Jump to content

උල්පත් පෑන

විකිපීඩියා වෙතින්
ඉරිඩියම් අගකින් යුත් නුදුස් වානේ තුඩක් ඇති සාම්ප්‍රදායික උල්පත් පෑනකැ සමීප රුවක්.

උල්පත් පෑනක් යනු උල්පත් පෑන් සඳහා සුදුසු දිය-පදනම් තීන්ත හෝ වෙසෙස් වර්ණක තීන්ත හෝ කඩදාසි මත අපැහැසීමට[1] ලොහො තුඩක් යොදාගන්නා ලිවීමේ උවාරණයකි. තීන්ත රඳවා තබාගනුව අබතුරු රැස්යුරුවක්[2] යොදාගැනෙනුයෙන් එය පෙරැ වූ කටු(?) පෑන් (dip pens) වලින් වෙන්කැරැ හඳුනාගත හැකි අතර ලියද්දී පෑන පුන පුනා තීන්ත කූඩුවකැ ගිල්වීම නූමනා වේ. පෑන රැස්යුරුවේ සිටැ තුඩ වෙත පුස්නාව හරහා තීන්ත ඇදැ-ගන්නා අතර කෑදියේ[3] හා කෙහෙනලයුරු ඇදීමේ[4] හා එකතුවක් මඟින් තීන්ත කඩදාසි මත තැන්පත් කරයි. රැස්යුරුව තීන්තයෙන් පිරැවීම අතින් කළ හැකියි. ඒ ඇහිබිඳුලනයක් (eyedropper) හෝ සුවිදුම් බටයක් (සිරින්ජයක්) හෝ මඟින්, හෝ තුඩ හරහා කෙලින් මැ රැස්යුරුවට තීන්ත මාරු කරනුව උරාගැනීමක් (නිදසුනක් ලෙස, පිස්ටන් යාන්ත්‍රණයක් හරහා) හෝ රික්තයක් හෝ ඇති කරන අබතුරු පිරැවුම් යාන්ත්‍රණයක් මගිනි. ඇතැම් පෑන් පෙරැ-පිරවු තීන්ත සුරටි[5] අයුරුවෙන් ඇති ඉවත් කළ හැකි රැස්යුරුවලින් යුතු යි.

  1. අපැහැසිය - Application (https://kirimithuru.blogspot.com/2014/11/blog-post_74.html)
  2. Internal reservoir
  3. Gravity
  4. Capillary action
  5. pre-filled ink cartridges
"https://si.wikipedia.org/w/index.php?title=උල්පත්_පෑන&oldid=671076" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි