ඊගෝ

විකිපීඩියා වෙතින්

ඉගෝ යන්න ඉඩ්වලින් පැහැදිලිව වෙන් නොවන අතර එහි පහළ කොටස ඉඩ් හා බැඳී පවතී. නමුත් මෙම යටපත් කළ සිතුවිලි ඉඩ් හා සම්බන්ධ වන අතර එහි කොටසක්ද වෙයි. එම යටපත් කළ මර්දන ඉගෝ (ego) සම්බන්ධ වනුයේ ඉඩ් හරහාය. (සිග්මන් ප්‍රොයිඩ් 1923)

ප්‍රොයිඩ්ගේ න්‍යායන් අනුව id, Super – ego සහ බාහිර පරිසරය අතර මැදහත් කරුවෙකු ලෙස ego ක්‍රියා කරයි. එහි කාර්ය භාරය වනුයේ id සහ Super – ego තෘප්තිමත් කරමින් මූලික ආශාවන් සහ යථාර්තය අතර සමබරතාවය සොයා ගැනීමයි. (මෙම අවස්ථාවේදී Ego සදාචාරාත්මක බවින් තොර වේ) එහි මූලික අරමුණ පුද්ගල තෘප්තිමත් භාවය වන අතර id හි ආශාවන්හි ප්‍රතිඵල අතරමැදිව පිහිටි අවස්ථාවන්හි ඒවා එළි දැක්වීමටද ඉඩ ලබා දේ. නමුදු id හි ක්‍රියාවන් යථාර්තය සමග අර්බුදකාරී අවස්ථාවලදී ද සමාජයේ සදාචාර, ප්‍රතිමාණ චාරිත්‍ර හා නොගැළපෙන වටදී ද පුද්ගලයාගේ අපේක්ෂාවන් හා නොගැළපෙන විටදී Ego ආරක්ෂණ යාන්ත්‍ර මගින් එම ක්‍රියා මැඩපත් වේ.

Ego පදය ලතින් භාෂාවෙහි එන උත්තම පුරුෂ ඒක වචන සර්ව නාමයකි. එය පරිවර්තනය කළ විට මමත්වය යන්න අවධාරණය කරවයි. ප්‍රොයිඩ්ගේ Das ich යන ජර්මාණු පදය Ego ලෙසින් ඉංග්‍රීසි ව්‍යවහාරයේ පවතී. එනම් සාහිත්‍යයට අනුව මම යන්නයි.

නවීන නූතන සමාජයට අනුව Ego යන්නට අරුත් රාශියක් ඇත. එනම් අයෙකුගේ ආත්ම අභිමානය ලෙස ද දර්ශන වාදයට අනුව තමාගේ දෑ යන්නයි. නමුදු ප්‍රොයිඩ්ට අනුව Ego යනු මොළයේ විඤ්ඥාණය අඩංගු කොටසකි. ඇත්තවශයෙන්ම ප්‍රොයිඩ් විසින් Ego යන්න තමාගේ යන්න පිළිබඳ හැඟීමක් ලෙස ප්‍රකාශ කළද පසුව ඔහු විසින් විනිශ්චය කිරීම , ඉවසීම , යථාර්තය හඳුනාගැනීම , පාලනය, සැලසුම් කිරීම, ආරක්ෂාව , තොරතුරු නිපදවීම, බුද්ධිමත්ව ක්‍රියා කිරීම, මතකය වැනි චෙතසිකයන් රාශියකට සමාන කරන ලදී.

Eckhart tolle ගේ මතයට අනුව Ego යනු සමාජ ආචාර ධර්ම සහ හැඩතල අනුව හැඩගැසුණු සිතයි. (දේහය, සිතුවිලි, මතකයන්, සමාජ භූමිකාවන්,ජීවිත කතා, මතයන්, චිත්ත සිතුවිලි, ජාතිය, ආගම, කැමති අකමැති දෑ, ආශාවන්, බිය වැනි) තවද, එයට යටපත් කරන ලද සිතුවිලිවලින් සෑදුණු වේදනාකාරී දේහයද, වර්තමානයේ පවතින දෑ වලින් පිළිගත නොහැකි දේ නිසා ඇතිවන දොම්නස් සිතුවිලි ද අඩංගු වේ.

මනසේ ව්‍යුහාත්මක සහ භූ ලක්ෂණාත්මක ආකෘතියකට අනුව Ego හි අර්ධයක් විඤ්ඥාණයේ ද අනෙක් හතරෙන් කොටසක් පූර්ව විඤ්ඥාණයේ ද අනෙක් හතරෙන් එක අවිඤ්ඥාණයේද අන්තර්ගත වේ.

Ego යනු id සහ Super – ego යන දෙදෙනාම තෘප්තිමත් කිරීමට උත්සාහ කරමින් කටයුතු කරන මැදහත් කරුවකු ලෙස හැඳින්විය හැක. Ego යථාර්තවාදී මූලධර්මවලට අනුව ක්‍රියාකරයි.

එනම් Ego විසින් id සහ Super – ego ආශාවන්, අභිමථාර්තයන් සහ බලවේගයන් සමාජයට සහ යථාර්තයට ගැළපෙන පරිදි එළි දැක්වීමට කටයුතු කරයි. එය වයසත් සමග ඇතිවන හේතුව සහ අවධානම මැන බලා ක්‍රියා කරයි. සිග්මන්ඩ් ප්‍රොයිඩ් විසින් (Sigmund Freud) Ego අශ්වයා සහ අශ්වාරෝහකයාට සමාන කර ඇත. එනම් Ego අශ්වාරෝහකයා ලෙස ද id අශ්වයා ලෙස ද යන්නයි. අශ්වයා විසින් ශක්තිය ද තොරතුරු හා ශක්තිය ලබා තග හැකි මාර්ගයන් ද පෙන්වන අතර අශ්වාරෝහක යා යුතු ගමන් මාර්ගය පාලනය කරයි. නමුදු නොවැළැක්විය හැකි අවස්ථාවන්හිදී අශ්වයා තනි තීරණ ගැනීමට ද පෙළඹේ.

Ego යනු රළු ස්වාමිපුතුන් තිදෙනෙකුට සේවය සපයන සේවකයෙකු වැනිය. (id, Super – ego සහ බාහිර පරිසරය ) ඔහුට ස්වාමිපුතුන් තිදෙනාටම ගැළපෙන පරිදි ක්‍රියා කළ මුත් නිරන්තරයෙන්ම දෙපාර්ශවයක් අතෘප්තිමත් වී යැයි යන කරදරකාරී සිතුවිල්ලෙන් පෙළීමට සිදු වේ.කෙසේ නමුදු Ego යථාර්තයට ගැළපෙන ලෙස කටයුතු කරන ලෙස පෙන්වුවද එය id වලට පක්ෂපාතී වේ. නමුදු Super – ego නිරන්තරයෙන් Ego සියලුම ක්‍රියාවන් නිරීක්ෂණය කරමින් පහත්බව, වරදකාරීබව සහ නොසන්සුන්බව ඇති කරමින් දඬුවම් ලබා දේ. මේවායින් මිදීම සඳහා Ego විසින් ආරක්ෂණ යාන්ත්‍ර උපයෝගී කර ගනී.

"https://si.wikipedia.org/w/index.php?title=ඊගෝ&oldid=472658" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි