උතුරු රාජවංශ

විකිපීඩියා වෙතින්

උතුරු වෙයි බෞද්ධ මෛත්‍රිය රන් - ලෝකඩ කුඩා ප්‍රතිමාව , ක්‍රි.ව 443.

උතුරු වෙයි රාජ වංශයේ (ක්‍රි.ව 386 – 534 ) පළමු භාගයේදී උතුරු චීනයේ බල පැවැත්වූ ෂියාන් බෙයි ස්ටෙප් තණ බිමේ ගෝත්‍රික වාසීන් ඔවුන් හා ඔවුන්ගේ චීන විෂයන් අතර දැඩි නීතියක් පවත්වා ගත්තේය. බදු එකතු කිරීම ආදියට පත් කර සිටි නිළධාරීන් මණ්ඩලයකට චීන්නු තෝරා ගන්නා ලදී. කෙසේ වෙතත් චීන්නු බොහෝ උසස් බලවතුන්ගෙන් ඈත්ව සිටියහ. බලය එක් වූ තැන (උතුරු වෙයි හි පළමු අගනගරය වන පින්චෙන් වැනි - වර්තමානයේ උතුරු ෂැන්සි පළාතේ ) ඔවුන් ගැවසුනේ සුළු වශයෙනි.

පියා ෂියාන්බෙයි ජාතිකයෙක්ද මව චීන ජාතික කාන්තාවක්ද වූ උතුරු චීනයේ ක්ෂියා ඔවෙන් අධිරාජ්‍යයාගේ පැමිණීම සමගම උතුරු චීනයේ සමාජ හා සංස්කෘතික විපර්යාසයන් පුළුල්ව පැතිරෙන්නට විය. ඔහුගේ රාජ්‍යය කාලය ක්‍රි.ව 471 – 499 විය. ෂියන් බෙයි ගෝත්‍රයේ ටුවෝබා පෙළපතේ අයෙක් වුවද ඔහු තම ද්විත්ව ෂියන් බෙයි - චීන අනන්‍යතාව චීන යුආන් (මූලික) වලින් පසු තමාගේ වංශය බවට නැවත නම් කළේය. 493 දී ෂියාඔවෙන් අධිරාජ්‍යයා ක්ෂියාවෙයි උසස් ජනයා කීකරු වූ නව වැඩ සටහනක් ආරම්භ කළේය. මෙම සමාජ ප්‍රතිසංස්කරණ අතර ෂියාන්බෙයි ඇඳුම තහනම් කර චීන ඇඳුම ඇඳීම, අවුරුදු 30 ට අඩු නම් චීන භාෂාව ඉගෙනීම , ෂියාන්බෙයි පවුල්වලට චීන නාම ලබාදීම සහ චීන පවුල් ෂියාන් බෙයි ඉහළ වංශිකයන් අතර විවාහ සිදුවීම ඇතුළත් විය. ෂියාඔවෙන් තම අගනගරය පින්චෙන්ග් හි සිට චීනයේ පුරාණ රාජකීය භූමියක් වූ ලුවොයෑං වෙත ගෙන ගියේය. මුල් කාලයේ නැගෙනහිර හැන් සහ බටහිර ජින් රාජ වංශවල අගනගරය වූයේද එයමය. නව අගනගරය ප්‍රාණවත් ලෙස වෙනස් විය. 495 වන විට 1,50,000 පමණ ෂියාන්බෙන්වරු සහ වෙනත් උතුරු සටන් කරුවන් උතුරේ සිට දකුණට අගනගරයේ නව තනතුරු සඳහා පැමිණියහ. දශක දෙකක් තුළ ජනගහණය මිලියන භාගයක් පමණ දක්වා වැඩි විය. තවද, එය බෞද්ධ පන්සල් දහසකට නවාතැන් විය. නම්බුකාර ලැන්ග්යි වොන්ග් පෙළපතේ වොන්ග් ෂු වැනි දකු‍ණෙන් පැමිණි කැරලිකරුවන් ඔවුන්ගේම ලුවොයෑංග් ජනපදයක් පිහිටුවා ගත්හ. එය ලුවොයෑංවලින් ¼ ක් වූ අතර එහි පවුල් 3000 කට වැඩි පිරිසකට නවාතැන් වූයේය. උතුරේ බහුල ලෙස තිබූ යෝගට් බීම වෙනුවට ඔවුන් තේ බෙදා දීම කරන ලදී.


උතුරු වෙයි වෝල් මුරල් සහ පාට කරන ලද කුඩා ප්‍රතිමා - යුන්ගෑං ගුහා

වසර 523 දී උතුරු වෙයිහි ඩෝන්යෑං, දුන්ගුවෑං ප්‍රදේශයට යවන ලදී. ඒ අවුරුදු 15 ක කාලයක් එය පාලනය කිරීමටය . චීන සමාජයේ බුද්ධාගමේ ආගමික බලය පිළිගැනීමට ලක්වීමත් සමගම ඩෝන්යෑං කුමරු සහ දේශීය ධනවත් පෙළපත් බුද්දාගමට ගරු කිරීමක් වශයෙන් ඉතා උසස් ව්‍යාපෘතියක් ආරම්භ කළහ. එය නම් අලංකාර ප්‍රථිමා සහිත මොගාවෝ ගුහා 285 ය. මෙම නිර්මාණය දුන්ගුවෑංහි කලා නිපුණත්වය පෙන්වමින් ශත වර්ෂ ගණනාවක් පැවතී දැනට එය සංචාරක තොටුපලක් බවට පත් වී ඇත.

523 වර්ෂයේදීම ලුවොයෑංහි උතුරේ ඇති වූ ආහාර හිඟයක් නිසා කැරළි ගැසීම් ඇති විය. මෙය මැඩ පවත්වනු ලැබූ පසු හෙබෙයිවල‍ට විහිදුණු කැරලිකරුවන් 2,00,000 ක් යටත් කර ගනු ලැබ සිටියහ. 526 – 527 දී තවත් ආරක්ෂක නිළධාරියෙක් තවත් කැරැල්ලක් ඇති කළේය. වෙයි කොටුව ඔවුන්ගේම සේනාධිපතියෙකු විසින් පාවා දෙන ලදී. ඔහු රූකඩ පාලකයෙකුට අධිකාරිය පාලනය ගෙන භාර දුන් විට වැන්දඹු අධිරාජිනියක් හා තරුණ අධිරාජ්‍යයකු කහ ගඟට විසිකර තිබුණි. උතුරේ අපූර්ව නායකයන් අතර සටන් උඝ්‍ර වී තිබූ නිසා ගාවෝ ගුවෑං 534 දී නැගෙනහිර හා ලුවොයෑංග් පාලනය තම අතට ගත්තේය. (නැගෙනහිර වෙයි හි ක්ෂියාඔජිං අධිරාජ්‍යයා රූකඩ පාලකයෙක් බවට පත් කරමින් ) ඒ අතර 535 දී ඔහුගේ තරඟ කරුවා වූ යුවෙන් ටායි බටහිර හා චීන අගනගරය වූ චැන්ගන් හි පාලනය තම අතට ගත්තේය. අවසානයේ ගාවෝ හුවෑංගේ පුත්‍ර යුවෙන් ජුයි, බටහිර වෙයි හි හොන්ග් අධිරාජ්‍යයයා සිංහාසනයෙන් පහ කොට උතුරු ෂෝවු රාජ වංශය පිහිටුවේය. (ක්‍රි.ව 557 – 580 ) උතුරු ෂෝවු රාජවංශය 577 දී උතුරු ක්වි පරාජ කරන්නට සමත් විය. පිහිටවූයේය. එයින් උතුර නැවත එක්සත් විය. කෙසේ වෙතත් මෙම සාර්ථකත්වය පැවතියේ ටික කලකි. 581 දී යැන්ග් ජියෑං විසින් උතුරු ෂෝවු පරාජය කරන ලදී. ඉන්පසු ඔහු සුයිහි චෙන් අධිරාජ්‍යයා බවට පත් විය. චෙන් රාජවංශික චෙන් ෂූබාඩ් අදුරදර්ශී පාලකයෙක් විය. ඔහු ස්වර්ගයේ නියෝගය ද නැති කර ගත්තේය. සුයි රාජවංශය දකුණ පරාද කළේය. මෙම දිනුමත් සමග මුළු චීනයම ස්වර්ණමය යුගයට එළඹියේය. ඒ කෙටි කළක් පැවති සුයි රාජ වංශය හා සාර්ථක ටැං රාජවංශය (ක්‍රි.ව 618 – 907 ) යටතේය.


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Southern_and_Northern_Dynasties#The_Northern_Dynasties

"https://si.wikipedia.org/w/index.php?title=උතුරු_රාජවංශ&oldid=471934" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි