Jump to content

ඉන්කා ශිෂ්ටාචාරය

විකිපීඩියා වෙතින්
ඉන්කන් කුයිපුවක නියෝජනය

ඉන්කා විකාශනය

[සංස්කරණය]

ඉන්කාවරු ක්‍රි.ව. 12 වන සියවසේ දී කස්(z)කො (Cuzco) ප්‍රදේශය පුරා, කිල්කේ( Killke) සංස්කෘතික ගෝත්‍රයක් ලෙස ආරම්භ විණි. මැන්කො කැප්ක්හි නායකයා යටතේ ඔවුන් කස්(z)කෝහි (Quechua Qosqo) කුඩා නගරයක් ආරම්භ කර එය සිතියමේ රතු පැහැයෙන් දක්වන ලදි.


ක්‍රි.ව. 1438 දී පැචාකුටි (Pachacuti) නමින් හැදින්වූ සපා ඉන්කා (Sapa Inca) නායකයා යටතේ (ඔහුගේ නමේ අර්ථය - භූමි ආරක්ෂකයා), ඔවුන් දකුණු පේරු ප්‍රදේශයට සංක්‍රමණය විය. ඉන්පසු ඔහු විසින් නැවතත් කස්(z)කො ප්‍රධාන නගරයක් සහ අධිරාජ්‍යයේ අගනුවර ලෙසට ගොඩනඟන ලදි.


Cuzco බල කොටුවේ අධිරාජ්‍යයා ලෙස පැචාකුටි කටයුතු කළබව පුරාවිද්‍යාඥයින් විසින් සොයා ගන්නා ලදී. තහුන්ටින්සුයා (Thahuantinsuya) ප්‍රදේශය, ප්‍රාදේශිය නායකයන් හතර දෙනෙකුගේ නායකත්වයෙන් මධ්‍යම රජය යටතේ පාලනය වුණි. ප්‍රාදේශිය නායකයන් හතර දෙනා චින්චාසුයු (Chinchasuyu) (NW), ඇන්ටිසුයු (Antisuyu) (NE), කොන්ටිසුයු (Contisuya) (SW) සහ කොල්ලසුයු (Collasuyu) (SE) නම් විය.


පැචාකුටි (Pachacuti) නගර වැසියන් පික්ච් හා කෑම්ප්ඩේවිඩ් නම් ගෘහ නිවාස හා කූඩාරම් ඉදිකළහ


පැවාකු‍ටි විසින් තම පාලන ප්‍රදේශය හා ඒ අවට භූමි භාගයන්හි දේශපාලන, යුධමය වටිනාකමින් යුතු තොරතුරු දැනගැනීමට, ඔත්තුකරුවන් යොදවනු ලැබීය. තවද ඔහු විසින් අවට රාජධානීන්හි ප්‍රධානීන් වෙත පණිවිඩ යවමින්, නව රාජධානියට සහයෝගය දැක්වීමෙන් ඔවුන්ට පිරිනැමෙන තනතුරු හා වරප්‍රසාද පිළිබදව සැළකර සිටියේය.තවද ඔහු එම රාජධානින් වෙත තම දියණියන් සරණ පාවා දීම වැනි උපක්‍රම මඟින් අන්තර් රාජ්‍යය සම්බන්ධතා වර්ධනය කර ගත්තේය.

ඉන් පසු ඉන්කා සම්ප්‍රදායට අනුව ක්‍රි.ව. 1463 දී ඔහුගේ පුතා නායකත්වයට පත් විණි.

සමාජ ව්‍යුහය

[සංස්කරණය]

ඉන්කාවරු විශේෂ ග්‍රෝත්‍ර තුනකට බෙදී තිබුණි. ඒවා නම් උසස් පන්තිය (ප්‍රභූවරු), පහත් පන්තිය හා වහල්ලු (යනාස්) ය. යුධ සිරකරුවන් හා වහලුන්ගේ ළමුන්ද ඇතුළත් වූයේ වහලුන් ගණයටමය. පහත් පන්තියට බොහෝ විට අයත්වූයේ ගොවියන්ය. කිසියම් විශේෂ ක්‍රියාවක් සිදුකළ හමුදා සෙබළෙකුට හෝ කළාකාරයෙකුට වසරකට හෝ ඊට වඩා විශිෂ්ඨ ක්‍රියාවක් තවකෙක් කරන තෙක් හෝ ප්‍රභූ භාවය හිමි විය. ප්‍රභූ භාවය ලැබිය හැකි තවත් ක්‍රමයක් විය. එය නම් අධිරාජ්‍යයට කැමැත්තෙන්ම සම්බන්ධ වීමට කැමති කුරාකා (ගම් ප්‍රධානියා ) කෙනෙක් බවට පත් වීමයි. ඔහුගේ සහකරුවන්ට ඉන්කාවරු වීමට හැකි වූ අතර ඔහු තම තනතුරු ආරක්ෂාකර ගැනීමට පරිස්සම් විය. නමුත් එලෙස ප්‍රභූ භාවය හිමිවූවන්ට කිසිදිනක රාජකීය ප්‍රභූත්වය (රුධිරයෙන් ප්‍රභූ බව ලැබීම) හිමි වූවන්ට මෙන් සැලකිලි බලාපොරොත්තු විය නොහැකි වූ අතර ඔවුනොවුන් අතර විවාහ පවා සිදු වුණේ නැත.

ඉන්කාවරු මෙම කාරණයේදී ඉතා ඍජු වූ අතර ඒවා අත් හැරියේ නැත. ඔලන්ටේ නම් වූ මෙම විශේෂිත කාරණය ගැන කියවෙන පුරාවෘත්තයක් ඇත.

ඔලන්ටේ පුරාවෘත්තය

[සංස්කරණය]

සුසී සෝලර් (ඉන්කා පච්චකුටෙක්ගේ දියණිය ) නම් වූ කුමරිය හොර රහසේ , ඔලන්ටේ නම් වූ තාවකාලික ලෙස ප්‍රභූත්වය ලැබූ පුද්ගලයෙකු සමග විවාහ වූවාය. කාලය ගත වූයේය. මේ අතර දිනක් ඔලන්ටේ සුසී සෝලර්ගේ අත ඉල්ලා නිර්භීතව පැමිණියේය. ඉන්පසු ඉන්කා පච්චකුටෙක් තම දියණිය අක්ලවාසියක (ස්ත්‍රී මඩමක) සිර කොට තැබීය. ඔහු ඔලන්ටේ තම දියණියගේ සැමියා ලෙස භාර නොගත්තේය. ඒ ඔහු ලෙයින්ම ප්‍රභූවරයෙක් නොවූ නිසාය.

මීට ප්‍රතිචාර වශයෙන් ඔලන්ටේ තම පිරිසද රැස්කර ගෙන ඔලන්ටේ ටැම්බෝ ලෙස පසු කලෙක හැඳින්වුණූ බලකොටුවක් උරුබම්බා මිටියාවතේ පවත්වාගෙන ඉන්කාවට විරුද්ධව සටන් කිරීමට සූදානම්ව සිටියේය. මෙය දැනගත් පච්චකුටෙක් ඔහුව පරාද කිරීමට රුම් නහුයි(ක්වෙචුවායි හි ශෛලමය නේත) යැව්වේය. නමුත් ඔලන්ටේගේ වසර 10 ක් පුරා පැවති රෞද්‍ර කෝධය හමුවේ ඔහු පරාද විය. මේ අතර වාරයේ සුසී සෝලර් ඔලන්ටේගේ දියණියට උපත දුන්නාය. ඇය නමින් ඉමැක් සුමැක් විය.

කාලයේ ඇවෑමෙන් පච්චකුටෙක් මරණයට පත් වූයේය. රුමි නහුයි තමා පරාජිතයෙක් බව තේරුම් ගත්තේය. ඔහු සැලැස්මක් කල්පනා කළේය. මේ අතර ඉන්ටි රයිමි උත්සව ආරම්භ විය. මෙම උත්සව අතරතුර ඔලන්ටේගේ සොල්දාදුවන් මත් පැන් බිව් වරදට ඔලන්ටේ සිර කරුවෙක් ලෙස ගෙන යන ලදී.

ඔහු නව ඉන්කා ටු පැක් යුපාන්කුයි වෙත ගෙන යන ලදී. ඔහු තම පියාගේ හා සහෝදරියගේ කතාව අසා තිබුණි. එක්විටම ඉමා සුමැක් එතැනට පැමිණි අතර ඇගේ මව වෙනුවෙන් යාඥා කරන්නට විය. එම කතාවලට සවන් දීමෙන් අනතුරුව ටු පැක් යුපාන්කුයි සුසී සෝලර් හට ඔලන්ටේ හා විවාහ වීමට අවසර දුණි. ඔලන්ටේ බොහෝ යුද්ධ මෙහෙය වූ තම දරුවන් ගැන ආඩම්බරයෙන් සිටි මිනිසෙක් විය. තම සොල්දාදුවන් වෙනුවෙන් සිරගෙට යාමට තරම් යහපත් මනුෂ්‍යයෙක් වූ බව සිහිකල යුතුය.


අධ්‍යාපනය

[සංස්කරණය]

ඉන්කාවරු කුයිපු හෙවත් ගැට ගසන ගසන ලද නූල් , ගණනය කිරීම්වලට හා ජන සංඛ්‍යානයට යොදා ගත්හ. දැනට ඉතිරිව ඇති කුයිපුවල , අංකන දත්ත පෙනෙන්නට ඇත. සමහර ඉලක්කම් යමක් මතක තබා ගැනීමේ ලේබල වශයෙන් යොදා ගෙන ඇත. කුයිපුවල වර්ණ , අවකාශ හා ව්‍යුහ වෙනස් කරමින් පණිවිඩ ලබා දීමද සිදු කර ඇත. සංඥා ක්‍රමයට ලියවුණු නැතහොත් අංක රහිත පණිවුඩ තේරුම් ගත්තේ කෙසේදැයි යන්න තවම පැහැදිලි නැත. සමහර සිසුන් කුයිපු වාර්තා කළ භාෂාව සොයා ගැනීමට තවම වෙහෙසෙති.

තම සංස්කෘතියේ පැවැත්ම ආරක්ෂාකර ගැනීමේ උපක්‍රමයක් වශයෙන් ඉන්කාවරු ‍‍බොහෝ විට පණිවිඩ යැවීම කළේ මුඛ්‍ය සන්නිවේදන ක්‍රමයකටය. ඉන්කා අධ්‍යාපනය විශේෂ වර්ග දෙකකට බෙදී පැවතුණි. ඒවා නම් වෘත්තීය අධ්‍යාපනය (පොදුවේ ඉන්කාවරුන් සඳහා ) සහ විධිමත් පුහුණු කරවීම (ප්‍රභූන් සඳහා ) ය.

ඉන්කාවරුන්ගේ ඇදහිලි ක්‍රමය බහුදේව වාදික විය. ඉන්ටි හෙවත් හිරු දෙවියා ප්‍රධාන දෙවියා විය. අධිරාජ්‍යයේ ප්‍රවේණි පාලක නාමය වූ සාපා ඉන්කා වලින් ඍජුවම පැවත එන මුතුන් මිත්තා‍ලෙස ඉන්කාවරු සැලකුවේ ඉන්ටිය.

ඉන්කා - සොයාගැනීම

[සංස්කරණය]
ඉන්කාහල් වැඩ ගැන විස්තර


ගණිත ශාස්ත්‍රය ‍හා තාරකා විද්‍යාව

[සංස්කරණය]

කියුපු යනු වැදගත් ඉන්කා තාක්ෂණයකි. එය ගැට සහිත තන්තුවක් එකලස් කරන්නාක් මෙන් තොරතුරු සටහන් කරගන්නට යොදා ගත්තේය.මේ පිළිබදව පර්යේෂණවල නියැළි පුරාවිද්‍යාඥයින් ගේ අදහස වූයේ ස්මරතා උපකරණ ලෙස හෝ ගණිත දත්ත සටහන් කිරීමට කියුපු භාවිත කරන්නට ඇත කියාය .

ඉන්කා වෛද්‍ය විද්‍යාව ගැන බොහෝ සොයාගැනීම් සිදුකළ ඔවුන්ට සාර්ථකව හිස්කබල් ආශ්‍රිත ශල්‍යකර්මද සිදුකිරීමට හා හිස්කබලේ කුහර කැපීමට, හිස්කබලේ තුවාල වල පීඩනය නිදහස් කිරීමට එම තාක්ෂණය භාවිතකළ හැකිබව පෙනුණි.ඉන්කාවරු කොකා පත්‍ර භාවිතා කර බඩ ගින්න හා වේදනාව තුනී කරගත්තෝය. එම ශාක විශේෂ දැනුත් අන්දීස් පෙදෙස්වල තිබේ. ඉන්කා පණිවිඩකරුවන් කොකා පත්‍ර විකා රාජධානිය වටා දුවමින් පණිවිඩ බෙදාහරින්නට අමතර ශක්තියක් ලබා ගත්හ.


යුධ හා යුධ කටයුතු

[සංස්කරණය]

එම ප්‍රදේශවල විසූ ඉන්කාවරු නිරතුරුවම අනෙකුත් ජාතීන් සමඟ යුද වැදුනහ. තවද ඔවුන් ඒ අවස්ථාවන්හි ආයුධ භාවිතා කළහ.ඉන්කා හමුදාව යනු එකල එම ප්‍රදේශවල විසූ ශක්තිමත්ම හමුදාවයි. එයට හේතුවූයේ සාමාන්‍ය මිනිසුන්ව හා ගොවීන්ව යුද්ධයට සුදානම් කර හමුදා ‍සොල්දාදුවන් බවට පත්කිරීමට ඔවුන් සතු වූ දක්ෂතාවයයි. එකදු අවස්ථාවක් හෝ සෑම පිරිමි ඉන්කා වරයෙකුටම යුද්ධයේ ‍කොටස් කරුවකු බවට පත්වන්නට සිදුවිණි. තවද අවශ්‍ය ඕනෑම අවස්ථාවක දී යුද වැදීමට සුදානමින් සිටීමටද ඉන්කාවරුනට සිදු වුණි.


ඉන්කා කබාය

ස්මාරක ගෘහ නිර්මාණ ශිල්පය

[සංස්කරණය]

සිය ගෘහ නිර්මාණ ශිල්පයේ උච්චතම අවස්ථාවේ පැවති මෝස්තර මැටි භාණ්ඩවල සහ රෙදිපිළිවල පිළිබිඹු කළ ඉන්කා කලා ශිල්පයන්හි බොහෝදුරට ඉතාමත් වැදගත් වුයේ ගෘහ නිර්මාණ ශිල්පයයි. ඉන් ප්‍රධානතම උදාහරණය වනුයේ ප්‍රධාන නගරය වන ‘කුස්කෝ’ ය. ‘මාචු-පීචු’ හි සිත් ඇදගන්නා දර්ශණය නිර්මාණය කරනු ලැබුයේ ඉන්කා ඉන්ගිනේරුවන් විසිනි. ඉන්කාවරුන් ඉදිකළ ගල් විහාරවල ගඩොල්වලින් තොර නිර්මාණ ක්‍රමයක් යොදාගත් අතර ඒවා එකිනෙකට කෙතරම් හොනදීන් සම්බන්ධ වී ද යත් ඒවායේ ගල් අතරින් පිහිතලයක් ඇතුළුකිරිමට වුව ද නොහැකිය. මෙම ක්‍රියාවලිය ප්‍රථමයෙන් මහා පරිමාණයෙන් යොදාගනු ලැබුයේ ටිටිකාකා විලෙන් දකුණෙහි පුකාරා (ක්‍රි.පු_ 300 සිට ක්‍රි. වර්ෂ 300 දක්වා) හි විසු ජනතාව විසිනි. පසු කාලයේ දී දැනු බොලිවියාව ලෙස හැදින්වෙන ටිවානකු (ක්‍රි.ව 400-1100) නම් මහා නගරයෙහි ද එය යොදාගෙන ඇත. නිර්මාණයෙහි දී යොදාගත් ගල් එකිනෙකට නිශ්චිතවම සවිවීම සදහා කැටයම් කරන ලද අතර එය සිදු කරන ලද්දේ එක් ගලක් තවත් ගලක් මතට පුන පුනා පහත හෙළමින් දුවිලි එකතු වී තිබුණු පහත පිහිටි ගල මතුයෙහි කොටස් කපා ඉවත් කිරිමෙනි. දැඩි ලෙස එකිනෙකට බැඳීම හා පහත පිහිටි ගල්වල අවතල භාවය ඒවා අසාමාන්‍ය ලෙස ස්ථාවර කිරිමට සමත් විය.


පිඟන් කර්මාන්තය, වටිනා ලෝහමය කෘතින් හා රෙදිපිළි

[සංස්කරණය]

අධිරාජ්‍යය තුළ සියළුම රන් හා රිදී කෘතින් ආක්‍රමණිකයන් විසින් ද්‍රව බවට පත් කරන ලදී. පිඟන් භාණ්ඩ කුරුල්ලන්, තරංග, බළල් වර්ගයන් හා ජ්‍යාමිතික හැඩ රූ වැනි විවිධ මෝස්තර යොදා පින්තාරු කළහ. ඒ අතරින් ඉතාම කැපී පෙනන ඉන්කා පිඟන් භාණ්ඩයන් වනුයේ කුස්කෝ බෝතල හෝ ‘ඇරිබලෝස්’ ය. මෙම භාණ්ඩ බොහෝමයක් ලීමා හි ලාකෝ පුරාවිද්‍යාත්මක කෞතුකාගාරයේ සහ පුරාවිද්‍යාව, මානව විද්‍යාව හා ඉතිහාසය පිළිබද ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනය සදහා තබා ඇත.


සටහන්

[සංස්කරණය]

|Incas - Arts and technology |-

http://en.wikipedia.org/wiki/Incas#Society

Stub icon

මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.

"https://si.wikipedia.org/w/index.php?title=ඉන්කා_ශිෂ්ටාචාරය&oldid=471940" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි