Jump to content

ඌර්ධ්වහනුක අස්ථිය

විකිපීඩියා වෙතින්
(ඌර්ධවහනුක දේහයේ අක්ෂිකූප පෘෂ්ඨය වෙතින් යළි-යොමු කරන ලදි)
ඌර්ධ්වහනුක අස්ථිය
පාර්ශ්වික පෙනුම. ඌර්ධ්වහනුක අස්ථිය පහළ වම්පස කොළ පැහැයෙන් දිස් වේ.
පූර්ව පෙනුම. ඌර්ධ්වහනුක අස්ථිය මැද කහ පැහැයෙන් දැක් වේ.
තොරතුරු
පූර්වජ1වන ජලක්ලෝම චක්‍රය[1]
හඳුන්වනයන්
ග්‍රේ ගේp.157
MeSHA02.835.232.781.324.502.645
Dorlands
/Elsevier
Maxilla
TAA02.1.12.001
FMA9711
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව

ඌර්ධ්වහනුක අස්ථිය (ඉංග්‍රීසි: maxilla /mækˈsɪl/)[2] යනු ඌර්ධ්වහනුක අස්ථි දෙකක් සංයුක්ත වීමෙන් සෑදුණු උඩු හනුක අස්ථිය යි. උඩුහනුවට මුඛයේ තල්ල ද අයත් වේ.[3][4] මෙම ඌර්ධ්වහනුක අස්ථි යුගලය සංයුක්ත වී ඇත්තේ අන්තර් ඌර්ධ්වහනුක සීවනිය මගිනි. මෙය අධෝහනුක අස්ථියට (යටිහනුව) සමාන ය. එය ද අධෝහනුක අස්ථි යුගලක් අධෝහනුකයෝගයේ දී සංයුක්ත වීමෙන් සෑදුණකි.

ඇතැම්විට අස්ථික මසුන්ගේ මෙන්, ඌර්ධ්වහනුක අස්ථිය "ඉහළ මැක්සිලාව", ලෙසත්, අධෝහනුක අස්ථිය "පහළ මැක්සිලාව" ලෙසත් හඳුන්වනු ලැබේ. මෙයට ප්‍රතිවිරුද්ධ අයුරින්, පක්ෂීන්ගේ උඩුහනුව බොහෝවිට "ඉහළ අධෝහනුව" ලෙස හඳුන්වන අවස්ථා ඇත.

ව්‍යූහය

[සංස්කරණය]
ඌර්ධ්වහනුක අස්ථියේ ඇතුළ් මතුපිට

සෑම ඌර්ධ්වහනුක අස්ථියක්ම පහත කොටස්වලින් සමන්විත වේ:

සන්ධානයන්

[සංස්කරණය]

සෑම ඌර්ධ්වහනුකාස්ථියක්ම අස්ථි නවයක් සමග සන්ධානය වේ:


ඇතැම්විට එය අක්ෂිකූපයේ මතුපිට සමග සන්ධානය වන අතර, ඇතැම්විට කීලාස්ථියේ පාර්ශ්වික ගරුකාභ තලය සමග ද සන්ධානය වේ.

වර්ධනය

[සංස්කරණය]
උපතේදී උර්ධ්වහනුක අස්ථියේ පූර්ව පෘෂ්ඨය පෙනෙන අයුරු.
උපතේදී ඌර්ධ්වහනුක අස්ථියේ අධර පෘෂ්ඨය පෙනෙන අයුරු.

ඌර්ධ්වහනුක අස්ථිය අස්ථිභවනය වන්නේ පටලවලිනි‍. මෝල්[5] සහ ෆෝසෙට්[6] පවසන්නේ එය අස්ථිභවනය වන්නේ මධ්‍යස්ථාන දෙකකින් පමණක් බවයි. ඉන් එකක් නියම ඌර්ධ්වහනුක අස්ථිය සඳහාත් අනෙක පූර්වෝර්ධ්වහනු අස්ථිය සඳහා බව පැවසේ.

මෙම මධ්‍යස්ථාන ඇතිවන්නේ ප්‍රාග්-ප්‍රසව වර්ධනයේ හයවන සතියේ වන අතර, තෙවන මාසය ආරම්භයේ දී ඒවා ඒකාබද්ධ වේ. නමුත් තල්ලේ මෙම කොටස් දෙක අතර පවතින සීවනිය මැදි දිවිය තෙක් පවතී. මෝල් පවසන්නේ පූර්ව ප්‍රසරය එම මධ්‍යස්ථාන දෙකෙන්ම වර්ධනය වන බවයි.

ඌර්ධ්වහනුක කෝඨරකය, අස්ථියේ නාසා මතුපිට නොගැඹුරු ඇලියක් ලෙස වර්ධනයේ සිව්වන මාසය වන විට දැකිය හැකි ය. නමුත් දෙවන දන්ත න්‍යාසය වනතෙක් එය එහි සම්පූර්ණ ප්‍රමාණය තෙක් වර්ධනය නොවේ.

මුලින් ඌර්ධ්වහනුක අස්ථිය විස්තර කෙරුණේ ස්ථාන හයකින් අස්ථිභවනය වන ලෙසයි. ඒවා නම්.,

  • පළමුවැන්න, අක්ෂිකූපනාසාස්ථි, අස්ථියේ දේහය ඇති කරන අතර, එය අධෝක්ෂකූප නාලයට මධ්‍යව වැටී ඇත. එයට අක්ෂිකූපයේ පාදම සහ නාස් කුහරයේ පාර්ශ්වික බිත්තිය අයත් වේ;
  • දෙවැන්න, යුගාස්ථික, අධෝක්ෂකූප නාලයට පාර්ශ්විකව පිහිටි පෙදෙස මින් සම්භවය වේ. ඒ ැතරට යුග ප්‍රසරය ද ඇතුළත් ය;
  • තෙවැන්න, තාලව, මෙයින් නාසා බිත්තියට සම්බන්ධ වන කොටසේ කෘන්තක නාලයට අපරව පිහිටි තාලව ප්‍රසරය වර්ධනය වේ;
  • සිව්වැන්න, පූර්වෝර්ධ්වහනුක, කෘන්තක දත් දරන කෘන්තක අස්ථිය ඇති කරයි. පහත් පෘෂ්ඨවංශීන්ගේ පූර්වෝර්ධ්වහනුවට අනුරූපව පවතී;
  • පස්වැන්න, නාසා, පූර්ව ප්‍රසරය සහ රදනක දත්වලට ඉහළ පෙදෙස මින් පැනනගී;
  • සහ සයවැන්න, අධෝහලාස්ථික, තාලව සහ පූර්වෝර්ධ්වහනුක මධ්‍යස්ථාන අතරින් හලාස්ථියට පහතින් විහිදේ. මෙම මධ්‍යස්ථානය ඊට අනුරූප ප්‍රතිවිරුද්ධ අස්ථියේ මධ්‍යස්ථානය සමග කෘන්තක නාල එකිනෙකින් වෙන් කරයි.

වයසත් සමග සිදුවන වෙනස්කම්

[සංස්කරණය]

උපතේ දී, අස්ථියේ තීර්යක් සහ පූර්ව-අපර විෂ්කම්භ එහි සිරස් විෂ්කම්භයට වඩා විශාල ය.

පූර්ව ප්‍රසරය හොඳන් සලකුණු වී ඇති අතර, අස්ථියේ දේහය ගර්තික ප්‍රසරයට වඩා මඳක් ‍වැඩියෙන් පිහිටයි. දන්ත කුහර අක්ෂි කූපයේ පත්ළ වෙත ළඟා වේ.

ඌර්ධ්වහනුක කෝඨරකය නාසයේ පාර්ශ්වික බිත්තියේ ඇගිලියක ස්වරූපයෙන් දක්නට ලැබේ. වැඩිහිටියන්ගේ ‍අස්ථියේ සිරස් විෂ්කම්භය විශාල වෙමින්, ගර්තික ප්‍රසරයේ සහ ඌර්ධ්වහනුක කෝඨරකයේ වර්ධනයට මඟ සලසා දේ.

කෘත්‍යය

[සංස්කරණය]
වම් අශ්‍රැ/ඌර්ධ්වහනුක අස්ථියේ බිඳීමක්

ඌර්ධ්වහනුක අස්ථියේ ගර්තික ප්‍රසරය උඩුහනුවේ දත් රඳවා ගනී. එය ඌර්ධ්වහනුක වක්‍රය වෙත යොමු වී ඇත. සෑම ඌර්ධ්වහනුක අස්ථියක්ම පාර්ශ්වකව යුගාස්ථියට (කම්මුල් අස්ථි) සන්ධානය වේ.

සෑම ඌර්ධ්වහනුක අස්ථියක්ම කුහර තුනක මායිම් සෑදීමට දායක වේ:

සෑම ඌර්ධ්වහනුක අස්ථියක්ම නිඛාති දෙකක් ඇතිවීමට ආධාර වේ: එනම් අධෝශංඛක සහ ගරුකාභගාලව නිඛාති සහ පරිඛා දෙකක් වන, අධර අක්ෂිකූප සහ ගරුකාභඌර්ධ්වහනුක පරිඛා වේ.-උඩුහනුවේ සහ පහළ නාසාවිවිරවල මෘදු අස්ථි දරුණ ලෙස හෝ නැවත නැවත හානි වූ විට, ඕනෑම වයසක දී අවට කාටිලේජ පරිහානියට පත් වේ. මෙය මරණයේ දී ද සිදු වේ.

සායනික වැදගත්කම

[සංස්කරණය]

ඌර්ධ්වහනුකාස්ථිය බිඳීම, අස්ථි බිඳීමෙන් මුහුණට සිදුවන හානි විශේෂයකි. ඌර්ධ්වහනුක අස්ථිය බිඳීමට හේතු වන ප්‍රධාන සාධක අතර පහරදීම්, වැටීම් හෝ රථවාහන අනතුරු ප්‍රධාන වේ.

වෙනත් සතුන් තුළ

[සංස්කරණය]

ඇතැම් අවස්ථාවල (උදා. අස්ථික මසුන්ගේ), ඌර්ධ්වහනුක අස්ථිය "ඉහළ ඌර්ධ්වහනුව," ලෙසත් අධෝහනුව "පහළ ඌර්ධ්වහනුව" ලෙසත් හඳුන්වයි. නමුත් පක්ෂීන්ගේ උඩු හනුව "ඉහළ අ‍ධෝහනුව" ලෙස හඳුන්වනු ලබයි.

බොහෝ පෘෂ්ඨවංශීන්ගේ, උඩු හනුවේ අග්‍ර කොටස (ක්ෂිරපායීන්ගේ නම් කෘන්තක දත් සම්බන්ධ වී ඇති) වෙන් වූ අස්ථි යුගලකින් සමන්විත අතර, එය පූර්වෝර්ධ්වහනුක අසථිය නම් වේ. මේවා මිනිසුන් සහ ඇතැම් ක්ෂීරපායීන්ගේ නියම ඌර්ධ්වහනුක අස්ථිය සමග සන්ධානය වී ඌර්ධ්හනුක අස්ථිය සාදා ඇත. අස්ථික මසුන්, උභයජීවීන්, සහ උරගයින් තුළ, ඌර්ධ්වහනුක අස්ථිය සහ පූර්වෝර්ධ්වහනුක අස්ථිය යන දෙකම තල-ආකාර අස්ථි වේ. එමගින් උඩුහනුවේ පැති, සහ මුහුණේ කොටසක් සාදන අතර, එය පූර්වෝර්ධ්වහනුක අස්ථිය සමග එක් වී නාසා විවරවල පහළ සීමාව සාදයි. කෙසේනමුත්, ක්ෂීරපායීන් තුළ, එම අස්ථි ඇතුළු දෙසය වක් වී ඇති අතර, එමගින් තාලව ප්‍රසරය සාදමින් මුඛයේ පියස්ස සෑදීමට උපකාරී වේ.[7]

පක්ෂීන්ගේ නිවැරදිවම පැවසුවහොත් ඌර්ධ්වහනුක අස්ථියක් නොමැති මුත්, එයට අනුරූප හොටයේ (ප්‍රධානව පූර්වෝර්ධ්වහනුක අස්ථිය අන්තර්ගත) කොටස "ඉහළ අධෝහනුව" ලෙස හඳුන්වයි.

මෝරුන් වැනි කාටිලේජ මසුන්ට ද සත්‍ය ඌර්ධ්වහනුක අස්ථියක් නොමැත. ඒ වෙනුවට ඔවුන්ගේ උඩු හනුව නිර්මාණය වී ඇත්තේ කාටිලේජමය දණ්ඩකිනි. නමුත් එය සෙසු පෘෂ්ඨවංශීන්ගේ අනුරූප අස්ථියට සමප්‍රභව නොවේ.[7]

අමතර පින්තූර

[සංස්කරණය]

මේවාත් බලන්න

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ hednk-023 සංරක්ෂණය කළ පිටපත 2015-06-27 at the Wayback Machine - කලල පින්තූර, උතුරු කැරොලිනා විශ්වවිද්‍යාලය
  2. ^ OED 2වන සංස්කරණය, 1989.
  3. ^ මීරියම්-වෙබ්ස්ටර් මාර්ගස්ථ ශබ්දකෝෂය.
  4. ^ ඉලස්ට්‍රේටඩ් ඇනටමි ඔෆ් ද හෙඩ් ඇන්ඩ් නෙක්, ෆෙහ්රෙන්බැච් සහ හෙරිං, එල්සිවියර්, 2012, පිටුව 55
  5. ^ ඇමරිකන් ජර්නල් ඔෆ් ඇනටමි, 1906, වෙළුම. v.
  6. ^ ජර්නල් ඔෆ් ඇනටමි ඇන්ඩ් ෆිසියොලොජි, 1911, වෙළුම. xlv.
  7. ^ a b රෝමර්, ඇල්ෆ්‍රඩ් ෂර්වුඩ්; පාසන්ස්, තෝමස් එස්. (1977). ද වර්ටිබ්‍රේට් බොඩි. ෆිලඩෙල්ෆියා, PA: හෝල්ට්-සෝන්ඩර්ස් ඉන්ටර්නැෂනල්. pp. 217–243. ISBN 0-03-910284-X.

බාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=ඌර්ධ්වහනුක_අස්ථිය&oldid=611908" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි