උභයදිශා සර්වසම සංඛ්‍යාව

විකිපීඩියා වෙතින්

උභයදිශා සර්වසම සංඛ්‍යාවක් යනු, එහි සංඛ්‍යාංක ප්‍රතිවර්තනය කල විට එකම අගයෙහි පවතින සංඛ්‍යාවකි. නිදසුනක් ලෙසින් 16461 මෙන්, එය "සමමිතික" වෙයි. ( දශම ක්‍රමයෙහි) පළමු උභයදිශා සර්වසම සංඛ්‍යා 30 වන්නේ:

0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 11, 22, 33, 44, 55, 66, 77, 88, 99, 101, 111, 121, 131, 141, 151, 161, 171, 181, 191, 202, … (OEIS හි A002113 අනුක්‍රමය).

උභයදිශා සර්වසම සංඛ්‍යා වලට වැඩි අවධානයක් යොමු වන්නේ විශ්‍රාන්තිජනක ගණිතය නම් විෂයක්ෂේත්‍රයෙහිය. කිසියම් ගුණාංගයක් සහ අනෙකක් සහිත සංඛ්‍යා සඳහා සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් විමසෙන විට එම අනෙක වන්නේ උභයදිශා සර්වසම යන්න වෙයි. නිදසුනක් වශයෙන්:

දශම ක්‍රමයෙහිදී උභයදිශා සර්වසම සංඛ්‍යා[සංස්කරණය]

පාදම 10 සංඛ්‍යා ක්‍රමයෙහි, එක් සංඛ්‍යාංකයක් පමණක් සහිත සියළු සංඛ්‍යා උභයදිශා සර්වසම වෙති. සංඛ්‍යාංක දෙකක් සහිත උභයදිශා සර්වසම සංඛ්‍යා ගණන 9 කි:

{11, 22, 33, 44, 55, 66, 77, 88, 99}.