Jump to content

ඇෆ්ගනිස්තානයෙහි කාන්තා අයිතිවාසිකම්

විකිපීඩියා වෙතින්
ඇෆ්ගනිස්තානයෙහි කාන්තා අයිතිවාසිකම්
2006 වසරෙහිදී ඇෆ්ගනිස්තානයෙහි කාන්තාවෝ
ලිංගික අසමානතා දර්ශකය
අගය0.712 (2012)
අනුස්ථිතිය147වන
මාතෘ මර්ත්‍යතාව (100,000 ට)460 (2010)
පාර්ලිමේන්තුවේ කාන්තාවෝ27.6% (2012)
ද්වීතියික අධ්‍යාපනය ලැබූ වයස 25 ට වැඩි කාන්තාවෝ5.8% (2010)
කම්කරු සේවයේ කාන්තාවෝ16% (2014)[1]
ගෝලීය ලිංග පරතර දර්ශකය
අගයඅ/නැ (2012)
අනුස්ථිතිය136 අතුරින් අ/නැ

කර්සායි පරිපාලනය යටතේවූ අවසන් දශකය තුලදී ඇෆ්ගනිස්තානයෙහි කාන්තා අයිතිවාසිකම් ක්‍රමයෙන් යහපත් බවට පත් විය. 20 වන සියවසෙහි අග භාගයෙහිදී මුජහඩීන් සහ තලෙයිබාන් වැනි විවිධ පාලකයන් යටතේ ස්වාධීනතාවයන් දිනාගැනුමට සහ ප්‍රාථමික වශයෙන් පුරුෂයන් විසින් ප්‍රමුඛත්වය ගත් සමාජයක් ප්‍රතිසංස්කරණය කිරීමට කාන්තාවෝ අරගලයෙහි යෙදුනහ. ඇෆ්ගනිස්තානය තුල කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ඉහළ මට්ටමක පවතින අතර, අයිතිවාසිකම් පිළිබඳ කණ්ඩායම් විසින් 2014 වසරෙහිදී පවා යලි යලිත් සංවේගයන් දක්වා සිටි නමුදු[2][3] ජාත්‍යන්තර නිරික්ෂකයන් සටහන් කරනුයේ රට සෙමෙන් ඉදිරියට යන විට තත්ත්වය හොඳ අතට හැරෙන බවයි[4].

සමාලෝචනය[සංස්කරණය]

1920 ගණන් වල ඇෆ්ගන් කාන්තාවෝ.
1950 ගණන් වල කාබුල් නගරයෙහි ඇෆ්ගන් කාන්තාවෝ

වසර දහස් ගණනක් පුරා ඇෆ්ගන්වරු ඇෆ්ගස්තානයෙහි ජීවත් වූහ. වාර්ගික කණ්ඩායම් සමස්තය අතරින් විශාලතමය වන්නේ පෂ්ටූන්වරුන් වන අතර, ඉන්පසුව ටාජික්වරුන්, හසාරාවරුන්, උස්බෙක්වරුන් සහ අනෙකුන් දැක්විය හැකිය. 19වන සියවසෙහි සිට අරඹා විසිවන සියවස පුරාවටම ඇෆ්ගනිස්තානු පාලකයන් විසින් සංගත ප්‍රයත්නයක යෙදුනේ රට තුල කාන්තාවන් වෙත තිබූ සීමාකිරීම් ලිහිල් කිරීමටය. බොහෝ විට මෙම ප්‍රයත්නයන් අසාර්ථක විය; කෙසේවෙතත්මෙම කාලසීමාව තුලදී පාලකයක් කිහිප දෙනෙකු විසින් සැලකියයුතු වෙනස් කම් සිදු කර ඇත. 1919 සිට 1929 දක්වා පාලනය කල අමනුල්ලා රජ මොවුනතරින් දැක්විය හැකි අතර, රට එක්සත් කිරීමට සහ නවීකරණය කිරීමට සැලකියයුතු ප්‍රයත්නයක් දැරීය.[5]

අමනුල්ලා රජ සහ ඔහුගේ අනුප්‍රාප්තිකයන් විසින් පොදු විෂය පථයෙහි කාන්තාවන් සඳහා විමුක්තිය සඳහා අනුබල දෙන ලද්දේ පීතෘමූලික පවුල් විසින් කාන්තාවන් වෙත තිබූ පාලනය ලිහිල් කරනු සඳහාය. තරුණ ගැහැණු ළමුන් සහ කාන්තාවන් විසින් අධ්‍යාපනය ලැබීමෙහි වැදගත් බව අමනුල්ලා රජ විසින් අවධාරණය කෙරිණි. පවුල් විසින් ඔවුන්ගේ ගැහැණු දරුවන් පාසැලට එවීම උද්‍යෝගිමත් කළ ඔහු, කාන්තාවන් විසින් පැලඳි හිස් ආවරණය ඉවත් කිරීම සහ වඩාත් බටහිර ශෛලියෙහි ඇඳුමක් භාවිතා කිරීම පෙළඹවීය.[6] 1921 වසරෙහිදී ඔහු විසින්, බලහත්කාර විවාහය, ළමා විවාහය, මනාලියන් සඳහා මිල නියම කිරීම තහනම් කෙරෙන නීතියක් ඉදිරිපත් කළ අතර, ඇෆ්ගනිස්තාන ගෘහස්තයන් අතර පැවති පොදු ව්‍යවහාරයක් වූ බහු භාර්යා සේවනය වෙත සීමා පැනවීය.[6] කෙසේවෙතත්, කලක් ගත වත්ම මෙම සීමාවන් ක්‍රියාත්මක කිරීමෙහි දුෂ්කරතාවන් පැන නැගිනි.

ඇෆ්ගන් කාන්තාවන් සඳහා නවීන සමාජ ප්‍රතිසංස්කරණ ඇරඹුනේ, අමනුල්ලා රජුගේ බිරිය වූ සොරායා රැජිණ විසින්, කාන්තාවන්ගේ ජීවිත සහ පවුල තුල ඔවුන්ගේ තත්ත්වය වැඩිදියුණු කිරීමට සීඝ්‍ර ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමත් සමගය. ඇෆ්ගනිස්තාන පාලකයන්ගේ ලැයිස්තුවෙහි දැක්වෙන එකම කාන්තාව ඇය වන අතර, ඇෆ්ගන් සහ මුස්ලිම් කාන්තා ක්‍රියාකාරිනියන් අතරින් පළමුවන සහ අතිශයින් බලවත් අයෙකු ලෙසින් කීර්තියට පත් විය. කාන්තාවන් සඳහා සමාජ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් සොරායා රැජිණගේ සහ ඇයගේ සැමියාගේ උනන්දුවීම වෙත විරෝධයන් පැනනැගුණු අතර ඇයගේ සහ ඇයගේ සැමියාගේ රාජ්‍ය පාලනයේ අත්‍යන්ත අභාවය වෙත බලපෑවේය.[7]

20වන සියවස පුරාවටම, ගෝත්‍රයන් සහ පුරුෂයන් විසින් ප්‍රමුඛත්වය ගත් රටක් වශයෙන් පැවති ඇෆ්ගනිස්තානය තුල කාන්තාවන් කෙරෙහි අත්‍යන්ත පාලනයක් පැවතිණි. 1973 වසරෙහිදී, රාජ්‍යය ජනරජයක් වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණු අතර, 1970 ගණන් සහ 1980 ගණන් තුලදී ඇෆ්ගනිස්තානයෙහි මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (PDPA) නමැති කොමියුනිස්ට් කණ්ඩායමක් විසින් බලයට පැමිණි නැවතත් විවාහ නීති, කාන්තා සෞඛ්‍ය නීති ආදිය ප්‍රතිසංස්කරණය කිරීමට සහ කාන්තා අධ්‍යාපනයට රුකුල් දීමට ප්‍රයත්න දැරීය. මෙම කාල සීමාව තුලදී එය විසින් නවීකරණය වෙත සැලකිය යුතු ප්‍රගමනයන් සිදු කෙරිණි.[8] කාන්තාවන් අතරින් සුළුතරයකට, විද්‍යාඥයින්, ගුරුවරුන්, වෛද්‍යවරුන් සහ සිවිල් සේවකයන් ලෙසින් රැකියා කිරීමට හැකි වූ අතර සැලකිය යුතු අධ්‍යාපනික අවස්ථා සහිතව සැලකිය යුතු තරම් ස්වාධිනත්වයක් භුක්ති වින්දහ.[9] කෙසේවෙතත්, කාන්තාවන් අතරින් බහුතරයක්, දරිද්‍රතාවයෙන් පෙලෙමින් දිවි ගෙවූ අතර මෙම අවස්ථාවන් වෙතින් බැහැර කරනු ලැබූහ. 1977 වසරෙහිදී, මීනා කේෂ්වාර් කමාල් විසින් කාබුල් නගරයෙහිදී ඇෆ්ගනිස්තානු කාන්තාවන්ගේ විප්ලවකාරි සංගමය (RAWA) ඇරඹු මුත් අසබඩ පකිස්තානයෙහි ක්වෙට්ටා නගරය වෙත ඇයගේ කාර්යාලයය ගෙන යෑමට සිදුවූ අතර 1987 වසරෙහිදී එහිදී ඇය ඝාතනය කරනු ලැබීය.[10] පකිස්තානයෙහි සහ ඇෆ්ගනිස්තානයෙහි ප්‍රදේශ තුල RAWA තවමත් ක්‍රියාත්මක වෙයි.[11]

ආශ්‍රිත[සංස්කරණය]

  1. http://data.worldbank.org/indicator/SL.TLF.ACTI.FE.ZS/countries
  2. "වර්ල්ඩ් රිපෝට් 2014: ඇෆ්ගනිස්තාන්". හියුමන් රයිට්ස් වොච්.
  3. "USCIRF ඇනුවල් රිපෝට් 2014 – ස්තරය 2: ඇෆ්ගනිස්තානය". ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ එක්සත් ජනපද කොමිසම. 30 අප්‍රේල් 2014.
  4. "ෆෝ ඇෆ්ගන් මෙන් හෙල්ඩ් ඉන් ඇසිඩ් ඇටෑක් ඔන් ෆැමිලි". ඇලිසා ජේ. රුබින් සහ රොඩ් නෝර්ඩ්ලන්ඩ් (ද නිව්යෝර්ක් ටයිම්ස්). 10 දෙසැම්බර් 2011. http://www.nytimes.com/2011/12/10/world/asia/afghan-men-held-in-acid-attack-on-family-in-kunduz.html?_r=0. 
  5. කෙඩ්ඩි, නිකී ආර්. (2007). විමෙන් ඩන් ද මිඩ්ල් ඊස්ට්. ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. ISBN 978-0-691-12863-4.
  6. 6.0 6.1 ස්කේයින්, රෝස්මරී (23 සැප්තැම්බර් 2008). විමෙන් ඔෆ් ඇෆ්ගනිස්තාන් ඉන් ද පෝස්ට් -තලෙයිබාන් ඊරා: හව් ලයිව්ස් හෑව් චේන්ජ්ඩ් ඇන්ඩ් වෙයා දේ ස්ටෑන්ඩ් ටුඩේ. මැක්ෆාලන්ඩ්. ISBN 978-0-7864-3792-4.
  7. "අ හිස්ට්‍රි ඔෆ් විමෙන් ඉන් ඇෆ්ගනිස්තාන්: ලෙසන්ස් ලර්න්ට් ෆො ද ෆියුචර්" (PDF). ආචාර්ය හුමා අහමද් ගෝෂ්. අලෙට්ටා, කාන්තා ඉතිහාසය සඳහා ආයතනය. මැයි 2003. සම්ප්‍රවේශය 2 දෙසැම්බර් 2010.
  8. සැකිල්ල:උපන්‍යාස තෙ
  9. රොස්ටාමි-පොවේ, එලාහේ (16 ඔක්තොම්බර් 2007). ඇෆ්ගන් විමෙන්: අයිඩෙන්ටිටි ඇන්ඩ් ඉන්වේෂන්. සේඩ් බුක්ස්. ISBN 978-1-84277-856-2.
  10. ටොයින්බි, පොලි (28 සැප්තැම්බර් 2001). "බිහයින්ඩ් ද බර්කා". ද ගාඩියන්. http://www.guardian.co.uk/Archive/Article/0,4273,4266035,00.html. 
  11. "අබවුට් RAWA". ඇෆ්ගනිස්තානු කාන්තාවන්ගේ විප්ලවකාරි සංගමය.