Jump to content

උපාලි විජේවර්ධන

විකිපීඩියා වෙතින්
උපාලි විජේවර්ධන
උපත(1938-02-17)17 පෙබරවාරි 1938
කඹුරුපිටිය, ශ්‍රී ලංකාව
අතුරුදහන්වූයේ13 පෙබරවාරි 1983(1983-02-13) (වයස 44)
මලක්කා සමුද්‍රසන්ධිය
අධ්‍යාපනයරාජකීය විද්‍යාලය, කොළඹ
උගත් ශාස්ත්‍රාලයක්වීන්ස් කොලෙජ්, කේම්බ්‍රිජ්
වෘත්තියව්‍යාපාරිකයා
සංගණ්‍ය වන්නේඋපාලි සමූහයෙහි ආරම්භකයා (කැන්ඩොස් චොකලට්, උපාලි එයාර් සහ උපාලි පුවත්පත්)
Spouseලක්මිණි රත්වත්ත
ඥාතීන්

පිලිප් උපාලි විජේවර්ධන (17 පෙබරවාරි 1938 – 13 පෙබරවාරි 1983: ඉංග්‍රීසි: Upali Wijewardene) යනු ශ්‍රී ලාංකික ව්‍යාපාර අධිපතියෙක් සහ ව්‍යවසායකයෙක් විය. 1983 වසරෙහිදී, විජේවර්ධන සතුව ඇඑ $50 මිලියන අගයක ශුද්ධ වටිනාකමක් සතුවිය. ඔහු උපාලි සමූහයෙහි ප්‍රාරම්භකයා සහ සභාපතිවරයා වූ අතර, එය ශ්‍රී ලංකාවෙහි පළමුවන බහු-ජාතික ව්‍යාපාරය විය. උපාලි සමූහය සතුව, එජ, එරා, මලයාසියාව, තායිලන්තය, සිංගප්පූරුව සහ හොං කොං යන දේශයන්හී ව්‍යාපාර විය.[1] රසකැවිලි කර්මාන්තයෙහි සිට ඉලෙක්ට්‍රොනික කර්මාන්තය, මෝටර් රථ නිෂ්පාදනය, ප්‍රකාශනය, මුද්‍රිත මාධ්‍යය, විනෝදන කර්මාන්තය, සහ ගුවන් සේවා කර්මාන්තය දක්වා උපාලි සමූහය විවිධාංගීකෘත විය. එය විසින්, කැන්ඩොස්, ඩෙල්ටා, යුනික්, උපාලි එයාර්, උපාලි මැස්ඩා සහ උපාලි පුවත්පත් යන දේ ඇතුළු විවිධ සන්නාමයන් ප්‍රවර්ධනය කල අතර, එරා ඉන්සයිට් සඟරාව පැවසූ පරිදී මේ දේ මස්තකප්‍රාප්ත කෙරුණේ "වැඩි වශයෙන් නිර්භීතකම සහ බුද්ධිය" මගින් විය. [2]

ඔහුගේ පෞද්ගලික ලියර් ජෙට් යානය, කොළඹ වෙත පියාසර කිරීම සඳහා 1983 පෙබරවාරි 13 දිනදී මලයාසියාවෙන් පිටත්ව සුළු වේලාවකින් මලක්කා සමුද්‍ර සන්ධියට ඉහලදී අතුරුදහන්වීම හා සමගම විජේවර්ධන මිය ගිය බවට පූර්වානුමේය කෙරිණි.[3]


ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ "ද ප්‍රසිඩන්ට් වී නෙවර් හෑඩ් 37ත් රිමෙම්බ්‍රන්ස් ඔෆ් උපාලි විජේවර්ධන". ඩේලි මිරර්. සම්ප්‍රවේශය 2021-06-08.
  2. ^ "උපාලි විජේවර්ධන ද කොලෝසස්". ඩේලි නිවුස්. සම්ප්‍රවේශය 2021-06-08.
  3. ^ "ද මිස්ටීරියස් ඩිසපියරන්ස් ඔෆ් උපාලි 37 ඉයර්ස් අගෝ". සිළුමිණ. 20 නොවැම්බර් 2020. සම්ප්‍රවේශය 2021-06-08.
"https://si.wikipedia.org/w/index.php?title=උපාලි_විජේවර්ධන&oldid=779762" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි