ඇමඩෝ ඇවගාඩ්‍රෝ
ඇමඩෝ ඇවගාඩ්‍රෝ | |
|---|---|
| Born | 9 අගෝස්තු 1776 |
| Died | 9 ජූලි 1856 (වයස 79) |
| Known for | Avogadro's law Avogadro constant |
| Scientific career | |
| ක්ෂේත්‍රය | Physics |
| ආයතන | University of Turin |

ඇමඩෝ ඇවගාඩ්‍රෝ උපත ලැබුවේ ඉතාලියේ මියුරින්හි පියඩ්මොන්ට් නම් වංශවත් පවුලකය. ඔහුගේ උපන් දිනය යෙදී ඇත්තේ 1776 අගෝස්තු 9 වන දිනටය. ඔහු වඩා ප්‍රචලිත වන්නේ මෞලික ස්කන්ධය හා ඇවගාඩ්‍රෝ නියමය වැනි විද්‍යාවේ සොයාගැනීම් වලටය. ඔහුට කරන ගෞරවයක් ලෙස ද්‍රව්‍ය (පරමාණු, අණු හෝ අයණ) මෞලයක ඇති ද්‍රව්‍යය ප්‍රමාණය ඇවගාඩ්‍රෝ අංකය ලෙස හඳුන්වයි.
1811 දී ඔහු මෞලික ස්කන්ධවල සාපේක්ෂ ස්කන්ධයන් සොයන්නේ කෙසේද පිළිබඳවත් ඇවගාඩ්‍රෝ කල්පිතයන් සඳහන් කරමින් ලිපියක් පළ කළේය. මෙය ප්‍රංශ සඟරාවක් වන ජුවර්නල් ඩි ෆිසික්ස්, ඩි වයිමි එම් ඩි හිස්ටොරී නැචුරෙල්" සඟරාවට යොමු කරන ලදී.
1820 දී ඔහු මියුරින් විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු බවට පත්විය. ඔහුගේ පෞද්ගලික ජීවිතය පිළිබඳව වැඩි සඳහනක් දක්නට නොලැබේ. එනමුත් ඔහු ෆෙලිසිටා මාසේ සමඟ විවාහ වූ බවත්, දරුවන් 6 දෙනෙක් ලද බවත් පැවසේ.
ඇවගාඩ්‍රෝ මහජන උපදේශන පිළිබඳ රාජකීය සුපිරි කවුන්සිලයේ සාමාජිකයකු ද වේ. ඔහු විශ්වවිද්‍යාලය තුළ සංඛ්‍යානය, කාලගුණ විද්‍යාව හා බර හා මිනුම් පිළිබඳ ධුරද හෙබවිය.
ඔහු සොයාගත් ඇවගාඩ්‍රෝ අංකය පළමුව ජර්මන් ජාතික ජෝන් ජෝසප් ලෝෂ්මිඩ්ට් විසින් ගණනය කරන ලදී. මෙය ලෝෂ්මිඩ්ට් අංකය ලෙස ජර්මන් කතාකරන රටවල් වල හඳුන්වයි.