Jump to content

ඉස්සන් වගාව

විකිපීඩියා වෙතින්

ඉස්සන් වගාව යනු මිනිස් පරිභෝජනය සදහා මුහුදු ඉස්සන් සහ කුනිස්සන් වගා කරන ජලජීවී ව්යපාරයකි.වානිජමය වශයෙන් ඉස්සන් වගාව පළමුවෙන්ම ආරම්භ කරනු ලැබුවේ 1972 වර්ෂයේදී වන අතර, ඇමෙරිකා එක්සත් ජනපදය, ජපානය සහ බටහිර යුරෝපීය රටවල වෙළදපොල ඉල්ලුමට සරිලන විශේෂිත නිෂ්පාදනයක් ඉක්මනින් වර්ධනය කරගත හැකි විය. 2003 වර්ෂය වන විට වගා කරන ලද ඉස්සන්ගේ සම්පුර්ණ ගෝලීය නිෂ්පාදනය ටොන් මිලියන 1.6 ඉක්මවූ අතර එහි වටිනාකම අසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 9ක් විය. 75% ක් පමණ ඉස්සන් නිෂ්පාදනය කරනු ලබනුයේ ආසියානු කලාපයේ වන අතර චීනය සහ තායිලන්තය ප්‍රදාන තැනක් ලබා ගනියි.ඉතිරි 25% ප්‍රමාණය නිෂ්පාදනය කරනු ලබනුයේ ලතින් ඇමෙරිකානු රටවල් වන අතර, බ්‍රසීලය, ඉක්වදෝරය සහ මෙක්සිකෝවයි. මෙක්සිකෝව විශාලතම නිෂ්පාදකයන් වේ. විශාලතම අපනයනකරු වනුයේ තායිලන්තයයි.


සම්ප්‍රදයික, කුඩා පරිමාණ වයාපාර ලෙස අග්නි දිග ආසියාවේ බිහිවූ ඉස්සන් වගාව ගෝලීය ව්යාපාරයක් දක්වා පරිවර්තනය විය.තාක්ෂණික දියුණුවත් සමගම කුනිස්සන් වර්ධනය විශාල ඝනත්වයකින් යුතුව සිදු කරන අතර ඇගිල්ලන් (අභිජනනය සිදු කල හැකි පැටවුන්) ලොව පුරා බෙදා හරිනු ලැබේ. සියලුම වගා කරන කුනිස්සන්ගෙන් 80% පමණ Penaeidae කුලයට අයත් වන අතර, Penaeus vannamei සහ Penaeus monodon යන විශේෂයන්ට අයත් වේ. මෙම ව්යාපාරික වශයෙන් සිදු කරන තනි බෝග වගාව බොහෝ පහසුවෙන් රෝග වලට ග්‍රහණය වන අතර ,එම නිසා ප්‍රදෙශ පුරා පැතිර පවත්නා වගාවන්හි කුනිස්සන් ගහනය විනාශ කර දමනු ලබයි. 1990 හි පසු භාගයෙහි දී පමණ පාරිසරික ගැටළු, නැවත නැවතත් ඇති වන රෝග ව්යාවසන, රාජය නොවන සංවිධාන වලින් ඇති කරනු ලබන පිඩනයන් සහ විවේචන සහ පාරිභෝගික රටවල් යන කරුණුද රජයේ ප්‍රබල නීති රිතිද පදනම් කර ගනිමින් ව්යාපාරය තුල බොහෝ වෙනස්කම් ඇති විය. 1999 දී රජයේ සංවිධාන, ව්යාපාරික නියෝජිතයින් සහ පරිසර සංවිධාන ඇතුලත්ව සංවර්ධිත සහ තත්වයෙන් උසස්, වඩා ශක්තිමත් වගාවන් සදහා පුහුණු කිරීමේ අභිමතාර්ථයෙන් වැඩසටහන් දියත් කරන ලදී.

ඉතිහාසය සහ භූගෝලීය පැවැත්ම

[සංස්කරණය]

ශතවර්ෂ ගණනාවක් තිස්සේ ඉන්දුනිසියනුවන් කුනිස්සන් වගා කල අතර ඔවුන් භාවිත කරන ලද්දේ සම්ප්‍රදායික විධික්‍රමයි. ඉන්දුනීසියානු කිවුල් දිය තටාක ටම්බක් ලෙස හැදින්වූ අතර 15 වන ශතවර්ෂය දක්වා ඉතිහාසයකට උරුමකම් දක්වයි. ඔවුන් විසින් කුඩා පරිමාණ තටාක මේ සදහා යොදා ගත් අතර තනි හෝ බහුවිධ බෝග වගාව වශයෙන් වෙනත් විශේෂ සමග වගා කරන ලදී . මිල්ක්ෆිෂ් ලෙස හදුන්වනු ලැබූ මසුන් විශේෂය සමග හෝ වී වගාව සමග මාරුවෙන් මාරුවට වගාව සිදු කරන ලදී. වියලි කාලයේදී කුඹුරු වැඩ සිදු නොකර කාලයන් හිදී කුනිස්සන් වගාව සිදු කරනු ලබනුයේ වෙරළාශ්රි ත ප්‍රදේශ වල සහ ගං ඉවුරු අසබඩදිය. කලපු ආශ්‍රිත ප්‍රදේශ සදහා මහත් ඉල්ලුමක් පැවතියේ එම ප්‍රදේශ ස්වභාවිකව කුනිස්සන් ඇති බහුල ප්‍රදේශ බැවිනි. Wild juvenile නමැති කුනිස්සන් විශේෂය මෙම තටාක තුල සිර කරන අතර ඵලදාව නෙලා ගන්නා තුරු ස්වභාවිකව වැඩෙන ඓන්ද්‍රින් මගින් පෝෂණය කිරීම සිදු කරයි.

ව්යාපාරික වශයෙන් කුනිස්සන් ඇති කිරීම 1930 ගණන් වල ඇති වූ අතර , පළමු වරට ජපන් ජාතිකයන් විසින් Kuruma නමැති කුනිස්සන් විශේෂයේ පැටවුන් බෝකර වගා කරන ලදී. වර්ෂ 1960 පමණ වනවිටදී කුඩා පරිමාණ ව්යාපාරයක් වශයෙන් මෙම වගාව දියුණු විය. 1960 පසු භාගයේදී හා 1970 මුල් කාලයේදී පමණ වන විට කුනිස්සන් කර්මාන්තය ඉතා සීග්‍රයෙන් වර්ධනය විය. තාක්ෂණික දියුණුවේ මුලිකත්වය හේතුවෙන් වගා කරන විධින් කඩිනම් වූ අතරම ලොව පුරා කුනිස්සන් වගාව සදහා වෙළෙද පොළ ඉල්ලුම වර්ධනය විම හේතුවෙන් නිවර්තන සහ උප නිවර්තන කලාපයන් හි කුනිස්සන් වගාව වඩාත් ප්‍රචලිත වුහ.

1980 දශකයේ මුල් අවදියේදී පාරිභෝගික ඉල්ලුම වර්ධනය වීමත් සමගම ව්යාජ නිෂ්පාදන ඇනහිටීමත් සහ සමෘධිමත් ව්යාවපාරයක් බිහි වීමත් යන කරුණු දෙකම එක වර ඇති විය.1980 දශකයේ පිළිගත් ප්‍රධාන නිෂ්පාදකයා වුයේ තායිවානයයි. නමුත් දුර්වල කළමනාකාරිත්වයත් , ලෙඩ රෝගත් හේතුවෙන් 1988 දී පමණ ඔවුන්ගේ වෙළදපොල කඩා වැටුණි.තායිලන්තයේ මහා පරිමාණ නිෂ්පාදන ඇති වුයේ 1985 වර්ෂයේදී පමණය . දකුණු ඇමෙරිකානු ඉස්සන් වගාවේ ප්‍රමුඛයා වූ ඉක්වදෝරයේ නිෂ්පාදනය සීග්‍රයෙන් වර්ධනය වුයේ 1985 වර්ෂයේ දී සිටය . 1974 සිට බ්‍රසිලයද ඉස්සන් වගාව ආරම්භ කලද වඩා සීග්ර9 ලෙස වර්ධනය වුයේ 1990 දශකයේ සිටය.ඉතා කෙටි කලකදී ප්‍රධාන නිෂ්පාදක රට බවට ඔවුන් පත් විය.අද වන විට මුහුදු ඉස්සන් වගාව රටවල් 50 ට වඩා ව්යප්තව පවතී.

වගා ක්‍රමයන්

[සංස්කරණය]

ඉස්සන් වගාව මතු වුයේ වනගත මත්ස්යය නිෂ්පාදන ධාරිතාව අභිවවා ගොස් පාරිභෝගික ඉල්ලුම සපුරා ලීම සහාය. පැරණි යැපුම් කෘෂිකර්මත ක්‍රම නව පලදායි ක්‍රම මගින් ඉතා සීග්‍රයෙන් ප්‍රතිස්ථාපනය වුයේ ගෝලීය ඉල්ලුමට අනුගත වීම පිණිස වෙයි. කාර්මික වගාවද පළමුව අනුගමන කරන ලද්දේ සම්ප්‍රදායික ක්‍රමෝපායන් වන අතර "විස්තෘත" වගා ලෙස හදුන්වන ලදී.පහත් ගහන ගනත්වයකින් යුත් හෙක්ටයාර කීපයකට සීමා වූ තටාක වෙනුවට හෙක්ටයාර 100 වඩා විශාල තටාක භාවිතය වැඩි වුයේ පහත් ගහන ගණත්වය හානි පුර්ණය කිරීම සහාය.සමහර ප්‍රදේශ වල දැවැන්ත කඩොලාන ප්‍රදේශ එළිපෙහෙළි කිරීමද සිදු විය.අධික ලෙස බිම් එලි පෙහෙළි කිරීම අඩු කිරීම සදහා දියුණු ක්‍රමෝපායන් භාවිත කර වපසරියකින් නෙලිය හැකි පලදාව වැඩි කිරීමට නව ක්‍රියා මාර්ග උපයෝගී කර ගන්නා ලදී.

අර්ධ සුක්ෂම සහ සුක්ෂම වගා ඇති වූ අතර එම වගාවන් තුල ඉස්සන් කෘතිමව බෝ කිරීමද , තටාක ක්‍රියාකාරීව කළමනාකරණය කිරීමද සිදු විය. නව වගාවන් අර්ධ සුක්ෂම වර්ගයේ වූ අතරම බොහෝ විස්තෘත වගාවන්ද ඉතිරිව පැවතුනි.1980 මැද වන විට බොහෝ වගාවන්හි නොමේරු ඉස්සන් තොග වශයෙන් තබා ගත අතර ඔවුන් "පශ්චාත් කීටයන් " ලෙස හැදින් විය. බොහෝ රටවල "පශ්චාත් කීට " අවදියේ මත්සය කර්මාන්තය වැදගත් ආර්ථික අංශයක් විය. මත්ස්ය ප්‍රදේශ ක්ෂය වීම වැලක්වීමට සහ නොමේරු ඉස්සන් සැපයීම නොවෙනස්ව පවත්වාගෙන යාම සදහා අභිජනන මධ්යස්ථාන තුල පැටවුන් අභිජනනය කිරීම කර්මාන්ත තුල ඇති විය.

ජීවන චක්‍රය

[සංස්කරණය]

ඉස්සන් මුහුකුරා යාම සහ අභිජනනය සිදු වන්නේ සමුද්‍රික තත්ත්ව යටතේදීය. ගැහැණු සතුන් වරකට බිත්තර 50,000 සිට බිලියනය දක්වා දමන අතර පැය 24 ක කාලයක් තුලදී කුඩා පිළවුන් ඇති වෙයි. ඔවුන්ගේ ශරීරය තුල වූ තුනී ප්‍රොටීන් පටලයක් මගින් පෝෂණය වන අතර කීටයන් බවට රුපන්තරණය වෙයි. දෙවෙනි කීට අවධියේදී ඔවුන් ඇල්ගේ මගින් පෝෂණය වෙයි. ඉන්පසු ඔවුන් කීටයන් බවට රුපන්තරණය වෙයි. මෙම කීට අවධිය ඉස්සන් ගේ ස්වරුපයට සමාන වන අතර ඇල්ගේ සහ සත්ව ප්ලවාංග මත යැපේ. තවත් දින 3 ට හෝ 4 කට පසු පශ්චාත් කීට අවස්ථාව දක්වා අවසාන රුපන්තරණය සිදු කරයි. ලපටි ඉස්සන්ට වැඩිහිටි සත්වයාගේ සංලක්ෂණ පවතී.අභිජනන ක්‍රියාවලිය සම්පුර්ණ වීමට දින 12 ක පමණ ගත වෙයි.පශ්චාත් කීටයන් ගඟ මෝය වලට සංක්‍රමණය වන්නේ අඩු ලවණ තත්ත්ව සොයාගෙනය .ඔවුන් මුහුකුර ගිය වැඩුනු සත්වයන් වූ පසු නැවත මුහුදට සංක්‍රමණය වෙයි. වැඩුණු වැඩිහිටි ඉස්සන් නිතලවාසි සත්වයන් වන අතර ප්‍රධාන වශයෙන් මුහුදු පතුලේ ජීවත් වෙයි.

සැපයුම් දාමය

[සංස්කරණය]

ඉස්සන් වගාවේ ජීවන චක්‍රය පාලනය කරන ලද තත්ත්ව යටතේ සිදු කරයි.මෙයට ප්‍රධාන වශයෙන් හේතු වි ඇත්තේ, වඩාත් පුළුල්ව වගා කටයුතු සිදු කිරීමට හැකි වීමත් , එකම ප්‍රමානයෙන් යුත් ඉස්සන් වැඩියෙන් ලබා ගත හැකි පරිදි ප්‍රමාණය පාලනය කිරීමේ ක්‍රමවිදි දියුණු වීමත් , වඩා හොදින් විලෝපිකයන් පාලනය කිරීමට හැකි වීමත් යන කරුණු පදනම් කර ගනිමිනි. එමෙන්ම කාලගුණික තත්ත්ව පාලනය කිරීම මගින් (විශේෂයෙන්ම උෂ්ණ කලාපීය වග සදහා හරිතාගාර භාවිතා කිරීම ) වර්ධනය සහ මුහුකුර යාම වේගවත් කිරීමද හේතු වේ ඇත.

සැපයුම් ක්‍රියාදාමය අවධි තුනකින් යුක්ත වේ.

අභිජනන මධයස්ථාන- වෙනත් වගාවන් සඳහා විකිණීමට කූණිස්සන් බෝ කිරීම හා පිලව් හෝ පශ්චාත් කීටයන් නිපදවීම විශාල වශයෙන් සිදු කරයි. ගොවිපලවල් ඔවුන්ගේ ම අභිජනන මධයස්‌ථාන පවත්වාගෙන යන අතර එම ප්‍රදේශ වල ඇති කුඩා පරිමාණ ගොවිපලවල් සඳහා පිලව් සහ කීටයන් විකිණීම සිදු කරයි.

තවාන්- පශ්චාත් කීටයන් වර්ධනය කිරීම සහ සමුදුරු තත්ව සඳහා ඔවුන් පුරුදු කිරීම සිදු කරයි.

වර්ධක පොකුණු- වර්ධක පොකුණු තුල ඉස්සන් කුඩා අවධියේ සිට විකිණිය හැකි ,තත්වය දක්වා වර්ධන වීම සිදු කරයි.මේ සඳහා මාස 3 සිට 6 දක්වා කාලයක් ගතවේ.


බොහෝවිට ගොවිපලවල් වසරකට අස්වැන්න වරක් හෝ දෙවරක් නෙලා ගනී. නිවර්තන දේශගුණයන් හි අස්වැන්න තෙවරක් පමණ වුවද නෙලා ගැනීමේ හැකියාවක් පවතී.කරදිය ජලය අතයවශය බැවින් මෙම ගොවිපළවල් වෙරළාසන්න සහ වෙරළාශ්‍රිත ප්‍රදේශ වලට ආසන්නව ස්ථාපනය වී ඇත.සමහර ප්‍රදේශ වල රට තුල ඉස්සන් ගොවිපළවල් ස්ථාපනය කිරීමට උත්සහ කලද ලුණු වතුර ප්‍රවාහන දුෂ්කරතා සහ කෘෂිකර්මාන්තය සඳහා ඉඩම් භාවිතය නිසා ඇති වූ තරගකාරිත්වය නිසා බොහෝ ගැටළු මතු විය.1999 වසරේ තායිලන්තය විසින් රට අභයන්තර ඉස්සන් වගාව තහනම් කරන ලදී.

අභිජනන මධ්යස්ථාන

[සංස්කරණය]

අග්නි දිග ආසියාව පුරාම කුඩා පරිමාණයේ අභිජනන මධ්යස්ථාන පවතින අතර,බොහෝ දුරට පවුල් ව්යාපාර වශයෙන් පවත්වාගෙන යන අතර අඩු තාක්ෂණික දැනුම නිසාත් ,කුඩා පරිමාණ තටාක භාවිතය නිසාත් ගහන ගණත්වය බොහෝ දුරට අඩු මට්ටමක පවති.රෝගාබාධ සඳහා වැඩි නැබුරුවක් පැවතුනද ප්‍රමාණයෙන් කුඩා බැවින් විෂබීජනාශනයෙන් පසු නැවත නිෂ්පාදනය කඩිනමින් ඇරඹිය හැකිය. රෝගාබාධ ,කාලගුණය සහ මෙහෙයවන්නන් ගේ අත්දැකීම් මත යන විවිධ කරුණු මත නොනසිමෙ හැකියාව 0% සිට 99% දක්වා දෝලනය වේ.

ග්‍රින්වොටර් අභිජනන මධයස්ථාන මධය්ම ප්‍රමාණයෙන් යුක්ත වන අතර විශාල තටාක තුල කුඩා ගහන ගණත්වයකින් යුක්ත වේ.ඉස්සන් කීටයන් පෝෂණය කිරීම සඳහා ප්ලවංග උඩුමන්ඩි තටාක තුලට ප්‍රෙරණය කරයි.නොනසිමේ හැකියාව 40% පමණ වේ .

