දාහ.

සිවිල් යුද්ධය සහ නැවත ගොඩනැංවීම 1860[සංස්කරණය]

අනෙක් අතට දකුණ, ග්‍රාමිය තත්වයේ මෙන්ම ප්‍රාග්ධන හා නිෂ්පාදිත ද්‍රව්‍ය සම්බන්ධයෙන් උතුර මත යැපුනේය. දකුණු ප්‍රදේශය ෆෙඩරල් රජය පාලනය කරන ත‍ාක් කල් පමණක් වහල් සේවය ඇතුලු දකුණේ ආර්ථික අවශ්‍යතා දේශපාලන බලයෙන් ආරක්ෂා කර ගත හැකිව තිබුනි. 1856 දී ආරම්භ කරන ලද රිපබ්ලිකන් පක්ෂය කාර්මිකකරණය වූ උතුර නියෝජනය කළේය. 1860 දී රිපබ්ලිකන්වරු සහ ඔවුන්ගේ ජනාධිපති අපේක්ෂක ඒබ්‍රහම් ලින්කන් වහල් සේවය ගැන දෙගිඩියාවෙන් කථා කල නමුදු ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් බොහෝ පැහැදිලි අදහස් දැරුහ. 1861 දී ඔව්හු සාර්ථක ලෙස ආරක්ෂක බද්දක් ඉදිරිපත් කොට සම්මත කර ගත්හ. 1862 දී පළමු පැසිෆික් දුම්රිය මාර්ගයට අවසර දෙන ලදි. 1863 දි ඇමෙරිකානු සිවිල් යුද්ධය සඳහා මූල්‍ය පහසුකම් ලබා දීමට ජාතික බැංකු ක්‍රමයක් අරඹන ලද අතර සෑම ප්‍රධාන නගරයකම “ප්‍රථම බැංකුව” පිහිටුවන ලදි. මෙයින් බොහොමයක් තවමත් තිබේ.

දකුණ අභිබවමින් උතුරේ ඇතිවු කාර්මික දියුණුව ඇමෙරිකානු සිවිල් යුද්ධයේ (1861 – 1865) උතුරේ ජයග්‍රහණය සුරක්ෂිත කිරීමට උදව් විය. උතුරු ජයග්‍රහණය විසින් ඉරණම සහ ජාතියේ අර්ථික රටාව තහවුරු කරන ලදි. වහල් ශ්‍රමය යොදා ගැනීමේ ක්‍රමය අවලංගු කෙරුනි. මේ නිසා දකුණේ විශාල කපු වගාවන්හි ලාභය ‍බොහෝ සෙයින් අඩු විය. යුද්ධ කාලයේදි සහ ඊට කලින්ද විශාල වශයෙන් ව්‍යාප්ත වුනු උතුරේ කර්මාන්ත දියුණු වෙමින් ඉදිරියට ගියේය. කර්මාන්තකරුවෝ සමාජ හා දේශපාලන කටයුතු වල සහ ජාතික දේහයේ වෙනත් බොහෝ අංශයන්හි බලවත් වූහ. දකුණේ තිබුණු වැවිලි ඒකාධිකාරය අතුරුදන් විය.

දකුණේ වූ විනාශය බලවත් වූ අතර ප්‍රතිඵලයක් ලෙසින් දුගි බව ඉස්මතු විය. බොහෝ දූෂණ ක්‍රියා සිදු වුනද දුම්රිය මාර්ග නැවත සකස් කිරීම සඳහා බෙහෙවින් ආධාර ලැබුනේය. එහෙත් කලාපය බොහෝ විට රඳා පැවතුනේ එහි කපු වගාව මතයි. කලින් වහල්ලු වේතන ගෙවන කම්කරුවන් ලෙස ද කුලී ගොවියන් අඳ ගොවියන් බවටද පත් වූහ. ජණගහනය ආර්ථිකයට වඩා වේගයෙන් වර්ධනය වීමත් සමග බොහෝ දුගි සුදු ජාතිකයන්ද ඔවුන් හා එක් වූහ. 1940 තරම් පසු කාලයේදි කැපි පෙනුනු නිෂ්පාදන කර්මාන්තය වූයේ කැරොලිනා රෙදි මෝල් සහ ඇලබාමා හි වානේ කර්මාන්ත කිහිපයකි.

Penn oil 1864.jpg

මහා අවපාතය 1929 – 1941[සංස්කරණය]

අවපාතය පැවති කාලයේ අවතැන් වූ බොහෝ ජනතාව රැකියා බලාපොරොත්තුවෙන් කැලිෆෝනියාවට පැමිණියහ. මෙම තත්වය ජෝන් ස්ටීන්බෙක් ඔහුගේ 'ද ග්‍රේප්ස් ඔෆ් රොත්' හි(Grapes of Wrath) විස්තර කර ඇත. කොංග්‍රසය, රජය මෙම පසුබැසීම අවම කිරීමට උත්සාහ ගත් අතර ෆෙඩරල් රිසර්ව් මණ්ඩලය (Federal Reserve Board) පොලී අනුපාතය ඉහළ මට්ටමක තිබෙන්නට ඉඩ හරිමින් බැංකු වලටද උදව් නොකරමින් බලා සිටියේය. මුදල් සැපයීම පහත වැටී 1933 වන විට එය තුනෙන් එකක් දක්වා අඩු විය. ජනාධිපති හර්බට් හුවර් ෆෙඩරල් රජයේ ආදායම ප්‍රවර්ධනය කිරීම සඳහා මහා පරිමාණයෙන් බදු වැඩි කල අතර ස්මූට් - හැව්ලි (Smoot Hawley) තීරු බද්ද අනුමත කළේය. මෙහි ප්‍රථිඵලයක් ලෙස කැනඩාව බ්‍රිතාන්‍යය, ජර්මනිය සහ අනෙකුත් වෙළඳ පාර්ශවකරුවන් එකට එක කිරීමට පෙළඹුනාහ. එක්සත් ජනපදය ආර්ථික අවපාතයක ගිලුනේය. 1932 වන විට විරැකියා අනුපාතය 23.6% ක් වුනි. බර කර්මාන්තය දැව අපනයනය කෘෂිකර්මය (කපු, තිරිඟු, දුම් කොල) පතල් කර්මාන්තය යනාදියෙහි තත්වය ඉතා පිරිහුණු තත්වයට පත් විය. නිලධාරි පැලැන්තිය වැනි කොටස් වලද සුලු භාණ්ඩ නිෂ්පාදනයෙහි තත්වය එතරම් නරක නොවීය.

නිශ්චිත වැඩ පිළිවෙලක් නොමැතිව ෆ්රැන්ක්ලින් ඩෙලනෝ රූස්වෙල්ට් ජනාධිපති පද වියට තේරුනේය. ඔහු තෝරා ගත් උපදේශකයන්ගේ අදහස් මත රැඳී සිටි අතර එම උපදේශකයෝ නව ක්‍රියා මාර්ග නමින් හඳුන්වනු ලැබු බොහෝ ව්‍යාපෘති එකතු කළහ.

හුවර් යටතේ 1932 දී 8% ක්වූ රජයේ වියදම (GNP) 1936 වන විට 10.2% දක්වා ඉහළ ගියේය. රූස්වෙල්ට් සාමාන්‍ය වියදම් සමතුලිතව පවත්වා ගෙන ගිය අතර ණය ගැනීමෙන් අරමුදල් සපයා ගත් හදිසි අවස්ථා අය වැය 1932 දී 33.6% ක්ව තිබී 1936 දී 40.9% දක්වා වැඩි විය. සමහර ආර්ථික විශේෂඥයෝ විශේෂයෙන් බ්‍රිතාන්‍යයේ ජෝන් මේනාර්ඩ් කෙයින්ස් වැන්නන් මෙම හිඟය රෙකමදෝරු කළහ. රූස් වෙල්ට් ‍ෙකයින්ස් හමු වූ නමුත් ඔහු කෙයින්ස් ගේ උපදෙස් නොපිලිගත්තේය. රූප සටහන් අඳිමින් සිටි කෙයින්ස් හමු විමෙන් පසු රූස්වෙල්ට් මෙසේ කීවේය. "ඔහු ආර්ථක විශේෂඥයෙකුට වඩා ගණිතඥයෙකු වන්නට පිළිවන."

සහන සැලසීම සඳහා සහ මහජන වැඩ සම්බන්ධයෙන් වැය කළ මුදල් ප්‍රමාණයෙන් එක්සත් ජනපද ආර්ථිකයට උත්තේජනයක් සැපයුනේද, නැතහොත් එය ආර්ථිකයට හානීදායක වීද යන කාරණය විවාදයට ලක් විය. සම්පූර්ණයෙන්ම දළ ජාතික නිෂ්පාදනය පදනම් කරගෙන කිසිවෙකු ආර්ථික සෞඛ්‍යය පැහැදිලි කරන්නේනම් 1934 වන විට එක්සත් ජනපදය නියම මාවතට වැටි 1936 වන විට සම්පූර්ණයෙන්ම යථා තත්වයට පත් වීමට තිබුනි. එහෙත් රූස්වෙල්ට් ප්‍රකාශ කළ පරිදි ජනගහණයෙන් තුනෙන් එකක් මන්ද පෝෂණයෙන් නිවාස හිඟයෙන් සහ වස්ත්‍ර හිඟයෙන් පිඩා වින්දාහ. (අංක 3 සටහන බලන්න) දළ ජාතික නිෂ්පාදනය 1932 දීට වඩා 1936 දී 34% ඉහළ මට්ටමක තිබුණු අතර 1940 දී යුද්ධය ආරම්භ වන විට 58% ක ඉහළ මට්ටමේ විය. 1932 සිට 1940 දක්වා අවරුදු 8 ක සාමකාමී යුගයේ අර්ථිකය 58% ක මට්ටමක වර්ධනය වූ අතර 1940 සිට 1945 දක්වා අවරුදු පහක යුද්ධ කාලයේදි 56% දක්වා වර්ධනය විය. කෙසේ වුවත් විරැකියාව 9% පහළ මට්ටමට කිසි දිනක අඩු වූයේ නැත. යුද්ධ කාලයේදී ආර්ථිකය නොයෙක් ආකාරයේ තත්වයන් යටතේ ක්‍රියාත්මක වූ අතර සාමකාමි යුගය සමග සැසඳිම දුෂ්කර වූයේ මහා පරිමාණ වියදම්, මිළ පාලනය, එකට බැඳුණු යුද්ධ ව්‍යාපාර, අමු ද්‍රව්‍ය පාලනය, අලුත් කාර් සහ නිවාස සම්බන්ධයෙන් තහංචි, සළාක ක්‍රම, වැටුප් සහනාධාර සහ මිලියන 12 ක හමුදාව යනාදී මේ කරුණු නිසාවෙනි.


GDP වාර්ෂික දර්ශකය සහ දීර්ඝ කාලීන නැඹුරුව, 1920 - 40 නිරන්තර ඩොලර් බිලියනයන්ගෙන්[සංස්කරණය]

බ්‍රෝඩස් මිචෙල් සංක්ෂිතව කියන පරිදි:

"ආර්ථික හා මානසික අවපාතයේ පහළම මට්ටම වශයෙන් හැඳින්වුනු බොහෝ දර්ශකයන් ඉතාම නරක විය. 1932 ගිම්හානයේ සිට 1933 දක්වා ඇමරිකන් ආර්ථික දර්ශකයන් ඉතාම පහත් මට්ටමක (Nadir) පෙන් වූ නමුදු ඉන් පසු ස්ථාවර තියුණු නැග්මක් පෙන්නුම් කළේය. මෙම තත්වය 1937 දක්වා පැවතුනේය. එපරිදි කාර්මික නිෂ්පාදනයේ ෆෙඩරල් සංචිත දර්ශකය එහි පහළම මට්ටම වූ 52.8, 1932 ජුලි මස 1 දින වාර්තා කළේය. එය ක්‍රමයෙන් නොවෙනස්ව 1933 මාර්තු 1 දින වන විට 54.3 ක්ද විය. කෙසේ වෙතත් 1933 ජුලි 1 දින වන විට එය 85.5 දක්වා ළඟා විය. (සසඳා බලන්න 1935 - 39 = 100 ලෙස ගෙන 2005 දී = 1342 දක්වා තත්වය)



__________අවපාත දර්ශකය__________ ____1929____ ____1931____ ____1933____ ____1937____ ____1938____ ____1940____
සත්‍ය දළ ජාතික නිෂ්පාදනය 101.4 84.3 68.3 103.9 103.7 113.0
පාරිභෝගික මිල දර්ශකය 122.5 108.7 92.4 102.7 99.4 100.2
මුදල් සැපයුම M2 (ඩොලර් බිලියන) 109 75 69 112 89 126
අපනයන (ඩොලර් බිලියන) 46.6 42.7 32.2 45.7 49.3 55.2
විරැකියාව (% අභ්‍යන්තර ශ්‍රම හමුදාව) 3.1 16.1 25.2 13.8 16.5 13.9

1929 දී ඩොලර් වලින්

1935 - 1939 = 100