ඉලක්ක පිරිවැය

විකිපීඩියා වෙතින්

ඉලක්ක පිරිවැය යනු නිෂ්පාදනයක ඇතුලත් වියයුතු විශේෂිත අංගයන් හා තත්වයට අනුකුලව අපේක්ෂිත ලාභය ලගාකර ගැනීම සදහා තිබුය යුතු සම්පුර්ණ පිරිවැය නිශ්චය කිරීමයි. වෙළදපොල මිලෙන් එම නිෂ්පාදනය ලබය අඩු කල විට ඉලක්ක පිරිවැය ලබා ගත හැක.නිෂ්පාදනය සඳහා දැරිය හැකි පිරිවැය ඉලක්කයක් පිරිවැයට සීමා වන අතර ආයතනයට අවශ්‍ය ලාභ ආන්තිකය එම ඉලක්ක පිරිවැය නිෂ්පාදනයේ විකුණුම් මිල අතර වෙනසයි.

ඉතිහාසය[සංස්කරණය]

ඇමරිකා එක්සත් ජනපදය හා ජපානය යන දෙරටේ කාල පරිච්ඡේදයන් දෙකකදී ඉලක්ක පිරිවැය සංකල්පන්යන් බිහිවිය. [1] ෆෝඞ් මෝටර් 1900 සිට ද ඇමරිකානු මෝටර් සමාගම් 1960 1950 දශකයේ දී ද පිරිවැය අවම කිරීමට හා ඵලදායීතාව වැඩි දියුණු කිරීමට මෙම සංකල්පය ක්‍රියාත්මක විය.   Boeing, Caterpillar, Northern Telecom වැනි අනෙකුත් ඇමරිකානු සමාගම් ඉලක්ක පිරිවැය සංකල්ප භාවිතා කලද ඒ අතරින් Nissan, Toyota, Nippondenso වැනි නමගිය ජපන් සමාගම් බාවිතා කල තරගකාරී හා වාසිදායක ආකාරයට ඉලක්ක පිරිවැය සංකල්ප ක්‍රියාත්මක වුයේ සමාගම් කිහිපයක පමණි.[2] T1960 දශකයේ සිට 1970 දශකයේ මුල් දක්වා Toyota හා Nissan වැනි මෝටර් රථ කර්මාන්තයේ නියුතු ජපන් සමාගම් එරට තුල ඉලක්ක පිරිවැය සංකල්පයන් ස්ථාපිත කිරීමට කැපීපෙනෙනේ කාර්යක් ඉටුකරන ලදී. නමුත් එය 1980 හා 1990 දශකයන් තෙක් Monden (1992),[3] Sakurai (1989),[4] Tanaka (1993),[5] සහ Cooper (1992)[6] වැනි කතුවරුන් ජපන් සමාගම් කෙසේ එලක්ක පිරිවැය සංකල්ප භාවිතා කරන්නේද යන්න අවදානයට ලක්කරනතෙක් එය ගෝලීය අවදානයට පත්‍ර වුයේ නැත. භාවිතකරනලද විදිමත් ක්‍රම වේදය නිසා ජපන් නිෂ්පාදන සමාගම් ඇමරිකානු සමාගම් වඩා ඉලක්ක පිරිවැය සංකල්ප දියුනු කිරීමේදී ඉදිරියෙන් පසුවිය. [1] කාලයක් තිස්සේ බවිතාකළ සම්ප්‍රදායක පිරිවැය මත ලාභය එකතු කිරීමේ උපක්‍රමය කාර්යක්ෂමතාවය හා ලභාදයීත්වය පහල හෙලන්නට හේතුවිය. .[7][8] මෙම නව ඉලක්ක පිරිවැය උපක්‍රමය පිරිවැය මත ලාභය එකතු කිරීමේ වෙනුවට භාවිතයට පැමිණි අතර එයතුලින් ගුණාත්මක බව හා ක්රියාකාරිත්වය ඉහළයාම හා පිරිවැය අවම වීම තුලින් පාරිභෝගික තෘප්තිය ඉහල මට්ටමකට ගෙනඒමට හැකිවිය 

ඉලක්ක පිරිවැය ක්‍රියාවලිය[සංස්කරණය]

ඉලක්ක පිරිවැය ක්‍රියාවලිය කොටස් තුනකට බෙදා දැක්විය හැකිය. පළමු කොටස වනුයේ වෙළෙඳපොළ මත පදනම් වූ ඉලක්ක ගත පිරිවයයි. මෙහිදී වෙළදපොල ස්භාවය අනුව ආයතනයේ නිෂ්පාදනය දිගු කාලීන ලාභයන ලබාදිය හැකි ආකාරයේ විකුණුම් මිලකට පවත්වා ගැනීමට නිෂ්පාදනයේ පැවතිය යුතු වන අපේක්ෂිත පිරිවැයයි. දෙවන කොටස වනුයේ නිෂ්පාදන තුලින් පිරිවැය අවම අරමුණු කරගත් ක්‍රමෝපායන් අනුගමනය කිරීම හා නිර්මාණශීලිත්වය වියදම අවම කිරීමේ මුලෝපායන් සිදුකිරීමයි. තුන් වැන්න වනුයේ අංශික වශයෙන් ඇති ක්‍රියාවලියන් හා නිෂ්පාදන කොටස් අනුව සැපයුම්කරුවන් දක්වා ඉලක්ක පිරිවයන් නිර්ණය කරීමයි

Target costing process
Product-level target costing

මෙයද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. 1.0 1.1 Burrows, G., Chanhall, R.H. (July 2012).
  2. IMA – Institute of Management Accounts (1994).
  3. Monden, Yasuhiro & Kazuki Hamada (1991).
  4. Sakurai, Michiharu (1989).
  5. Tanaka, Takao (1993).
  6. Cooper, Robin (1992).
  7. Gagne, M.L. & Discenza, R. (1995).
  8. Hibbets, A.R., Albright, T., and Funk, W. (2005).

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ඉලක්ක_පිරිවැය&oldid=591461" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි