Jump to content

එක්විසි අනේසය

විකිපීඩියා වෙතින්

භික්‍ෂූන් වහන්සේලා විසින් ගිහියන් සතුටු කිරීම පිණිස නොකල යුතු කාරනා විසි එකක් විනය පිටකයේ සඳහන්වේ. මෙම කාරනා එක්විසි අනේසය නම්වේ.

  1. ගිහියන්ට හුණු, ලී ආදිය දීම
  2. මංගල අවමංගල කටයුතු ආදිය සඳහා ගිහියන්ට මල් දීම
  3. ගිහියන්ට පොල් අතු තල් අතු ආදිය දීම
  4. ගිහියන්ට ගෙඩි ජාති දීම
  5. ගිහියන්ට දැහැටි දඬු දීම
  6. ගිහියන්ට මුව දෝනා පැන් දීම
  7. ගිහියන්ට නෑමට පැන් දීම
  8. ගිහියන්ට ඇඟ ගල්වන සුණු (? සබන්) දීම
  9. ගිහියන්ට ගොඩනැගිලි සඳහා මැටි දීම
  10. තමා පහත් තත්‍වෙයේ තබා ගිහියන් ට උසස්කොට කථාකිරීම
  11. ගිහියන්ගේ සිත් ගැනීම සඳහා බොරු සැබෑ මිශ්‍රකොට කීම
  12. දායකයන්ගේ දරුවන් හුරතල් කිරීම
  13. ගිහියන්ගේ පණිවුඩ ගමින් ගමට ගෙනයාම
  14. ගිහියන්ගේ පණිවුඩ ගෙයින් ගෙට ගෙනයාම
  15. වෙදකම් කිරීම
  16. ගිහියන්ට වැඩකරදීම
  17. තමා ලත් දේ ගිහයන්ට දී ගිහියන් සතුදේ තමාට ගැනීම
  18. අල්ලස් දීම
  19. ගෙබිම් දැක්වීම
  20. නැකැත් කීම
  21. ශරීර ලකෂණ බලා පලාපල කීම
"https://si.wikipedia.org/w/index.php?title=එක්විසි_අනේසය&oldid=304453" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි