උපුටා ගැනීමේ ඓතිය පිළිබඳ නීතිය - ඉතිහාසය

විකිපීඩියා වෙතින්

ඉතිහාසය[සංස්කරණය]

උපුටා ගැනීමේ අයිතිය මුද්‍රණාල බිහි වීමෙන් පසු පුළුල්ව පැතිරුණු සාක්ෂරතාවයත් සමග ආරම්භ විය. නීතිමය සංකල්පයක් ලෙස මූලිකව මෙය දහ අටවන සියවසේ ආරම්භයේදී බ්‍රිතාන්‍යයේදී මුද්‍රණකරුවන්ගේ ඒකාධිකාරයට ප්‍රතික්‍රියාවක් ලෙස ප්රතිස්ඨාපනය විය. 2වන චාල්ස් රජු විසින් නීත්‍යානුකූල නොවන කෘතීන් පිළිබඳ සලකා බලා බලපත්‍ර පනත 1662 පාර්ලිමේන්තු පනතක් මගින් ඉදිරිපත් කරන ලදී. මෙමගින් බලපත්‍රලාභි කෘතීන්ගේ ලේඛණයක් ආරම්භ වූ අතර මුද්‍රණකරුවන් හට එම පොත් ලියාපදිංචිය සඳහා තැන්පතුවක් තැබීමට නියම කරන ලදී.

ඈන් පනත යනු ප්රථම නියමාකාර උපුටා ගැනීමේ අයිතිය පිළිබඳ පනතකි. එමගින් ප්‍රකාශකයන් හට එම උපුටා ගැනීමේ අයිතිය අදාල කාලය නිමා කිරීමට ස්ථාපිත කාලයක් නියම කරන ලදී. මෙය නීතිමය සංකල්පයක් ලෙස පොත් සහ සිතියම් සෑම නව්ය කර්මාන්තයකට අනුකූලවම ප්‍රකාශ කිරීමට වර්ධනය විය. වත්මනෙහි මෙය ශ්‍රව්‍ය පටිගත කිරීම්, සිනමා පට, ඡායාරූප, මෘදුකාංග සහ ගෘහනිර්මාණ කාර්යයන් යනාදී පුළුල් පරාසයක් ආවරණය කරයි.

1886 දී බර්න් කන්වෙන්ශන් මගින් ප්‍රථමවරට ද්විපාර්ශවික වෙනුවට පරම ජාතිකයන් අතර අයිතිය ස්ථාපිත කරන ලදී. මේ යටතේ නිර්මාණශීලී කාර්යයන් සඳහා උපුටා ගැනීමේ අයිතිය නැවත දැක්විය යුතු නොවේ. මක්නිසාද යත් එය ස්වකීයවම නිර්මාණයේදී දායාද වන බැවිනි. ලේඛකයෙකු විසින් බර්න් කන්වෙන්ශන් වෙත සාමාජික වූ රටවල් වලදී උපුටා ගැනීමේ අයිතියට ලියාපදිංචි වීමට හෝ ඉල්ලුම් කිරීමට අවශ්‍ය නොවේ. යම් නිර්මාණශීලී කාර්යයක් ස්ථාපිත ඌ වහාම එම නිර්මාණකරුවා එම නිර්මාණයට හෝ එහි ව්යුත්පන්නයන්ට ස්වයංක්‍රීම සියලුම උපුටා ගැනීමේ අයිතීන් පිළිබඳ කාර්යයන් සඳහාම සුදුසුකම් ලබයි. මෙමගින් විදේශීය නිර්මාපකයන්ද දේශීය නිර්මාපකයන් හා සමානවම එයට අත්සන් තැබූ සෑම රටකදීම අනුමත වේ. එක්සත් රාජධානිය විසින් මේ සඳහා 1887 දී අත්සන් තැබූ නමුත් එහි බොහෝ කොටස් වසර 100යක් අට පසුව 1988දී උපුටා ගැනීම් නිර්මාණ සහ පේටන්ට් පනත සම්මත වන තුරුම භාවිතයට නොගැනුනි. එක්සත් ජනපදය මෙයට 1989 වනතුරුම අත්සන් නොතබන ලදී.

එක්සත් ජනපදය සහ බොහෝ ලතින් ඇමරිකානු රටවල් මේ වෙනුවට 1919දී බුවනෝස් අයර්ස් කන්වෙන්ශන් වෙත අත්සන් තබන ලදී. මෙමගින් උපුටා ගැනීම තහනම් යනුවෙන් සඳහන් කිරීම අවශ්‍ය

විය. එසේම අත්සන් තැබූ රාජ්යයන් හට කාල සීමා පැනඅදාවකාශ සකසන ලදී. විශ්වීය උපුටාගැනීම් පිලිබඳ පනත 1952දී එලිවනදකන ලද අතර සෝවියට් දේශය වැනි ජාතීන් මගින්ද අනුමත කරන ලදී.

බර්න් කන්වෙන්ශන්හි ඇතුලත් රෙගුලාසි ලෝක වෙලඳ සංවිදානයේ ටී ආර් අයි පී එස් ගිවිසුම මගින් එකි දකවන ලදී. 2002දී ඩබ්ලිව් අයි පී ඕ උපුටා ගැනීමේ පනත මගින් තාක්ශණය උපුටා ලබාගැනීම භාවිතය සදහා ඉතා ඉහල නීති පනවන ලදී.

තවත් බලන්න[සංස්කරණය]