ඉන්දීය ප්‍රිමියර් ලීගය 2022

විකිපීඩියා වෙතින්
ඉන්දීය ප්‍රිමියර් ලීගය 2022
කාලය2022 මාර්තු 26 – 2022 මැයි 29
පරිපාලක(යෝ)ඉන්දියාවේ ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI)
ක්‍රිකට් තරඟ ආකෘතියවි20
තරඟාවලි ආකෘතියකණ්ඩායම් අදියර සහ ප්ලේ-ඕෆ්[1]
සත්කාරකත්වයඉන්දියාව
ශූරයන්ගුජරාට් ටයිටන්ස් (පළමු ශූරතාව)
අනුශූරයන්රාජස්ථාන් රෝයල්ස්
සහභාගීත්වය10
තරඟ74
තරඟාවලියේ වීරයාජෝස් බට්ලර් (රාජස්ථාන් රෝයල්ස්)
වැඩිම ලකුණුජෝස් බට්ලර් (රාජස්ථාන් රෝයල්ස්) (863)
වැඩිම කඩුලුයුස්වේන්ද්‍ර චාහල් (රාජස්ථාන් රෝයල්ස්) (27)
නිල වෙබ් අඩවියiplt20.com
2021
2023


2022 ඉන්දියානු ප්‍රිමියර් ලීගය, IPL 15 ලෙසද හැඳින්වේ. නැතහොත්, අනුග්‍රාහක හේතූන් මත Tata IPL 2022 ලෙසද හදුන්වයි. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පිහිටුවන ලද වෘත්තීය විස්සයි20 ක්‍රිකට් ලීගයක් වන ඉන්දීය ප්‍රිමියර් ලීගයේ (IPL) පහළොස්වන වාරයයි. 2007 දී තරගාවලිය ආරම්භ කල අතර මෙවර තරගවාරය 2022 මාර්තු 26 සිට 2022 මැයි 29 වන දින අවසන් තරඟයෙන් අවසන් වීමට නියමිතය. තරඟාවලියේ කණ්ඩායම් අදියර සම්පුර්ණයෙන්ම මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පැවැත්වෙන අතර මුම්බායි සහ පූනේ තරඟ සඳහා සත්කාරකත්වය දරයි.තරඟාවලියේ සම්පූර්ණ කාලසටහන 2022 මාර්තු 06 වන දින ප්‍රකාශයට පත් කරන ලදී.

නව කණ්ඩායම් දෙකක් එකතු කිරීමත් සමඟ මෙම තරගවාරයේ ලීග් කොටස දීර්ඝ විය.[2] එබැවින්, 2011 තරඟාවලියෙන් පසු කණ්ඩායම් දහයක් සහභාගී වූ දෙවන වාරය මෙය විය. චෙන්නායි සුපර් කිංග්ස් වත්මන් ශූරයන් වන අතර, පෙර වාරයේදී ඔවුන්ගේ සිව්වන ශූරතාව දිනා ඇත.[3]

පසුබිම[සංස්කරණය]

පෙර වාරයේ දී තවත් කණ්ඩායම් දෙකක් එකතු කිරීමට යෝජනා වුවද,[4] BCCI ඔවුන්ගේ 89 වන වාර්ෂික මහ සභාවේදී නිවේදනය කළේ ලීගය පුළුල් කිරීම 2022 දී පමණ සිදු වන බවයි. 2021 අගෝස්තු මාසයේදී, BCCI තහවුරු කළේ 2022 වාරයේ සිට නව කණ්ඩායම් දෙකක් ලීගයට එක්වන බවයි. BCCI විසින් ලැයිස්තුගත කර ඇති නගර හයෙන් දෙකකට එම අවස්ථාව හිමි වනු ඇති බව ද නිවේදනය කරන ලදී. ඒ අහමදාබාද්, කටක්, ධර්මශාලා, ගුවහාටි, ඉන්දෝර් සහ ලක්නව්.

2021 ඔක්තෝබර් 25 දින පැවති සංවෘත ලංසුවකදී RPSG Group සහ CVC Capital කණ්ඩායම් දෙක සඳහා ලංසු දිනා ගත්හ.[5] [6] RPSG ඉන්දියන් රුපියල් කෝටි 7090 (ඇ.ඩො. බිලියන 1.1) ලක්නව් සඳහාද CVC ඉන්දියන් රුපියල් කෝටි 5625 (ඇ.ඩො. මිලියන 880) සඳහා අහමදාබාද් දිනා ගත්තේය. ලක්නව් කණ්ඩායම 2022 ජනවාරි 24 වන දින ලක්නව් සුපර් ජයන්ට් ලෙස නම් කරන ලද අතර,[7] අහමදාබාද් කණ්ඩායම 2022 පෙබරවාරි 9 වන දින ගුජරාට් ටයිටන්ස් ලෙස නම් කරන ලදී.

Vivo තරඟාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස 2022 ජනවාරි 11 දින ඉවත් විය. Vivo, මීට පෙර 2020 දී අනුග්‍රාහකයින් ලෙස ඉවත් වී, 2023 දක්වා හිමිකම් අනුග්‍රාහකයන් ලෙස ගිවිසුම් අත්සන් කර ඇත. Vivo හි ඉතිරි කොන්ත්‍රාත්තුවේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස Tata Group නම් කරන ලදී.[8]

පුද්ගල වෙනස්කම්[සංස්කරණය]

දැනට පවතින සෑම කණ්ඩායමකටම උපරිම වශයෙන් ක්‍රීඩකයින් හතර දෙනෙකු රඳවා තබා ගැනීමට අවසර දී ඇති අතර, නව කණ්ඩායම් දෙකට වෙන්දේසියට පෙර උපරිම වශයෙන් ක්‍රීඩකයින් තිදෙනෙකු තෝරා ගැනීමට අවසර ලබා දී ඇත. දැනට පවතින කණ්ඩායම් අටේ රඳවාගත් ක්‍රීඩකයින් 2021 නොවැම්බර් 30 වන දින ප්‍රකාශයට පත් කරන ලදී, සහ නව කණ්ඩායම් දෙක 2022 ජනවාරි 22 දින ඔවුන්ගේ ක්‍රීඩකයින් නම් කරන ලදී.

වෙන්දේසිය 2022 පෙබරවාරි 12 සහ 13 යන දිනවල බැංගලෝර්හිදී පැවැත්විණි. මුම්බායි ඉන්දියන්ස් විසින් ඉන්දියන් රුපියල් කෝටි 15.25 (ඇ.ඩො. මිලියන 2.4) කට මිලදී ගත් වෙන්දේසියේ මිල අධිකම මිලදී ගැනීම ඉෂාන් කිෂාන් විය.[9] වඩාත්ම මිල අධික විදේශීය ක්‍රීඩකයා වූයේ පන්ජාබ් කිංග්ස් විසින් ඉන්දියන් රුපියල් කෝටි 11.50 (ඇ.ඩො. මිලියන 1.8) කට මිලදී ගත් ලියෑම් ලිවින්ස්ටෝන් ය

ආකෘතිය[සංස්කරණය]

නව කණ්ඩායම් හඳුන්වාදීමත් සමඟ කණ්ඩායම් දහයක ආකෘතියක් නිර්මාණය විය. මෙම ආකෘතිය තරඟ 74 කින් සමන්විත වන අතර පෙර පැවති ආකෘතියම රඳවා තබා ගතහොත් තරඟ 94 ක් ඇති වන අතර, එය පෙර වාරයේ තරඟ 60 ට වඩා සැලකිය යුතු ලෙස විශාල වේ.

කණ්ඩායම් දහය, පස් දෙනෙකුගෙන් යුත් කාණ්ඩ දෙකකට බෙදා ඇත. කණ්ඩායම් අදියරේදී, සෑම කණ්ඩායමක්ම තරඟ 14 ක් ක්‍රීඩා කරයි. ඒ ඔවුන්ගේ කාණ්ඩයේ කණ්ඩායම් සමග එක් වතාවක් හා අනෙක් කාණ්ඩයේ කණ්ඩායම් සමග දෙවතාව බැගිනි. තරඟාවලිය සඳහා කණ්ඩායම් 2022 පෙබරවාරි 25 දින ප්‍රකාශයට පත් කරන ලදී

භාවිතා කරන ලද ආකෘතිය 2011 දී භාවිතා කරන ලද ආකෘතියට සමාන වේ, එකම වෙනස වන්නේ අහඹු ලෙස ඇඳීම වෙනුවට සීඩින් අනුව කණ්ඩායම් ඇඳීමයි. වරහන් තුළ ඇති සංඛ්‍යාවලින් දැක්වෙන්නේ කණ්ඩායම විසින් දිනාගත් ශූරතා සංඛ්‍යාවයි.

