ඉන්ජෙනුයිටි

විකිපීඩියා වෙතින්
ඉන්ජෙනුයිටි
අඟහරු මතුපිට නවත්වා ඇති ඉන්ජෙනුයිටි හෙලිකොප්ටරය, 2021 අප්‍රේල් 7 (සොල් 46). ඡායාරූපය ලබාගෙන ඇත්තේ පර්සවරන්ස් රෝවරය මගිනි.
ක්‍රියාකරුනාසා
ප්‍රධාන කොන්ත්‍රාත්කරුක්ෂේප ප්‍රචාලන පර්‍යේෂණාගාරය
ගොඩබැසීම2021 පෙබරවාරි 18 (රෝවරය සමග ගොඩබැසීම)
2021 අප්‍රේල් 3 (රෝවරයෙන් නිදහස් වීම)
ගොඩබසින ස්ථානයජෙසරෝ ආවාටය, අඟහරු
ස්කන්ධයකිලෝග්‍රෑම් 1.8
Dimensionsසෙ.මී. 121 × සෙ.මී. 49 (අඟල් 48 × අඟල් 19)
බලශක්තියසූර්‍ය බලයෙන් ආරෝපණය වන සෝනි VTC-4 ලිතියම්-අයන් බැටරි 6 ක්; සාමාන්‍ය එන්ජින් ආදාන බලය: වොට් 350

ඉන්ජෙනුයිටි (ඉංග්‍රීසි: Ingenuity) හෝ ජිනී (ඉංග්‍රීසි: Ginny) යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන්නේ නාසා ආයතනයේ මාස් 2020 මෙහෙයුමෙහි කොටසක් වශයෙන්, පර්සවරන්ස් රෝවරය සමගම අඟහරු වෙත ගොඩබැස්වුනු කුඩා රොබෝමය හෙලිකොප්ටරයකි. 2021 පෙබරවාරි 18 වැනිදා පර්සවරන්ස් රෝවරය අඟහරු මතට ගොඩබස්වන ලද අතර, අප්‍රේල් 3 වැනිදා ඉන්ජෙනුයිටි යානය රෝවරයෙන් වෙන් කෙරුනි.[1] 2021 අප්‍රේල් 19 වැනිදා ඉන්ජෙනුයිටි විසින් සිය ප්‍රථම පියාසැරිය සිදු කරන ලදී.[2] තත්පර 39.1 පමණ කාලයක් ඇතුලත සිදු කෙරුනු මෙම පියාසැරිය පෘථිවිය හැර වෙනත් ග්‍රහලෝකයකදී සිදු කෙරුනු ප්‍රථම, පාලිත ගුවන් ගමන විය.[3]

ආශ්‍රිත[සංස්කරණය]

  1. Shubham Sharma, "නාසා'ස් මාස් හෙලිකොප්ටර්: ස්මෝල්, ඔටොනොමස් රෝටර්ක්‍රාෆ්ට් ටු ෆ්ලයි ඔන් රෙඩ් ප්ලැනට්". International Business Times, 2018 මැයි 14. සං‍රක්ෂණය 2018 ජූලි 10.
  2. Hotz, Robert Lee (2021-04-19). "නාසා'ස් මාස් හෙලිකොප්ටර් ඉන්ජෙනුයිටි සක්සස්ෆුලි මේක්ස් හිස්ටොරික් ෆස්ට් ෆ්ලයිට්". වෝල් ස්ට්‍රීට් ජර්නලය (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). ISSN 0099-9660. සම්ප්‍රවේශය 2021-04-19.
  3. විජයරත්න, මංජුලා (3 මැයි 2021). "අඟහරුගේ වායුගෝලයට යැවූ හෙලිකොප්ටරය". දිනමිණ. 11 නොවැම්බර් 2022 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
"https://si.wikipedia.org/w/index.php?title=ඉන්ජෙනුයිටි&oldid=528146" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි