උපරිම අහංභාවය හෝ අධි අහංභාවය (Super-ego)

විකිපීඩියා වෙතින්

ප්‍රොයිඩ්ගේ සිද්ධාන්ත අනුව අධි අහංභාවය(Super-ego) යනු පියෙකු වැනි චරිතය සහ සංස්කෘතික නියාමකයන් සමාග්‍රහණය කිරීමයි. අධි අහංභාවය ආශාවන්ට විරුද්ධව නැගී සිටී. එනම් egoවලට ප්‍රතිවිරුද්ධ අදහස දරයි. එමනිසා ‍ අධි අහංභාවය යනු අපගේ සදාචාරය සහ නීති විරෝධී ක්‍රියා නිෂේධනය කරන සිහි බුද්ධියක් ලෙස හැඳින්විය හැක. මෙය ගොඩ නැගෙන්නේ ළදරුවාගේ මවට ඇති ඇල්ම ක්‍රමයෙන් අඩු වීමත් සමගය. එනම් කුඩා දරුවාම තම මව කෙරෙහි ඇති ආදරය, බිය නැති කරීමට සාර්ථක ලෙස යොදා ගැනීමට නොහැකි වූ කළ පීතෘ චරිතය සමාග්‍රහණය කර ගැනීමත් සමග අධි අහංභාවය සිත තුළ බිහි වෙයි.

අධි අහංභාවය පීතෘ චරිතය වැන්නක් ආදේශ කර ගත්ත ද , ළදරුවා මවට දක්වන බැඳීම ප්‍රබල නම් හෝ එය ඉතා වේගයෙන් යටපත් කර දැමීමට නතු වේ නම් (ආගමික, පාලන, ඉගැන්වීම් සහ කියවීම්වල බලපෑ‍ම නිසා) (ego) අහංභාවයට වඩා අධි අහංභාවය පාලන බලය රඳා ගනී. එය ඥානාත්මක හෝ විඥාන වැරදි හැඟීමක් වැනි අයුරින් නිරූපණය විය හැක.

සිග්මන්ඩ් ප්‍රොයිඩ් විසින් ශිෂ්ටාචාර සම්භවය සහ එහි අතෘප්තිය පිළිබඳ කටයුතු කළ අතර සංස්කෘතිමය අධි අහංභාවය පිළිබඳ සංකල්පයක් ගොඩ නගන ලදී.අධි අහංභාවය සහ ඉඩිපස් සංකීර්ණය ලිංගිකත්වය වැඩිපුර යොදා ගැනීම නිසා විවේචනයට ලක්වී ඇත. කාන්තාව පුමගකරණයට ලක් වී ඇති නිසා පියා සමග ප්‍රතිබද්ධ වීම දුර්වල වෙයි. එම නිසා ඇතිවන අධි අහංභාවය දුර්වල අතර සදාචාර විරෝධ සහ ලිංගිකත්වයේ ගැටළු ඇති වීම පහසුවෙන් ලක් වේ.