ඒ කාණ්ඩය බී කාණ්ඩය
මුම්බායි ඉන්දියන්ස් (5) චෙන්නායි සුපර් කිංග්ස් (4)
කොල්කටා නයිට් රයිඩර්ස් (2) සන්රයිසස් හයිද්‍රාබාද් (1)
රාජස්ථාන් රෝයල්ස් (1) රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්
දිල්ලි කැපිටල්ස් පන්ජාබ් කිංග්ස්
ලක්නව් සුපර් ජයන්ට් ගුජරාට් ටයිටන්ස්

ක්‍රීඩාංගණ[සංස්කරණය]

මුම්බායි හි ක්‍රීඩාංගණ තුනක් සහ පූනේහි එක් ක්‍රීඩාංගනයක් ලීග් අදියරේ තරඟ සඳහා සත්කාරකත්වය දරයි. තරඟාවලියේ මුල් කාලසටහනට මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේ සහ නවි මුම්බායි හි ඩී වයි පටිල් ක්‍රීඩාංගනයේ තරඟ 20 බැගින් පැවතීමට නියමිත අතර, මුම්බායි හි බ්‍රබෝර්න් ක්‍රීඩාංගනය සහ පූනේ එම්සීඒ ජාත්‍යන්තර ක්‍රීඩාංගනය තරඟ 15 බැගින් සත්කාරකත්වය දරයි. සෑම කණ්ඩායමක්ම වන්කඩේ සහ ඩී වයි පටිල් ක්‍රීඩාංගණයේදී තරග හතර බැගින් ද, බ්‍රබෝර්න් සහ එම්සීඒ ක්‍රීඩාංගණයේදී තරග තුන බැගින් ද ක්‍රීඩා කිරීමට නියමිතව තිබිණි.

කෙසේ වෙතත්, දිල්ලි කැපිටල්ස් කඳවුර තුළ කොවිඩ්-19 රෝගීන් හේතුවෙන්, තරඟ දෙකක් පූනේ හි MCA ජාත්‍යන්තර ක්‍රීඩාංගණයෙන් වෙනත් ස්ථානයකට ගෙන යන ලදී. ඒ 2022 අප්‍රේල් 20 වන දින තරඟය බ්‍රබෝර්න් ක්‍රීඩාංගනය වෙත ගෙන යන ලද අතර, තරඟය 2022 අප්‍රේල් 22 දින වන්කඩේ ක්‍රීඩාංගනය වෙත ගෙන යන ලදී.

මුම්බායි නවී මුම්බායි පූනේ
වන්කඩේ ක්‍රීඩාංගනය බ්‍රබෝර්න් ක්‍රීඩාංගනය ඩී වයි පටිල් ක්‍රීඩාංගණය එම් සී ඒ ජාත්‍යන්තර ක්‍රීඩාංගනය
ධාරිතාව: 33,108 ධාරිතාව: 20,000 ධාරිතාව: 55,000 ධාරිතාව: 37,000
ගොනුව:Sahara Stadium pune 1.jpg
කොල්කටා අහමදාබාද්
ඊඩ්න් ගාර්ඩ්න් නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණය
ධාරිතාව: 66,000 ධාරිතාව: 132,000

කණ්ඩායම් සහ ස්ථාවරයන්[සංස්කරණය]

ලකුණු වගුව[සංස්කරණය]

ස්ථා. කාණ්. කණ්ඩායම විනැ ප්‍ර ශුලවේ සුදුසුකම්
1 බී ගුජරාට් ටයිටන්ස් 14 10 4 0 20 0.316 සුදුසුකම් 1 වෙත ඉදිරියට යාම
2 රාජස්ථාන් රෝයල්ස් 14 9 5 0 18 0.298
3 ලක්නව් සුපර් ජයන්ට් (4) 14 9 5 0 18 0.251 ඉවත් කිරීම වෙත ඉදිරියට යාම
4 බී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් 14 8 6 0 16 -0.253
5 දිල්ලි කැපිටල්ස් 14 7 7 0 14 0.204
6 බී පන්ජාබ් කිංග්ස් 14 7 7 0 14 0.126
7 කොල්කටා නයිට් රයිඩර්ස් 14 6 8 0 12 0.146
8 බී සන්රයිසස් හයිද්‍රාබාද් 14 6 8 0 12 −0.379
9 බී චෙන්නායි සුපර් කිංග්ස් 14 4 10 0 8 −0.203
10 මුම්බායි ඉන්දියන්ස් 14 4 10 0 8 −0.506


තරඟ සාරාංශය[සංස්කරණය]

කණ්ඩායම මූලික වටය ප්ලේ ඕෆ්
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 සු1/ඉ සු2
චෙන්නායි සුපර් කිංග්ස් 0 0 0 0 2 2 4 4 6 6 8 8 8 8
දිල්ලි කැපිටල්ස් 2 2 2 4 4 6 6 8 8 10 10 12 14 14
ගුජරාට් ටයිටන්ස් 2 4 6 6 8 10 12 14 16 16 16 18 20 20
කොල්කටා නයිට් රයිඩර්ස් 2 2 4 6 6 6 6 6 6 8 8 10 12 12
ලක්නව් සුපර් ජයන්ට් 0 2 4 6 6 8 8 10 12 14 16 16 16 18
මුම්බායි ඉන්දියන්ස් 0 0 0 0 0 0 0 0 2 4 4 6 6 8
පන්ජාබ් කිංග්ස් 2 2 4 4 6 6 6 8 8 10 10 12 12 14
රාජස්ථාන් රෝයල්ස් 2 4 4 6 6 8 10 12 12 12 14 14 16 18
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් 0 2 4 6 6 8 10 10 10 10 12 14 14 16
සන්රයිසස් හයිද්‍රාබාද් 0 0 2 4 6 8 10 10 10 10 10 10 12 12
  • සටහන - කොල පැහැයෙන් ජයගත් තරග, රතු පැහැයෙන් පරාජය වූ තරග
  • සටහන - ඉලක්කමෙන් ඒ වනවිට ලබා ඇති ප්‍රසාද ලකුණු
සංචාරක කණ්ඩායම → චෙන්නායි දිල්ලි ගුජරාට් කොල්කටා ලක්නව් මුම්බායි පන්ජාබ් රාජස්ථාන් බැංගලෝර් හයිද්‍රාබාද්
සත්කාරක කණ්ඩායම ↓
චෙන්නායි සුපර් කිංග්ස් චෙන්නායි

ලකුණු 91

ගුජරාට්

කඩුලු 7

කොල්කටා

කඩුලු 6

මුම්බායි

කඩුලු 5

පන්ජාබ්

ලකුණු 54

චෙන්නායි

ලකුණු 23

හයිද්‍රාබාද්

කඩුලු 8

දිල්ලි කැපිටල්ස් දිල්ලි

කඩුලු 4යි

ලක්නව්

ලකුණු 6

දිල්ලි

කඩුලු 4

දිල්ලි

කඩුලු 9

රාජස්ථාන්

ලකුණු 15

බැංගලෝර්

ලකුණු 16

දිල්ලි

ලකුණු 21

ගුජරාට් ටයිටන්ස් ගුජරාට්

කඩුලු 3

ගුජරාට්

ලකුණු 14

ගුජරාට්

කඩුලු 5

මුම්බායි

ලකුණු 5

පන්ජාබ්

කඩුලු 8

ගුජරාට්

කඩුලු 6

ගුජරාට්

කඩුලු 5

කොල්කටා නයිට් රයිඩර්ස් දිල්ලි

ලකුණු 44

ගුජරාට්

ලකුණු 8

ලක්නව්

ලකුණු 2

කොල්කටා

කඩුලු 5

කොල්කටා

කඩුලු 6

කොල්කටා

කඩුලු 7

කොල්කටා

ලකුණු 54

ලක්නව් සුපර් ජයන්ට් ලක්නව්

කඩුලු 6

ගුජරාට්

ලකුණු 62

ලක්නව්

ලකුණු 75

ලක්නව්

ලකුණු 36

රාජස්ථාන්

ලකුණු 24

බැංගලෝර්

ලකුණු 18

ලක්නව්

ලකුණු 12

මුම්බායි ඉන්දියන්ස් චෙන්නායි

කඩුලු 3

මුම්බායි

කඩුලු 5

කොල්කටා

ලකුණු 52

ලක්නව්

ලකුණු 18

පන්ජාබ්

ලකුණු 12

රාජස්ථාන්

ලකුණු 23

හයිද්‍රාබාද්

ලකුණු 3

පන්ජාබ් කිංග්ස් පන්ජාබ්

ලකුණු 11

දිල්ලි

ලකුණු 17

ගුජරාට්

කඩුලු 6

ලක්නව්

ලකුණු 20

රාජස්ථාන්

කඩුලු 6

පන්ජාබ්

කඩුලු 5

හයිද්‍රාබාද්

කඩුලු 7

රාජස්ථාන් රෝයල්ස් රාජස්ථාන්

කඩුලු 5

දිල්ලි

කඩුලු 8

ගුජරාට්

ලකුණු 37

රාජස්ථාන්

ලකුණු 7

රාජස්ථාන්

ලකුණු 3

මුම්බායි

කඩුලු 6

බැංගලෝර්

කඩුලු 4

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් බැංගලෝර්

ලකුණු 13

බැංගලෝර්

කඩුලු 8

බැංගලෝර්

කඩුලු 3

බැංගලෝර්

කඩුලු 7

පන්ජාබ්

ලකුණු 54

රාජස්ථාන්

ලකුණු 29

හයිද්‍රාබාද්

කඩුලු 9

සන්රයිසස් හයිද්‍රාබාද් චෙන්නායි

ලකුණු 13

හයිද්‍රාබාද්

කඩුලු 8

හයිද්‍රාබාද්

කඩුලු 7

පන්ජාබ්

කඩුලු 5

රාජස්ථාන්

ලකුණු 61

බැංගලෝර්

ලකුණු 67

කණ්ඩායම් අදියර[සංස්කරණය]

කණ්ඩායම් අදියර සඳහා කාලසටහන 2022 මාර්තු 06 වන දින IPL නිල වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කරන ලදී.

තරග[සංස්කරණය]

2022 මාර්තු 26
19:30
(රාත්‍රී)
ලකුණු පුවරුව
කොල්කටා නයිට් රයිඩර්ස් කඩුලු 6කින් ජය ගත්තේය
වන්කඩේ ක්‍රීඩාංගනය, මුම්බායි
තරගයේ වීරයා: උමේෂ් යාදව් (කොල්කටා නයිට් රයිඩර්ස්)
විනිසුරුවන්: ඉන්දියාව අනිල් චෞද්රි සහ ඉන්දියාව නිතින් මෙනොන්
  • කොල්කටා නයිට් රයිඩර්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

දිල්ලි කැපිටල්ස් කඩුලු 4කින් ජය ගත්තේය
බ්‍රබෝර්න් ක්‍රීඩාංගණය, මුම්බායි
තරගයේ වීරයා: කුල්දීප් යාදව් (දිල්ලි කැපිටල්ස්)
විනිසුරුවන්: ඉන්දියාව සයීඩ් කාලිඩ් සහ ඕස්ට්‍රේලියාව රොඩ් ටකර්
  • දිල්ලි කැපිටල්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

2022 මාර්තු 27
19:30
(රාත්‍රී)
ලකුණු පුවරුව
පන්ජාබ් කිංග්ස් කඩුලු 5කින් ජය ගත්තේය
ඩී වයි පටිල් ක්‍රීඩාංගණය, නවී මුම්බායි
තරගයේ වීරයා: ඔඩියන් ස්මිත් (පන්ජාබ් කිංග්ස්)
විනිසුරුවන්: ඉන්දියාව යෙෂ්වන්ත් බාර්ඩේ සහ ඉන්දියාව නිතින් මෙනොන්
  • පන්ජාබ් කිංග්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
  • රාජ් බාවා (පන්ජාබ් කිංග්ස්) ඔහුගේ පළමු T20 තරඟයට සහභාගී විය.

2022 මාර්තු 28
19:30
(රාත්‍රී)
ලකුණු පුවරුව
ගුජරාට් ටයිටන්ස් කඩුලු 5කින් ජය ගත්තේය
වන්කඩේ ක්‍රීඩාංගනය, මුම්බායි
තරගයේ වීරයා: මොහොමඩ් ෂාමි (ගුජරාට් ටයිටන්ස්)
විනිසුරුවන්: ඉන්දියාව පශ්චිම් පතක් සහ ඉන්දියාව විරේන්ද්‍ර ෂර්මා
  • ගුජරාට් ටයිටන්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

2022 මාර්තු 29
19:30
(රාත්‍රී)
ලකුණු පුවරුව
රාජස්ථාන් රෝයල්ස් ලකුණු 61කින් ජයග්‍රහණය කළේය
එම්සීඒ ජාත්‍යන්තර ක්‍රීඩාංගනය, පූනේ
තරගයේ වීරයා: සංජු සැම්සන් (රාජස්ථාන් රෝයල්ස්)
විනිසුරුවන්: ඉන්දියාව උල්හාස් ගාන්දේ සහ ඕස්ට්‍රේලියාව බෲස් ඔක්සන්ෆෝර්ඩ්
  • සන්රයිසස් හයිද්‍රාබාද් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

2022 මාර්තු 30
19:30
(රාත්‍රී)
ලකුණු පුවරුව
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කඩුලු 3කින් ජය ගත්තේය
ඩී වයි පටිල් ක්‍රීඩාංගණය, නවී මුම්බායි
තරගයේ වීරයා: වනිඳු හසරංග (රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්)
විනිසුරුවන්: ඉන්දියාව ජයරාමන් මදනගෝපාල් සහ ඉන්දියාව නව්දීප් සිං
  • රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

2022 මාර්තු 31
19:30
(රාත්‍රී)
ලකුණු පුවරුව
ලක්නව් සුපර් ජයන්ට් කඩුලු 6කින් ජය ගත්තේය
බ්‍රබෝර්න් ක්‍රීඩාංගණය, මුම්බායි
තරගයේ වීරයා: එවින් ලුවිස් (ලක්නව් සුපර් ජයන්ට්)
විනිසුරුවන්: ඉන්දියාව විරේන්ද්‍ර ෂර්මා සහ ඕස්ට්‍රේලියාව රොඩ් ටකර්
  • ලක්නව් සුපර් ජයන්ට් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

2022 අප්‍රේල් 1
19:30
(රාත්‍රී)
ලකුණු පුවරුව
කොල්කටා නයිට් රයිඩර්ස් කඩුලු 6කින් ජය ගත්තේය
වන්කඩේ ක්‍රීඩාංගනය, මුම්බායි
තරගයේ වීරයා: උමේෂ් යාදව් (කොල්කටා නයිට් රයිඩර්ස්)
විනිසුරුවන්: ඉන්දියාව අනිල් චෞද්රි සහ ඉන්දියාව සයීඩ් කාලිඩ්
  • කොල්කටා නයිට් රයිඩර්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

රාජස්ථාන් රෝයල්ස් ලකුණු 23කින් ජය ගත්තේය
ඩී වයි පටිල් ක්‍රීඩාංගණය, නවී මුම්බායි
තරගයේ වීරයා: ජෝස් බට්ලර් (රාජස්ථාන් රෝයල්ස්)
විනිසුරුවන්: ඉන්දියාව නිතින් මෙනොන් සහ ඉන්දියාව පශ්චිම් පතක්
  • මුම්බායි ඉන්දියන්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

2022 අප්‍රේල් 2
19:30
(රාත්‍රී)
ලකුණු පුවරුව
ගුජරාට් ටයිටන්ස් ලකුණු 14කින් ජය ගත්තේය
එම්සීඒ ජාත්‍යන්තර ක්‍රීඩාංගනය, පූනේ
තරගයේ වීරයා: ලොකී ෆර්ගසන් (ගුජරාට් ටයිටන්ස්)
විනිසුරුවන්: ඉන්දියාව කේ. එන්. අනන්තපද්මනාභන් සහ ඉන්දියාව උල්හාස් ගාන්දේ
  • දිල්ලි කැපිටල්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

2022 අප්‍රේල් 3
19:30
(රාත්‍රී)
ලකුණු පුවරුව
පන්ජාබ් කිංග්ස් ලකුණු 54කින් ජයග්‍රහණය කළේය
බ්‍රබෝර්න් ක්‍රීඩාංගණය, මුම්බායි
තරගයේ වීරයා: ලියම් ලිවිංස්ටෝන් (පන්ජාබ් කිංග්ස්)
විනිසුරුවන්: ඉන්දියාව යෙෂ්වන්ත් බාර්ඩේ සහ ඕස්ට්‍රේලියාව රොඩ් ටකර්
  • චෙන්නායි සුපර් කිංග්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

2022 අප්‍රේල් 4
19:30
(රාත්‍රී)
ලකුණු පුවරුව
ලක්නව් සුපර් ජයන්ට් ලකුණු 12කින් ජය ගත්තේය
ඩී වයි පටිල් ක්‍රීඩාංගණය, නවී මුම්බායි
තරගයේ වීරයා: අවේශ් ඛාන් (ලක්නව් සුපර් ජයන්ට්)
විනිසුරුවන්: ඉන්දියාව ජයරාමන් මදනගෝපාල් සහ ඉන්දියාව නව්දීප් සිං
  • සන්රයිසස් හයිද්‍රාබාද් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

2022 අප්‍රේල් 5
19:30
(රාත්‍රී)
ලකුණු පුවරුව
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කඩුලු 4කින් ජය ගත්තේය
වන්කඩේ ක්‍රීඩාංගනය, මුම්බායි
තරගයේ වීරයා: දිනේෂ් කාර්තික් (රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්)
විනිසුරුවන්: ඉන්දියාව අනිල් චෞද්රි සහ ඉන්දියාව සයීඩ් කාලිඩ්
  • රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

2022 අප්‍රේල් 6
19:30
(රාත්‍රී)
ලකුණු පුවරුව
කොල්කටා නයිට් රයිඩර්ස් පිලට කඩුලු 5ක ජයක් හිමිවිය
එම්සීඒ ජාත්‍යන්තර ක්‍රීඩාංගනය, පූනේ
තරගයේ වීරයා: පැට් කමින්ස් (කොල්කටා නයිට් රයිඩර්ස්)
විනිසුරුවන්: ඉන්දියාව කේ. එන්. අනන්තපද්මනාභන් සහ ඕස්ට්‍රේලියාව බෲස් ඔක්සන්ෆෝර්ඩ්
  • කොල්කටා නයිට් රයිඩර්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
  • පැට් කමින්ස් (කොල්කටා නයිට් රයිඩර්ස්) IPL හි ඒකාබද්ධ වේගවත්ම අර්ධ ශතකය (පන්දු 14) රැස් කළේය.[10]

2022 අප්‍රේල් 7
19:30
(රාත්‍රී)
ලකුණු පුවරුව
ලක්නව් සුපර් ජයන්ට්ට කඩුලු 6ක ජයක්
ඩී වයි පටිල් ක්‍රීඩාංගණය, නවී මුම්බායි
තරගයේ වීරයා: ක්වින්ටන් ඩි කොක් (ලක්නව් සුපර් ජයන්ට්)
විනිසුරුවන්: ඉන්දියාව තපන් ෂර්මා සහ ඕස්ට්‍රේලියාව රොඩ් ටකර්
  • ලක්නව් සුපර් ජයන්ට් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

2022 අප්‍රේල් 8
19:30
(රාත්‍රී)
ලකුණු පුවරුව
ගුජරාට් ටයිටන්ස් පිලට කඩුලු 6ක ජයක්
බ්‍රබෝර්න් ක්‍රීඩාංගණය, මුම්බායි
තරගයේ වීරයා: ශුබ්මන් ගිල් (ගුජරාට් ටයිටන්ස්)
විනිසුරුවන්: ඉන්දියාව අනිල් චෞද්රි සහ ඉන්දියාව විරේන්ද්‍ර ෂර්මා
  • ගුජරාට් ටයිටන්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

සන්රයිසස් හයිද්‍රාබාද්ට කඩුලු 8ක ජයක්
ඩී වයි පටිල් ක්‍රීඩාංගණය, නවී මුම්බායි
තරගයේ වීරයා: අභිෂේක් ෂර්මා (සන්රයිසස් හයිද්‍රාබාද්)
විනිසුරුවන්: ඉන්දියාව නිතින් මෙනොන් සහ ඉන්දියාව නව්දීප් සිං
  • සන්රයිසස් හයිද්‍රාබාද් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

2022 අප්‍රේල් 9
19:30
(රාත්‍රී)
ලකුණු පුවරුව
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිලට කඩුලු 7ක ජයක් හිමිවිය
එම්සීඒ ජාත්‍යන්තර ක්‍රීඩාංගනය, පූනේ
තරගයේ වීරයා: අනුජ් රාවත් (රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්)
විනිසුරුවන්: ඉන්දියාව කේ. එන්. අනන්තපද්මනාභන් සහ ඕස්ට්‍රේලියාව බෲස් ඔක්සන්ෆෝර්ඩ්
  • රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

දිල්ලි කැපිටල්ස් ලකුණු 44කින් ජයග්‍රහණය කළේය
බ්‍රබෝර්න් ක්‍රීඩාංගණය, මුම්බායි
තරගයේ වීරයා: කුල්දීප් යාදව් (දිල්ලි කැපිටල්ස්)
විනිසුරුවන්: නවසීලන්තය ක්‍රිස් ගෆනි සහ ඉන්දියාව ජයරාමන් මදනගෝපාල්
  • කොල්කටා නයිට් රයිඩර්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

2022 අප්‍රේල් 10
19:30
(රාත්‍රී)
ලකුණු පුවරුව
රාජස්ථාන් රෝයල්ස් පිලට ලකුණු 3ක ජයක්
වන්කඩේ ක්‍රීඩාංගනය, මුම්බායි
තරගයේ වීරයා: යුස්වේන්ද්‍ර චාහල් (රාජස්ථාන් රෝයල්ස්)
විනිසුරුවන්: ඉන්දියාව අනිල් චෞද්රි සහ ඉන්දියාව තපන් ෂර්මා
  • ලක්නව් සුපර් ජයන්ට් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

2022 අප්‍රේල් 11
19:30
(රාත්‍රී)
ලකුණු පුවරුව
සන්රයිසස් හයිද්‍රාබාද්ට කඩුලු 8ක ජයක්
ඩී වයි පටිල් ක්‍රීඩාංගණය, නවී මුම්බායි
තරගයේ වීරයා: කේන් විලියම්සන් (සන්රයිසස් හයිද්‍රාබාද්)
විනිසුරුවන්: ඉන්දියාව චිරා රවිකාන්ත්රෙඩ්ඩි සහ ඕස්ට්‍රේලියාව රොඩ් ටකර්
  • සන්රයිසස් හයිද්‍රාබාද් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

2022 අප්‍රේල් 12
19:30
(රාත්‍රී)
ලකුණු පුවරුව
චෙන්නායි සුපර් කිංග්ස් පිලට ලකුණු 23ක ජයක්
ඩී වයි පටිල් ක්‍රීඩාංගණය, නවී මුම්බායි
තරගයේ වීරයා: ශිවම් ඩුබේ (චෙන්නායි සුපර් කිංග්ස්)
විනිසුරුවන්: ඉන්දියාව නිතින් මෙනොන් සහ ඉන්දියාව නිටින් පණ්ඩිත්
  • රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

2022 අප්‍රේල් 13
19:30
(රාත්‍රී)
ලකුණු පුවරුව
පන්ජාබ් කිංග්ස් ලකුණු 12කින් ජය ගත්තේය
එම්සීඒ ජාත්‍යන්තර ක්‍රීඩාංගනය, පූනේ
තරගයේ වීරයා: මායන්ක් අගර්වාල් (පන්ජාබ් කිංග්ස්)
විනිසුරුවන්: ඉන්දියාව උල්හාස් ගාන්දේ සහ ඕස්ට්‍රේලියාව බෲස් ඔක්සන්ෆෝර්ඩ්
  • මුම්බායි ඉන්දියන්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

2022 අප්‍රේල් 14
19:30
(රාත්‍රී)
ලකුණු පුවරුව
ගුජරාට් ටයිටන්ස් ලකුණු 37කින් ජය ගත්තේය
ඩී වයි පටිල් ක්‍රීඩාංගණය, නවී මුම්බායි
තරගයේ වීරයා: හර්දික් පාණ්ඩ්‍යා (ගුජරාට් ටයිටන්ස්)
විනිසුරුවන්: නවසීලන්තය ක්‍රිස් ගෆනි සහ ඉන්දියාව රොහාන් පණ්ඩිත්
  • රාජස්ථාන් රෝයල්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

2022 අප්‍රේල් 15
19:30
(රාත්‍රී)
ලකුණු පුවරුව
සන්රයිසස් හයිද්‍රාබාද් කඩුලු 7කින් ජය ගත්තේය
බ්‍රබෝර්න් ක්‍රීඩාංගණය, මුම්බායි
තරගයේ වීරයා: රාහුල් ත්‍රිපාති (සන්රයිසස් හයිද්‍රාබාද්)
විනිසුරුවන්: ඉන්දියාව සදාශිව් අයියර් සහ ඉන්දියාව විරේන්ද්‍ර ෂර්මා
  • සන්රයිසස් හයිද්‍රාබාද් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

ලක්නව් සුපර් ජයන්ට්ට ලකුණු 18ක ජයක්
බ්‍රබෝර්න් ක්‍රීඩාංගණය, මුම්බායි
තරගයේ වීරයා: කේ එල් රාහුල් (ලක්නව් සුපර් ජයන්ට්)
විනිසුරුවන්: ඉන්දියාව අනිල් චෞද්රි සහ ඉන්දියාව නිඛිල් පත්වර්ධන
  • මුම්බායි ඉන්දියන්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

2022 අප්‍රේල් 16
19:30
(රාත්‍රී)
ලකුණු පුවරුව
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිලට ලකුණු 16ක ජයක් හිමිවිය
වන්කඩේ ක්‍රීඩාංගනය, මුම්බායි
තරගයේ වීරයා: දිනේෂ් කාර්තික් (රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්)
විනිසුරුවන්: ඉන්දියාව ජයරාමන් මදනගෝපාල් සහ ඉන්දියාව චිරා රවිකාන්ත්රෙඩ්ඩි
  • දිල්ලි කැපිටල්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

සන්රයිසස් හයිද්‍රාබාද්ට කඩුලු 7ක ජයක්
ඩී වයි පටිල් ක්‍රීඩාංගණය, නවී මුම්බායි
තරගයේ වීරයා: උම්රාන් මලික් (සන්රයිසස් හයිද්‍රාබාද්)
විනිසුරුවන්: ඉන්දියාව රොහාන් පණ්ඩිත් සහ ඉන්දියාව පශ්චිම් පතක්
  • සන්රයිසස් හයිද්‍රාබාද් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

2022 අප්‍රේල් 17
19:30
(රාත්‍රී)
ලකුණු පුවරුව
ගුජරාට් ටයිටන්ස් පිලට කඩුලු 3ක ජයක්
එම්සීඒ ජාත්‍යන්තර ක්‍රීඩාංගනය, පූනේ
තරගයේ වීරයා: ඩේවිඩ් මිලර් (ගුජරාට් ටයිටන්ස්)
විනිසුරුවන්: ඉන්දියාව කේ. එන්. අනන්තපද්මනාභන් සහ ඉන්දියාව උල්හාස් ගාන්දේ
  • කාසියේ වාසිය දිනූ ගුජරාට් ටයිටන්ස් පිල පන්දු රැකීමට තීරණය කළේය

2022 අප්‍රේල් 18
19:30
(රාත්‍රී)
ලකුණු පුවරුව
රාජස්ථාන් රෝයල්ස් පිලට ලකුණු 7ක ජයක්
බ්‍රබෝර්න් ක්‍රීඩාංගණය, මුම්බායි
තරගයේ වීරයා: යුස්වේන්ද්‍ර චාහල් (රාජස්ථාන් රෝයල්ස්)
විනිසුරුවන්: ඉන්දියාව සදාශිව් අයියර් සහ ඉන්දියාව විරේන්ද්‍ර ෂර්මා
  • කොල්කටා නයිට් රයිඩර්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
  • යුස්වේන්ද්‍ර චාහල් (රාජස්ථාන් රෝයල්ස්) කඩුළු ත්‍රිත්වයක් සහ කඩුලු පහක් දවා ගත්තේය.[11]

2022 අප්‍රේල් 19
19:30
(රාත්‍රී)
ලකුණු පුවරුව
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් ලකුණු 18කින් ජය ගත්තේය
ඩී වයි පටිල් ක්‍රීඩාංගණය, නවී මුම්බායි
තරගයේ වීරයා: ෆාෆ් ඩු ප්ලෙසිස් (රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්)
විනිසුරුවන්: නවසීලන්තය ක්‍රිස් ගෆනි සහ ඉන්දියාව නිටින් පණ්ඩිත්
  • ලක්නව් සුපර් ජයන්ට් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

2022 අප්‍රේල් 20
19:30
(රාත්‍රී)
ලකුණු පුවරුව
දිල්ලි කැපිටල්ස් කඩුලු 9කින් ජය ගත්තේය
බ්‍රබෝර්න් ක්‍රීඩාංගණය, මුම්බායි
තරගයේ වීරයා: කුල්දීප් යාදව් (දිල්ලි කැපිටල්ස්)
විනිසුරුවන්: ඉන්දියාව තපන් ෂර්මා සහ ඕස්ට්‍රේලියාව රොඩ් ටකර්
  • දිල්ලි කැපිටල්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

2022 අප්‍රේල් 21
19:30
(රාත්‍රී)
ලකුණු පුවරුව
චෙන්නායි සුපර් කිංග්ස් කඩුලු 3කින් ජය ගත්තේය
ඩී වයි පටිල් ක්‍රීඩාංගණය, නවී මුම්බායි
තරගයේ වීරයා: මුකේෂ් චෞද්රි (චෙන්නායි සුපර් කිංග්ස්)
විනිසුරුවන්: ඉන්දියාව උල්හාස් ගාන්දේ සහ ඕස්ට්‍රේලියාව බෲස් ඔක්සන්ෆෝර්ඩ්
  • චෙන්නායි සුපර් කිංග්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
  • රිතික් ශුකීන් (මුම්බායි ඉන්දියන්ස්) ඔහුගේ පළමු T20 තරඟය සිදු කළේය.

2022 අප්‍රේල් 22
19:30
(රාත්‍රී)
ලකුණු පුවරුව
රාජස්ථාන් රෝයල්ස් ලකුණු 15කින් ජය ගත්තේය
වන්කඩේ ක්‍රීඩාංගනය, මුම්බායි
තරගයේ වීරයා: ජෝස් බට්ලර් (රාජස්ථාන් රෝයල්ස්)
විනිසුරුවන්: ඉන්දියාව නිතින් මෙනොන් සහ ඉන්දියාව නිඛිල් පත්වර්ධන
  • දිල්ලි කැපිටල්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
  • ජෝස් බට්ලර් (රාජස්ථාන් රෝයල්ස්) ශිකර් ධවාන් ට පසුව IPL හි පිට පිට ශතක රැස් කළ දෙවන ක්‍රීඩකයා බවට පත් විය. බට්ලර් විරාත් කෝලි ට පසුව එක් IPL වාරයක ශතක තුනක් හෝ වැඩි ගණනක් රැස් කළ දෙවන ක්‍රීඩකයා බවට පත් විය.[12]

ගුජරාට් ටයිටන්ස් ලකුණු 8කින් ජය ගත්තේය
ඩී වයි පටිල් ක්‍රීඩාංගණය, නවී මුම්බායි
තරගයේ වීරයා: රෂීඩ් ඛාන් (ගුජරාට් ටයිටන්ස්)
විනිසුරුවන්: ඉන්දියාව කේ. එන්. අනන්තපද්මනාභන් සහ ඉන්දියාව උල්හාස් ගාන්දේ
  • ගුජරාට් ටයිටන්ස් කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

2022 අප්‍රේල් 23
19:30
(රාත්‍රී)
ලකුණු පුවරුව
සන්රයිසස් හයිද්‍රාබාද් කඩුලු 9කින් ජය ගත්තේය
බ්‍රබෝර්න් ක්‍රීඩාංගණය, මුම්බායි
තරගයේ වීරයා: මාකෝ ජැන්සන් (සන්රයිසස් හයිද්‍රාබාද්)
විනිසුරුවන්: ඉන්දියාව ජයරාමන් මදනගෝපාල් සහ ඉන්දියාව චිරා රවිකාන්ත්රෙඩ්ඩි
  • සන්රයිසස් හයිද්‍රාබාද් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

2022 අප්‍රේල් 24
19:30
(රාත්‍රී)
ලකුණු පුවරුව
ලක්නව් සුපර් ජයන්ට් ලකුණු 36කින් ජයග්‍රහණය කළේය
වන්කඩේ ක්‍රීඩාංගනය, මුම්බායි
තරගයේ වීරයා: කේ එල් රාහුල් (ලක්නව් සුපර් ජයන්ට්)
විනිසුරුවන්: දකුණු අප්‍රිකාව මාරයිස් ඉරැස්මස් සහ ඉන්දියාව සයීඩ් කාලිඩ්
  • මුම්බායි ඉන්දියන්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

