ඇමරිකානු විප්ලවය තුල ජෝර්ජ් වොෂිංටන්

විකිපීඩියා වෙතින්
ඇමරිකානු විප්ලවය තුල ජෝර්ජ් වොෂිංටන්
දෙවන කොන්ටිනෙන්ටල් කොංග්‍රස් මණ්ඩලය විසින් කොන්ටිනෙන්ටල් යුද්ධ හමුදාව පිළිබඳ ඔහුට බලය පැවරීම වොෂිංටන් විසින් භාර ගන්නා අයුරු කරියර් ඇන්ඩ් අයිව්ස් විසින් නිරූපණය කර ඇති අයුරු
උපතපෙබරවාරි 22, 1732(1732-02-22)
මරණයDecember 14, 1799(1799-12-14) (වයස 67)

ඇමරිකානු විප්ලවීය යුද්ධයෙහිදී (1775–1783), ජෝර්ජ් වොෂිංටන් (පෙබරවාරි 22, 1732  – දෙසැම්බර් 14, 1799) විසින් කොන්ටිනෙන්ටල් යුද්ධ හමුදාව සඳහා ආඥාපතිත්වය සපයන ලදි. එක්සත් ජනපදයෙහි ජනාධිපතිවරයා (1789 සිට 1797) වශයෙන් සේවය කල පසු, 1798 වසරෙහිදී කෙටි කාල සීමාවක් තුල නව යුද්ධ හමුදාවක් ඔහු භාරයෙහි පැවතිණි.

යෞවන වියෙහි පසුවුනද, 1750 ගණන් සහ 1760 ගණන් තුල ප්‍රංශය සහ ඉන්දියානුවන්ට එරෙහි දේශසීමා යුද්ධ තුලදී, වොෂිංටන් විසින් ප්‍රධාන භුමිකාවක් ඉටු කරන ලදි. ඇමරිකානු විප්ලවය තුලදී ප්‍රධාන හමුදාමය භූමිකාවක් ඔහු විසින් ඉටු කරන ලදි. ලෙක්සිංටන් සහ කන්කෝර්ඩ් සටන් හා සමගින් 1775 අප්‍රේල් මාසයෙහිදී යුද්ධය ඇවිලෙත්ම, ජූනි 14 දිනදී නව කොන්ටිනෙන්ටල් යුද්ධ හමුදාවෙහි පළමුවන ආඥාපති වශයෙන් කොංග්‍රස් මණ්ඩලය විසින් ඔහු පත් කරන ලදි. ඉටු කර දෙන බවට පොරොන්දු වෙමින් ඔහු භාර ගත් භූමිකාව අත්‍යන්ත ලෙසින් විශාල එකක් වූයේ, ප්‍රදේශීය වෙතින් ඉදිරිපත්වූ විවිධ ඉල්ලීම් සම සේ සලකා බැලීම, ඔහු යටතේ වූවන් අතර තරගය ඉවසා දරා ගැනීම, භට සේනා තුල චිත්ත ධෛර්යය නොවලහා පවත්වා ගැනීම, යුද්ධ හමුදාවෙහි කටයුතු වලට අත පෙවීමට කොංග්‍රස් මණ්ඩලය විසින් තැත් කිරීම, ජනපද ආණ්ඩුකාරවරුන් විසින් සහාය පැතීම, ආහාර, ඇඳුම්, උපකරණ, ආයුධ ආදී නිමක් නොමැති අවශ්‍යතා ගොන්න සපුරාලීම සහ හමුදාව ඉදිරියට රැගෙන යෑම අදාල වූ බැවිනි. විවිධ ජනපද ක්ෂාත්‍රකායයන් ඔහුගේ ආඥාපතිත්වය යටතේ නොපැවතිනි.