ඉස්ලාම් ධර්මයෙහි දෙවියන්වහන්සේ - දෙවියන්‍වහන්සේගේ උපලක්ෂණ

විකිපීඩියා වෙතින්

ශුද්ධ වූ අල් කුර් - ආනයේ දෙවියන්‍වහන්සේගේ උපලක්ෂණ හඳුන්වනු ලබන්නේ 'දෙවියන්වහන්සේගේ විචිත්‍රවත් නාමයන්’ ලෙසයි. ගර්හාඩ් බොවරින්ට අනුව ඒවා සම්ප්‍රදායානුකූලව ගණනය කළවිට 99 ක් වන අතර, එයට අල්ලාහ් ගේ උත්තරීතරම නාමය වන අල් ඉස්ම් අල් - අසාම් ද අයත් වේ. අල් කුර් - ආනයේ විවරණ සාහිත්‍යයේ දේව නාමයන් ලැයිස්තුගත කිරීමේ කුර් - ආන ප්‍රකාශය 17:110 දෙවියන් වහ්නසේ අමතන්න, එසේත් නැතිනම් අනුකම්පා සහගත වූවෝ අමතන්න, ඔබ කා හට ඇමතුවද, විචිත්‍රවත්ම නාමයන් හිමිවන්නේ ඔහුටය ලෙස දැක්විය හැක. තවද 59:22:24 හි ද දෙවියන්වහන්සේගේ ගෞරව නාම දොළසකට වැඩියෙන් අඩංගු වේ. දෙවියන්වහන්සේගේ විචිත්‍රවත් නාමයට පහත දැක්වෙන දේ ඇතුළත් වේ.


- අතිශයින්ම කරුණාහරිත

- අතිශයින්ම අනුකම්පා සහගත

- නිරතුරුවම කමා කරන්නා

- නිරතුරුවම සපයන්නා

- ලෝකයන්ගේ අධිපති සහ පෝෂකයා

- ස්වයං යැපෙන්නා (සියලුම ජිවින් පෝෂණය සඳහා යැපෙන්නේ ඔහු මතය)

- සර්වකාලීන අධිපති (සදා නොමැරෙන්නා)

- උත්තරීතරව ප්‍රඥාවන්තයා


ඉස්ලාමීය දේව ධර්මය දෙවියන්වහන්සේගේ උපලක්ෂණ සහ දිව්‍ය හරය යන දෙක අතර පැහැදිලි වෙනසක් පෙන්වා දෙයි.


ආශ්‍රිත[සංස්කරණය]

God in Islam God attributes