2022 අප්‍රේල් 25
19:30
(රාත්‍රී)
ලකුණු පුවරුව
පන්ජාබ් කිංග්ස් ලකුණු 11කින් ජය ගත්තේය
වන්කඩේ ක්‍රීඩාංගනය, මුම්බායි
තරගයේ වීරයා: ශිකර් ධවාන් (පන්ජාබ් කිංග්ස්)
විනිසුරුවන්: දකුණු අප්‍රිකාව මාරයිස් ඉරැස්මස් සහ ඉන්දියාව තපන් ෂර්මා
  • චෙන්නායි සුපර් කිංග්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

2022 අප්‍රේල් 26
19:30
(රාත්‍රී)
ලකුණු පුවරුව
රාජස්ථාන් රෝයල්ස් ලකුණු 29කින් ජය ගත්තේය
එම්සීඒ ජාත්‍යන්තර ක්‍රීඩාංගනය, පූනේ
තරගයේ වීරයා: රියන් පරග් (රාජස්ථාන් රෝයල්ස්)
විනිසුරුවන්: ඉන්දියාව කේ. එන්. අනන්තපද්මනාභන් සහ ඕස්ට්‍රේලියාව බෲස් ඔක්සන්ෆෝර්ඩ්
  • රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

2022 අප්‍රේල් 27
19:30
(රාත්‍රී)
ලකුණු පුවරුව
ගුජරාට් ටයිටන්ස් කඩුලු 5කින් ජය ගත්තේය
වන්කඩේ ක්‍රීඩාංගනය, මුම්බායි
තරගයේ වීරයා: උම්රාන් මලික් (සන්රයිසස් හයිද්‍රාබාද්)
විනිසුරුවන්: නවසීලන්තය ක්‍රිස් ගෆනි සහ ඉන්දියාව නව්දීප් සිං
  • ගුජරාට් ටයිටන්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
  • උම්රාන් මලික් (සන්රයිසස් හයිද්‍රාබාද්) ප්‍රථම වරට ඉන්දීය ප්‍රිමියර් ලීගයේ කඩුලු පහක දවා ගත්තේය.[13]

2022 අප්‍රේල් 28
19:30
(රාත්‍රී)
ලකුණු පුවරුව
දිල්ලි කැපිටල්ස් කඩුලු 4කින් ජය ගත්තේය
වන්කඩේ ක්‍රීඩාංගනය, මුම්බායි
තරගයේ වීරයා: කුල්දීප් යාදව් (දිල්ලි කැපිටල්ස්)
විනිසුරුවන්: ඉන්දියාව අනිල් චෞද්රි සහ ඉන්දියාව පශ්චිම් පතක්
  • දිල්ලි කැපිටල්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
  • හර්ෂිත් රානා (කොල්කටා නයිට් රයිඩර්ස්) ඔහුගේ මංගල විස්සයි20 තරගයට සහභාගි විය.

2022 අප්‍රේල් 29
19:30
(රාත්‍රී)
ලකුණු පුවරුව
ලක්නව් සුපර් ජයන්ට් ලකුණු 20කින් ජයග්‍රහණය කළේය
එම්සීඒ ජාත්‍යන්තර ක්‍රීඩාංගනය, පූනේ
තරගයේ වීරයා: කෘනාල් පාණ්ඩ්‍යා (ලක්නව් සුපර් ජයන්ට්)
විනිසුරුවන්: ඉන්දියාව උල්හාස් ගාන්දේ සහ එංගලන්තය මයිකල් ගොෆ්
  • පන්ජාබ් කිංග්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

ගුජරාට් ටයිටන්ස් කඩුලු 6කින් ජය ගත්තේය
බ්‍රබෝර්න් ක්‍රීඩාංගණය, මුම්බායි
තරගයේ වීරයා: රාහුල් තේවාටියා (ගුජරාට් ටයිටන්ස්)
විනිසුරුවන්: ඉන්දියාව සයීඩ් කාලිඩ් සහ ඉන්දියාව විරේන්ද්‍ර ෂර්මා
  • රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

2022 අප්‍රේල් 30
19:30
(රාත්‍රී)
ලකුණු පුවරුව
මුම්බායි ඉන්දියන්ස් කඩුලු 5කින් ජය ගත්තේය
ඩී වයි පටිල් ක්‍රීඩාංගණය, නවී මුම්බායි
තරගයේ වීරයා: සූරියකුමාර් යාදව් (මුම්බායි ඉන්දියන්ස්)
විනිසුරුවන්: ඉන්දියාව යෙෂ්වන්ත් බාර්ඩේ සහ ඕස්ට්‍රේලියාව බෲස් ඔක්සන්ෆෝර්ඩ්
  • මුම්බායි ඉන්දියන්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

ලක්නව් සුපර් ජයන්ට් ලකුණු 6කින් ජය ගත්තේය
වන්කඩේ ක්‍රීඩාංගනය, මුම්බායි
තරගයේ වීරයා: මොහ්සින් ඛාන් (ලක්නව් සුපර් ජයන්ට්)
විනිසුරුවන්: නවසීලන්තය ක්‍රිස් ගෆනි සහ ඉන්දියාව චිරා රවිකාන්ත්රෙඩ්ඩි
  • ලක්නව් සුපර් ජයන්ට් කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

චෙන්නායි සුපර් කිංග්ස් ලකුණු 13කින් ජය ගත්තේය
එම්සීඒ ජාත්‍යන්තර ක්‍රීඩාංගනය, පූනේ
තරගයේ වීරයා: රුතුරාජ් ගයික්වාඩ් (චෙන්නායි සුපර් කිංග්ස්)
විනිසුරුවන්: ඉන්දියාව කේ. එන්. අනන්තපද්මනාභන් සහ ඉන්දියාව අනිල් චෞද්රි
  • සන්රයිසස් හයිද්‍රාබාද් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

කොල්කටා නයිට් රයිඩර්ස් කඩුලු 7කින් ජය ගත්තේය
වන්කඩේ ක්‍රීඩාංගනය, මුම්බායි
තරගයේ වීරයා: රින්කු සිං (කොල්කටා නයිට් රයිඩර්ස්)
විනිසුරුවන්: ඉන්දියාව ජයරාමන් මදනගෝපාල් සහ ඉන්දියාව නිටින් පණ්ඩිත්
  • කොල්කටා නයිට් රයිඩර්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

පන්ජාබ් කිංග්ස් කඩුලු 8කින් ජය ගත්තේය
ඩී වයි පටිල් ක්‍රීඩාංගණය, නවී මුම්බායි
තරගයේ වීරයා: කාගිසෝ රබාඩා (පන්ජාබ් කිංග්ස්)
විනිසුරුවන්: ඉන්දියාව රොහාන් පණ්ඩිත් සහ ඉන්දියාව විරේන්ද්‍ර ෂර්මා
  • ගුජරාට් ටයිටන්ස් කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් ලකුණු 13කින් ජය ගත්තේය
එම්සීඒ ජාත්‍යන්තර ක්‍රීඩාංගනය, පූනේ
තරගයේ වීරයා: හර්ෂල් පටෙල් (රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්)
විනිසුරුවන්: ඉන්දියාව කේ. එන්. අනන්තපද්මනාභන් සහ එංගලන්තය මයිකල් ගොෆ්
  • චෙන්නායි සුපර් කිංග්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

දිල්ලි කැපිටල්ස් ලකුණු 21කින් ජය ගත්තේය
බ්‍රබෝර්න් ක්‍රීඩාංගණය, මුම්බායි
තරගයේ වීරයා: ඩේවිඩ් වෝනර් (දිල්ලි කැපිටල්ස්)
විනිසුරුවන්: ඉන්දියාව නිඛිල් පත්වර්ධන සහ ඉන්දියාව නව්දීප් සිං
  • සන්රයිසස් හයිද්‍රාබාද් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

මුම්බායි ඉන්දියන්ස් ලකුණු 5කින් ජය ගත්තේය
බ්‍රබෝර්න් ක්‍රීඩාංගණය, මුම්බායි
තරගයේ වීරයා: ටිම් ඩේවිඩ් (මුම්බායි ඉන්දියන්ස්)
විනිසුරුවන්: ඉන්දියාව සදාශිව් අයියර් සහ ඉන්දියාව ජයරාමන් මදනගෝපාල්
  • ගුජරාට් ටයිටන්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

රාජස්ථාන් රෝයල්ස් කඩුලු 6කින් ජය ගත්තේය
වන්කඩේ ක්‍රීඩාංගනය, මුම්බායි
තරගයේ වීරයා: යෂස්වි ජයිස්වාල් (රාජස්ථාන් රෝයල්ස්)
විනිසුරුවන්: ඉන්දියාව යෙෂ්වන්ත් බාර්ඩේ සහ ඉන්දියාව චිරා රවිකාන්ත්රෙඩ්ඩි
  • පන්ජාබ් කිංග්ස් කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

ලක්නව් සුපර් ජයන්ට් ලකුණු 75කින් ජයග්‍රහණය කළේය
එම්සීඒ ජාත්‍යන්තර ක්‍රීඩාංගනය, පූනේ
තරගයේ වීරයා: අවේශ් ඛාන් (ලක්නව් සුපර් ජයන්ට්)
විනිසුරුවන්: ඉන්දියාව අනිල් චෞද්රි සහ එංගලන්තය මයිකල් ගොෆ්
  • කොල්කටා නයිට් රයිඩර්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට ලකුණු 67ක ජයක් හිමිවිය
වන්කඩේ ක්‍රීඩාංගනය, මුම්බායි
තරගයේ වීරයා: වනිඳු හසරංග (රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්)
විනිසුරුවන්: දකුණු අප්‍රිකාව මාරයිස් ඉරැස්මස් සහ ඉන්දියාව නිටින් පණ්ඩිත්
  • තරගයේ කාසියේ වාසිය දිනූ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.

චෙන්නායි සුපර් කිංග්ස් පිලට ලකුණු 91ක ජයක් හිමිවිය
ඩී වයි පටිල් ක්‍රීඩාංගණය, නවී මුම්බායි
තරගයේ වීරයා: ඩෙවොන් කොන්වේ (චෙන්නායි සුපර් කිංග්ස්)
විනිසුරුවන්: ඉන්දියාව නිතින් මෙනොන් සහ ඉන්දියාව රොහාන් පණ්ඩිත්
  • දිල්ලි කැපිටල්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

කොල්කටා නයිට් රයිඩර්ස් පිලට ලකුණු 52ක ජයක් හිමිවිය
ඩී වයි පටිල් ක්‍රීඩාංගණය, නවී මුම්බායි
තරගයේ වීරයා: ජස්ප්‍රිත් බුම්රා (මුම්බායි ඉන්දියන්ස්)
විනිසුරුවන්: ඉන්දියාව සදාශිව් අයියර් සහ ඕස්ට්‍රේලියාව බෲස් ඔක්සන්ෆෝර්ඩ්
  • තරගයේ කාසියේ වාසිය දිනූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.

ගුජරාට් ටයිටන්ස් පිලට ලකුණු 62ක ජයක් හිමිවිය
එම්සීඒ ජාත්‍යන්තර ක්‍රීඩාංගනය, පූනේ
තරගයේ වීරයා: ශුබ්මන් ගිල් (ගුජරාට් ටයිටන්ස්)
විනිසුරුවන්: ඉන්දියාව කේ. එන්. අනන්තපද්මනාභන් සහ එංගලන්තය මයිකල් ගොෆ්
  • තරගයේ කාසියේ වාසිය දිනූ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • මෙම තරගයේ ප්‍රතිඵලයක් ලෙස ගුජරාට් ටයිටන්ස් පිල අවසන් වටයට සුදුසුකම් ලබා ගත්තේය.[14]

දිල්ලි කැපිටල්ස් පිලට කඩුලු 8ක ජයක්
ඩී වයි පටිල් ක්‍රීඩාංගණය, නවී මුම්බායි
තරගයේ වීරයා: මිචෙල් මාෂ් (දිල්ලි කැපිටල්ස්)
විනිසුරුවන්: දකුණු අප්‍රිකාව මාරයිස් ඉරැස්මස් සහ ඉන්දියාව නිඛිල් පත්වර්ධන
  • දිල්ලි කැපිටල්ස් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

මුම්බායි ඉන්දියන්ස් පිලට කඩුලු 5ක ජයක් හිමිවිය
වන්කඩේ ක්‍රීඩාංගනය, මුම්බායි
තරගයේ වීරයා: ඩැනියෙල් සෑම්ස් (මුම්බායි ඉන්දියන්ස්)
විනිසුරුවන්: නවසීලන්තය ක්‍රිස් ගෆනි සහ ඉන්දියාව චිරා රවිකාන්ත්රෙඩ්ඩි
  • තරගයේ කාසියේ වාසිය දිනූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
  • මෙම තරගයේ ප්‍රතිඵලය අනුව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම තරගාවලියෙන් ඉවත් විය.[15]

පන්ජාබ් කිංග්ස් පිලට ලකුණු 54ක ජයක්
බ්‍රබෝර්න් ක්‍රීඩාංගණය, මුම්බායි
තරගයේ වීරයා: ජොනී බෙයාර්ස්ටෝ (පන්ජාබ් කිංග්ස්)
විනිසුරුවන්: ඉන්දියාව ජයරාමන් මදනගෝපාල් සහ ඉන්දියාව නිටින් පණ්ඩිත්
  • රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය.

කොල්කටා නයිට් රයිඩර්ස් පිලට ලකුණු 54ක ජයක් හිමිවිය
එම්සීඒ ජාත්‍යන්තර ක්‍රීඩාංගනය, පූනේ
තරගයේ වීරයා: ඇන්ඩ්‍රේ රසල් (කොල්කටා නයිට් රයිඩර්ස්)
විනිසුරුවන්: ඉන්දියාව කේ. එන්. අනන්තපද්මනාභන් සහ ඉන්දියාව අනිල් චෞද්රි
  • කාසියේ වාසිය දිනූ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.

ගුජරාට් ටයිටන්ස් පිලට කඩුලු 7ක ජයක්
වන්කඩේ ක්‍රීඩාංගනය, මුම්බායි
තරගයේ වීරයා: වෘද්ධිමාන් සහා (ගුජරාට් ටයිටන්ස්)
විනිසුරුවන්: ඉන්දියාව රොහාන් පණ්ඩිත් සහ ඉන්දියාව විරේන්ද්‍ර ෂර්මා
  • කාසියේ වාසිය දිනූ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය

රාජස්ථාන් රෝයල්ස් පිලට ලකුණු 24ක ජයක්
බ්‍රබෝර්න් ක්‍රීඩාංගණය, මුම්බායි
තරගයේ වීරයා: ට්‍රෙන්ට් බෝල්ට් (රාජස්ථාන් රෝයල්ස්)
විනිසුරුවන්: ඉන්දියාව පශ්චිම් පතක් සහ ඉන්දියාව තපන් ෂර්මා
  • කාසියේ වාසිය දිනූ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය

මිචෙල් මාෂ් 63 (48)
ලියම් ලිවින්ග්ස්ටන් 3/27 (ඕවර 4)
ජිතේෂ් ෂර්මා 44 (34)
ෂර්දුල් තාකූර් 4/36 (ඕවර 4)
දිල්ලි කැපිටල්ස් පිලට ලකුණු 17ක ජයක්
ඩී වයි පටිල් ක්‍රීඩාංගණය, නවී මුම්බායි
තරගයේ වීරයා: ෂර්දුල් තාකූර් (දිල්ලි කැපිටල්ස්)
විනිසුරුවන්: ඉන්දියාව සදාශිව් අයියර් සහ ඉන්දියාව නිතින් මෙනොන්
  • පන්ජාබ් කිංග්ස් පිලේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය.

රෝහිත් ෂර්මා 48 (36)
උම්රාන් මලික් 3/23 (ඕවර 3)
සන්රයිසස් හයිද්‍රාබාද් පිලට ලකුණු 3ක ජයක්
වන්කඩේ ක්‍රීඩාංගනය, මුම්බායි
තරගයේ වීරයා: රාහුල් ත්‍රිපාති (සන්රයිසස් හයිද්‍රාබාද්)
විනිසුරුවන්: නවසීලන්තය ක්‍රිස් ගෆනි සහ ඉන්දියාව නිටින් පණ්ඩිත්
  • කාසියේ වාසිය දිනූ මුම්බායි ඉන්දියන්ස් ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය

ලක්නව් සුපර්ජයන්ට්ස් පිලට ලකුණු 2ක ජයක්
ඩී වයි පටිල් ක්‍රීඩාංගණය, නවී මුම්බායි
තරගයේ වීරයා: ක්වින්ටන් ඩි කොක් (ලක්නව් සුපර් ජයන්ට්)
විනිසුරුවන්: ඉන්දියාව යෙෂ්වන්ත් බාර්ඩේ සහ ඉන්දියාව රොහාන් පණ්ඩිත්
  • කාසියේ වාසිය දිනූ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • ලක්නව් සුපර්ජයන්ට්ස් පිල අවසන් වටයට සුදුසුකම් ලැබූ අතර කොල්කටා නයිට් රයිඩර්ස් පිල මෙම තරගයෙන් ඉවත් විය.
  • කේ.එල් රාහුල් සහ ක්වින්ටන් ඩී කොක් IPL තරඟාවලියේ වැඩිම ආරම්භක සබඳතාවයක් රැස් කළහ

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිලට කඩුලු 8ක ජයක් හිමිවිය
වන්කඩේ ක්‍රීඩාංගනය, මුම්බායි
තරගයේ වීරයා: විරාත් කෝලි (රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්)
විනිසුරුවන්: දකුණු අප්‍රිකාව මාරයිස් ඉරැස්මස් සහ ඉන්දියාව සදාශිව් අයියර්
  • තරගයේ කාසියේ වාසිය දිනූ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • තරගයේ ප්‍රතිඵලයක් ලෙස පන්ජාබ් කිංග්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම් ඉවත් විය.

රාජස්ථාන් රෝයල්ස් පිලට කඩුලු 5ක ජයක්
බ්‍රබෝර්න් ක්‍රීඩාංගණය, මුම්බායි
තරගයේ වීරයා: රවිචන්ද්‍රන් අශ්වින් (රාජස්ථාන් රෝයල්ස්)
විනිසුරුවන්: නවසීලන්තය ක්‍රිස් ගෆනි සහ ඉන්දියාව නිඛිල් පත්වර්ධන
  • කාසියේ වාසිය දිනූ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • මෙම තරගයේ ප්‍රතිඵලයක් ලෙස රාජස්ථාන් රෝයල්ස් පිල අවසන් වටයට සුදුසුකම් ලබා ගත්තේය.

මුම්බායි ඉන්දියන්ස් පිලට කඩුලු 5ක ජයක්
වන්කඩේ ක්‍රීඩාංගනය, මුම්බායි
තරගයේ වීරයා: ජස්ප්‍රිත් බුම්රා (මුම්බායි ඉන්දියන්ස්)
විනිසුරුවන්: ඉන්දියාව නිතින් මෙනන් සහ ඉන්දියාව තපන් ෂර්මා
  • කාසියේ වාසිය දිනූ මුම්බායි ඉන්දියන්ස් ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය
  • මෙම තරගයේ ප්‍රතිඵලයක් ලෙස රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල අවසන් වටයට සුදුසුකම් ලබා ගත්තේය.

පන්ජාබ් කිංග්ස් පිලට කඩුලු 5ක ජයක් හිමිවිය
වන්කඩේ ක්‍රීඩාංගනය, මුම්බායි
තරගයේ වීරයා: හාර්ප්‍රීට් බ්‍රාර් (පන්ජාබ් කිංග්ස්)
විනිසුරුවන්: දකුණු අප්‍රිකාව මාරයිස් ඉරැස්මස් සහ ඉන්දියාව නිඛිල් පත්වර්ධන
  • කාසියේ වාසිය දිනූ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය

ප්ලේ ඕෆ් වටය[සංස්කරණය]

අවසන් මහා තරගය 2022 මැයි 29 දින පැවැත්වීමට නියමිතය ප්ලේ-ඕෆ් සඳහා සම්පූර්ණ කාලසටහන 2022 අප්‍රේල් 23 දින ප්‍රකාශයට පත් කරන ලදී.

පූර්වගාමී[සංස්කරණය]

සුදුසුකම් 1
ගුජරාට් ටයිටන්ස් පිලට කඩුලු 7ක ජයක්
ඊඩන් ගාර්ඩන්ස්, කොල්කටා
තරගයේ වීරයා: ඩේවිඩ් මිලර් (ගුජරාට් ටයිටන්ස්)
විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව බෲස් ඔක්සන්ෆෝර්ඩ් සහ ඉන්දියාව විරේන්ද්‍ර ෂර්මා
  • කාසියේ වාසිය දිනූ ගුජරාට් ටයිටන්ස් ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය

ඉවත් කරන්නා
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිලට ලකුණු 14ක ජයක් හිමිවිය
ඊඩන් ගාර්ඩන්ස්, කොල්කටා
තරගයේ වීරයා: රාජත් පටිදාර් (රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්)
විනිසුරුවන්: එංගලන්තය මයිකල් ගොෆ් සහ ඉන්දියාව ජයරාමන් මදනගෝපාල්
  • කාසියේ වාසිය දිනූ ලක්නව් සුපර්ජයන්ට්ස් පන්දු රැකීමට තීරණය කළේය.

සුදුසුකම් 2
රාජත් පටිදාර් 58 (42)
ප්‍රසිද් ක්‍රිෂ්ණා 3/22 (ඕවර 4)
ජොස් බට්ලර් 106* (60)
ජොෂ් හේසල්වුඩ් 2/23 (ඕවර 4)
රාජස්ථාන් රෝයල්ස් පිලට කඩුලු 7ක ජයක්
නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනය, අහමදාබාද්
තරගයේ වීරයා: ජොස් බට්ලර් (රාජස්ථාන් රෝයල්ස්)
විනිසුරුවන්: නවසීලන්තය ක්‍රිස් ගෆනි සහ ඉන්දියාව නිටින් මෙනන්
  • කාසියේ වාසිය දිනූ රාජස්ථාන් රෝයල්ස් ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය

අවසාන[සංස්කරණය]

ගුජරාට් ටයිටන්ස් පිලට කඩුලු 7ක ජයක් හිමිවිය
නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනය, අහමදාබාද්
තරගයේ වීරයා: හර්දික් පාණ්ඩ්‍යා (ගුජරාට් ටයිටන්ස්)
විනිසුරුවන්: නවසීලන්තය ක්‍රිස් ගෆනි සහ ඉන්දියාව නිටින් මෙනන්
  • කාසියේ වාසිය දිනූ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.

තරගාවලියේ සංඛ්‍යා ලේඛණ[සංස්කරණය]

ප්‍රධාන ලිපිය : 2022 ඉන්දීය ප්‍රීමියර් ලීගය සංඛ්‍යා ලේඛණ

යොමු කිරීම්[සංස්කරණය]

  1. "BCCI announces the successful bidders for two new Indian Premier League Franchises". bcci.tv. Board of Control for Cricket in India. සම්ප්‍රවේශය 25 October 2021.
  2. "IPL 2022: CONFIRMED! Two new IPL teams will be announced on THIS date". Zee News. 28 September 2021. සම්ප්‍රවේශය 29 September 2021.
  3. "Chennai Super Kings beat Kolkata Knight Riders in final to win fourth title". BBC Sport. සම්ප්‍රවේශය 24 October 2021.
  4. "BCCI approves 10 teams in IPL 2022; backs cricket's inclusion in 2028 Los Angeles Olympics". Times Now News. 24 December 2020 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 6 January 2021.
  5. "IPL bidding war see Ahmedabad and Lucknow teams bought for more than $2 billion". ABC News. සම්ප්‍රවේශය 26 October 2021.
  6. "Sanjiv Goenka's RPSG Group, CVC Capital new IPL franchises". Hindustan Times. 25 October 2021. සම්ප්‍රවේශය 25 October 2021.
  7. "IPL 2022: Ahmedabad team officially named Gujarat Titans". Hindustan Times (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 9 February 2022.
  8. "BCCI stitches IPL deal with Tatas to hand Vivo a smooth exit". Times of India. සම්ප්‍රවේශය 12 January 2022.
  9. "IPL 2022 Auction: Ishan Kishan costliest, 8 Indians in 10 most expensive buys". India Today (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 14 February 2022.
  10. "IPL 2022: Pat Cummins smashes joint-fastest half-century in league history; equals KL Rahul's record with 14-ball fifty". Hindustan Times (ඉංග්‍රීසි බසින්). 6 April 2022. සම්ප්‍රවේශය 12 April 2022.
  11. "Jos Buttler ton, Yuzvendra Chahal hat-trick give රාජස්ථාන් රෝයල්ස් narrow win". ESPN Cricinfo. සම්ප්‍රවේශය 18 April 2022.
  12. "Tendulkar leads as cricket fraternity reserve massive praise for Buttler". Hindustan Times (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 23 April 2022.
  13. "GT vs SRH: Umran Malik breathes fire to claim first five-wicket haul in IPL". India Today. සම්ප්‍රවේශය 27 April 2022.
  14. "Gill 63*, Rashid four-for lead Gujarat Titans to playoffs". ESPN Cricinfo. සම්ප්‍රවේශය 14 May 2022.
  15. "Sams, Meredith lead rout of Chennai Super Kings". ESPN Cricinfo. සම්ප්‍රවේශය 14 May 2022.

බාහිර සබැඳි[සංස්කරණය]