ග්ලෙව්ස්ටෝන් අභිජනන මධ්යයස්ථාන විශාල වශයෙන් සංවෘත්ත තත්ත්ව යටතේ සිදු කරයි.නොනසිමේ හැකියාව 0% සිට 80% දක්වා ප්‍රතිශතයක් පවතී.නමුත් සතයවශයෙන්ම පවතින්නේ 50% කි. අභිජනන මධ්ය්ස්ථාන තුල වර්ධනය වන ඉස්සන් ගේ ආහාර වේල සඳහා ප්ලවංග මෙන්ම පසු කාලීනව මුහුදු විල තුල වැඩෙනා ඉස්සන් ගේ පිලව් ද බොහෝ අවස්ථාවන්හිදී (විශේෂයෙන් ව්යාපාරික අභිජනන මධ්යස්ථාන තුල )කෘතීම ආහාර වේල් මගින් වර්ධනය කිරීමද සිදු කරයි.පසු කාලීන අවධි වලදී ආහාර වේල් සඳහා ක්‍රිල් නම් වූ නැවුම් හෝ වියලි ශිත කරන ලද සත්ව ප්‍රොටීන භාවිත කරනු ලබයි.පෝෂක පදාර්ථ සහ ඖෂධ (ප්‍රතිජිවක), ආහාර සඳහා ලබා දෙන මුහුදු විල් ඉස්සන් පිලව් මාර්ගයෙන් ඉස්සන් හට ලබා දෙයි.

තවාන්

[සංස්කරණය]

බොහෝ ගොවිපළවල් හි තවාන් ඇති අතර ළපටි ඉස්සන් තත්වය දක්වා පශ්චාත් කීටයන් පත්විමට සති තුනක කාලයක් වෙන්කළ තටාක හෝ පොකුණු තුල ඇති කරනු ලබයි.මෙම තටාක සමචතුරස්රාිකාර ,දිග සහ නොගැඹුරු වන අතර නොනවත්වාම ජලය ගල යන අයුරින් සකස් කර ඇත. සාමාන්යුයෙන් තවානක වර්ගමිටර 150 සිට 200 දක්වා සතුන් ප්ර මාණයක් සිටිති.වර්ධක පොකුණු තුලට යැවීමට සති තුනක පමණ පෙර සිට ඉහල ප්රෝ ටින ප්රෙමාණයෙන් යුතු ආහාර වේලක් සපයනු ලැබේ.එම කාලය වන විට ඔවුන්ගේ බර ග්රෑරම් 1 ක් හෝ 2ක් අතර වේ.වර්ධක තටාක තුල වූ කිවුල් දියෙහි තත්වයට ගැලපෙන අයුරින් අනුක්ර මණයෙන් එම තටාකය තුල වූ ජලයෙහි ලවණතාවය වෙනස් කරනු ලැබේ.පශ්චාත් කීටයන් PL ලෙස හදුන්වන අතර දින ගණන අනුව ඔවුන් නම් කරනු ලැබේ.

(PL-1,PL-2) ඔවුන්ගේ කරමල් ශාඛා බෙදුණු පසු ඔවුන් වර්ධක තටාක තුලට මාරු කිරීමට සුදානම් කරනු ලැබේ.බොහෝ දුරට මෙය සිදු වන්නේ PL-13සිට PL-17 දක්වා (අභිජනනයෙන් දින 25 කට පමණ පසු )කාලයේදීය .තවාන් අත්යවශ්ය නොවන නමුත් බොහෝ ගොවීන් තවාන් සඳහා කැමැත්තක් දක්වයි.එය වඩා හොද අහාර ප්‍රයොජ්යතාවය සඳහා ඉවහල් වන අතර ඉස්සන් ඒකාකාර ප්‍රමාණයක් දක්වා වර්ධනයට ද ,යටිතල පහසුකම් වඩා හොඳින් ප්‍රයෝජනයට ගැනීමට උපකාරී වීමද අස්වැන්න දැඩි පාලක පරිසර තත්ත්ව යටතේ සිදු කල හැකි වීමද යන කරුණු බෙහෙවින් ඉවහල් විය .මෙහි ප්‍රධානම අවාසිය නම් වර්ධක තටාක තුලට මාරු කිරීමේදී සමහර පශ්චත් කීටයන් මිය යාමයි.

සමහර ගොවිපළවල් තවාන් භාවිතා නොකරයි .තොග වශයෙන් සිටිනා පශ්චාත් කිටයන් වර්ධක තටාක තුලට කෙලින්ම මාරු කර යවන්නේ අදාල ටැංකි තුල උෂ්ණත්වය සහ ලවන ප්‍රමාණය නියතවූ පසුවයි.දින කීපයකට පසුව මෙම ටැංකි වල ජලය වර්ධක ටැංකි වල තත්වයට සරිලන පරිදි ක්‍රමයෙන් වෙනස් කරයි.පශ්චාත් කීටයන් ඝනත්වය ලීටරයට 500 නොඉක්මවිය යුතු අතර වැඩුණු සත්වයන් 50/ ලීටරයට නොඉක්මවිය යුතුය .(PL-15 ලීටරයට)නොඉක්මවිය යුතුය.

වර්ධක අවධිය

[සංස්කරණය]

වර්ධක අවධියේදී ඉස්සන් මුහුකුරා යාම සිදු වේ.පශ්චාත් කීටයන් තටාක තුලට මාරු කර යවා වෙළදපල ඉල්ලුම අනුව වර්ධනය වන තෙක් පෝෂණය කරයි.ඒ සදහා තව මස 3 ක සිට 6 ක පමණ කාලයක් ගත වේ.අස්වනු නෙලනු ලබන්නේ දැල් මගින් හෝ තටාකයේ ජලය හිස් කිරීමෙනි.මෙය තටාකයේ ප්‍රමාණය හා යටිතල පහසුකම් මත රඳා පවතී.

විස්තෘත

[සංස්කරණය]

කඩොලාන ආශ්‍රිත ප්‍රදේශ හා වෙරල වෙරළාශ්‍රිත ප්‍රදේශ වල පවතින විස්තෘත ගොවිපොලවල භාවිත කරනුයේ සාම්ප්‍රදායික අඩු ගහන ඝනත්ව ක්‍රමයන්ය. මෙම ගොවිපලවල තටාක හෙක්ටයාර 100 හෝ ඊට වඩා වැඩි විය හැකිය. වර්ගමිටරයට ඉස්සන් 2 -3 සිටින අඩු ගණත්ව යක පවතී.ජලය මාරු කිරීම සඳහා වඩදිය බාදිය භාවිත කරන අතර ඉස්සන් යැපෙන්නේ ස්භාවික හට ගන්න ඓන්ද්‍රිය වලිනි.සමහරුන් ගොවියන් විසින් අනුමත කර නොමැති ඉස්සන් වගා කරනු ලබයි. මෙය වැඩිපුර පවතින්නේ දුප්පත් සංවර්ධනය නොවූ රටවලය.හේතුව වනුයේ,ඉඩම් මිල ගණන පහත් හා වාර්ෂික අස්වැන්න 50 සිට 500 කිලෝ./හෙක්ටයරයට (හිස සහිත බර ) හා මේ සදහා අඩු නිෂ්පාදන වියදමක් (ඇමෙරිකානු ඩොලර් 1-3/කිලෝ,ජීවි ඉස්සකු සඳහා ) වැයවේ.එමෙන්ම පහත් කම්කරු කම්කරු ශ්රෂමයක් අවශ්යැ වන අතර විශේෂ තාක්ෂණික ක්රපම අවශ්යක නොවේ.

අර්ධ -සුක්ෂම

[සංස්කරණය]

ගොවිපල වල ජලය මාරු කිරීම වඩදිය බාදිය මත රඳා නොපවතී.ඒ සඳහා සැලසුම්කරණ ලද පොම්ප හා තටාක භාවිත කරයි.එබැවින් ඔවුන්ට ඉතා විශාල උදම් රළ නිපදවිය හැකි අතර තටාක ප්‍රමාණය 2-30 (හෙක්ටයාර) දක්වා වෙනස් වේ.ගබඩා කර තබා ගත හැකි ඝනත්වය 10 සිට 30 (100000සිට 300000/හෙක්ටයරයට ) දක්වා වෙනස් වේ.එවැනි ගහන ගණත්වයක සතුන් පෝෂණය කිරීම සඳහා කෘතිමව සකස් කරන ලද ආහාර වේල් මෙන්ම ස්භාවිකව හට ගන්නා ඓන්ද්‍රිය ද්‍රවය වැඩිම සඳහා උත්තේජනයද කරනු ලබයි.වාර්ෂික අස්වැන්න 500 සිට 5000 කිලෝ/හෙක්ටයාර දක්වා වෙනස් වන අතර නිෂ්පාදන වියදම ඇ.ඩො 2-6/kg වේ.ගහන ගණත්වය වර්ගමිටරයට සතුන් 15 ට වඩා වැඩි බැවින් ඔක්සිජන් අඩු වීම වැලක්වීමට වාතනය කිරීම නිතරම සිදු කරයි.ඵලදායිතාව වතුරේ උෂ්ණත්වය මත රඳා පවතීන නමුත් සමහර ඍතු වලදී විශාල පරීමාණයේ ඉස්සන් ඇති වීම පොදු තත්වයකි.

සුක්ෂම

[සංස්කරණය]

සුක්ෂම වගාවන් හි භාවිත කරනුයේ වඩාත් කුඩා පොකුණුය .(0.1-1.5 හෙක්ටයාරයට ) එමෙන්ම ගහන ගණත්වය වඩා වැඩිය .මෙම පොකුණු වල ක්‍රියාකාරිත්වය සඳහා විශාල වශයෙන් ජලය මාරු කිරීම සිදු කරනු ලබන අතර එබැවින් අපද්‍රව්ය ඉවත්කිරීම හා ජලයේ ගුණාත්මක බව රැක ගත හැක .පොකුණු වාතනය කරනු ලබන අතර ඉස්සන් පෝෂණය කිරීම සඳහා විශේෂයෙන් සකස් කරන ලද ආහාර වේල් භාවිත කරන අතර වාර්ෂික අස්වැන්න 5,000 සිට 20000 kg/ha වේ .සුපිරි සුක්ෂම වගාවන් හි නිෂ්පාදනය 100,000 kg/ha වේ.මේ වගාව සඳහා දියුණු තාක්ෂණික යටිතල පහසු කම් ,ජලයේ ගුණාත්මකබව සහ තටාකයේ වෙනත් තත්වයන්, හොදින් පුහුණුව ලද වෘතිකයන් අත්යවශ්ය වේ.වියදම ඇ.ඩො 4-8 /kg පමණ වේ.

තක්සේරු කරන ලද නිෂ්පාදන ගුණාංග ඉස්සන් වගාවෙන් වගාවට වෙනස් වේ.අධ්ය‍නයකින් හෙළි වී ඇති කරුණු මත ලොව පුරා ව්යාප්තව ඇති ඉස්සන් වගාවෙන් 55-60% අතර විස්තෘත වගාවන් වන අතර 25-30% අර්ධ සුක්ෂම වේ.ඉතිරිය සුක්ෂම වේ.

ආහාර සැපයීම

[සංස්කරණය]

විස්තෘත වගාවන් ප්‍රධාන වශයෙන් යැපෙන්නේ තටාක තුල පවතින ස්භාවික නිෂ්පාදනයන් මතය .ප්‍රධාන වශයෙන්ම සූක්ෂම ලෙස සිදු කරන වගාවන් හි කෘතීම ආහාර වේල් භාවිත කරයි.පොකුණු තුල පවතිනා වූ හෝ එකතු කරන ලද ඓන්ද්‍රිය ද්‍රව්ය මත රඳා පවතී.හරිත ප්ලවාංග වර්ධනය වී ඉස්සන් වර්ධනය වීම වැඩි කිරීමට පොහොර සහ ඛණිජ ලවණ භාවිතා කරයි.කෘතීම ආහාර හා ඉස්සන් ගේ අපද්‍රව්ය නිසා පොකුණු සුපෝෂණය වේ.

කෘතීම ආහාර පැමිණෙනුයේ විශේෂ කැට වශයෙන් සකස් කල ගුලි වශයෙන් වන අතර ඉක්මනින් කැඩී බිඳී යයි.70% ක පමණ මෙම ආහාර වලින් අපතේ යනුයේ ඉස්සන් ආහාරයට ගැනීමට පෙර ඒවා කැඩී බිදී යන බැවිනි.දිනකට දෙව‍තාවක් සිට පස්වතාවක් දක්වා ආහාර සපයනු ලබන අතර ඉවුරේ සිට බෝට්ටු මගින් ආහාර ලබා දීම සිදු කරයි .නැතිනම් යාන්ත්‍රික ක්‍රම මගින් පොකුනු තුල ආහාර බෙදා හරිනු ලබයි.අහර පරිවර්තන සීග්‍රතාව (FCR) ; ඉස්සන් ඒකකයක් සදහා අවශ්ය ආහාර ප්‍රමාණය වෙයි. නවීන ගොවිපලක් සදහා තක්සේරු කර ඇති මෙම අගය 1.2- 2.0 ත් අතර වෙයි.නමුත් මෙම අගය ඉහලම අගය වන අතර ප්‍රායෝගිකව භාවිතා වීමක් නොමැත . ලාභ ඉපයීම සදහා FCR අගය 2.0ට වඩා අඩු අගයක පවත්වා ගැනීම වැදගත් වෙයි.පැරණි ක්‍රම මගින් සිදු කිරීමේදී මෙම අගය 4:1 ක අනුපාතයක් දක්වා ඉහල යයි.ඉහල ලාභ ලබා ගැනීම සදහා මෙම අගය අඩු මට්ටමක පවත්වා ගෙන යායුතුය.


වගා කරන විශේෂයන්

[සංස්කරණය]

ඉස්සන් සහ කුනිස්සන් විශේෂ රාශියක් පැවතුනද වගා කරනු ලබන්නේ විශාලව වැඩෙන විශේෂ කීපයක් පමණි.ඔවුන් සියල්ලම Penaeus කුලයට අයත් වන අතර penaeidae ගණයට අයත් වෙයි.බොහෝ විශේෂ වගාවට සුදුසු නොවන්නේ පාරිභෝගික රුචිකත්වයට සරිලන විශාලත්වයක් නොමැති වීම, රංචු වශයෙන් එකට සිටින විට වර්ධනය බාලවීම සහ රෝග සදහා නැබුරුව වැඩි වීම නිසාය. වෙළෙද පොළ අධිපතිත්වය දරන විශේෂ 2 වනුයේ;

1)Pacific white shrimp (Liptopenaeus vannamei) බටහිර රටවල වගා කරන ප්‍රධාන විශේෂයි. පැසිෆික් වෙරල තීරයට උරුම කම් කියන අතර මෙක්සිකෝව සිට පේරු දක්වා වයා‍ප්තව ඇත. සෙන්ටිමීටර 23 ක් දක්වා වර්ධනය වෙයි.95% ක නිෂ්පාදනයක් ලතින් ඇමෙරිකාව ආශ්‍රිතව නිපදවෙයි. බෝ කිරීම පහසු වන අතර ටවුරා රෝගයට පහසුවෙන් ගොදුරු වෙයි.

2)Giant tiger prawn (Penaeus monodon) ඉන්දියානු සාගරයේද පැසිෆික් සාගරයේ ජපානයේ සිට ඕස්ට්රේලියාව දක්වා ව්යාප්තව ඇත.විශාලතම වගා කරන ඉස්සන් වන අතර සෙන්ටිමීටර් 32 ක් දක්වා වැඩෙයි .ආසියාවේ වගා කරනු ලබයි.2001 වර්ෂයේ සිට l.vannamei විශේෂය මේ වෙනුවට භාවිතා කරන්නේ මොවුන් පහසුවෙන් සුදු පුල්ලි රෝගයට නතුවන නිසාවෙනි.

සම්පුර්ණ වගා කරන ඉස්සන් නිෂ්පාදනයෙන් 80% ක් පමණම මෙම විශේෂ 2 ට අයත් වෙයි.

බෝ කරන වෙනත් විශේෂ ;

1)western blue shrimp (P.stylirostris) බටහිර අර්ධ ගෝලය තුල වඩාත් ප්‍රචලිතව වගා කරන ඉස්සන් විශේෂය වූ අතර IHHN වයිරසය මගින් සම්පුර්ණ ගහනයම වාගේ 1980 වර්ෂයේදී විනාශ විය.සුරැකුණු සුළු ප්‍රමාණය වෛරස් ප්‍රතිරෝධී විය. මොවුන්ගෙන් සමහරෙක් taura වෛරසයටද ප්‍රතිරෝධී බව හදුනාගත් පසු 1997 සිට නැවත වගා කිරීම අරඹන ලදී.

2)Chinese white shrimp (P.chinensis) චීනය ජන්ම භුමිය වූ අතර චීන වෙරළාශ්‍රිත ප්‍රදේශ සහ කොරියාවේ බටහිර වෙරල තිරය තුල වගා කරන ලදී.සෙන්ටිමීටර 18 ක් පමණ ප්‍රමාණයට වර්ධනය වන අතර සෙල්සියස් අංශක 16 ක් පමණ ශීත ජලය අත්යවශ්ය වෙයි.වරක් ලෝක වෙළදපොලෙහි ප්‍රධාන අංගයක් වූ අතර අද වන විට චීන වෙළදපොලෙහි පමණක් දක්නට ලැබෙන්නේ 1993 දී පමණ ගහනයේ සියල්ලම පාහේ රෝගයකින් විනාශ වූ නිසාය.

3)kuruma shrimp(P.japonicus) ජපානය, ඕස්ට්‍රේලියාව සහ තායිවානය තුල වගා කරයි.වෙළදපොල ඉල්ලුම පවතින්නේ ජපානය තුල පමණක් වන අතර ඇ.ඩො.220 ක් පමණ වෙයි.

4)Indian white shrimp(P.indicus) ඉන්දියානු සාගරය ජන්ම භුමිය වන අතර විශාල වශයෙන් ඉන්දියාව, ඉරානය හා මැද පෙරදිග සහ අප්‍රිකානු වෙරල තීරය තුල බෝ කිරීම සිදු කරයි.

5)banana shrimp(P.merguiensis) ඕමානයේ සිට ඉන්දුනීසියාව දක්වාද ඕස්ට්රේලියාවෙ ද වගා කරයි. ඉන්දියානු සාගර වෙරල ආශ්‍රිත ප්‍රදේශ වල වගා කරයි. විශාල ගහන ගනත්වයකින් යුතුව වගා කරයි.


Peanaeus ගණයට අයත් වෙනත් අල්ප ප්‍රමාණයක් වූ ඉස්සන් වගාවට යොදා ගන්නා අතර වෙනත් විශේෂද උදා; metapenaeus spp වගා කරනු ලැබෙයි.ඔවුන්ගෙන් ලබා ගන්නා නිෂ්පාදනය වර්ෂයකට ටොන් 25,000 ක් වන අතර වගා කරන ප්‍රධාන Peanaeus විශේෂයන්ට සාපෙක්ෂව කුඩා අගයක් ගනියි.

ලෙඩ රෝග

[සංස්කරණය]

ඉස්සන්ට බලපාන විවිධ මාරාන්තික වයිරස් රෝග පවතී. දැඩි ගහන ගණත්වයක් පවතින තනි බෝග වගාවන්හි වෛරස් අසාධන වේගයෙන් පැතිර ගිය අතර සියලුම ඉස්සන් ගහනය විනාශ වූ අවස්ථාද ඇත.වෛරස් හි ප්‍රධාන රෝග වාහකයා ජලය වෙයි .වෛරස් පැතිරීම නිදහස් වනගත ඉස්සන්ටද පැතිරීම ගහනයේ විනාශයට භයානක ලෙස බලපායි.

1. Yellow head රෝගය - P.monodon විශේෂයට බලපෑ අතර අග්නිදිග ආසියාවේ පැතුරුනි.1990 දී තායිලන්තයෙන් පළමු වරට වාර්තා විය. ස්පර්ශයෙන් බෝ වන අතර දින 2 සිට 4 දක්වා කාලයකදී විශාල මරණ සංඛ්යාවක් වාර්තා විය. රෝගය බෝ වූ ඉස්සකුගේ ශීර්ෂෞරසය කහපාට වෙයි.අසාමාන්ය ලෙස ඉහල ක්‍රියාකාරීත්වයෙන් යුත් ආහාර රටාවක් අවසන් වීමෙන් පසු මෙසේ වීම සිදු වෙයි.මරණාසන්න ඉස්සන් පොකුණු ජලය මතුපිටට එක්රැස් වෙයි.

2. සුදු පුල්ලි සින්ඩ්‍රොමය -එකිනෙකට නෑකම් පවතින වෛරස් සමුහයක් මගින් ඇති වෙයි.1993 දී ජපානයේ P.japonicus වගාවෙන් ව්යාප්ත වූ අතර ආසියාවේ හා අප්‍රිකාවේ ව්යාප්ත වුනි.පුළුල් පැතිර යාමේ හැකියාවක් ඇති වඩාත් මාරාන්තික රෝගයකි.ගහනයක සියලුම ජීවින් 100% ක් ම දිනක් තුලදී විනාශ කල හැකි විය.රෝග ලක්ෂණ ලෙස උඩු කබලේ සුදු පුල්ලි ඇති වෙයි.ජීරක ග්‍රන්ථි තුල රතු පුල්ලි ඇති වෙයි.අලස වීම මියයාමට ආසන්න ඉස්සන්ගේ ලක්ෂණයකි.

3. Taura සින්ඩ්‍රොමය ප්‍රථම වරට වාර්තා වුයේ 1992 ඉක්වදෝරයේ ටවුරා ගං ඉවුරු ආශ්‍රිත ඉස්සන් වගාවෙනි. P.vennamei විශේෂය මේ රෝගයට ගොදුරු වුනි.රෝගය සීග්‍රයෙන් පැතිරුනේ ආසාධිත සත්වයන් සහ ඇගිල්ලන් අපනයනය කිරීම හේතුවෙනි.ඇමෙරිකානු වගා තුල පළමුව ඇති වූ අතර ආසියානු කලාපයට ප්‍රචාරණය වුයේ මෙම විශේෂය එම රට වලටද හදුන්ව දීමෙනි. එක් එක් ප්‍රදේශ වල පවතින වගාවන් වලට මෙම රෝගය ව්යාප්ත වුයේ කුරුල්ලන් මාර්ගයෙන් බව විශ්වාසයක් පවතී.

4. IHHN - විශාල මරණ සංඛ්යාවක් P.stylirostri විශේෂය තුල සිදු වූ අතර (90%ක පමණ විශාල ප්රුමාණයක්) L.vennamei විශේෂයේ විරුපීකරණයද සිදු විය.පැසිෆික් සාගරයේ ගොවිපලවල් සහ වනගත නිදහස් ඉස්සන් අතර පැතිර ගිය අතර ඇමෙරිකාවේ අත්ලාන්තික් සාගර ප්‍රදේශ ආශ්‍රිත වෙරල තීරයේ ජීවත් වූ නිදහස් වනගත ඉස්සන්ට රෝගය අසාදනය නොවුනි.

එමෙන්ම බැක්ටීරියානු අසාධානද ඉස්සන් වගාව සදහා අහිතකර ලෙස බලපෑඅතර විශාල මරණ සංඛ්යාවක්ද සිදු විය.Vibrio විශේෂය මගින් ඇති කල වඩාත් පොදු රෝගය වුයේ vibriosis ය. ඉස්සන් දුර්වල වන අතරම දිශානතිහරණය සහ උච්චර්මයේ කළු තුවාල ඇති වීම රෝග ලක්ෂණ වෙයි.මරණ සංඛ්යාව 70% ඉක්ම විය හැක. NHP යනු තවත් එක් බැක්ටීරියානු රෝගයකි.රෝග ලක්ෂණ වනුයේ සැකිල්ල මෘදු වීමයි. පීඩාකාරී තත්වයන් බැක්ටීරියානු රෝගී තත්ත්ව හා බැදී පවතී. උදා; තටාක තුල අධික ගහනය , ඉහල උෂ්ණත්වය, දුර්වල තටාක තත්වයන් බැක්ටීරියාවන් වර්ධනය වීමට අනුබල දෙයි.ප්‍රතිජීවක ප්‍රතිකාර වශයෙන් ලබා දෙයි. ආනයනික රටවල් ඉස්සන් ආනයනය නවත්වුයේ ඔවුන් තුල ප්‍රතිජීවක අඩංගු බව තහවුරු කරගත් බැවිනි.එවැනිප්‍රතිජීවක වුයේ chloramphenicol ය. එය 1994 දී යුරෝපීය සංගමය විසින් තහනම් කරනු ලැබුවද එමගින් බොහෝ ප්‍රශ්න පැන නැගුණි.

බොහෝ ලෙඩ රෝග වලට ඵලදායි ලෙස පිළියම් කල නොහැකි බැවින්, කර්මාන්තය තුල ප්‍රයත්න දැරුවේ රෝග වලක්වාලීම සදහාය. ජලයේ ගුණාත්මක භාවය ක්‍රියාකාරීව කළමනාකරණය කිරීම තුලින් තටාක තුල ලෙඩ රෝග පැතිරයාම වැළක්විය හැක. වනගත කීටයන් අල්ලා ගැනීම වෙනුවට එකල පරිසරයන් තුල රෝග බීජ රහිත ඇගිල්ලන් බෝ කිරීම සිදු කල අතර ඔවුන් රෝග බීජ රහිත බව තහවුරු කිරීමද අත්ය්වශ්ය විය.මෙම ක්‍රමය මගින් රෝග රහිත ගහනයන්ට රෝග පැතිර යාම වැළක්විය.අර්ධ සුක්ෂම වගාව වඩාත් පාලනය කරන ලද පාරිසරික තත්ත්ව යටතේ සිදු කිරීමද රෝග ව්යාප්තිය වැලක්වීමට ගත් පියවරකි. උදා ; පස සමග ගැටීම වැලක්වීමට ප්ලස්ටික් වලින් පොකුණු පතුල ආවරණය කිරීම, පොකුණු අතර ජලය මාරු කිරීම අවම කිරීම.

ආර්ථිකය

[සංස්කරණය]

2005 වර්ෂයේදී ඉස්සන් ගේ ගෝලීය නිෂ්පාදනය ටොන් මිලියන 2.5 ට ලගා විය .මෙය එම වසර තුල මුළු මත්ස්ය නිෂ්පාදනයෙන් 42%ක විය.ඉස්සන් සදහා විශාලතම වෙළදපොල පවතිනුයේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි .ඔවුන් 2003-2009 වර්ෂ තුලදී වාර්ෂිකව ටොන් මිලියන 500- 600,000 ත් ඉස්සන් ප්‍රමාණයක් ආනයනය කර ඇත.ජපානය විසින් වාර්ෂිකව ටොන් මිලියන 200,000 පමණ ආනයනය කරයි.යුරෝපිය සංගමය විසින් 2006 වර්ෂයේදී නිවර්තන කලාපීය ඉස්සන් ටෝන් 500,000 ක් ආනයනය කරනු ලැබූ අතර වැඩිම ආනයන ප්‍රමාණයක් සිදු කර ඇත්තේ ප්‍රන්ශය සහ ස්පාඤ්ඤයයි.එමෙන්ම ඔවුන් ශීත ජලයේ ජීවත් වන ඉස්සන් ආනයනය කිරීමේ ප්‍රධාන තැනක උසුලයි. සාමාන්ය ඉස්සන් සහ pandalidae විශේෂයන්ට අයත් ඉස්සන් ආනයනය කරනු ලබයි. මෙම ආනයනය ටොන් 200,000 පමණ විය.

ඉස්සන් ආනයනික මිල විශාල වශයෙන් උච්චාවචනය වෙයි.2003 වර්ෂයේ එක්සත් ජනපදයේ ඉස්සන් ආනයනික මිල වුයේ කිලෝග්රැයමයකට ඇ.ඩො. 8.80 ලෙස වූ අතර ජපානයේ ආනයනික මිල ස්වල්ප ලෙස අඩු අගයක් ගත් අතර එය කිලෝග්රැමයකට ඇ.ඩො. 8 ක් විය .යුරෝපිය සංගමයේ ආනයනික මිල වුයේ ඇ.ඩො 5 කි. මෙම පහත අගයන්ට ආනයනය කිරීමට හේතුවක් ලෙස සලකනුයේ යුරෝපිය සංගමය වැඩිපුර ආනයනය කරනු ලබන්නේ ශිත ජලයේ ජීවත් වන ඉස්සන් විම හේතුවෙනි. ඔවුන්ගේ මිල උෂ්ණ ජලයේ ජීවත් වන ඉස්සන්ගේ අගයන්ට වඩා පහත් අගයකි. මිට අමතරව මධ්යධරණි යුරෝපය ඉස්සන්ගේ හිස් සදහා වැඩි කැමැත්තක් දක්වන අතර එහි බර ප්‍රමාණය 30% පමණ වැඩි වුවද , අඩු මිල ගණන් යටතේ පවතී.

