ඉගෝන් ශීල්
මෙම ලිපිය අනාථ ලිපියක් වන්නේ, වෙනත් කිසිම ලිපියක් එය වෙත නොබැඳෙන බැවිනි. |
Egon Schiele | |
---|---|
![]() | |
උපතේදී නම | ඉගෝන් ශීල් |
උපත | 12 ජුනි 1890 Tulln an der Donau, Austro-Hungarian Empire |
මරණය | 31 October 1918 වියනා, Austro-Hungarian Empire | (වයස 28)
ජාතිකත්වය | ඔස්ට්‍රියානු |
ක්ෂේත්රය | සිතුවම්කරණය, drawing, printmaking |
පුහුණුව | “බ්ල්ඩන්ඩන් කූන්ස්ට්” ඇකඩමිය |
ව්‍යාපාරය | ප්රකාශනවාදය |
කෘතීන් | Seated Woman with Bent Knee; Cardinal and Nun; Death and Maiden; The Family |
Influenced by | ගුස්ටාව් ක්ලිම්ට්, ඔස්කාර් කොකොෂ්කා, Ludwig Karl Strauch |
Influenced | Timothy Blair Frye |
ඉගෝන් ශීල් (1890 ජුනි 12 – 1918 ඔක්තෝබර් 31) ඔස්ට්‍රියානු ජාතික චිත්‍ර ශිල්පියෙකු වන ඔහු “ගුස්ටාව් ක්ලිම්ට්”ගේ අනුගාමිකයෙකි. එසේම 20 වන ශත වර්ෂයේ බිහි වූ ශ්‍රේෂ්ට උපමා අලංකාර දක්වන චිත්‍ර ශිල්පියකු ලෙස ද ඔහුව නම් කර ඇත. ශිල් විසින් ඉදිරිපත් කළ තීව්‍ර චිත්‍ර අතර ස්ව ආලේඛ්‍ය චිත්‍ර විශාල ප්‍රමාණයක් දැකිය හැකි වේ. ඔහු විසින් කළ නිර්මාණවල දැකිය හැකි විශේෂත්වය ලෙස දැකිය හැකි වන්නේ ශරීරයේ විවිධ ඇඹරැනු ඉරියව් මඟින් චරිත එලි දැක්වීමයි.