ඉබූලා වෛරස් රෝගය

විකිපීඩියා වෙතින්

ආසාදිත රෝගයක් බෝවීම වැළැක්වීම සහ එහි වේගය පාලනය කිරීම සඳහා ඇති එක් ක්‍රියාමාර්ගයක් වනුයේ විවිධ රෝගයන්හි අ‍ාවේණික ලක්ෂණ පිළිබඳව අවබෝධයක් ලබාගැනීමයි. මෙහිදී එම රෝගය පිළිබඳව අධ්‍යයනය කළ යුතු තීරණාත්මක සාධකයන් වනුයේ රෝගකාරකයාගේ ප්‍රචණ්ඩත්වය, රෝගියා රෝග කාරකයාත් සමග ගමන්කර ඇති දුර සහ බෝවන සුළු බවයි. ඒබෝලා වෛරසයෙහි මිනිසුන් ආසාදනය කරන වෛරසය රෝගියා ඉතා ඉක්මනින් අකර්මණ්‍යය කරන අතර ඉන්පසුව මරණය ළගාකර දෙයි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් එම රෝගීන් හට රෝගය මුල්වරට ඇති වූ ස්ථානයෙන් ඔබ්බට වැඩි දුරක් ගමන් කිරීමේ අවස්ථාවක් නොමැත. මෙම වෛරසය සමෙහි ඇති තුවාලයක් මගින් හෝ ඇස වැනි පාරදෘශ්‍ය පටලයන් සහිත අවයවයන් හරහා ද සිරුරට ඇතුළු විය හැකිය. එබෝලා වෛරසය මගින් ආසාදනයට පත් වූ රෝගීන් මුල් අවස්ථාවේදී ඉතාමත් විශාල වශයෙන් බෝවන සුළු නොවන්නේ අදාල රෝගීන්ගේ සිරුර අභ්‍යන්තරයෙහි ලේ ගැලීමක් පමණක් සිදුවන බැවිනි. ඉහති කී ලක්ෂණයන් හි ප්‍රතිඵලයක් වශයෙන් ඒබෝලා වෛරසයෙහි ව්‍යාප්තිය ඉතා සීඝ්‍රයෙන් සිදුවන අතර එක්තරා භූගෝලීය සීමාවක් සඳහා පමණක් එය සීමා වේ. මීට ප්‍රතිවිරුද්ධ වශයෙන් එච්.අයි.වී වෛරසය මගින් අදාල රෝගියාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට පහර එල්ල කරමින් එම පුද්ගලයා ඉතා සෙමින් මණයට පත් කරයි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ඒඩ්ස් රෝගය ඇති බොහෝ පුද්ගලයින් තමාහට රෝගය දැනගැනීමට ප්‍රථම බොහෝ පුද්ගලයන් හට එය බෝ කරනු ලබයි. තවද එහි අනෙක් වෛරසවලට වඩා අඩු ප්‍රචණ්ඩත්වයක් තිබීම හේතු කොට ගෙන ආසාදිත රෝගීන් හට ආපධාවකින් තොරව දිගු ගමණක් සංචාරය කිරීමට හැකි බැවින් එමගින් වසංගත රෝග තත්වයක් ඇති කිරීමට ඇති අවධානම වැඩිවී ඇත.

රෝග ව්‍යාප්තිය අඩුකර ගැනීම සඳහා තවත් ඵලදායි ක්‍රියාමාර්ගයක් වනුයේ ජාලයක් වශයෙන් ලෝකය කුඩාවී එකිනෙක හා සම්බන්ධ වී ඇති බව අවබෝධ කරගැනීමයි. වසංගත රෝග අවස්ථාවන්හි දී ආසාදිත පුද්ගලයන්හා ව්‍යාප්තව පවතින රෝගය ඇති වීමට ප්‍රවණතාවයක් ඇති පුද්ගලයන් අතර අන්තර් ක්‍රියා ඇති වේ. ව්‍යාප්තව පවතින පුද්ගලයන් කෙරෙහි ඇති අන්තර් ක්‍රියාවලින් අවම වුවද ආසාදිත පුද්ගලයෙකු හා වරක් හෝ ඉතා සුළු වශයෙන් අන්තර් ක්‍රියා දැක්වීමෙන් රෝගය ඇති වීමට අවධානමක් ඇති පුද්ගලයින් හට වඩා වේගයෙන් රෝග ව්‍යාප්ත විය හැකිය. මෙලෙස ආසාදිතයන් සහ ආසාදිත නොවූවන් අතර අන්තර් ක්‍රියා ඇති වීම අවම කිරීමට හැකිනම් රෝගයෙහි ප්‍රමාණය අඩුකරගත හැකිය. කෙසේ වුවද රෝග ව්‍යාප්තිය වළක්වා ගැනීම පිළිබඳව ප්‍රධාන වශයෙන් අවධානය යොමු කළ හොත් අසාදිත තත්වය අවම කරගත හැකිය. එච්.අයි.වී ආසාදනයට ලක්වූ මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවන් අතර ඉදිකටු භාවිතා කිරීමේදී සුපරික්ෂාකාරී වීම ප්‍රතිකාර ක්‍රමයක් වශයෙන් සාර්ථකත්වය ලගා වූවකි. ආසාදිත ගවයින් තේරීමට ලක්කර මරාදැමීම මගින් හෝ අවට ගවපට්ටිවල සිටින ගවයින් හට එන්නත් ලබාදීම මගින් ගවයන්ගේ කුර හා මුඛ රෝගය වැළැක්වීමට 2001 වසරේදී හැකියාව ලැබුණි.

"https://si.wikipedia.org/w/index.php?title=ඉබූලා_වෛරස්_රෝගය&oldid=483821" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි