උස්බෙකිස්තානයෙහි කාන්තාවෝ

විකිපීඩියා වෙතින්
උස්බෙකිස්තානයෙහි කාන්තාවෝ
උස්බෙකිස්තානයෙහි කාන්තාවෝ
ලිංගික අසමානතා දර්ශකය
අගයඅ/නැ
අනුස්ථිතියඅ/නැ
මාතෘ මර්ත්‍යතාව (100,000 ට)28
පාර්ලිමේන්තුවේ කාන්තාවෝ22.1% (2012)
ද්වීතියික අධ්‍යාපනය ලැබූ වයස 25 ට වැඩි කාන්තාවෝ65.9% (2010)
කම්කරු සේවයේ කාන්තාවෝ51% (2014)[1]
ගෝලීය ලිංග පරතර දර්ශකය
අගයඅ/නැ
අනුස්ථිතිය136 අතුරින් අ/නැ
දරුවෙකු සමග කාන්තාවක්

උස්බෙකිස්තානයෙහි කාන්තාවන්ගේ සාමාජීය සහ නෛතික තත්ත්වය වෙත බලපෑම් ඇති කර ඇත්තේ දේශීය සම්ප්‍රදායයන්, ආගම, සෝවියට් පාලනය සහ, නිදහසෙන් පසුව සමාජීය ප්‍රතිමානයන්ගේ වෙනස්වීම් වෙති.[2]

මාතෘ සෞඛ්‍ය සේවාව සහ ගැබ් ගැනීම වළක්වන ඖෂධ සපයා ගත හැකි බව[සංස්කරණය]

ගැබ් ගැනීම වළක්වන ඖෂධ සපයා ගත හැකි බව සහ මාතෘ සෞඛ්‍ය සේවාව අතර සම්මිශ්‍ර ස්වභාවයක් පවතියි. 2003 වසරෙහිදී කාන්තාවන් අතරින් 62.3% ක් නොමිලයේ ලැබෙන ගැබ් ගැනීම වළක්වන ඖෂධ භාවිතා කලහ.[3][4] කෙසේවෙතත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තු කරනුයේ උස්බෙකිස්තානයෙහි කාන්තාවන් අතුරින් 13.7% පමණ ඔවුන්ගේ මීලඟ ගර්භණී භාවය වළක්වාගැනීමට හෝ පමා කිරීමට හෝ කැමැත්තෙන් සිටියද, එසේ කිරීමට ඔවුන්ට නොහැකි වන්නේ ගැබ් ගැනීම වළක්වන ඖෂධ සඳහා පවතින සීමිත ප්‍රවේශය නිසා බවයි.[5] 2000 වසරෙහිදී, රට තුල දළ වශයෙන් වින්නඹු මාතාවන් 20,900 සිටියහ.[6]

බලහත්කාර වන්ධ්‍යකරණය[සංස්කරණය]

බලහත්කාර වන්ධ්‍යකරණය උස්බෙකිස්තානය තුල භාවිතා වන බවට වාර්තා ලැබී ඇත.[7][8][9] 2012 අප්‍රේල් 12 දින බීබීසී ලෝක සේවයෙහි "එසයින්මන්ට්" වාර්තාවක් විසින් සාක්ෂි එළිදරවු වූයේ, ජනගහණයෙහි වර්ධනය පාලනය කිරීමේ රජයෙහි ප්‍රයත්නයක් වශයෙන්, කාන්තාවන්ගේ දැනුවත්බව නොමැතිවද ඔවුන් වන්ධ්‍යකරණය කෙරන බවයි.[10]

දිවි නසාගැනීම[සංස්කරණය]

සිරුරට ගිනි තබා ගැනීම යනු උස්බෙකිස්තානයෙහි කාන්තාවන් අතර සිය දිවි නසාගැනීමෙහි පසිඳු ආකාරයකි.[11] 2001 වසරෙහිදී ඇස්තමේන්තු කර ඇත්තේ දළ වශයෙන් වසරකට කාන්තාවන් 500 පමණ අක්‍රොශකාරී තත්ත්වයන් නිසා සිය දිවි නසා ගන්නා බවයි.[12]

ජාවාරම්කාරී මිනිස් ප්‍රවාහනය[සංස්කරණය]

ජාවාරම්කාරී මිනිස් ප්‍රවාහනය අඩු කිරීමට රජය විසින් කිසියම් ප්‍රයත්නයක් දරන බවට එජා විසින් පිළිගෙන ඇත.[13] නිදසුනක් වශයෙන්, ජාවාරම්කාරී මිනිස් ප්‍රවාහන වල ගොදුරු වලට ලක් වන්නන් හට සෘජු දුරකතන පහසුකම් ලබා දී ඇති අතර,[14] ජාවාරම්කාරී මිනිස් ප්‍රවාහන සඳහා වසර පහක සිට අටක් දක්වා සිර දඬුවම් නියම වෙයි.[3][4]

කෙසේවෙතත්, ජාවාරම්කාරී මිනිස් ප්‍රවාහන තවමත් පවතින්නේ, ජාවාරම්කාරී ලෙසින් ප්‍රවාහනය කෙරුණු කාන්තාවන් සඳහා උස්බෙකිස්තානය සැපයුම්කරුවෙකු සහ ගැනුම්කරුවකු වන බැවිණි.[15][4]”ජාවාරම්කාරී මිනිස් ප්‍රවාහනය සිදුවන්නේ ‘ස්ථානාන්තර ප්‍රවාහන’ වෙළෙඳාමෙහි දිගුවක් වශයෙනි. ළමුන් බලාගන්නා කාන්තාවන්, උගන්වන්නන් හෝ ළදරුවන් බලාගන්නන් ලෙසින් සේවා නියුක්තිය පොරොන්දු වෙමින් කාන්තාවන් සංචාරක වීසා මත ප්‍රවාහනය කෙරෙන මුත්, බොහෝ විට ලිංගික කර්මාන්තයෙහි ශ්‍රමිකයන් ලෙසින් කෙළවර වෙති.”[12]

කාන්තාවන්ගේ ආර්ථික ඉඩප්‍රස්ථා[සංස්කරණය]

කාන්තාවන්ගේ ආර්ථික ඉඩප්‍රස්ථා ඉහළ නැංවීම සඳහා උපකාර කිරීමට උස්බෙක් රාජ්‍යය විසින් වැඩසටහන් ක්‍රියාත්මක කරන නමුදු, අනවරත ගැටළු පවතියි. නිදසුනක් ලෙසින්, ශ්‍රමික වෙළෙඳපොළ, ස්ත්‍රී-පුරුෂ භාවය අනුව වෙන්ව තිබෙන අතර, සාමාන්‍යයෙන් කාන්තාවන් සඳහා අඩු වේතනයක් ගෙවනු ලබයි.[16] "නිෂ්පාදන-නොවන ක්ෂේත්‍රයෙහි නුපුහුණු පුද්ගලයන්ගෙන් සමස්තයම පාහේ කාන්තාවන් වෙතින් සමන්විත වෙයි.”[3][4] රාත්‍රී සේවය හෝ අතිකාල සේවය හෝ සඳහා කානතාවන් භාවිතා කිරීමද සිදු කල නොහැක්කකි.[3] 2003 වසර වන විට, ලිංගික වද හිංසා වෙනුවෙන් ක්‍රියාත්මක නීතියක් නොතිබුණි.[17]

ආබාධිත දරුවන් හෝ බොහෝ දරුවන් හෝ සහිත මවුවරුන් හට වයස වසර 50 වන විට විශ්‍රාම ගිය හැකිවෙයි—එනම් නියම කර ඇති විශ්‍රාම ගන්වන වයසට (55) වඩා වසර පහක් පමණ පෙරදී.[3]

කාන්තාවන්ගේ නෛතික අයිතිවාසිකම් සහ රජය තුල ඔවුන්ගේ නියෝජනය[සංස්කරණය]

2004 වසර වන විට, උස්බෙකිස්තානයෙහි මැතිවරණ නීතිය විසින් අවශ්‍යව තිබුණේ, පාර්ලිමේන්තුව සඳහා මැතිවරණ වලදී දේශපාලන පක්ෂ විසින් අවම වශයෙන් කාන්තා අපේක්ෂකයන් සියයට 30ක් යෝජනා කළ යුතු බවයි. කෙසේවෙතත්, රජයේ සෑම මට්ටමකම, කාන්තා අවනියෝජනය, ජන්ම පුරුද්දක් ලෙසින් පවතියි.[4]

උස්බෙකිස්තානය තුල සර්වජන ඡන්දබලය පවතියි;[3] කෙසේවෙතත්, "මහජන මතය පිළිබඳ මධස්ථානය විසින් සිදු කෙරුණු සමීක්ෂණ තුලින් ලද දත්ත පරිදී, නාගරික කාන්තාවන් අතුරින් 64% ක්ද ග්‍රාමීය කාන්තාවන් අතුරින් 50% ක්ද විශ්වාස කරනුයේ, දේශපාලන බලගෝලය තුල කාන්තා අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීම සඳහා වැඩි අවස්ථාවක් පුරුෂයන් සතු බවයි".[3]

බලහත්කාර විවාහ සහ මනාලියන් පැහැරගෙන යෑම[සංස්කරණය]

රටෙහි සමහර කොටස් වල, විශේෂයෙන්ම කුරාකල්පක්ස්තානයෙහි මනාලියන් පැහැරගෙන යෑම තුලින් සිදුවන බලහත්කාර විවාහ පවතියි. [18] මනාලියන් පැහැරගෙන යෑම සහ ආර්ථික අස්ථායිබව අතර සම්බන්ධයක් ඇති බව විශ්වාස කෙරෙයි. විවාහෝත්සව අධික වශයෙන් මිල අධික විය හැකි අතර, පැහැරගෙන යෑම වෙතින් උත්සවය සඳහා වන වියදම මෙන්ම මනාලිය වෙනුවෙන් ගෙවිය යුතු මුදලද වැලැක්වෙයි.[19] සමහරක් උගතුන් වාර්තා කරනුයේ, අව ප්‍රමාණ අධ්‍යාපනයක් ලැබූ සහ මත්ද්‍රව්‍ය හෝ මද්‍යසාර හෝ ප්‍රශ්න සහිත සහ එබැවින් එතරම් ප්‍රිය නොඋපදවන පුරුෂයන් විසින් ඔවුන්ගේ මනාලියන් පැහැරගෙන යෑමට වැඩි ප්‍රවණතාවයක් දක්වන බවයි.[20]

ආශ්‍රිත[සංස්කරණය]

  1. http://data.worldbank.org/indicator/SL.TLF.ACTI.FE.ZS/countries
  2. (PDF) https://web.archive.org/web/20131021231253/http://www.theadvocatesforhumanrights.org/uploads/uzbekreport.pdf. ඔක්තොම්බර් 21, 2013 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය ඔක්තොම්බර් 21, 2013. {{cite web}}: Missing or empty |title= (help); Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  3. 3.0 3.1 3.2 3.3 3.4 3.5 3.6 "කන්වෙන්ෂන් ඔන් දි එලිමිනේෂන් ඔෆ් ඕල් ෆෝම්ස් ඔෆ් ඩිස්ක්‍රිමිනේෂන් එගේන්ස්ට් විමෙන්". Un.org. සම්ප්‍රවේශය 2015-05-22.
  4. 4.0 4.1 4.2 4.3 4.4 "දි යුනයිටඩ් නේෂන්ස් හියුමන් රයිට්ස් ට්‍රීටීස්". Bayefsky.com. සම්ප්‍රවේශය 2015-05-22.
  5. "යුනයිටඩ් නේෂන්ස් ස්ටැටිස්ටික්ස් ඩිවිෂන්". Unstats.un.org. සම්ප්‍රවේශය 2015-05-22.
  6. https://web.archive.org/web/20110521075829/http://www2.ohchr.org/english/bodies/cescr/. මැයි 21, 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය මැයි 28, 2011. {{cite web}}: Missing or empty |title= (help); Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  7. "බීබීසී නිවුස් - උස්බෙකිස්තාන්ස් පොලිසි ඔෆ් සීක්‍රට්ලි ස්ටෙරිලයිසිං විමෙන්". බීබීසී නිවුස්. සම්ප්‍රවේශය 20 ජනවාරි 2015.
  8. "බීබීසී රේඩියෝ 4 - ක්‍රොසිං කන්ටිනන්ට්ස්, ෆෝර්ස්ඩ් ස්ටෙරිලයිෂේසන් ඉන් උස්බෙකිස්තාන්". බීබීසී. සම්ප්‍රවේශය 20 ජනවාරි 2015.
  9. "බර්ත් කන්ට්‍රෝල් බයි ඩික්‍රි ඉන් උස්බෙකිස්තාන්". ඉන්ස්ටිට්‍යුට් ෆො වෝ ඇන්ඩ් පීස් රිපෝටිං. සම්ප්‍රවේශය 20 ජනවාරි 2015.
  10. "බීබීසී වර්ල්ඩ් සර්විස් - එසයින්මන්ට් , ෆෝර්සිබ්ල් ස්ටෙරිලයිෂේසන් ඉන් උස්බෙකිස්තාන්". බීබීසී. සම්ප්‍රවේශය 20 ජනවාරි 2015.
  11. "ඉන්ස්ටිට්‍යුට් ෆො වෝ ඇන්ඩ් පීස් රිපෝර්ටිං| ගිවිං වොයිස්, ඩ්‍රයිවිං චේන්ජ්". Iwpr.net. සම්ප්‍රවේශය 2015-05-22.
  12. 12.0 12.1 "IWRAW මුල් පිටුව". Iwraw.igc.org. සම්ප්‍රවේශය 2015-05-22.
  13. UN, CEDAW: (කන්ක්ලූඩිං ඔබ්සර්වේෂන්ස්, 2006) 5
  14. UNFPA, ස්ටේට් ඔෆ් ද වර්ල්ඩ් පොපියුලේෂන් 2006:( අ පැසේජ් ටු හෝප්; විමෙන් ඇන්ඩ් ඉන්ටර්නැෂනල් මයිග්රේෂන්, 2006) 49
  15. https://web.archive.org/web/20110430013855/http://www2.ohchr.org/english/law/ccpr.htm. අප්‍රේල් 30, 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය මැයි 28, 2011. {{cite web}}: Missing or empty |title= (help); Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  16. CEDAW: කන්ක්ලූඩිං ඔබ්සර්වේෂන්ස්, 2006, උස්බෙකිස්තාන්
  17. "නොට් අ මිනිට් මෝ : එන්ඩිං වයලන්ස් අගේන්ස්ට් විමෙන්" (PDF). Cities-localgovernments.org. සම්ප්‍රවේශය 2015-05-22.
  18. ඇලේනා ඇමිනෝවා, "උස්බෙකිස්තාන්: නෝ ලව් ලොස්ට් ඉන් කුරාකල්පක් බ්‍රයිඩ් තෙෆ්ට්ස්" සංරක්ෂණය කළ පිටපත 2016-03-03 at the Wayback Machine, ඉන්ස්ට්‍යුට් ඔෆ් වෝ ඇන්ඩ් පීස් රිපෝටිං, 14 ජූනි 2004
  19. බලන්න ඇමිනෝවා; ජමිලා සුජුඩ් සහ රෂිඩ් මුසායෙෆ්, "බ්‍රයිඩ් කිඩ්නැපිං රිටර්න්ස් ඉන් සෙන්ට්‍රල් ඒෂියා, සෙන්ට්‍රල් ඒෂියා ඔන්ලයින්, 18 ජනවාරි 2010
  20. ජමිලා සුජුඩ් සහ රෂිඩ් මුසායෙෆ්, "බ්‍රයිඩ් කිඩ්නැපිං රිටර්න්ස් ඉන් සෙන්ට්‍රල් ඒෂියා", සෙන්ට්‍රල් ඒෂියා ඔන්ලයින්, 18 ජනවාරි 2010