උඩරට සාම්ප්‍රදායික මංගල ආභරණ

විකිපීඩියා වෙතින්

උඩරට සාම්ප්‍රදායික මංගල ආභරණ යනු අතීතයේ සිටම ලාංකික සමාජයේ විවහ මංගල සම්ප්‍රදායික් වන උඩරට විවහ මංගල්‍යයේ මනාලිය විසින් මංගල ඔසරියට අමතරව පලඳින සාම්ප්‍රදායික ආභරණයි.

අතීතයේ උඩරට සම්ප්‍රදායට අනුව සැරසුනු මංගල යුවලක්

වර්තමානයේදී මනාලියන්, හැඩගන්වන ස්ථානවලින් ආභරණ සපයාගත්තද, ඇතමුන් තවමත් පරම්පරාවෙන් පරම්පරාවට දායාදවී පැමිනෙන පරම්පරාවේම ආභරණ කට්ටලය භාවිතා කරයි.[1][2]

වර්තමාන උඩරට මංගල යුවලක්

ආභරණ[සංස්කරණය]

[3]

නළල් පටිය[සංස්කරණය]

නළල් පටිය මනාලියගේ මව විසින් මනාලියට පැළඳවීම සිරිත.මෙම අවස්ථාවේදී පිරිත් කීම සිදු කරනු ලබනවා. නළල් පටියේ දකුණු පැත්තෙන් මනාලයවත්, වම් පැත්තෙන් මනාලියවත් සංකේතවත් කරනවා.

ඉර හඳ ආභරණ[සංස්කරණය]

මනාලියගේ හිසේ දකුණු පැත්තේ හිරු සහ වම් පැත්තේ සඳු පළඳවනවා.හිරුගේ ගති ගුණ මනාලයාගේ ගති ගුණ වලටත්, සඳුගේ ගති ගුණ මනාලියගේ ගති ගුණ වලටත් සමාන කරනවා. ඒ වගේම ඉර හඳ පවතින තුරු මංගල යුවලගේ බැඳීම පවතිනවා කියලා සංකේතවත් කරනවා. මීට අමතරව මේ ආභරණය පැළඳීම නිසා, මනාලියට තමාගේ පතිවෘතාව ආරක්ෂා කර ගැනීමට ශක්තිය ලැබෙන කියලත් කියනවා .

කොණ්ඩා කූරු[සංස්කරණය]

කොණ්ඩා කූරු පළඳවන්නේ හිසේ පිටුපසටයි. මේවා පැළඳිමෙන් මනාලියට සෞභාග්‍යයේ ලැබෙන බව සංකේතවත් කරනවා.

කුඩුක්කන්[සංස්කරණය]

උඩරට මනාලිය පළඳින කරාබු වර්ගය හඳුන්වන්නේ “කඩුක්කන්” කියලා.විශේෂම කාරණාව තමයි මේවා පැළඳිමෙනුත් මනාලියට සෞභාග්‍ය ලැබෙන බව සංකේතවත් කරනවා.

වළලු[සංස්කරණය]

උඩරට මනාලියගේ වළලු හඳුන්වන්නේ අගස්ති වළලු සහ බංගලි වළලු කියලා.

මුදු[සංස්කරණය]

උඩරට මනාලිය ඇඟිලි පහටම මුදු පළඳිනවා.මේ මුදු වලින් කියන්නේ මනාලියට නිරෝගී සම්පත්තිය හිමි වන බව සංකේතවත් කරනවා.

හවඩිය[සංස්කරණය]

හවඩිය පළඳින්නේ මනාලියගේ ඉනේ නියම හැඩය ඔප් නැංවීමටයි.

මංගල මාල කට්ටලය[සංස්කරණය]

උඩරට මනාලිය සම්ප්‍රදායික ඔසරිය සමඟ පළඳිනු ලබන මේ සුවිශේෂී මාල කට්ටලය පත්තිනි දේවියගේ ආභරණ කට්ටලය කියලා තමයි විශ්වාස කරන්නේ.එයින් සංකේතවත් කෙරෙන්නේ මනාලිය පතිවත රකින, එයට ගරු කරන යුවතියක් බවයි.මේ මාල ගොඩක් දිඟයි.එකේ තේරුම තමයි මනාලියට මුහුණ පෑමට සිදු වන විවිධ සෞඛ්‍ය ගැටළු මාලය දිගේ පොලව වෙත ඇදී යනවා කියන එක.එමඟින් මනාලියට නීරෝගී සම්පත්තිය හිමි වන බව විශ්වාස කරනවා.ඒ විතරක් නෙමෙයි මනාලිය පළඳින මාල හත මඟින් ඉදිරි පරම්පරා හතක් නියෝජනය කරනවා කියලත් මතයක් තියෙනවා.[4]

හංස පූට්ටු මාලය[සංස්කරණය]

හංස පූට්ටු මාලයේ හංසයන් නිර්මාණය කර ඇත්තේ එකට පූට්ටු වී සිටින ලෙසයි. මෙයින් සංකේතවත් කරන්නේ විවාහක යුවල වෙන් නොවී, සදාකාලයටම බැඳී සිටින බවයි. හංස පූට්ටු තැල්ල රඳවන්නේ මනාලියගේ පපුව මතයි.මෙයින් සංකේතවත් කරන්නේ මනාලිය තම කිරෙන් දරුවන් පෝෂණය කරන බවයි.

පදක්කම් මාලය[සංස්කරණය]

මනාලියගේ පියා විසින් පදක්කම් මාලය මනාලියට පළඳවනු ලැබීම සිරිතයි. එමඟින් සංකේතවත් කරන්නේ මනාලිය මෙතෙක් කල් පියාගේ ගෞරවය ආරක්ෂා කළ බවත්, අනාගතයේදී සැමියාගේ ගෞරවය ආරක්ෂා කරන බවත්ය.

මකර මාලය[සංස්කරණය]

මකර මාලය පැළඳීම නිසා මනාලියගේ නවග්‍රහ අපල, වස් දොස් දුරු වන බව සංකේතවත් කරනවා.

කිරි මාලය[සංස්කරණය]

කිරි මාලය රඳවන්නේ මනාලියගේ පපුවට පහලිනුයි. එයින් සංකේතවත් කරන්නේ මනාලියව අනාගතයේදී ඇගේ දරුවන් විසින් වැළඳගෙන සිටින බවයි.

අගස්ති මාලය[සංස්කරණය]

අගස්ති මනාලියකගේ සිරුරේ ගැටීමෙන් ඇයගේ සියලු අපල දුරු වන බව විශ්වාස කරනවා.මනාලියගේ ජිවිතයේ ඇති අවාසනාව දුරු කර සෞභාග්‍ය උදා කරන්නට මේ අගස්ති මාලය සමත් වන බව විශ්වාස කරනවා.

ධාන්‍ය මාලය[සංස්කරණය]

ධාන්‍ය මාලයෙන් මනාලියගේ යහපත් සෞඛ්‍ය සංකේතවත් කරනු ලබනවා.

පෙති මාලය[සංස්කරණය]

මේ පෙති මාලයෙන් මනාලියගේ පවිත්‍රතාවය සංකේතවත් කරනවා

කර මාලය[සංස්කරණය]

විශේෂ මාල 07න් පසුව මනාලයා විසින් මනාලියට මාලයක් පළඳවන මාලය කර මාලය වේ.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "උඩරට මංගල සම්ප්‍රදාය".
  2. "උඩරට විවාහ මංගල්‍යය".
  3. "උඩරට මංගල ආභරණ".
  4. "උඩරට මංගල සම්ප්‍රදායේ මාල සත".