උණ්ඩුකපුච්ඡ ප්‍රදාහය (ඇපෙන්ඩිසයිටීස්)

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

උණ්ඩුකපුච්ඡ ප්‍රදාහය යනු උණ්ඩුකපුච්ඡය ආසාදනය වීමෙන් ඇති වන රෝගී තත්ත්වයකි. මින් වඩා දරුණු නොවූ අවස්ථා ප්‍රතිකාර කිරීමකින් තොරවම සුව වන අතර බොහෝ අවස්ථා වලදී ආසාදනයට ලක් වු උණ්ඩුකපුච්ඡය ශෛල්‍ය කර්මයක් මගින් ඉවත් කිරීම අවශ්‍ය වේ. මෙය උදර කුහරය විවෘත කර සිදුකරන සැත්කමකින් (Laparoscopy) උදර කුහරය තුළට කැමරාවක් ඇතුළු කොට සිදුකරන සැත්කමකින් (Laparoscopy) සිදු කළ හැකිය. ප්‍රතිකාර නිසිකලට නොලැබුණහොත් පරිතාන ප්‍රදාහය (‍Peritonitis) මගින් හෝ රෝගියා කම්පන තත්ත්වයකට (Shock) පත්වීමෙන් මරණයට ලක්විය හැකිය. රෙජිනොල්ඩ් ෆීට්ස් විසින් 1886 දී උණ්ඩුකපුච්ඡ ප්‍රදාහය විස්තර කළ අතර එය ලොවපුරා ක්ෂණිකව උදරාබාධ ඇති වීමට වඩාත් බහුල හේතුවලින් එකක් ලෙස හඳුනාගෙන ඇත.

ප්‍රතිකාර ක්‍රම[සංස්කරණය කරන්න]

ප්‍රතිකාර ක්‍රම ආරම්භ වනුයේ රෝගියා ආහාර හෝ ජලය පවා පානයෙන් වැළකීම මගින් ශල්‍ය කර්මයට සුදානම් කිරීම මගිනි. විවිධ තරල වර්ග ශිරාගත කිරීම මගින් රෝගියා විජලනයෙන් වළක්වා ගනු ලැබේ. Cefuroxime සහ Metronidazole වැනි ශිරාගත කරනු ලබන ප්‍රතිජීවක ඖෂධ මගින් මුල් අවස්ථාවලදීම බැක්ටීරියාවන් උදර කුහරය තුළ ව්‍යාප්ත වීම වළකන අතර සැත්කමෙන් අනතුරුව අදාල තුවාලය පැසවීම වළක්වා ගත හැක. රෝගය පිළිබඳ සැක සහිත අවස්ථාවන්හි ප්‍රතිජීවක ඖෂධ දීමෙන් වඩාත් සුව අතට හැරෙයි ද යන්න පිළිබඳව අවධානයෙන් සිටීමට වඩා නිරතුරුවම රෝගියා පරීක්ෂා කර බැලීම වැදගත් වේ. ගතවු පැය 6 ක කාලයක් තුළ ආමාශය තුළ ආහාර නොමැති නම් නිර්වින්දනය කිරීම මගින් සැත්කම සිදුකළ හැකි අතර එසේ නොමැති නම් සුශුම්නාවට එන්නතක් ලබාදීම මගින් ඉනෙන් පහළ කොටස පණ නැති කිරීම මගින් සැත්කම සිදුකළ හැකිය.

සැත්කමක් මාර්ගයෙන් උණ්ඩුකපුච්ඡය ඉවත් කිරීම ඇපෙන්ඩිසෙක්ටමි නම් වේ. මෙම සැත්කම උදරකුහරය මත යොදන කුඩා කැපුම් තුනක් මාර්ගයෙන් කැමරා සහ සැත්කම් උපකරණ ඇතුළු කිරීම මගින් ද සිදුකළ හැක. (Laparoscopic Appendicectomy) මෙසේ සිදුකරන සැත්කමකදී උණ්ඩුකපුච්ඡය පුපුරා ගොස් අවට අවයව කෙරෙහි එය ඇලී ඇති බව සහ උදර කුහරයෙහි සැරව පිරී ඇති බවද නිරීක්ෂණය කළහොත් උදර කුහරය විවෘත කොට සිදු කරන සැත්කමක් බවට එය පරිවර්තනය කළ යුතුය. උදර කුහරය විවෘත කර සිදු කරන සැත්කමකදී අදාල කැපුම යොදනුයේ උදරකුහරය මත වඩාත්ම තදින් වේදනාව දැනෙන ස්ථානය මතය. එය උදර කුහරයේ දකුණු පස පහළ කොටසෙහි පිහිටා ඇති McBurney’s point නම් ස්ථානයයි. උදරකුහරය මත හරස් අතට යොදන කැපුම් ද මෙහිදී බහුලව යොදා ගැනේ.