ගෝලීය ඉස්සන් නිෂ්පාදනයේ 75% කම දායකත්වයක් දක්වනු ලබන්නේ ආසියානු රටවල් මගිනි. චීනය , සහ තායිවානය ප්‍රධාන තැනක් ගන්නා අතර වියට්නාමය , ඉන්දුනීසියාව සහ තායිවානය සහ ඉන්දියාව ද තරග බිමට බට රටවල් අතර ඇත. ඉතිරි 25% ප්‍රමාණය නිෂ්පාදනය කරනු ලබන්නේ බටහිර අර්ධගොලහිදිය.එහි ප්‍රධාන තැනක ඉසුලනුයේ බ්‍රසීලය, ඉක්වදෝරය සහ මෙක්සිකොවයි.තායිලන්තයට 30% ක වෙළෙදපොල කොටස් හිමිවන අතර චීනය , ඉන්දුනීසියාවට සහ ඉන්දියාවට 10% ක කොටස් හිමිව ඇත.අනෙකුත් වෙළදපොල කොටස් හිමි ප්‍රධාන රටවල් වනුයේ වියට්නාමය , බංගලාදේශය සහ ඉක්වදොරයයි.තායිලන්තයේ නිෂ්පාදනය සියල්ලක්ම පහේ අපනයනය කරන අතරම චීනයේ සියලුම නිෂ්පාදනයන් එහි අභ්යන්තර වෙළෙද පොලට නිකුත් කරයි.නිෂ්පාදනයන් අපනයනය කරන ගමන්ම ශක්තිමත් අභ්යන්තර වෙලේද පොලක් පවතින එකම රට වනුයේ මෙක්සිකොවයි.

රෝග හේතුවෙන් ඉස්සන් නිෂ්පාදනයට දැඩි ලෙස බලපෑම ඇති විය.1993 දී P.chinensis විනාශ විය.වෛරස් රෝග පැතිර යාම හේතුවෙන් බොහෝ රටවල නිෂ්පාදනය අඩු විය. උද ; 1997/1996 තායිලන්තයේ හා ඉක්වදෝරයේ නිෂ්පාදනය ද 1989 IHHN රෝගයෙන්ද ,1993 තවුරා රෝගයෙන්ද , 1993 දී සුදු පුල්ලි රෝගය මගින්ද ඉක්වදෝර නිෂ්පාදනය විනාශවිය.ආනයනික රටවල ආනයනික නීතිද බලපෑම් එල්ල විය. උදා; රසායනික ද්‍රව්ය අඩංගු නොවිය යුතුය. ප්‍රතිජීවක අඩංගු නොවිය යුතුය.

1980 හා 1990 කාලයේදී නිෂ්පාදනය ලාභදායි වන බවට පුරවා නිමිති දැක්විය.විස්තෘත වගාවට අවශ්ය ආයෝජනයන් අඩු වීමද විශේෂ වාසියක් විය.විශේෂයෙන්ම ඉඩම් සහ වියදම් අඩු කලාපයන් මේ සදහා වඩාත් යෝග්ය විය.බොහෝ දුප්පත් ආර්ථිකයන් සහිත නිවර්තන කලාපීය රටවලට ඉස්සන් වගාව සිත අද ගන්න සුළු කර්මාන්තයක් වුයේ එය රැකියා අවස්ථා උදා කිරීමත් සහ දුප්පත් මිනිස්සුන් හට අදායම් ලබා ගත හැකි ක්‍රමයක්ද වූ බැවිනි.එමෙන්ම ඉස්සන් සදහා වූ ඉහල වෙළෙදපොල ඉල්ලුම නිසා බොහෝ රටවලට විදෙශ විනිමය උපයාගත හැකි හොද ඉල්ලුමක් විය.බොහෝ ඉස්සන් වගා බිම සදහා ආධාර ලැබුණු අතර දේශීය රජයන් මගින් ප්‍රමාණවත් පරිදි උපකාර කරන ලදී.

1990 පසු භාගයේදී ආර්ථික තත්වය වෙනස් විය.රාජ්ය නොවන සංවිධාන සහ පාරිභෝගික රටවල් මගින් ව්යාපාරික ක්‍රියාමාර්ග වලට එල්ලවූ විවේචන නිසා රජයන් සහ ගොවිපල හිමිකරුවන් වෙත ඇති වූ බලපෑම දැඩි විය. ජාත්යන්තර වෙළද නීති සමග ගැටුම ඇති විය.උදාහරණ ලෙස පාරිභෝගික රටවල් මගින් ප්‍රතිජීවක අඩංගු ඉස්සන් ආනයනය කිරීම තහනම් කිරීම දක්නට ලැබෙයි. 2004 දී අමෙරිකාව මගින් තායිලන්ත ඉස්සන් ආනයනය කිරීම වැළක්වුයේ තායිලන්ත ධීවරයන් කැස්බැවුන් ඉවත් කිරීමේ උපකරණ ඔවුන්ගේ දැල වලට යොදා නොගත් බැවිනි. 2003 වර්ෂයේදීද අමෙරිකාව ප්‍රතිනික්ෂේපන තත්ත්ව මුල් කර ගනිමින් ලොව පුර ඉස්සන් නිෂ්පාදකයන්ට විරුද්ධව නැගී සිටිනු ලැබිය. ලෙඩ රෝග බොහෝ ආර්ථික ප්‍රතිලාබ අහිමි කරන්නක් විය.ඉස්සන් අපනයනය ප්‍රදාන අංගයක් වූ ඉක්වදෝරයේ රෝග ව්යාප්තවීම හේතුවෙන් 1999 වසරේදී 130,000 ප්‍රමාණයකට රැකියා අහිමි විය.2000 වර්ෂයේදී ඉස්සන් මිල සීග්‍රයෙන් පහත වැටුණි.

සමාජ ආර්ථික දර්ශනය

[සංස්කරණය]

නිසි ආකාරයෙන් කළමනාකරණය කරනු ලැබුවේ නම් ඉස්සන් වගාව යනු සිත අද ගන්නා සුළු රැකියා අවස්ථා ලබා දෙන දේශීය වෙරළාශ්‍රිත ජනතාවගේ දුප්පත්කම අඩුකරන්න උදවු ලබා දෙන මනරම් අවස්ථාවකි.මෙම මාතෘකාව පිලිබදව ප්‍රකාශිත පොත්පත් පෙන්වනුයේ බොහොමයක් දත්ත වල අපරික්ෂාකාරී නිරීක්ෂණ ස්වභාවයන් සහ විෂමතාවයන් ඇති බවයි.තක්සේරු කරන ලද කම්කරු ඝනත්වය 1 ට 3 අනුපාතයෙන් යුක්ත වන අතර, එකම ප්‍රදේශයේ වී වග කිරීම සදහා යොදා ගන්නා ප්‍රමාණයට වඩා තුන් ගුණයක් වැඩි ශ්‍රමයක් අවැසි බව පෙන්වදෙයි.සාමාන්යයෙන් සුක්ෂම වගාවට එක ඒකකයකට අවශ්ය ශ්‍රාමය අර්ධ සුක්ෂම වගාවට වඩා වැඩිය.විස්තෘත වගාව බොහෝ ලෙස බිම් ප්‍රමාන ප්‍රයෝජනයට ගන්නා නමුත් , ඒ සදහා කෘෂිකාර්මික බිම යොදා ගැනීමේ අවස්ථා විරලය.අහර නිෂ්පාදන, ගබඩා, වෙළද සමාගම් යනාදිය ඉස්සන් වගාව සදහා උපකාරක කර්මාන්ත ද නොසලකා හරිය නොහැක.

අනෙකුත් රැකියා අවස්ථා සමග සංසන්දනය කිරීමේදී ඉස්සන් වග කිරීම මගින් ඉහල වැටුප් ප්‍රමාණයක් ලබා ගත හැක.එක් අධයනයකින් ලබා ගත දත්ත මත , ගෝලීය වශයෙන් ඇස්තමේන්තු කිරීමේදී ඉස්සන් වග කිරීමේ කර්මාන්තයේ නියුතු පුද්ගලයෙකු වෙනත් රැකියාවකින් ලබා ගන්න අදායම මෙන් 1.5-3 ගුණයක් වන අතර මෙක්සිකෝ ඉතිහාසයේ ඉස්සන් වගා කිරීමේ කර්මානතයේ නියුතු පුද්ගලයෙකු ලැබූ අඩුම වැටුප් ප්‍රමාණය 1996 වාර්තාවී ඇති අතර එම අදායම ද වෙනත් රැකියාවක නියුතු පුද්ගලයෙකු ලබන අදායම මෙන් 1.22 ගුණයක් බව වාර්තා වී ඇත.

රාජ්ය නොවන සංවිධාන පවසනුයේ මෙම ව්යාපාරයෙන් ලබන අදායමෙන් වැඩි ප්‍රමාණයක් හවුල්කරුවන් අතර බෙදි යන නමුත් බහුතර දේශීය ජනතාවට නොලැබෙන බවයි.මෙම තත්වය බොහෝ රටවලට සත්ය වන නමුත් ඉක්වදෝරය වැනි රටවල ඉස්සන් ව්යපාර බොහෝ විට සිදු කරනු ලබනුයේ විශාල සමාගම් මගිනි. තායිලන්තයේ බොහෝ වගාවන් සිදු කරන ලද්දේ කුඩා පරිමාණ ව්යවසයකයින් වුවද ආහාර නිෂ්පාදකයන්ගේ සිට ආහාර සකස්කරන්නන් සමගද වෙළෙද සමාගම් සමගද එකා බද්ධ වීම සිදු කරයි. වී ගොවිතැනේ සිට ඉස්සන් ගොවිතැන දක්වා වෙනස් වුව හොත් අදායම 10 ගුණයකින් වැඩි කරගත හැකි බව තායිලන්ත වාර්තාවකින් දක්වෙයි.මෙවැනිම වාර්තාවක් 2003 දී ඉන්දියාවේ අන්ද්‍ර ප්‍රදේශයේ නිකුත් කරනු ලැබූ වාර්තාවකින් දැක්වේ.

මෙමගින් ලාභ අත් වුවද එය රදා පවතින්නේ පුහුණු පුද්ගලයන්ගේ බහුලත්වය සහ වැඩෙහි දීමේ හැකියාව මතය.විස්තෘත වගා මධ්යයේ රැකියා ලබා ගත හැක්කේ ඍතුමය වශයෙනි. අස්වනු නෙලීම සදහා පුහුණුවක් අවශ්ය නොවෙයි.ඉක්වදෝරයේ මෙවැනි අවස්ථා හිමිවන්නේ සංක්‍රමණිකයන් සදහාය.සුක්ෂම වගා සදහා වර්ෂය පුරා පවතින ශ්‍රමයක් අවශ්ය වෙයි.

පාරිසරික බලපෑම

[සංස්කරණය]

විස්තෘත වගාවේ සිට සුපිරි සුක්ෂම වගාව දක්වා වූ සියලුම ඉස්සන් වගා මාධ්යයන් මගින් සිදු වන පාරිසරික බලපෑම බෙහෙවින් විනාශකාරී වුවකි. විස්තෘත වගාවන් සදහා කඩොලාන කපා එලි පෙහෙළි කිරීම නිසා ජෛව විවිධත්වය විනාශ වීම සිදු වේ. 1980 සහ 1990 අතරතුර කාලයේදී කඩොලාන වනාන්තර වලින් 35% පමණම අතුරුදහන් විය. කඩොලාන විනාශයට හේතු වූ ප්‍රධානම කරුණ වනුයේ ඉස්සන් වගාව වන අතර මිට බලපාන ප්‍රධාන කරුණු 3 ඇතුලත ඉස්සන් වගාවට ප්‍රමුඛස්ථානය ලැබී ඇත. කඩොලාන විනාශය සදහා බලපැ අනෙක් කරුණු වුයේ ජනගහනයේ බලපෑම, දර සදහා වූ අවශ්යයතාවය සහ වෙනත් ව්යාපාර මගින් සිදු කරන පරිසර දුෂණයන්ය. කඩොලාන මුල් මගින් වෙරළ ඉවුරු ඛාදනය වැලැක්වූ අතර ඉවුරු ග්‍රහණය කර තබාගන්නා ලදී. කඩොලාන ඉවත් කිරීම නිසා ගංගා ඉවුරු ඛාදනය ඉහල ගිය අතරම ගං වතුර තර්ජනය ද ඉහල යන ලදී . කඩොලාන ආශ්‍රිත ගංගා මෝය ප්‍රදේශ විශේෂයෙන්ම ඉතා ඉහල පොහොසත් කමින් යුත් සහ පලදායිතාවයෙන් යුතු පරිසර පද්ධතීන් වේ. මෙම ප්‍රදේශ විශේෂයෙන්ම නොයෙකුත් විශේෂයන්ට අයත් මත්සයන් හට බිජු දැමීම සදහා යෝග්ය භුමි වන අතරම, ආර්ථික වශයෙන් වැදගත් වන විශේෂද ඒ අතර වෙයි. බොහෝ රටවල් මෙම භුමි ප්‍රදේශ එලි කිරීම තහනම් කරන ලද අතරම තව දුරටත් ඉස්සන් වගාවන් අලුතින් ඇති කිරීමද තහනම් කරන ලදී . එනමුත් මේ සදහා බලපවත්නා නීති රීතින් තවමත් මත බේදයට හේතු වී ඇති අතර, විශේෂයෙන්ම ඌන සංවර්ධිත රටවල් වන බංගලාදේශය,මියන්මාරය සහ වියට්නාමය තුල පවත්නා නීති රීති තුල දැඩි ලෙස හිදැස් පවතින බව හෙළිවී පවතී. උදා; මියන්මාරයේ වෙරළාශ්‍රිත කඩොලාන දැක්විය හැක .

සුක්ෂම වගාවන් මගින් කඩොලාන පරිසරයන්ට ඇති කරන බලපෑම අඩු කලද වෙනත් බලපෑම් ඉස්මතු වෙමින් පවතී. පෝෂණ කොටස් බහුල අපවහන ද්‍රව්ය පරිසරයට මුදාහැරිම , පාරිසරික තුලනයට බෙහෙවින් බලපා ඇත. මෙම අපවහන ජලය තුල, වෙසෙසින්ම රසායනික පොහොර, කෘමිනාශක, ප්‍රතිජීවක සහ දුෂක අඩංගුව පවතී. ප්‍රතිජීවක පරිසරයට මුදා හරිම මගින් ඒවා ආහාර දාමය ඔස්සේ ගලා යාම නිසා බැක්ටිරියානු ආසාදනයන් සදහා ප්‍රතිරෝධයන් දැක්විම සදහා අවනත නොවීමේ ඉහල අවදානමක් පවතී. කෙසේ නමුත් ජලජ බැක්ටිරියාවන් අනෙකුත් භෞම බැක්ටාරියාවන් මෙන් මිනිසුන් හට බෝ නොවන රෝගාබාධයන් වෙයි. ඉතා කුඩා ප්‍රමාණයක් මෙසේ බෝවන රෝග හදුනා ගෙන ඇත.

දීර්ඝ කාලිනව පොකුණු භාවිතය තුලින් පෝෂක සහ අපද්‍රව්ය තැන්පත් වීම නිසා පොකුණු පත්ල තුළ රොන් බොර තැන්පත් විම සිදුවේ. මෙම රොන් බොර යාන්ත්‍රිකව ඉවත් කල හැකියි හෝ වියලීමට ඉඩ හැර ජෛව හායනය මගින් ඉවත් කල හැක. පොකුණු සෝදා හැරීමෙන් රොන් බොර සම්පුර්ණයෙන් ඉවත් කල නොහැකි අතර , අවසානයේදී මෙම පොකුණු අත හරිම නිසා ලවණතාවය වැඩි ,ආම්ලික සහ විෂ රසායනිකයන් බහුල ප්‍රයෝජනයට ගත නොහැකි මුඩු බිම් බවට එම ප්‍රදේශ පත් වේ. සාමාන්යයෙන් විස්තෘත වගාවක් සදහා භාවිත කරන තටාකයක් ප්‍රයෝජනයට ගත හැක්කේ වසර කීපයක් පමණි. ඉන්දියාවේ සිදු කල සමික්ෂණයක් අනුව මෙවැනි බිමක් යථා තත්වයට පත් කිරිමට වසර තිහක් පමණ ගතවන බව ඇස්තමේන්තු ගත කර ඇත. 1999 දී ගොඩබිම තුල ඉස්සන් වගාව තායිලන්ත රජය විසින් තහනම් කරන ලද්දේ කෘෂිකාර්මික භුමි තුල ලවණතාවය වැඩිවි විනාශවීමේ හැකියාවක් පැවතුනු බැවිනි. 1989-1996 දී තායිලන්තය තුල අත් හරින ලද වගා බිම් පිළිබද සමීක්ෂණයකදී 60% ක පමණ ප්‍රමාණයක් අත් හැර ඇත්තේ එම කඩොලාන ප්‍රදේශ ඉතා ඉහල ප්‍රමාණයකින් යුත් යපස් වලින් බහුල වීමත් සහ දුර්වල අපවහන පද්ධතියක් පැවතීමත් යන කරුණු මුල් කරගෙන බව හෙළි විය.

ඉස්සන් වගාවේ ගෝලීය ස්වභාවය අනුව එය ලොව පිළිගත් විදේශීය විශේෂයන් හදුන්වා දුන්නා පමණක් නොව ලොව පුර ලෙඩ රෝග ව්යාප්ත වීම සදහා ද මං පෙත් ද සාදා දුනි. මෙහි ප්‍රතිපලයක් ලෙස ලොව පුර බෙදා හරින ඇගිල්ලන් සදහා විශේෂිත සෞඛ්යය සහතිකයක් අවශ්ය වූ අතරම ඔවුන් විශේෂිත රෝගබිජ රහිත බව සහතික කල යුතුව ඇත. බොහෝ සංවිධාන පරිභෝගිකයන්යට වගා කරන ලද ඉස්සන් මිලදී ගැනීමෙන් වලකින ලෙස උපදෙස් දි ඇත. වඩා ශක්තිමත්, ස්ථිර වගා ක්‍රම ඇති කිරීම පිලිබදව සමහර සංවිධාන වල අවධානය යොමුව ඇත.ඉස්සන් වගාව අධ්යනය සහ නව ක්‍රියාමාර්ග යෝජනා කිරීම සදහා ලෝක බැංකුව, NACA, WWF, FAO යන සංවිධාන වල එකතුවෙන් 1999අගෝස්තු මසදී වැඩසටහනක් ක්‍රියාත්මක කරන ල දි. සමහර වෙළදපොල රදාපවතින්නන් උත්සාහ දරනුයේ අපනයනය සදහාම ඉස්සන් වග කරන ගොවිපලවල් හි අස්වැන්න වෙළදපොල තුල 'පාරිසරික නිෂ්පාදන' ලෙස විකිනිමටය. මෙය බොහෝ රාජ්ය නොවන සංවිධාන මගින් විවේචනය කරන ලද්දේ වංචා සහගත ,නොවැදගත් වෙළද කවුළු භාණ්ඩ ප්‍රදර්ශනයක් ලෙසය.

1999 සිට මේ වනතුරුත් මෙම කර්මාන්තය ඉතා සෙමින් වෙනස්වීම් වලට බදුන් වෙමින් පවතී. ලෝක බැංකු වැඩසටහන් මගින් සංවර්ධනය කරනලද ඵලාදයි කළමනාකරණ ප්‍රතිපත්ති පිළිගන්නා ලදී. එය ප්‍රවර්ධනය කිරීම සදහා අධයාපනික වැඩසටහන් ස්ථාපනය කරන ලදී. බොහෝ රටවල පනවන ලද කඩොලාන ආරක්ෂණ නීති හේතුවෙන් අලුතින් අරඔන ලද වගාවන් අර්ධ සුක්ෂම ඒවා වූ අතර, කඩොලාන ප්‍රදේශ වලට ඔබ්බෙන් ඉතා විශිෂ්ට ලෙස ගොඩනැගු ඒවා විය. එමෙන්ම ඉතා තදින් පාලනය කරන ලද පරිසරයන් නිර්මාණය කිරීමේ නැඹුරුවක්ද මෙම වගා තුල පවතිනුයේ ලෙඩ රෝග ඇති වීම වැළක්වීමේ අරමුණෙනි. අපවහන ජල පිරියම් කිරීම පිලිබදව වැඩි අවධානයක් යොමුව පවතී. නුතන ඉස්සන් වගා මාධ්‍යන් තුල අපවහන පිරියම් තටාක අත්යන්තයෙන්ම ඇත. එම තටාක තුලදී මඩ, පතුල මත තැන්පත් වීම සිදු කරන අතර අවශේෂයන් පෙරීම සිදු කරයි. එවැනි කටයුතු සදහා ඉහල පිරිවැයක් දැරීමට සිදු වන බැවින් ලෝක බැංකු වැඩසටහන් මගින් , සමහර ප්‍රදේශ සදහා අඩු ගණත්ව බහු වගා ව්යාපාර යෝජනා කරන ලදී. කඩොල් පස අපජලය පෙරීම සදහා ප්‍රයෝජනවත් වන බවත් ,ඉතා ඉහල නයිට්රේට ප්‍රමාණයක් දරා සිටින බවත් සොයා ගැනීමෙන් පසුව ව්යාපාරිකයන් තුල කඩොලාන නැවත වගා කිරීමේ උනන්දුවක් ඇති වුවද ඒ සදහා ඔවුන්ගේ දායකත්වය තවමත් ඉතා අල්ප වේ. මෙම දිගු කාලීන යෝජනා ක්‍රම සහ කර්මාන්ත නැඹුරුතාවයන්ගේ අගය මේ වනතුරුද නිශ්චිත වශයෙන් ගණනය කර නොමැත.

සමාජයීය වෙනස්වීම්

[සංස්කරණය]

1980 සහ 1990, සමෘධිමත් කාල වකවානුව තුල මෙම කර්මාතය අවිධිමත් ලෙස සිදුකරන ලදී . මෙහි වේගවත් ව්යාප්තිය හේතුවෙන් වෙරළබඩ ජනතාවගේ සැලකිය යුතු වෙනස්කම් සිදු වූ අතර සමහර වෙනස්කම් විනාශකාරී ඒවා විය. ඔවුන් අතර මත ගැටුම් ඇති වූ අතර ඒ සදහා ප්‍රදාන වශයෙන් හේතු 2ක් බලපාන ලදී. ඒවා නම් ; ජලය සහ ගොඩබිම යන පොදු ස්වභාවික සම්පත් සදහා ඇති වූ තරගකාරිත්වය, ධනය විෂම ලෙස බෙදී යාම.බංගලාදේශය වැනි රටවල මත ගැටුම් ඇති වුයේ සුවිශේෂී හේතුවක් වූ භුමිය ප්‍රයෝජනයට ගැනීමේ අයිතිය පදනම් කරගනිමිනි. ඉස්සන් වගාව සමග නව ව්යාපාර වෙරලශ්‍රිතව ව්යප්තවූ අතර පෙර පොදු වූ ස්වභාවික සම්පත් මේ සදහා යොදා ගැනීම සිදු විය. වෙරළාශ්‍රිත ජනතාව ඉස්සන් වගාව සදහා වැඩි වශයෙන් යොමු වීමෙන් දේශීය ධිවර කර්මාන්තයට දැඩි බලපෑම් එල්ල විය.

මෙම අර්බුද දුර්වල පාරිසරික ක්‍රියාමාර්ග නිසාද ඇති විය. පොදු සම්පත් හායනය මෙහි බලපෑමක් විය. (තටාක තුල ලවණතාවය පාලනය කිරීමට මිරිදිය ප්‍රමාණයට වඩා ප්‍රයෝජනයට ගැනීම නිසා water table දුර්වල වීම සහ ලවන ජලය ඇතුලට ගැලීම නිසා භූ ජලයේ ලවණතාවය වැඩි විම සිදු විය.) අත්දැකීම් බහුල වීමත් සමගම රජයන් ශක්තිමත් රෙගුලාසි දීමෙන් මෙවැනි අර්බුද වැලක්වීමට පියවර ගන්නා ලදී. උදා; භුමි කලාපීය කිරීමේ රෙගුලාසි . මෙක්සිකෝව වැනි රටවල මෙවැනි ප්‍රශ්න ඇතිවිම වැලැක්විමට ප්‍රශ්න ඇතිවීමට පෙරම නීති රෙගුලාසි සකස් කරන ලදී.මෙක්සිකානු වෙළෙද පොළ රාජ්ය නීති මත පාලනය වන්නකි.1990 දී සිදු කරන ලද සංශෝධන වලින් අනතුරුව වුවද මෙම වගා පාලනය කරනු ලබනුයේ ස්වදේශිකයන් හෝ පොලිස් නිලධාරීන් මගිනි.

ව්යාපාරය තුලදී ධනය බෙදී යාමේ විෂමතාවය හේතුවෙන් සමාජයීය බලපෑම් ඇති විය. ඉස්සන් වගාව සදහාම මෙම තත්වය විශේෂිත නොවුනද එමගින් ඇති වූ බලපෑම් විවිධාකාරී විය. සමාජය තුල බලය බෙදී යාමේ විෂමතාද මෙම බලපෑමට හේතු විය.බොහෝ අවස්ථා වලදී සාමාන්ය ජනතාව සහ ප්‍රභූ පිරිස අතර විශාල පරතරයක් ඇති වුයේ , ප්‍රභූන්ට ඉතා පහසුවෙන් ණය , සහනාධාර සහ බලපත්‍ර ලබා ගැනීමට හැකි වීමත් සහ ඉස්සන් ව්යාපාරයෙන් ලාභ ලබා ගැනීමට විශාල හැකියාවක්ද පැවතුනු නිසාය.බංග්ලාදේශයේ දේශීය ප්‍රභූන් මෙම වගාවට විරුද්ධ වුවද ඔවුන්ගේ නාගරික ප්‍රභූන් ඉස්සන් ව්යාපාරය පාලනය කරමින් පවතී.කුඩා පිරිසක් අතර භුමිය කේන්ද්‍ර ගත වීම සමාජයීය සහ ආර්ථික ප්‍රශ්න වර්ධනය වීම සදහා බලපාන බව හදුනා ගෙන ඇති අතර එය විශේෂයෙන්ම උග්‍ර වනුයේ ඉඩම් හිමියන් පිටරැටියන් වූ විටදීය. ගොවිපලවල් කුඩා ප්‍රභු පිරිසකට හෝ විශාල සමාගමකට අයිතිවිමට වඩා සාමාන්ය ජනතාවට අයිති වීම මගින් අති විශාල පිළිගැනීමක් ඇති වීමත් , ඉතා පහසුවෙන් හදුන්වා දීමට හැකි වීමත් සහ ලාභ ලබා ගැනීමටත් හැක.මක්නිසාදයත් එම වගා පාලකයන්ට පරිසරය සුරැකීමේ උනන්දුවද , අසල්වැසියන් සමග හොද හිත වර්ධනය කරගැනීමේ අවශ්යතාවයද පවතින බැවිනි.

මිරිදිය ඉස්සන් වගාව මුහුදු ඉස්සන් වගාව හා සමාන ම බොහෝ ලක්ෂණ ඇති අතර ඒ හා බැදුණු ගැටළුද පවතී. 2003 දී ගෝලීය මිරිදිය ඉස්සන් නිෂ්පාදනය (පොකිරිස්සන් සහ කකුළුවන් හැර ) ටොන් 280,000 විය. එම නිෂ්පාදනයෙන් ටොන් 180,000 චීනය විසින් නිපදවන ලදී . ඉන්දියාව සහ තායිවානය ටොන් 35,000 දක්වා නිපදවයි.ඊට අමතරව චීනය විසින් Chinese mitten crab ටොන් 370,000ක් නිපදවන ලදී.

Shrimp fishery

Krill fishery

"https://si.wikipedia.org/w/index.php?title=ඉස්සන්_වගාව&oldid=376235" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි