උපේක්ෂාව
මෙම ලිපිය සතුව වෙනත් විකිපීඩියා ලිපිවලට සබැඳුම් නොමැත. (2013 ජූනි) |
බුදු දහමේ දැක්වෙන ආකාරයට උපේක්ෂාව (පාලි - උපේක්ඛාව) යනු යමක් දෙස මැදහත් සිතින් බැලීමය.
පාලි අට්ඨ කතා වල බොහෝ තැන්හි කෙනෙකුගේ අධ්‍යාත්මික දියුණුව කෙරෙහි උපේක්ඛාවේ බලපෑම විස්තර කර ඇත.
- එය සතර බ්‍රහ්ම විහරණ වලින් එකකි.
- භාවනාවෙන් සමාධිය ඇති කරගැනීමට උපේක්ෂාව අත්‍යවශ්‍ය වේ.
- නිර්වාණය සඳහා අවශ්‍ය කරුණු 7 (සප්ත බොජ්කධංග ධර්ම)
- දස පාරමිතා.
උපේක්‍ෂාව නම් පුද්ගල සිත් සතන් තුළ ඇතිවන නොසැලෙන මැදිහත් බව ලෙස දැක්විය හැකි ය. එය අලසකම, අඥාණභාවය ආදිය නිසා ඇතිවන, කිසිම දෙයක් ගණන් නොගෙන සිටීමේ ස්වභාවය නොවේ. ලෝක ස්වභාවය හා ජීවිත ස්වභාවය පිළිබඳ මනා වැටහීමකින් යුතුව, සිතෙහි සමබරතාව පවත්වා ගැනීම අපේක්‍ෂා කෙරේ. සමාජයේ දී දෛනිකව හමුවන විවිධ කරුණු සහ දුක්වන්නන් අනුව දුක්වීමටත්, සතුටට පත්වන්නත් අනුව සතුටුවීමටත් යාම නිසා සිතේ සමබරතාව විනාශ වී යයි. එක් එක් පුද්ගලයා කෙරෙහි, මෙන්ම එක් එක් වස්තූන් කෙරෙහි ඇති තද ඇල්ම, තද ආශාව නිසාද උපේක්‍ෂා ගුණය විනාශ වේ. එබැවින්, සැමවිටම ඇලීම්, ගැලීම් ගැටුම් අනුරෝධ, විරෝධ නොතකා අවබෝධයෙන් යුතුව, මධ්‍යස්ථ පැවැත්ම දියුණු කර ගැනීම තුළින්, උපේක්‍ෂා ගුණය වර්ධනය කර ගත හැකි වේ. සැමවිටම සමාජයේ සියලුදෙනා එකිනෙකා කෙරෙහි උපේක්‍ෂාවෙන් යුතුව කටයුතු කරන්නේ නම් එහි විරුද්ධවාදීන් හෝ ගැටුම් ඇති නොවේ. (එස්.ඩබ්ලිව්. ගුණරත්න ශ්‍රී ලංකා පරිපාලන සේවය (විශ්‍රාමික))