2008 මාර්තු මාසයේ දී වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රථම වරට ඇමරිකානු කාන්තාවකගේ උණ්ඩුකපුච්ඡය ඇයගේ යෝනිමාර්ගය හරහා ඉවත් කරන ලදී.

Cochrane Collaboration මගින් සිදුකළ දත්ත සංගණනයකට අනුව උදරකුහරය විවෘත කර සිදුකරන සැත්කම් වලට වඩා විවෘත නොකර සිදුකරන සැත්කම් වඩාත් වාසි සහගත වේ. ලැපරොස්කොපික් ක්‍රමයට වඩා උදර කුහරය විවෘත කොට සිදුකරන සැත්කම් මගින් සැත්කම් තුවාලයෙහි ආසාදනයන් ඉවත් වෙන නමුත් ලැපරොස්කෝපික් ක්‍රමය මගින් උදර කුහරය තුළ සැරව එකතුවීමේ අවධානම වැඩිවේ. ලැපරොස්කෝපික් සැත්කමට අනෙක් ක්‍රමයට වඩා විනාඩි 12 ක කාලයක් වැඩිපුර ගත වේ. සැත්කමෙන් දිනකට පසු ලැපරොස්කෝපික් සැත්කමට ලක්වු රෝගීන්ගේ වේදනාව අඩු වන අතර ඔවුන් රෝහල් ගත වී සිටිය යුතු කාලසීමාවද අඩුවේ. තවද ඔවුන් සුපුරුදු පරිදි තමාගේ එදිනෙදා කාර්යයන් සහ ක්‍රීඩා කටයුතු කෙරෙහි නියැලීමද විවෘත සැත්කමක් කළ රෝගීන්ට වඩා වේගවත් වේ. නමුත් ලැපරෝස්කොපික් සැත්කමක් සදහා වැයකළ යුතු මුදල කැපීපෙනෙන ලෙස ඉහළ වේ. තරබාරු රැකියාවෙහි නියුතු තරුණ කාන්තාවක් ලැපරෝස්කොපික් සැත්කමක් මගින් අන්අයට වඩා වාසිසහගතව අත්දැකීම් ලබයි.

රෝහල් ගත වී පැය 6 ක් ඇතුළත සිදුකරන සැත්කමක් රෝහල් ගත වී පැය 6 කට පසුව සිදු කරන සැත්කමකට වඩා සංකූලතාවයන් අවම බවට දත්ත වාර්තා වී ඇත. නමුත් ........ දත්ත අධ්‍යනයේ දී පෙනී ගොස් ඇත්තේ ඉහත ක්‍රම දෙක අතර සැලකිය යුතු වෙනසක් නොමති බවයි. සැරව සෑදීම නැවත රෝහල් ගත වීම ආදී විවිධ සංකූලතාවන් අතර කැපීපෙනෙන වෙනසක් පෙන්නුම් නොකරයි. දැනට කෙරී ඇති අධ්‍යයනයන්ට අනුව ප්‍රතිජීවක ඖෂධ භාවිතය සහ සැත්කම එක රැයකින් පමාකිරීම මගින් සංකූලතාවයන් හි කැපී පෙනෙන වැඩි වීමක් දක්නට නෙ‍ාලැබේ.

මෙහිදී කරන සැත්කමක් සඳහා සාමාන්‍ය රෝගී තත්ත්වයකදී විනාඩි 15 ක කාලයක් ගත වන අතර සංකූලතා ඇති අවස්ථාවකදී පැය කිහිපයක් වුවද ගත විය හැකිය. අදාල රෝගියා රෝහල් ගත වී සිටිය යුතු කාලසීමාව එක් රැයක සිට දින කිහිපයක් දක්වා වුවද වෙනස් විය හැකිය. ඇතැම් විටදී රෝගය සංකූල වු අවස්ථාවන්හිදී සති කිහිපයක් වුවද කලාතුරකින් රෝහල් ගත වී සිටීමට සිදුවේ. උණ්ඩුකපුච්ඡ ප්‍රදාහයේදී ඇති වන වේදනාව සැම විටම එක ලෙස නොපවතී. ඇතැම් අවස්ථා වලදී එය දිනකට පමණ නැවතී නැවතත් ඇති විය හැකිය.


උණ්ඩුකපුච්ඡ ප්‍රදාහය රෝගය සදහා හේතු[සංස්කරණය කරන්න]

Stomach colon rectum diagram-en.svg

පරීක්ෂණාත්මක සාක්ෂි අනුව උණ්ඩුකපුච්ඡ ප්‍රදාහය සදහා මුලික හේතුව වන්නේ උණ්ඩුකපුච්ඡයේ කුහරය අවහිර වීමයි. මෙලෙස අවහිර වීමකට ලක්වු පසුව එහි කුහරය තුළට ශ්ලේෂ්මල ශ්‍රාවය වන අතර ඉදිමීමකට ලක්වේ. උණ්ඩුකපුච්ඡයේ කුහරය තුළ පීඩනය ඉහළයාමෙන් එයට රුධිරය සැපයෙන වාහිණී වල අවහිරතාවයක් ඇති වීමෙන් ලේ කැටියක් සෑදෙන අතර වසාපද්ධතියේ ගමනා ගමනයටද බාධා ඇති වේ. ඉතාමත් කලාතුරකින් මෙම අවස්ථාවෙන් ඉබේම සුවය ලැබීමට පිළිවන. නමුත් ඉහත කී තත්ත්වය වඩාත් වැඩිදියුණු වුවහොත් උණ්ඩුකපුච්ඡයට රුධිර සැපයුම අවහිර වීමෙන් එහි සෛල මරණයට පත්වේ. මෙලෙස මිය යන සෛල සහිත උණ්ඩුකපුච්ඡය වෙතින් බැක්ටීරියාවන් ඉවතට ගමන් කරන අතර උණ්ඩුකපුච්ඡය වටා ඒවා එක් රැස්වීමෙන් සැරව සෑදේ. මෙම ප්‍රතික්‍රියා මාලාවේ අවසාන ප්‍රතිඵලය වන්නේ උණ්ඩුකපුච්ඡය පුපුරා යාමෙන් පරිතාන ප්‍රදාහය ඇති වී එමගින් රුධිරය තුළට විෂද්‍රව්‍ය ඇතුළු වී අවසානයේදී මරණය පවා ලගා විය හැකිය. මෙලෙස උණ්ඩුකපුච්ඡ ප්‍රදාහය ඇතිවීමට හේතු කාරක ලෙස පිටතින් එය තුළට ඇතුළු වන ද්‍රව්‍යයක් මගින්, මළපහ මගින් සහ අන්ත්‍රයේ ජීවත් වන පණුවන් මගින් කුහරය අවහිර කිරීම, උදර කුහරයට වන අනතුරු සහ වසාපද්ධතියේ වන ආසාදන හදුනාගෙන ඇත. සංවර්ධිත රටවල් තුළ සංවර්ධනය වෙමින් පවතින රටවලට වඩා උණ්ඩුකපුච්ඡ ප්‍රදාහය ඇතිවීමට ප්‍රධානතම හේතුව ලෙස මළපහ මගින් එහි කුහරය අවහිර වීම දක්නට ඇත. තවද, මෙමගින් ඇති වන සංකූලතාවයන් ද බහුලවේ. නිරෝගී පුද්ගලයන්ට වඩා සතියකට අඩුවාර ගණනකින් මළපහවීම සිදුවන මළබද්ධය ඇති පුද්ගලයන් හට උණ්ඩුකපුච්ඡ ප්‍රදාහය ඇතිවීමට වැඩි අවධානමක් ඇත. මළපහ මගින් උණ්ඩුකපුච්ඡ කුහරය අවහිර කිරීම මගින් මහාඅන්ත්‍රයේ දකුණු පස මළපහ ද්‍රව්‍යවල අවහිරවීමක් ඇතිවීමෙන් මළ ද්‍රව්‍ය මහාඅන්ත්‍රය තුළ පවතින කාලසීමාව වැඩිවේ. සංඛ්‍යාන දත්ත වාර්තා අනුව diverticular disease, Adenomatous polyps සහ මහාඅන්ත්‍ර පිළිකා උණ්ඩුකපුච්ඡ ප්‍රදාහය ඇති පුද්ලයින් අතර බහුලව දක්නට ඇති බවයි. තවද මහාඅන්ත්‍රයේ සහ ගුදමාර්ගයේ පිළිකා හේතුවෙන් ද උණ්ඩුකපුච්ඡ ප්‍රදාහය ඇති වේ. බොහෝ අධ්‍යයනයන්ගෙන් පෙනීගොස් ඇත්තේ ආහාර වේලෙහි අන්තර්ගත තන්තු ප්‍රමාණය අඩු වීමත් සමග රෝගය ඇතිවීමට වැඩි ප්‍රවණතාවයක් ඇති බවයි. මෙසේ වන්නේ ආහාර වල අන්තර්ගත තන්තු මගින් මහාඅන්ත්‍රය තුළ මළපහ රැදී පවතින කාලසීමා‍ව අඩුකරන අතර එමගින් උණ්ඩුකපුච්ඡය අවහිර කිරීම වළක්වා ගත හැකි වීමයි.