උත්තමාංගය සුවපත්ව තියා ගමු

විකිපීඩියා වෙතින්

මිනිසාගේ ශරීරයේ උත්තමාංගය හිසයි, හිස නිරෝගී නැත්නම් අපිව පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම හිසේ රෝග වලට පොදුවේ බෙහෙත් කියන එක නරක ප්‍රතිඵල දෙන්න පුළුවන්. ඒ නිසා පාරම්පරිකව හෝ පොතපතින් හෝ වෙද විදුහලකින් සුදුසුකම් ලබාපු වෙදැදුරෙකුගේ අනුමැතිය යටතේ බෙහෙත් ප්‍රතිකාර ගන්න එක තමයි සුදුසු. අපි බලමු ඔබගේ ප්‍රමාණයෙන් ඔළුවේ ඇතිවන රෝග සහ නියම කරන බෙහෙත් අනුව කොයි වගේ ගුණයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද කියන එක ගැන තොරතුරු ටිකකින් දැනුවත් වෙන්න.

ටිකක් හොයලා බලන්න ඔබට නියම කරන ඖෂධයේ මොන මොන ඖෂධ වර්ග අඩංගු වෙලා තියනවාද කියලා.

ඔබට නියම කරලා කියන තෙලේ අත්තන, නික, සාරණ, එරමුදු, ලුණුවරණ, තල තෙල් එහෙම අඩංගු නම් ඔබට තියෙන්නේ හිස ඇතුලේ වාතය හෝ සෙම නැත්නම් කිසියම් විෂබීජයකින් හට ගත්තු තත්ත්වයක්. ඒකට සුවය ලැබෙන ඔසුවක් තමයි මේ තෙල. ඒ වගේම තවත් තෙලක සීරැස්ස, බැබිල, කුප්පමේනිය, තල තෙල්, එළ කිරි, කුරුම්බා වතුර, වැල් මී, දේවදාර, සුදු හඳුන්, කලාඳුරු, ආදියෙන් කීපයක් හෝ සියල්ල අඩංගු වෙලා තියෙනවා නම් ඔබේ හිසේ ඇතුලේ ඇති හැම ගණයකම වාත රෝග, සෙම් කිපීමෙන් හටගත් රෝග, පිත කිපීමෙන් හටගත් රෝග මොකක් වුණත් ඒකට සුවය බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉරුවාරදය, වෙනත් හිස රුදා, බර ගතිය, කැසීම්, හිරි ගතිය, ඉදිමුම්, තුවාල ආදිය සුව කළ හැකි ඔසුවක් තමයි ඔබ ගන්නේ.

කලු අත්තන, කීකිරිඳිය, රත් පෙනෙල, එළ කිරි, තල තෙල් ආදියෙන් කිහිපයක සංයෝගයක් ඇති තෙලක් නම් ඒක ආලේප කිරීමෙන් ඔබේ කෙස් සති තුනක් ඇතුළත වැඩෙන්න ගන්න බව කියන්න පුළුවන්. ඒ වගේම හිසකේ යාම නවතිනවා. හිසකේ ඉදීම නවතිනවා. හිසේ දැවිල්ල වගේ තියනවා නම් ඒකත් පහව යනවා. වැටකෙයියා, මුකුණු වැන්න, එරඬු තෙල්, එළඟි තෙල්, දේවදාර, සමදරා මල්, කොකුම්, උරුලෑ සට්ටම්, සාදික්කා, සැවැන්දරා යන ඔසුවලින් කිහිපයක් වත් අඩංගු නම් ඒ තෙලත් හරි බලගතු එකක්. අකලට හිසකේ පැසීම නවතිනවා. හිසරදය පහව යනවා.

හාතාවාරිය, කිතුල් මල්, දොඹ තෙල්, කීන තෙල්, දිවිකදුරු ඇට, අත්තන ඇට, දෙහි ඇට, කපු ඇට ආදියෙන් හදාපු තෙලක් නම් හිස්සොරි සුවවීමට, කෙස් වැඩීමට, කෙස් කලු වීමට, කනේ අමාරු, ඇසෙන් කබ ගැලීම වැනි රෝගවලට වහා ගුණ දෙන බලගතු තෙලක් ඒක. වැටකෙයියා, එළ කිරි, තල තෙල්, වැල් මී, ඉඟිනි ඇට, උරුලෑ සට්ටම්, කීකිරිඳිය, ඔළිඳ මුල්, ලුණුවරණ එහෙම අඩංගු නම් ඒ තෙලත් බලගතු එකක්. හිසේ ඇති වෙන්න පුළුවන් ඕනෑම රෝගයකට ඒක ගුණ දෙනවා.

හිසත් එක්ක කරන ගනුදෙනු සෙල්ලමට කරලා බැරි නිසයි මෙහෙම ඉදිරිපත් කළේ. වෛද්‍ය උපදෙස් ඇතුව පමණක් බෙහෙත් පාවිච්චි කරන්න. කඩෙන් ගන්නා තෙල්වල අඩංගු ද්‍රව්‍ය මොනවාද කියලා බලා ගන්න මේ දැනුම ඔබට ප්‍රයෝජනවත් වේවි.